ආවර්ජනා

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    කතාවේ තව ඉතුරු වෙලා තියෙනවා. තව ටික වෙලාවකින් ඊළඟ කොටස එකතු කරනවා.

    ඔක්කොම කට්ටිය කතාව රස විඳින එක ගැන බොහොම සන්තෝෂයි.

    මේ කතාව මෙගා නාට්‍ය වගේ ඇදගෙන යන්නේ නෑ. අවසන් කොටස අද දානවා. ඒක ටිකක් දිග එකක් වේවි :)
     
    Last edited:

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    අගෝස්තු [FONT=Iskoola Pota, serif]1[/FONT][FONT=Iskoola Pota, serif]5[/FONT]
    [FONT=Iskoola Pota, serif].[/FONT][FONT=Iskoola Pota, serif]9.30[/FONT]
    රිවිසරසි ප්‍රාදේශීය පුවත්පත් කාර්යාලය

    දවල් ගමනෙන් පසු අසේල සිටියේ තවමත් වික්ෂිප්තවය[FONT=Iskoola Pota, serif]. [/FONT]කෙසේවත් අසන්නට බලාපොරොත්තු නොවූ කතාවක් පොඩිහාමිගෙන් අසන්නට ලැබීම නිසා ඔහු සිටියේ තව දුරටත් අවුලෙන් අවුලට පත්වය[FONT=Iskoola Pota, serif]. [/FONT]පොඩිහාමි හමුවන්නට යාමේදී ඔහු සිතා සිටියේ කෙසේ හෝ මේ කතාවේ ඇති අබිරහස විසඳා ඉවර කරන්නට හැකියාවක් ලැබේ කියාය[FONT=Iskoola Pota, serif]. [/FONT]නමුත් දැන් ප්‍රශ්නය තිබුණාටත් වඩා සංකීර්ණ වී ඇත[FONT=Iskoola Pota, serif].

    [/FONT] අසේල සමග ගිය ආසිරි ට පවා ප්‍රශ්නයේ අගක් මුලක් තේරු‍ණේ නැත[FONT=Iskoola Pota, serif]. [/FONT]වෙලාවට ඔහු මේ සම්බන්ධව වැඩිදුර ප්‍රශ්න කලේ නැත[FONT=Iskoola Pota, serif]. [/FONT]එසේ වූවානම් ඒ සඳහා ලබාදීමට කිසිම ආකාරයක පිළිතුරක් අසේල සතු නොවීය[FONT=Iskoola Pota, serif]. [/FONT]
    නැවත නැවතත් අසේලගේ සිතේ හොල්මන් කරන්නට වූ ප්‍රශ්නය මේ පොඩිහාමි පවසන පුද්ගලයාත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඇමතිවරයාගේ නිවසට ඇතුලුවීමට තැත් කළ පුද්ගලයාත් එකම අයෙක්ද යන්නය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඡායාරූපය සහ පොඩිහාමිගේත්[FONT=Iskoola Pota, serif], [/FONT]ජයවර්ධනගේත් කතා අනුව මේ දෙදෙනාම එකම පුද්ගලයෙකි[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත් තර්කානුකූලව සළකා බැලුවහොත් එය කෙසේවත් සිදු විය නොහැක්කකි[FONT=Iskoola Pota, serif]. [/FONT]එසේනම් මේ සිදුව ඇත්තේ කුමක්ද[FONT=Iskoola Pota, serif]? [/FONT]තමා කළෙක නැරඹූ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක සිදුවීම් පෙළක් සිහිගන්වූ මේ කතාව අසේලගේ සිත මොහොතින් මොහොත ව්‍යාකූල තත්වයට පත් කළේය[FONT=Iskoola Pota, serif].

    [/FONT] හදිසියේ අසේලගේ ජංගම දුරකථනය නාද වූයේ ඔහුගේ ගැඹුරු සිතුවිලි දාමය බිඳ දමමිනි[FONT=Iskoola Pota, serif].

    [/FONT] “හෙලෝ[FONT=Iskoola Pota, serif]? [/FONT]මේ අසේල රුවන්පුර ද[FONT=Iskoola Pota, serif]?“ [/FONT]එහා පැත්තෙන් විමසනු ලැබීය[FONT=Iskoola Pota, serif].

    [/FONT] “ඔව්[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ කවුද[FONT=Iskoola Pota, serif]?“ [/FONT]දුරකථන අංකය නුපුරුදු එකක් වූ බැවින් අසේල විමසුවේය[FONT=Iskoola Pota, serif].

    [/FONT] “මේ කතා කරන්නේ වීරවර්ධන ඇමතිතුමා“

    අසේලට වහා පුටුවෙන් නැගිටුනේය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇමතිවරයාම තමාවෙත දුරකථන ඇමතුමක් ලබාගැනීමට තරම් යම්කිසි සංකීර්ණ සිදුවීමක් සිදුවී ඇති බව ඔහුට වැටහුණි[FONT=Iskoola Pota, serif].

    [/FONT] “[FONT=Iskoola Pota, serif]... [/FONT]ඇයි ඇමතිතුමා[FONT=Iskoola Pota, serif]? [/FONT]මොකක් හරි හදිසියක්ද[FONT=Iskoola Pota, serif]?“

    [/FONT] “ඔව්[FONT=Iskoola Pota, serif]. [/FONT]අසේල දැන් කොහෙද ඉන්නේ[FONT=Iskoola Pota, serif]? [/FONT]ගෙදරද[FONT=Iskoola Pota, serif]?“

    [/FONT] “නෑ ඇමතිතුමා[FONT=Iskoola Pota, serif]. [/FONT]මං ඉන්නේ ඔෆිස් එකේ[FONT=Iskoola Pota, serif]. [/FONT]කොහොමත් ඇමතිතුමාව හෙට උදේ ඇවිත් හම්බවෙන්න කියලා මම හිටියේ[FONT=Iskoola Pota, serif].“

    [/FONT] “ඒකට කමක් නෑ අසේල[FONT=Iskoola Pota, serif]. [/FONT]දැන් පොඩි හදිස්සියක්[FONT=Iskoola Pota, serif]. [/FONT]පොඩි නෙවේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ටිකක් බරපතල කාරණාවක්[FONT=Iskoola Pota, serif]. [/FONT]මං දැන් ඔෆිස් එක ගාවට වාහනයක් එවනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]අසේලට පුලුවන්ද අපේ ගෙදරට එන්න[FONT=Iskoola Pota, serif]?“

    [/FONT] “පුලුවන් සර්[FONT=Iskoola Pota, serif]. [/FONT]මං දැන්ම එන්නම්[FONT=Iskoola Pota, serif]...“

    [/FONT] මේ ප්‍රශ්නය එන්න එන්නම සංකීර්ණ තත්වයකට පත්වන බව අසේලට වැටහෙන්නට විය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇමතිතුමා පවසන ආකාරයට බරපතල යම්කිසිවක් සිදුවී ඇත[FONT=Iskoola Pota, serif]. [/FONT]නැතිනම් මේ රෑ ඔහු තමාව කැඳවන්නේ නැත[FONT=Iskoola Pota, serif].[/FONT]මේ වනතෙක් තමන් සොයාගත් සියලු දේ බෑගයට දමාගත් අසේල ඇමතිවරයා හමුවීමට යාමට සූදානම් විය[FONT=Iskoola Pota, serif].[/FONT]






    අගෝස්තු [FONT=Iskoola Pota, serif]1[/FONT][FONT=Iskoola Pota, serif]5[/FONT]
    [FONT=Iskoola Pota, serif].[/FONT][FONT=Iskoola Pota, serif]10.10[/FONT]
    වීරවර්ධන අමාත්‍ය නිවස
    හන්තාන

    ඇමතිවරයා එවූ රියෙන් අසේලට ඇමති නිවසට ඒමට ගතවූයේ විනාඩි පහළොවකටත් අඩු කාලයකි[FONT=Iskoola Pota, serif]. [/FONT]රථයෙන් බසිද්දීම තවත් කිසිවෙක් ඇමතිවරයා හමුවීමට පැමිණ ඇතිබව පෙනෙන්නට විය[FONT=Iskoola Pota, serif]. [/FONT]අසේලව පිළිගත්තේ ඇමති ආරක්ෂක අංශයේ ප්‍රධානියා වූයේ ජයවර්ධනය[FONT=Iskoola Pota, serif].[/FONT]
    අසේල මහත්තයා එනකන් ඇමතිතුමා බලාගෙන ඉන්නේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉක්මණ් කරලා ඇතුළට යමු“ යැයි පැවසූ ජයවර්ධන ඔහුව නිවසේ ඉදිරිපස සාලය වෙත යොමු කළේය[FONT=Iskoola Pota, serif].

    [/FONT] එහි වූ විශාල පුටු සෙටියේ තනි පුටුවක ඇමතිවරයා වාඩිවී සිටියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]අනෙක් පුටුවේ වාඩිවී සිටියේ අවුරුදු හැටකට ආසන්න පෙනුමක් දැරූ පුද්ගලයෙකි[FONT=Iskoola Pota, serif]. [/FONT]තරමක් පෑදී ගෙන එන තට්ටයත්[FONT=Iskoola Pota, serif], [/FONT]සුදු වූ කොණ්ඩයත්[FONT=Iskoola Pota, serif], [/FONT]මනාව කපා හැඩ කළ මූණ පුරා වැවූ රැවුළත්[FONT=Iskoola Pota, serif], [/FONT]උපැස් යුවළත් ඔහු වෙත ගෙන ආවේ පරිණත ස්වභාවයකි[FONT=Iskoola Pota, serif]. [/FONT]කුමක් හෝ ආයතනයක ජ්‍යේෂඨ තනතුරක් හොබවන අයෙකුගේ පෙනුමක් මොහු සතුවිය[FONT=Iskoola Pota, serif].

    [/FONT] අසේල සාලය වෙත ඇතුල් වෙනු දුටු ඇමතිවරයා[FONT=Iskoola Pota, serif], [/FONT]හිසින් සන් කළේ පැමිණ හිස්ව තිබූ පුටුවක වාඩි වන ලෙසය[FONT=Iskoola Pota, serif]. [/FONT]අසේල හිස්ව තිබූ අනෙක් පුටුවේ වාඩි වූ අතර ඇමති වරයා ඔහු පැමීණීමට පෙර සිටි ආකාරයෙන්ම වහලය දෙස බලාගෙන පියාගත් ඇස් දෙකෙන් යුතුව කල්පනා කරන්නට විය[FONT=Iskoola Pota, serif].

    [/FONT] අනෙක් පුද්ගලයාත්[FONT=Iskoola Pota, serif], [/FONT]අසේලත් දෙදෙනාම ඇමතිවරයාගේ සිතුවිලි දාමයට බාධා නොවන අයුරින් මද වේලාවක් ඔහු දෙස බලා සිටියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]සිදුවී ඇති කිසිම දෙයක් හරි හැටි නොදැන සිටි බැවින්[FONT=Iskoola Pota, serif], [/FONT]ඇමතිවරයා කතාව ආරම්භ කරන තුරු කිසිවෙකුටත් කතා කිරීම ආරම්භ කිරීමට අවකාශයක් නොවීය[FONT=Iskoola Pota, serif]. [/FONT]මෙලෙස විනාඩි දහයක් පමණ කල්පනාවේ වෙළී සිටි ඇමතිවරයා කතාව ආරම්භ කළේය[FONT=Iskoola Pota, serif].

    [/FONT] “මුලින්ම අසේල ගෙන් මම සමාව ඉල්ලනවා මේ අවේලාවේ මෙහාට එක්කගෙන ඇවිත් කරදර කරන්න උනාට[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි මේ කතාව පටන් ගන්න කලින් පොඩ්ඩක් අඳුනගෙන ඉමු[FONT=Iskoola Pota, serif]. [/FONT]අසේල[FONT=Iskoola Pota, serif]... [/FONT]මේ ඩොක්ටර් දේශබන්දු[FONT=Iskoola Pota, serif]. [/FONT]මගේ ඉස්කෝලේ කාලේ යාලුවෙක් වගේම ලංකාවේ ඉන්න හොඳම ෆිසීෂියන් කෙනෙක්[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ දවස් වල ඩොක්ටර් වැඩකරන්නේ කැන්ඩි හොස්පිට්ල් එකේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඩොක්ටර්[FONT=Iskoola Pota, serif]... [/FONT]මේ ඉන්නේ මම කලින් කිවුව ජර්නලිස්ට්[FONT=Iskoola Pota, serif]. [/FONT]වැඩ කරන්නේ රිවිසරසි පත්තරේ[FONT=Iskoola Pota, serif]. [/FONT]අසේල රුවන්පුර[FONT=Iskoola Pota, serif].“

    [/FONT] අසේලත්[FONT=Iskoola Pota, serif], [/FONT]වෛද්‍යවරයාත් එකිනෙකා අතට අත දී සම්මත ආචාර සමාචාර විධි පැවැත්වූවෝය[FONT=Iskoola Pota, serif].

    [/FONT] “මේ වෙනකම්ම අපේ ගෙදර පහුගිය දවසක සිද්ධ වුන අවාසනාවන්ත සිද්ධිය ගැන ඔබතුමන්ලා දෙන්නම දන්නවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ අවාසනාවන්ත සිද්ධියත් එක්ක මගේ දුවගේ ජීවිතේ ට සම්බන්ධ මොකක් හරි පළහිලවුවක් තියෙනවා කියලා මම ඒ ගැන හොයන්න විශ්වාසවන්ත වගකීමක් අසේලට පැවරුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මං ඒ සම්බන්ධව හැම දෙයක්ම ඩොක්ටර් ට දැන් ටික වෙලාවකට කලින් කිව්වා[FONT=Iskoola Pota, serif]. [/FONT]සිදුවීමේ තිබුණ අත්භූත ස්වභාවයත් එක්ක කිසියම් විදිහක පැටලිලි සහගත දෙයක් මේ පිටිපස්සේ තියෙනවා කියලා දෙන්නටම තේරෙනවා ඇති[FONT=Iskoola Pota, serif]. [/FONT]මං දන්නවා අසේල ගාව මට කියන්න ගොඩක් දේවල් ඇති[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත්[FONT=Iskoola Pota, serif].... [/FONT]අද රෑ සිද්ධ වුන සිදුවීමක් හින්දා මේ මුලු කතාවම අනිත් පැත්ත පෙරළෙනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇත්තම කිවුවොත්[FONT=Iskoola Pota, serif], [/FONT]මේ සිදුවීම් පෙළේ ප්‍රධාන චරිතය වෙච්ච[FONT=Iskoola Pota, serif], [/FONT]හොස්පිට්ල් එකේ හිටපු ඒ මනුස්සයා මීට පැය දෙකකට විතර කලින් නැති වුනා[FONT=Iskoola Pota, serif].“

    [/FONT] ඒ කතාවත් සමග අසේල ගේ හිස ගිනිගත්තාක් මෙන් විය[FONT=Iskoola Pota, serif].

    [/FONT]ඇමතිවරයාගේ මුවින් පිටවූ වදන් පෙළ ඔහුට අදහාගත නොහැක්කක් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]මෙතරම් පැටලී තිබූ නූල් බෝලයේ එක් කොනක් අත දරා සිටියේ පොඩිහාමි විසින් අඳුන්වා දුන් මේ ජයතිස්ස ආරච්චි නම් තැනැත්තාය[FONT=Iskoola Pota, serif]. [/FONT]පොඩිහාමිගේ කතා බහෙන් වුවත් ලබාගත් තොරතුරු වලින් මේ අබිරහසේ කොනක් අල්ලා ගැනීමට අසේලට නුපුලුවන් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ සඳහා යොදාගත හැකිව තිබූ එකම පුද්ගලයා වූයේ වෙඩි වැදී රෝහල් ගතව සිටි මේ පුද්ගලයාය[FONT=Iskoola Pota, serif]. [/FONT]දැන් ඔහුද මියගොසිනි[FONT=Iskoola Pota, serif]. [/FONT]එසේනම් මේ අබිරහස මේ පුද්ගලයා සමගම වැළලී යන්නට යාවිද[FONT=Iskoola Pota, serif]?

    [/FONT] “සර්[FONT=Iskoola Pota, serif]... [/FONT]මං එයාගෙන් හුඟක් දේවල් අහගන්න හිටියේ[FONT=Iskoola Pota, serif]....“ [/FONT]මද වේලාවක් ගොස් පියවි සිහියට පැමිණි අසේල පැවසුවේය[FONT=Iskoola Pota, serif].

    [/FONT] “මේ පැටලුණු නූල් බෝලය දිග අරින්න අපිට තිබුණ එකම හෝඩුවාව මේ මනුස්සයා විතරයි සර්[FONT=Iskoola Pota, serif]. [/FONT]දැන් සර් කියන විදිහට එයාත් නැති වෙලානම් මේ කතාවේ සිද්ධ වුනේ මොකක්ද කියලා හරියටම කියන්න විදිහක් අපිට නෑ[FONT=Iskoola Pota, serif]...“

    [/FONT] “මට තේරෙනවා අසේල[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් ඒ දෙවල් ඒ විදිහට සිද්ධ වෙලා ඉවරයි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඩොක්ටර් ගේ ටීම් එක කොච්චර ට්‍රීට්මන්ට් දීලා ට්‍රයි කළත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඒක ඒ මනුස්සයගේ වෙලාව වෙන්න ඇති[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ නිසා ඒ ගැන අපි තවදුරටත් වෙහෙසෙන එකේ වත්[FONT=Iskoola Pota, serif], [/FONT]වාද විවාද කරන එකේවත් තේරුමක් නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද ඒ දේවල් ඒ විදිහට සිද්ධ වෙලා ඉවරයි නේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මෙතනින් එහාට මේ ප්‍රශ්නය ගෙනියන එකේ තේරුමක් කියලා මට හිතෙනවා[FONT=Iskoola Pota, serif]...“

    [/FONT] “ඒත් සර්[FONT=Iskoola Pota, serif].....“

    [/FONT] “මට තේරෙනවා අසේල[FONT=Iskoola Pota, serif]... [/FONT]අසේල මේ වෙනුවෙන් සෑහෙන්න මහන්සියක් වුනා කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]හැබැයි[FONT=Iskoola Pota, serif].... [/FONT]මේ ඔක්කොම නවත්තන්න කලින් මට මේ වෙනකන් ඔයා හොයා ගත්ත දේවල් දැනගන්න ඕනේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ හැමදෙයක්ම ඔයා මට දැන් කියන්න ඕනේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඩොක්ටර් හිටියා කියලා කිසිම ප්‍රශ්නයක් නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]මං දන්නවා ඩොක්ටර් මේ හැම දෙයකම රහස්‍ය බව උපරිමයෙන් රකිනවා කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද ඩොක්ටර් ගැන විශ්වාසේ තියලා තමයි අර මනුස්සයා ගැන බලන්න කියලත් ඩොක්ටර්ට මං කිවුවේ[FONT=Iskoola Pota, serif]. [/FONT]හැබැයි අසේල[FONT=Iskoola Pota, serif]... [/FONT]මේ කතාව මං හිතනවා අද මෙතනින් පස්සේ අපි නවත්තන්න ඕනේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද මේකේ තවදුරටත් හාරා අවුස්සන්න වෙන එකක් නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]අදාල එකම පුද්ගලයත් මේ ලෝකේ තවදුරටත් නැහැනේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙනවට මං කොහොමටවත් කැමති නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]තේරෙනවා නේද මං මේ කියන දේ[FONT=Iskoola Pota, serif]? “

    [/FONT] “ඔව් සර්[FONT=Iskoola Pota, serif]... [/FONT]සර්ගේ කතාව මට තේරෙනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ ප්‍රශ්න ගැන වැඩිපුර හාර අවුස්සන්න ගිහින් මේවා එළි පහළියට ගියොත් වටේ ඉන්න අනිත් මිනිස්සු කරදරේ වැටෙන්න පුලුවන්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ හින්දා මං මෙතනින් මේ ඉන්වෙස්ටිගේෂන් එක නවත්තන්නම්[FONT=Iskoola Pota, serif].“

    [/FONT] “හොඳයි[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි ඔක්කොම එකඟතාවයකට ඇවිත් ඉන්න එක හොඳයි[FONT=Iskoola Pota, serif]. [/FONT]අසේලට මං ගෙවන්න පොරොන්දු වුන ගාන මං එහෙමම ගෙවනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]අසේල[FONT=Iskoola Pota, serif]... [/FONT]දැන් කියන්න බලන්න ඔයා මොනවද හොයා ගත්තේ කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේක ගැන ඔයා දන්න ඔක්කොම කියන්න[FONT=Iskoola Pota, serif]. “

    [/FONT] අසේල තම බෑගයට අත දමා නෝට් පොත එළියට ගත්තේය[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ සිදුවීම සම්බන්ධ සෑම දෙයක්ම ඔහු ලියා තැබුවේ මේ පොත තුළය[FONT=Iskoola Pota, serif]. [/FONT]මද වේලාවක් පොතේ පිටු පෙරළා අවශ්‍ය කරුණු ටික හිතේ ධාරණය කරගත් හෙතෙම නැවතත් පොත බෑගය තුළට දමා වැසුවේය[FONT=Iskoola Pota, serif]. [/FONT]
    මං හිතනවා මේ දක්වා සිද්ධ වුන දේවල් හැම දෙයක්ම සර් ඩොක්ටර් ටත් කියන්න ඇති කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ හින්දා මං ඒ කාරණා ගැන වැඩිපුර කතාබහ කරන්නේ නැතුව හොයාගත්ත විස්තර ටික කියන්නම්“

    සර්ට මුලින්ම ඇතිවුන ප්‍රශ්නය අර මනුස්සයා ගාව තිබුණ ෆොටෝ එක මොකක්ද කියන එක ගැන හරියට ම දැනගන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]ඊළඟට සර්ගේ දුවගෙ මූණුවරම තියෙන ගෑනු ළමයා කවුද කියන එක දැන ගන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]ඊටත් පස්සේ මේ මිස්ටර් ජයවර්ධන කිවුව විදිහට මේ අවුරුදු හැත්තෑවකට කලින් ගත්ත ෆොටෝ එකේ හිටපු මනුස්සයා කොහොමද දවසක් වත් වයසට යන්නේ නැතුව සර්ගේ ගෙදරට අවේ කියන එක[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ ප්‍රශ්නෙ හින්දා අපිට සැකයක් ඇතිවුනා මේ ෆොටෝ එක ඇත්ත එකක්ද කියලත්[FONT=Iskoola Pota, serif]...“ [/FONT]කතාව මදක් නැවතූ අසේල තමා පැවසූ දේ නිවැරදිද යන්න දැන ගැනීමට අනෙක් දෙදෙනාගේ මුහුණු දෙස බැලුවේය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇමතිවරයාත්[FONT=Iskoola Pota, serif], [/FONT]වෛද්‍යවරයාත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඔහුගේ කතාව අනුමත කරන බව ඇඟවීමට ඔලුව වැනුවෝය[FONT=Iskoola Pota, serif].

    [/FONT] “ඉතිං මේ හැම දෙයක්ම යොමු වෙලා තිබුණේ මේ ෆොටෝග්‍රාප් එක දිහාවට[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ හින්දා මේකෙ ඉන්න දෙන්න ඇත්තටම කවුද කියලා හොයා ගත්තොත් මේ පටලැවිල්ල ලිහාගන්න පුලුවන් වෙයි කියලා මට හිතුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉතින් මං ඒ වෙලාවේ ඉඳලා බැලුවේ මේ ෆොටෝග්‍රාප් එකෙන් මොකක් හරි හෝඩුවාවක් හොයාගන්න[FONT=Iskoola Pota, serif].“[/FONT]
     
    Last edited:

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මේ ‍ෆොටෝ එකේ ඉන්න කපල් එක පිටිපස්සෙන් තියෙන බිල්ඩින්ග් එකේ මොකක් හරි හුරුපුරුදු ගතියක් තියෙනවා කියලා මට තේරුණේ ටික වෙලාවක් මේ දිහා බලාගෙන ඉන්නකොට[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් මට ඒ මොකක්ද කියලා එකපාරට ඔලුවට වැටු‍ණේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]මගේ යාලුවෙක් තමයි කිවුවේ මේක සෙන්ට් පෝල්ස් ලේඩීස් කොලේජ් එකේ මේන් හෝල් එකේ කියලා[FONT=Iskoola Pota, serif].... [/FONT]එතනින් තමයි මං මේ නූල් බෝලේ කොනක් අල්ලා ගත්තේ[FONT=Iskoola Pota, serif].“[/FONT]
    එතැනින් කතාව ආරම්භ කළ අසේල සෙන්ට් පෝල්ස් විද්‍යාලයේ විදුහල්පතිනිය මුණ ගැසී ඡායාරූපය පිළිබඳ විමසූ අයුරුත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඇයගේ මග පෙන්වීම යටතේ පොඩිහාමි සොයාගිය අයුරුත් ඇමතිවරයාටත්[FONT=Iskoola Pota, serif], [/FONT]වෛද්‍යවරයාටත් පැහැදිලි කළේය[FONT=Iskoola Pota, serif].

    [/FONT] ඉන් පසුව තවත් පැයක කාලයක් තිස්සේ ඔහු විසින් පොඩිහාමිගෙන් අසන්නට ලැබුණු ඒ අපූර්ව වූත්[FONT=Iskoola Pota, serif], [/FONT]ශෝකජනක කතාන්දරය අනෙක් දෙදෙනා වෙත පැවසුවේය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ සඳහා දෙදෙනාගේ අවධානය කෙතරම් යොමුව තිබුණාද යත් අතරමගදී කිසිදු ප්‍රශ්නයක් නොනැගුවේය[FONT=Iskoola Pota, serif].

    [/FONT] අසේලගේ කතාව අවසානයේ සාලයේ පැවතියේ දැඩි නිහැඬියාවකි[FONT=Iskoola Pota, serif]. [/FONT]රාත්‍රිය නිසා වටාපිටාවෙන් නික්මුණ ශබ්දයන්ද සෑහෙන්න අඩුව පැවතුන බැවින්[FONT=Iskoola Pota, serif], [/FONT]යම් හෙයකින් අල්පෙනෙත්තක් වැටුණද එහි ශබ්දය ඇසෙන්නට තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇමතිවරයාත්[FONT=Iskoola Pota, serif], [/FONT]වෛද්‍යවරයාත් එකනෙකා දෙස බලාගත් මුහුණෙන් යුතුව දැඩි කල්පනාවක නිග්මනව සිටිනු අයුරු අසේලට දක්නට ලැබුණි[FONT=Iskoola Pota, serif].

    [/FONT] “මට එක දෙයක් ප්‍රශ්නයක් වෙලා තිබුණා“ මද වේලාවකින් වෛද්‍යවරයා කතාව ආරම්භ කළේය[FONT=Iskoola Pota, serif].

    [/FONT] “ඔය පේෂන්ට් මැරෙන වෙලාවේ ළඟ හිටියේ මම[FONT=Iskoola Pota, serif]. [/FONT]අන්තිම වෙලාවේ හොඳටම අමාරු වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් මැරෙන්න ටික වෙලාවකට කලින් මෙයා මගේ කනට කරලා කිවුවා සේපාලිට කියන්න කියලා එයා ආවා කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මම ඒත් හරි අවුලක හිටියේ මේ සේපාලි කියන්නේ කවුද කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද පේෂන්ට් ව බලන්න කිසිම කෙනෙක් ආවේ නැති නිසා[FONT=Iskoola Pota, serif]. [/FONT]අනෙක මේ පේෂන්ට් පිටිපස්සේ මෙහෙම ස්ටෝරි එකක් තියෙනවා කියලා කොහොමටවත් දැනගෙන හිටියේ නැහැ දැන් ටිකකට කලින් වෙනකම්ම[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් දැන් තේරෙනවා මෙයා කිවුවේ මොකක්ද කියලා[FONT=Iskoola Pota, serif].[/FONT]ඒත්[FONT=Iskoola Pota, serif].... [/FONT]මට මේ කතාව විශ්වාස කරන්න බෑ වීරේ[FONT=Iskoola Pota, serif]... [/FONT]අයි කාන්ට් බිලීව් දිස්[FONT=Iskoola Pota, serif]. “

    [/FONT] “අපි විද්‍යාවේ දැනට ඔප්පු කරලා තියෙන මොන තියරි එක දැම්මත් මේ කතාව කොහොමද ඔප්පු කරන්නේ කියලා මට හිතාගන්න බෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ මනුස්සයා ඇත්තටම වයස හැත්තෑවක් වුනත්[FONT=Iskoola Pota, serif].... [/FONT]කොහොමද නැති වෙනකොට හිටපු විදිහට ඉන්නේ[FONT=Iskoola Pota, serif]? [/FONT]ම්[FONT=Iskoola Pota, serif]...? [/FONT]මගේ කැරියරි ලයිෆ් එකේ හම්බවුන කන්ෆියුසින්ම කේස් එක මේක[FONT=Iskoola Pota, serif]...“

    [/FONT] “එතකොට ඩොක්ටර් කියන්නේ මේ වගේ දෙයක් වෙන්න හැකියාවක් කොහොමටවත් නෑ කියලද[FONT=Iskoola Pota, serif]?“ [/FONT]ඇමතිවරයා ප්‍රශ්නයක් ඇසුවේය[FONT=Iskoola Pota, serif]..

    [/FONT] “අන්ලෙස් ඉට්ස් අ මිරකල්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒක ප්‍රාතිහාර්යයක් නම් විතරයි එහෙම දෙයක් වෙන්න පුලුවන්[FONT=Iskoola Pota, serif]. [/FONT]මං ඉස්සෙල්ල කිවුවා වගේ අපි දන්න විද්‍යාවේ දැනට ඔප්පු කරලා තියෙන කිසිම තියරි එකකින් මේක ජස්ට්ෆයි කරන්න බෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]සැක කරන්න පුලුවන් එකම දේ ටයම් ට්‍රැවල් විතරයි[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙම දෙයක් තාම හොයාගෙන නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]තියරි එකක් විදිහට ඒකෙ ගත යුත්තක් තිබුණත්[FONT=Iskoola Pota, serif]... [/FONT]ප්‍රායෝගිකව ඒක කරන්න විදිහක් කොහොමවත් නෑ[FONT=Iskoola Pota, serif]... [/FONT]මටත් අකමැත්තෙන් හරි කියන්න තියෙන්නේ මේක ප්‍රාතිහාර්යයක් කියලා විතරයි[FONT=Iskoola Pota, serif]. [/FONT]මම හරි කැමැත්තෙන් ඉන්නේ මෙයාගේ බොඩි එකේ ඔටොප්සි එක කරලා චෙක් කරන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් වීරෙ ඒ අදහසට අකමැති නිසා මං ඒ වැඩේ කරන්න යන්නේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙම කළත්[FONT=Iskoola Pota, serif].... [/FONT]මං හිතන්නේ නෑ අපිට වැඩි යමක් හොයාගන්න පුලුවන් වෙයි කියලා[FONT=Iskoola Pota, serif].“

    [/FONT] “ඒක හරි ඩොක්ටර්[FONT=Iskoola Pota, serif].. [/FONT]එහෙම ඉන්වෙස්ටිගේෂන් එකක් කළොත් ඒකෙ ප්‍රශ්න එන්නේ අන්තිමට මගෙ පිටට[FONT=Iskoola Pota, serif]. [/FONT]මට ප්‍රශ්නයක් ආවත් කමක් නෑ[FONT=Iskoola Pota, serif]... [/FONT]ඒත් සඳුනි මේ ගැන කිසිම දෙයක් දන්නේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]එයා මේවට ගෑවෙනවට මං කොහොමත්ම කැමති නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් එක්කම[FONT=Iskoola Pota, serif].... [/FONT]මේ ෆොටෝ එකෙන් පේන විදිහට සහ අසේල ගේ කතාවෙන් පේන විදිහට මගේ දුව මේ කියන සේපාලිට සියේට සීයක් වගේ හැඩහුරුකමින් සමානයි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ වගේම මේ ඉළන්දාරියත් අර සේපාලි කියන ළමයා වෙනුවට මගේ දුට රැවටිලයි මගේ ගෙදරට ඇවිත් තියෙන්නේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් ඩොක්ටර්[FONT=Iskoola Pota, serif].... [/FONT]එහෙම සමාන කමක් ඇති වෙන්න පුලුවන්ද[FONT=Iskoola Pota, serif]?“

    [/FONT] “එහෙම වෙන්න පුලුවන්[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි ඕනෙතරම් අහලා තියෙනවා නේ එක වගේ අය ගොඩක් මේ ලෝකේ ඉන්න පුලුවන් කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]කතාවටත් කියන්නේ එක වගේ හත්දෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා[FONT=Iskoola Pota, serif].“

    [/FONT] “ඒත් සර්[FONT=Iskoola Pota, serif]... [/FONT]අපිට මේ මනුස්සයා මෙච්චර කාලයක් වයස යන්නේ නැතුව හිටියේ කියලා හොයාගන්න විදිහක් නැද්ද[FONT=Iskoola Pota, serif]?“ [/FONT]අසේල තම සිත තුළ කැකෑරුණ ප්‍රශ්නය එළියට දැම්මේය[FONT=Iskoola Pota, serif].

    [/FONT] “අසේල[FONT=Iskoola Pota, serif]... [/FONT]අපි කොහොමද ඒ වගේ දෙයක් හොයන්නේ[FONT=Iskoola Pota, serif]? [/FONT]අපිට ඒක අහගන්න හිටපු ඒ මනුස්සයත් දැන් ජීවත් වෙලා නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]අනිත් එකම ක්‍රමය තමයි ඒ බොඩි එකේ ඔටොප්සි එකක් කරන එක[FONT=Iskoola Pota, serif]. [/FONT]ඩොක්ටර්ම කිවුවා නේ ඒකෙන් ප්‍රයෝජනයක් නෑ කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි ඒ වගේ දේකට ගියත්[FONT=Iskoola Pota, serif]... [/FONT]එහෙම ටෙස්ට් කරන්න ලංකාවේ ෆැසිලිටීස් නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]එතකොට මේක අපිට වෙන රටකට බාර දෙන්න වෙනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔයා දන්නවද මෙහෙම දෙයක් ඒ වගේ තැනතට ගියාම මොකද වෙන්නේ කියලා[FONT=Iskoola Pota, serif]...? [/FONT]ඊළඟට මේක රාජතාන්ත්‍රක ප්‍රශ්නයක් දක්වා දුරදිග යන්න පුලුවන්[FONT=Iskoola Pota, serif]. [/FONT]එතකොට මගේ පර්සනල් ලයිෆ් එකත් එළියට එනවා[FONT=Iskoola Pota, serif]... [/FONT]මං කොහොමත් කැමති නෑ ඒ වගේ දෙයක් වෙනවා දකින්න[FONT=Iskoola Pota, serif]. [/FONT]පුතා[FONT=Iskoola Pota, serif]... [/FONT]මට තේරෙනවා ඔයා කොච්චර මේ ගැන උනන්දුද කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත්[FONT=Iskoola Pota, serif]... [/FONT]අපි මේ දේ මෙතනින් නවත්තමු[FONT=Iskoola Pota, serif]. [/FONT]මෙතනින් එහාට මේ කතාව ඇදගෙන ගියොත්[FONT=Iskoola Pota, serif]... [/FONT]කොච්චර දුරට ප්‍රශ්නය සංකීර්ණ වෙයිද කියලා අපි කාටවත් කියන්න බෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ නිසා[FONT=Iskoola Pota, serif].... [/FONT]හොඳම දේ මේ තියෙන විදිහටම හැම දෙයක්ම තියෙන්න ඉඩ හරින එක[FONT=Iskoola Pota, serif].“

    [/FONT] මද වේලාවක් කල්පනා කිරීමේදී අසේලටද ඇමතිවරයාගේ කතාවේ වූ කාරණා පැහැදිලි විය[FONT=Iskoola Pota, serif]. [/FONT]සමහර විටෙක මෙය එළියට ගියහොත් ඇමතිවරයාගේ පමණක් නොව[FONT=Iskoola Pota, serif], [/FONT]තමන්ගේ ජීවිතයට පවා බලපෑම් එල්ල විය හැක[FONT=Iskoola Pota, serif]. [/FONT]එනිසා දැන් ගත යුතු හොඳම පියවර මේ සම්බන්ධයෙන් තමන් සතු සියලු දේ ඇමතිවරයාට බාරදී තම වගකීමෙන් නිදහස් වීමය[FONT=Iskoola Pota, serif].[/FONT]
    තවත් කාරණා කිහිපයක් වෙනුවෙන් වේලාව වෙන් කළ අසේල මේ සිදුවීම සම්බන්ධයෙන් ඔහු සතුවූ සියලු දේ ඇමතිවරයාට බාරදී[FONT=Iskoola Pota, serif], [/FONT]නිවසින් එළියට බැස්සේ මධ්‍යම රාත්‍රියත් පසුවීය[FONT=Iskoola Pota, serif]. [/FONT]මෙතරම් දුරක් එළවූ මේ අබිරහසේ සිදුවූ සියලු දෙය තමාට වටහා ගන්නට නොහැකි වීම ගැන ඔහු තුළ වූ කළකිරීම පහව ගොස් තිබුණේ නැත[FONT=Iskoola Pota, serif]. [/FONT]කාර්යාලය වෙත යන ගමන අමතක කර දැමූ ඔහු වැවරවුමේ මාළිගාව ඉදිරිපස වූ බංකුවක වාඩි ගත්තේය[FONT=Iskoola Pota, serif].

    [/FONT] මධ්‍යම රාත්‍රියද පසුව තිබුණ හෙයින් නගරයේ වූයේ දැරිය නොහැකි පාලු බවකි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉඳහිට වැව රවුමේ ගමන් ගන්නා වාහනයක් හැරෙන්නට[FONT=Iskoola Pota, serif], [/FONT]මුලු වැව රවුමම පාලුවට ගොස් තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]වීදි ලාම්පුවල තඹවන් ආලෝකය දසත පැතිරී තිබුණේ ශෝකාකූල බවක් පරිසරයට එක්කරමිනි[FONT=Iskoola Pota, serif].

    [/FONT] මීට අවුරුදු හැත්තෑවකට පෙර සේපාලිත්[FONT=Iskoola Pota, serif], [/FONT]සූරිය ආරච්චි හෙවත් සුදු අප්පෝත් එකිනෙකා හමුවූයේ මේ සුන්දර නගරය තුළය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔවුන් පෙමින් වෙලුනේ මේ නගරයේය[FONT=Iskoola Pota, serif]. [/FONT]සමහර විට දෙදෙනා අතිනත පටලාගෙන නුවර වීදි දිගේ එකළ ඇවිද යන්නට ඇත[FONT=Iskoola Pota, serif]. [/FONT]එසේත් නැතිනම් සතුටින් ඔකඳව වාහනයක නැගී මේ වැව රවුමේ ගමන් කරන්නට ඇත[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත් ඒ කතාවේ එක් අයෙක් මහ මුහුදේ සැඟවී ගියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]අනෙකා සිහි විකල්ව ආගිය අතක් සොයාගත නොහැකි වන සේ අතුරුදන් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]ජීවිතය යනු පුදුමාකර දෙයකි[FONT=Iskoola Pota, serif]. [/FONT]අවුරුදු හැත්තෑවක් ඉක්ම ගොස් සුදු අප්පෝ තම සෙනෙහෙවන්තිය සොයා ආවේය[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත්[FONT=Iskoola Pota, serif].... [/FONT]ඔහු ආවේ කාත් කවුරුත් නොදන්නා කාලයකටය[FONT=Iskoola Pota, serif]. [/FONT]තම සෙනෙහෙවන්තිය තබා තමාගේවත් පැවත්ම පිළිනොගන්නා කාළයකටය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ කතාවේ අවසන ඔහු නැවත නොඑන ගමන් ගියේ සුවිශාල අබිරහසක් සඟවාගෙනය[FONT=Iskoola Pota, serif].

    [/FONT] අසේල තම ළය සැහැල්ල කරගන්නට ළය පුරවා දිග හුස්මක් ගත්තේය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉහළ අහස දෙස බැලූ ඔහුට තාරකා කිහිපයක් ඈත දිළෙනු පෙනුනි[FONT=Iskoola Pota, serif]. [/FONT]අවසානයේ ඔහු යමක් තමාටම මුමුණා ගත්තේය[FONT=Iskoola Pota, serif].

    [/FONT] “ඩොක්ටර් කිවුවේ ඇත්ත[FONT=Iskoola Pota, serif]. [/FONT]ප්‍රාතිහාර්ය කියන දේවලුත් මේ ලෝකේ සිද්ධ වෙනවා[FONT=Iskoola Pota, serif]....“
    [/FONT]





    පසුවදන
    [FONT=Iskoola Pota, serif]-----------------------------------------------------------------------------------------------[/FONT]
    [FONT=Iskoola Pota, serif]1942 [/FONT]මැයි [FONT=Iskoola Pota, serif]26[/FONT]
    ඉන්දියන් සාගරය
    [FONT=Iskoola Pota, serif].[/FONT][FONT=Iskoola Pota, serif]9.34[/FONT]



    එවකට සිලෝන් නම් හැඳින්වූ ලංකාවේ සිට ජාවා දූපත දක්වා ගමන් කරමින් තිබූ “සාන්ත මරියා“ නම් කුඩා නෞකාව ඉන්දියානු සාගරයේ ඈත කොනෙක දැඩි කුණාටුවට හසුව තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]එක පිට එක නැගෙමින් තිබූ අතිවිශාල රළ පෙළ හමුවේ කඩදාසි ඔරුවක් බඳු වූ මේ නෞකාව තම නියම ගමන් මාර්ගයෙන් බොහෝ දුරක් පිට පැන තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]දෙවන ලෝක යුද්ධයේ යුධ පෙරමුණට ස්වේච්ඡා සෙබලුන් ගෙන යමින් සිටි මේ නැවට තම ගමන් මාර්ගයෙන් පිට පැනීමට සිදුවූයේ ඔවුන් පසුපස හඹා ආ සතුරු යුධ නැවකින් බේරීමටය[FONT=Iskoola Pota, serif]. [/FONT]සුලු අලාභනි හමුවේ යුධ නැව මග හැරීමට එය සමත් වුවත් ඊටත් වඩා දහස් ගුණයකින් බියකරු කුණාටුවේ ප්‍රචණ්ඩ ග්‍රහණයට එය නතුවී තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]ස්වේච්ඡා සෙබලුන් සියයක් සහ කාර්ය මණ්ඩලය් පහළොවක් වූ සියලු දෙනාම එකාවන් ව උත්සාහ දැරුවේ නැව පැත්තට පෙරළීම වළක්වා ලීමටය[FONT=Iskoola Pota, serif]. [/FONT]දෙවරක් නොපිට පෙරළීමට ගිය නැව කෙළින් තබා ගැනීමට සමත් වූයේ කපිතාන්වරයාගේ දක්ෂකම නිසාමය[FONT=Iskoola Pota, serif].[/FONT]
    එහෙත් තුන්වෙනි වර මේ කුඩා නැව එතරම් වාසනාවන්ත වූයේ නැත[FONT=Iskoola Pota, serif]. [/FONT]හමා ආ දරුණු රැල්ලක් හමුවේ එක්වරක් උඩගිය නැව[FONT=Iskoola Pota, serif], [/FONT]නැවතත් අනිත් පැත්ත පෙරලුනේ නැත[FONT=Iskoola Pota, serif]. [/FONT]නැවේ සිටියවුන්ගේ අඳෝනාවන් රාත්‍රියේ ඝණ අන්ධකාරයේ සැඟවී යාමට විනාඩි පහක් වත් ගතවූයේ නැත[FONT=Iskoola Pota, serif].[/FONT]


     
    Last edited:

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    [FONT=Iskoola Pota, serif]1942 [/FONT]මැයි [FONT=Iskoola Pota, serif]28[/FONT]
    ස්ථානය අවින්ශ්චිතයි

    එය දූපතක් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඝර්ම කළාපයේ තුරුළතා වලින් පොහොසත් වූ මෙම දූපතේ වෙරළ[FONT=Iskoola Pota, serif], [/FONT]මනුෂ්‍ය වාසයෙන් නොඉඳුල් වූවක් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත් අද මෙම වෙරළේ වෙනසක් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ වෙරළේ වූ මනුෂ්‍යයෙකු නිසාය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔහු මළ මිනිසෙක්ද[FONT=Iskoola Pota, serif], [/FONT]නැතිනම් සිහිනැති වූ මිනිසෙක්ද යන්න නිශ්චය කරගත නොහැක්කක් විය[FONT=Iskoola Pota, serif].

    [/FONT] එහෙත් හදිසියේ වෙරළේ මළාක් මෙන් වැතිරී සිටි මේ මිනිස් රුවේ සුලු චලනයක් සිදුවිය[FONT=Iskoola Pota, serif]. [/FONT]හෙතෙම ජීවත් වීය[FONT=Iskoola Pota, serif]. [/FONT]තම නැව දරුණු කුණාටුවකට හසුව කැඩී බිඳී යද්දී ඉන් පිටතට විසිවී ගොස් දින දෙකක් මහ මුහුද හා පොර බැඳි මේ මිනිසා ජීවත් වීය[FONT=Iskoola Pota, serif]. [/FONT]නෞකාවේ උන් එකසිය පහළොවක් වූ මුලු පිරිසෙන් දිවි ගලවාගන්නට සමත් වූ එකම පුද්ගලයා මේ මිනිසාය[FONT=Iskoola Pota, serif].[/FONT]
    මද වේලාවක් යන තුරු තමා මේ සිටින්නේ කොහේද යන්න ඔහු වෙත නිනවුවක් නොවීය[FONT=Iskoola Pota, serif]. [/FONT]තම නැව මුහුදු බත් වී කොපමණ කාලයක් ගතවීදැයි යන්න පිළිබඳව ඔහුට හැඟිමක් නොවීය[FONT=Iskoola Pota, serif]. [/FONT]කාලය සම්බන්ධ කිසිම දැන අදහසක් ඔහු තුළ නොවීය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔහුගේ සිතේ මේ වන විට ඇතිවී තිබූ එකම හැඟීම[FONT=Iskoola Pota, serif], [/FONT]කෙසේ හෝ නැවතත් තමා තනිකර ආ ඒ ආදරවන්තිය සොයා යා යුතු බව පමණකි[FONT=Iskoola Pota, serif]. [/FONT]තමා වෙනුවෙන් කඳුලු හෙලූ ඒ ශෝබාසම්පන්න කාන්තාව සොයා ආපසු යෑම පමණක් ඔහුගේ එකම බලාපොරොත්තුව වීය[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත් අහෝ[FONT=Iskoola Pota, serif]...!!! [/FONT]ඒ සඳහා ඔහුට තවත් කොපමණ කාලයක් මේ දූපතේ බලා සිටින්නට වීදැයි යන්න පිළිබඳව නාම මාත්‍රික හැඟිමක් හෝ තිබුණා නම්[FONT=Iskoola Pota, serif].. [/FONT]මේ වෙරළේ ඔහු හඬා වැටෙනු නොඅනුමානය[FONT=Iskoola Pota, serif].[/FONT]



    [FONT=Iskoola Pota, serif]2013-11-16[/FONT]
    ත්‍රී ස්ටාර් නෞකාව
    සිංගප්පූරු වරාය[FONT=Iskoola Pota, serif], [/FONT]සිංගප්පූරුව
    [FONT=Iskoola Pota, serif].

    [/FONT] ත්‍රී ස්ටාර් නෞකාව මධ්‍යම ප්‍රමාණයේ වෙළඳ නෞකාවක් වීය[FONT=Iskoola Pota, serif]. [/FONT]චීනයේ සිට ඊජීප්තුව දක්වා වෙළඳ බඩු තොගයක් ප්‍රවාහණය කොට නැවත එය අයත් මවු සමාගම පිහිටි සිංගප්පූරුව වෙත පැමිණියා පමණකි[FONT=Iskoola Pota, serif]. [/FONT]නැව අලුත් වැඩියා කටයුතු වෙත බාරකර තිබුණු අතර[FONT=Iskoola Pota, serif], [/FONT]සමාගමේ නියෝජිතයින් දෙදෙනෙක් පැමිණ නැවේ කපිතාන්ගෙන් සියලු ලියකියවිලි සමග නැව බාරගන්නා ලදී[FONT=Iskoola Pota, serif].

    [/FONT] එක් නියෝජිතයෙක් තම සේවකයින් සමග බඩු තොගය පරීක්ෂා කොට බැලූ අතර[FONT=Iskoola Pota, serif], [/FONT]අනෙකා නැවේ කපිතාන්ගේ ලොග් සටහන් පොත පරීක්ෂා කරන්නට විය[FONT=Iskoola Pota, serif]. [/FONT]සාමාන්‍යයෙන් මෙම පොතෙහි වැදගත් විශේෂිත යමක් නොවූ නමුත්[FONT=Iskoola Pota, serif], [/FONT]මෙහි ජනවාරි මාසයේ එක්තරා සටහන් පෙළකට සමාගම් නියෝජිතයාගේ දෑස යොමු විය[FONT=Iskoola Pota, serif].

    [/FONT] නෞකාව චීනයේ වරායෙන් ගමන් ආරම්භ කොට දින පහළොවකට පසු අති දැවැන්ත කුණාටුවකට හසුවූ බව සඳහන්ව තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]කපිතාන් ආසන්නම ගොඩබිම වූ මැලේසියාව වෙත නැව යොමු කිරීමට උත්සාහ දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ත වූ බවත් අවසානයේ නැව පාලනයකින් තොරව පාවී යන්නට වූ බවත් එහි ලියැවී තිබුණි[FONT=Iskoola Pota, serif].

    [/FONT] දිනකට පසු නැව නැවතත් නිශ්චල මුහුදට පාවී ආවත් ඔවුන් සිටින්නේ කුමන ඉසවුවකද යන්න කිසිවෙකුට සොයාගත නොහැකි විය[FONT=Iskoola Pota, serif]. [/FONT]චන්ද්‍රකා දුරකථන හෝ ජී[FONT=Iskoola Pota, serif].[/FONT]පී[FONT=Iskoola Pota, serif].[/FONT]එස් උපකරණ සියල්ල අක්‍රියව පැවතුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]දිශා පෙන්වන උපකරණ සියල්ලම විවිධ විකාර පාඪාංක පෙන්වන්නට විය[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ අතර එක් නැවියෙක් විසින් දූපතක් දක්නා ලදුව නැව ඒ දෙසට යොමු කරන්නට කපිතාන් අණ කරන ලදී[FONT=Iskoola Pota, serif].

    [/FONT] නැව දූපත ආසන්නයේ නැංගුරම් ලූ අතර[FONT=Iskoola Pota, serif], [/FONT]නැවියෝ බෝට්ටු කීපයකින් ඒ වෙත ගමන් කළේ නැවේ සුලු සුලු අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය දැව සපයා ගැනීමටත්[FONT=Iskoola Pota, serif], [/FONT]නැවුම් වතුර ලබාගත හැකි උල්පතක් සොයා ගැනීමටත්ය[FONT=Iskoola Pota, serif]. [/FONT]මෙහිදී නැවියන්ට හමුව තිබුණේ තම නැව මුහුදුබත්වීම නිසා අතරමං වූ මිනිසෙකි[FONT=Iskoola Pota, serif]. [/FONT]මූන පුරා රැවුල වවාගෙන බොහෝදුරට නිරුවතින් සිටි මේ මිනිසා වයස අවුරුදු විසිපහහක් පමණ වන්නට ඇත[FONT=Iskoola Pota, serif]. [/FONT]මොහු කිසිවක් කතානොකළ අතර[FONT=Iskoola Pota, serif], [/FONT]තමාව මේ දූපතෙන් රැගෙන යන මෙන් හස්ත සංඥා වලින් නැවියන්ගෙන් ඉල්ලා ඇත[FONT=Iskoola Pota, serif]. [/FONT]අතරින් පතර විවිධ වචන කිහිපයක් කතා කලත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඒ කිසිවක් නැවියන්ට තේරුම් ගත නොහැකි වූවක් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]නැව වෙත ගෙන ගිය මිනිසාගෙන් ප්‍රශ්න කළත් ඔහු කතා කළ කිසිවක් කාහටවත් තේරුම් ගත නොහැකි විය[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ මිනිසා නැවේ වූ නවීන උපකරණ දෙස ඉතා පුදුමයෙන් බැලූ බවත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඒව සියල්ලම පාහේ ඔහු හට නුහුරු නුපුරුදු දේවල් වූ බවත් පෙනෙන්නට විය[FONT=Iskoola Pota, serif].

    [/FONT] නැවතත් කුණාටුවක් හමා එන්නට වූයෙන්[FONT=Iskoola Pota, serif], [/FONT]නෞකාව ඉක්මණින්ම දූපතින් ඈත් කරගන්නා ලදී[FONT=Iskoola Pota, serif]. [/FONT]නැවට නැවත වරක් දරුණු කුණාටුවකට මුහුණ දෙන්නට වූ අතර කුණාටුව පහව ගිය පසු කපිතාන් හට තමා නියම ගමන් මාර්ගයේ සිටිනා බවක් පෙනෙන්නට විය[FONT=Iskoola Pota, serif]. [/FONT]සියලු සන්නිවේදන උපකරණ නිවැදිව ක්‍රියාත්මක වූ අතර නැව එහි මීළඟ නැවතුම් පොළ වූ ලංකාවේ කොළඹ වාරය වෙත දින දෙකකින් ළඟා විය[FONT=Iskoola Pota, serif].

    [/FONT] මෙහිදී නැවට නංවාගත් ඒ අමුතු පුද්ගලයා අතුරුදහන් විය[FONT=Iskoola Pota, serif].[/FONT]නැවේ හැමතැනම සෙවූවත්[FONT=Iskoola Pota, serif], [/FONT]කිසිම හෝඩුවාවක් නොවූ තැන නැවේ කපිතාන් තැන ඒ පිළිබඳව වරාය පොලීසියට දැන්වීය[FONT=Iskoola Pota, serif]. [/FONT]අවශ්‍ය කට උත්තර ලබා ගැනීමෙන් පසු තම ගමනාන්තයට දින ගණනාවකින් ප්‍රමාද වූ ත්‍රී ස්ටාර් නෞකාව[FONT=Iskoola Pota, serif], [/FONT]ඊජීප්තුව බලා යාත්‍රා කළාය[FONT=Iskoola Pota, serif].[/FONT]



    ජපානයේ මුහුදුබඩ පිටිසර ගමක්
    දිනය නිශ්චිත නැත
    [FONT=Iskoola Pota, serif].

    [/FONT] කවසාකි වයස අවුරුදු අසූව ඉක්මවූ පුද්ගලයෙකි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔහු ගමේ කා අතරත් ජනප්‍රියව සිටියේ ගමේ කතාන්දර කියන්නා වශයෙනි[FONT=Iskoola Pota, serif]. [/FONT]පොඩි ළමයින් ඔහුට මහත්සේ ඇලුම් කළෝය[FONT=Iskoola Pota, serif]. [/FONT]රැයක් එළි වන තෙක් තම මතකය අවුස්සමින් කතන්දර කීමට මේ මහලු මිනිසාට හැකියාව තිබුණි[FONT=Iskoola Pota, serif].[/FONT]
    සැමදාම සවස තම නිවසේ එළි පත්තට රැස්වන කොල්ලෝ කුරුට්ටන්ට කතන්දර කීම[FONT=Iskoola Pota, serif], [/FONT]මිණිබිරිය සමග සැඳෑ කාළය ගත කරන කවසාකිගේ සිරිත විය[FONT=Iskoola Pota, serif]. [/FONT]එදිනද රැස්ව සෑහෙන පමණ දෙනෙක් රැස්ව සිටියේ ඊයේ දින නැවැත්වූ කතාන්දරයේ ඉතුරු ටික අසා ගැන්මටය[FONT=Iskoola Pota, serif].

    [/FONT] කවසාකි කියමින් සිටියේ මීට ශතවර්ෂ ගණනාවකට කලින් ප්‍රාදේශිය රජෙකු වූ හිරාකු පිළිබඳ ජනප්‍රවාදයෙන් පැවත එන්නා වූ කතාවකි[FONT=Iskoola Pota, serif]. [/FONT]යාබද රාජ්‍යයේ බල ලෝභී යූකෝ නම් පාළකයා විසින් ආක්‍රමණය කරන ලද හිරාකු ගේ රාජධානිය විනාශ විය[FONT=Iskoola Pota, serif]. [/FONT]අවසාන මොහොතේ තම තරුණ පුත්‍රයාට ඔහු විසින් අවවාද දුන්නේ ජීවිතය බේරා ගැනීමට වරායේ වූ බෝට්ටුවක් ගෙන මුහුදට යන ලෙසය[FONT=Iskoola Pota, serif].

    [/FONT] තම පියාගේ අණට අකමැත්තෙන් අවතන වූ තරුණ තකාකෝ බෝට්ටුවක් රැගෙන තම ජීවිතය බේරාගැන්මට මුහුදට ගියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත් දින කිහිපයක් මුහුදේ ඒ මේ අත පාවූ ඔහුගේ බෝට්ටුව දරුණු සැඩ කුණාටුවකට හසුවූ අතර තකාකෝ ඒ කුණාටුව තුළ අතුරුදහන් විය[FONT=Iskoola Pota, serif].

    [/FONT] මේ අතර උරුමක්කාරයෙක් නොසිටි හිරාකුගේ රාජධානිය යූකෝගේ පාලනයට නතුවූ අතර[FONT=Iskoola Pota, serif], [/FONT]හිරාකුගේ පරම්පරාවේ සියලු දෙනාම වහල් බාවයට පත් කරනු ලැබීය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔවුන් සියලු දෙනාම ජීවත් වූයේ කිසියම් දිනෙක පලා ගිය තකාකෝ පැමිණ තම රාජධානිය නැවත පිහිටුවනු ඇතැයි බලාපොරොත්තුවෙනි[FONT=Iskoola Pota, serif].

    [/FONT] මෙලෙස වසරක් ගතවිනි[FONT=Iskoola Pota, serif]. [/FONT]දෙකක් තුනක් ලෙසින් වසර විස්සක්ම ගතවිය[FONT=Iskoola Pota, serif]. [/FONT]තකාකෝ ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි බොහෝ දෙනෙක් වයසට ගොස් මිය ගියෝය[FONT=Iskoola Pota, serif]. [/FONT]අවසානයේ වසර සියයක්ම ගතවිය[FONT=Iskoola Pota, serif].

    [/FONT] හදිසියේ එක් දරුණු කුණාටුවකට හා වසර සියයකට පසුව තකාකෝ නැවත පැමිණීයේය[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත් පුදුමයට කාරණය වූයේ ඔහු එක් දිනක් වත් වයසට නොගොස් සිටීමයි[FONT=Iskoola Pota, serif]. [/FONT]එදා තම රාජධානියෙන් ගිය ලෙසම ඔහු තරුණයෙක්ව සිටියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]පසුව තකාකෝ පැවසූ පරිදි ඔහු කුණාටුවකින් පසුව දූපතක් වෙත ගසාගෙන ගොස් ඇත[FONT=Iskoola Pota, serif]. [/FONT]එහි ජීවත්වූ අතරතුර කාලය පිළිබඳ කිසිම හැඟිමක් ඔහු වෙත නොවීය[FONT=Iskoola Pota, serif]. [/FONT]අවසානයේ තමාට දූපතෙන් බේරී යාමට කිසිම විදිහක් නැතිබව දැනගෙන කුඩා පහුරක් තනා මියෙම්වා රැකෙම්වා කියා නැවතත් මුහුදට යාත්‍රා කළේය[FONT=Iskoola Pota, serif]. [/FONT]දින කිහිපයක් ඒ මේ අත පාවූ ඔහු නැවත දරුණු කුණාටුවකට හසුව තමාට හුරු පුරුදු මුහුදු සීමාවට ගසාගෙන ආවේය[FONT=Iskoola Pota, serif].

    [/FONT] තමා අතුරුදන්ව වසර සියයක් ගත කලේයැයි යන්න ඔහුට අදහාගත නොහැකි විය[FONT=Iskoola Pota, serif]. [/FONT]කෙසේ වෙතත් තම පියාගේ මිනීමරුවන් වූ යූකෝ පරම්පරාවට එරෙහව සේනා සංවිධානය කොට යුධ වැදි තකාකෝ ජයග්‍රහණය කොට තම පරම්පරාවේ සියලුදෙනා වහල් බවින් මුදවා ගත්තේය[FONT=Iskoola Pota, serif].

    [/FONT] මේ කතාවෙන් පසුව රාජ්‍යයේ සියලු දෙනාම තකාකෝ වසර සියයක් ජිවත් වූ දූපත් “සදාකාලික තාරුණ්‍යයේ දූපත“ ලෙස හැඳින්වීය[FONT=Iskoola Pota, serif]. ‍

    [/FONT] ගෙවුනු කාලය තුළ බොහෝ දෙනෙක් එය සොයා යෑමට උත්සාහ කළත්[FONT=Iskoola Pota, serif], [/FONT]කිසිවෙකු හට එය හමු නොවීය[FONT=Iskoola Pota, serif]. [/FONT]අවසානයේ එය හුදෙක් ජනප්‍රවාදයක් පමණක් ලෙස සැවොමගේ හිත් තුළ තැන්පත් විය[FONT=Iskoola Pota, serif].



    [/FONT]
    [FONT=Iskoola Pota, serif]--- අවසානයි? ----[/FONT]
     
    Last edited:
    • Like
    Reactions: sali07

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    හුඟ කාලයකට කලින් ලියපු කතාවක්. ආයේ ලියන්න පටන් ගන්න හිතුන නිසා කිරියේ යාලුවෝ එක්ක බෙදාගන්න හිතුනා. කියවලා වචනයකින් හරි දිරිගැන්වීමක් දීලා ගියපු හැමෝටම ස්තුතියි.

    සම්පූර්ණ කතාවම ගැන පොඩ් අදහසක් පුලුවන්නම් ලියලා යන්න. ඒක තමයි මම ලබන එකම සතුට.

    එහෙනම් තවත් කෙටි කතාවක් දාන්න තියෙනවා. ඒකේ පළවෙනි කොටස එළකිරියේ පලවුනා. කියවපු නැති අය ඉන්නවනම් කියවන්න. ඒකේ අනිත් කොටස් කිහිපය එක්ක ඉක්මණටම හම්බෙමු.

    මේකට නමක් නෑ.... (පළමුවෙනි කොටස)

    නැවත වතාවක් හැමෝටම බොහොම ස්තූතියි!!!
     
    Last edited:
    • Like
    Reactions: anju.r and BlizZ

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,368
    113
    කථාව එලට තිබ්බා මචං.
    උබට හොදට ලියන්න පුලුවන්.
    දිගටම ලියපන්.
    අඩෝ මෙකෙන් පොඩි ටෙලියක් උනත් ගහන්න බැරිකමක් නෑ.
    ජයවේවා මචං.
     

    kassa.banda

    Active member
  • Jun 12, 2010
    880
    121
    43
    kandy
    පට්ටයි මචන්.. තව කොටස් තිබ්බනම් තව පට්ටයි... නෑගලම ගියාබන්...අලුත් එවා දිගටම කරගෙන පලයන් එල මචන්....:):)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දිගට කියවන්න ආස විදියට, හොඳට ලියල තියෙනවා. දිගටම ලියන්න.....:):)
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    නියම කතාව! මං හිතුවෙ පුනරුප්පත්ති කතාවක් කියලා.. මේ විදියත් හොඳයි, නොහිතපු අවසානයක් :cool:
    දිගටම ලියන්න.. ඔබට ජය!