[FONT=Iskoola Pota, serif]1942 [/FONT]මැයි [FONT=Iskoola Pota, serif]28[/FONT]
ස්ථානය අවින්ශ්චිතයි
එය දූපතක් විය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
ඝර්ම කළාපයේ තුරුළතා වලින් පොහොසත් වූ මෙම දූපතේ වෙරළ[FONT=Iskoola Pota, serif]
, [/FONT]
මනුෂ්‍ය වාසයෙන් නොඉඳුල් වූවක් විය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
එහෙත් අද මෙම වෙරළේ වෙනසක් විය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
ඒ වෙරළේ වූ මනුෂ්‍යයෙකු නිසාය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
ඔහු මළ මිනිසෙක්ද[FONT=Iskoola Pota, serif]
, [/FONT]
නැතිනම් සිහිනැති වූ මිනිසෙක්ද යන්න නිශ්චය කරගත නොහැක්කක් විය[FONT=Iskoola Pota, serif]
.
[/FONT]
එහෙත් හදිසියේ වෙරළේ මළාක් මෙන් වැතිරී සිටි මේ මිනිස් රුවේ සුලු චලනයක් සිදුවිය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
හෙතෙම ජීවත් වීය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
තම නැව දරුණු කුණාටුවකට හසුව කැඩී බිඳී යද්දී ඉන් පිටතට විසිවී ගොස් දින දෙකක් මහ මුහුද හා පොර බැඳි මේ මිනිසා ජීවත් වීය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
නෞකාවේ උන් එකසිය පහළොවක් වූ මුලු පිරිසෙන් දිවි ගලවාගන්නට සමත් වූ එකම පුද්ගලයා මේ මිනිසාය[FONT=Iskoola Pota, serif]
.[/FONT]
මද වේලාවක් යන තුරු තමා මේ සිටින්නේ කොහේද යන්න ඔහු වෙත නිනවුවක් නොවීය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
තම නැව මුහුදු බත් වී කොපමණ කාලයක් ගතවීදැයි යන්න පිළිබඳව ඔහුට හැඟිමක් නොවීය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
කාලය සම්බන්ධ කිසිම දැන අදහසක් ඔහු තුළ නොවීය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
ඔහුගේ සිතේ මේ වන විට ඇතිවී තිබූ එකම හැඟීම[FONT=Iskoola Pota, serif]
, [/FONT]
කෙසේ හෝ නැවතත් තමා තනිකර ආ ඒ ආදරවන්තිය සොයා යා යුතු බව පමණකි[FONT=Iskoola Pota, serif]
. [/FONT]
තමා වෙනුවෙන් කඳුලු හෙලූ ඒ ශෝබාසම්පන්න කාන්තාව සොයා ආපසු යෑම පමණක් ඔහුගේ එකම බලාපොරොත්තුව වීය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
එහෙත් අහෝ[FONT=Iskoola Pota, serif]
...!!! [/FONT]
ඒ සඳහා ඔහුට තවත් කොපමණ කාලයක් මේ දූපතේ බලා සිටින්නට වීදැයි යන්න පිළිබඳව නාම මාත්‍රික හැඟිමක් හෝ තිබුණා නම්[FONT=Iskoola Pota, serif]
.. [/FONT]
මේ වෙරළේ ඔහු හඬා වැටෙනු නොඅනුමානය[FONT=Iskoola Pota, serif]
.[/FONT]
[FONT=Iskoola Pota, serif]2013-11-16[/FONT]
ත්‍රී ස්ටාර් නෞකාව
සිංගප්පූරු වරාය[FONT=Iskoola Pota, serif], [/FONT]සිංගප්පූරුව[FONT=Iskoola Pota, serif]
.
[/FONT]
ත්‍රී ස්ටාර් නෞකාව මධ්‍යම ප්‍රමාණයේ වෙළඳ නෞකාවක් වීය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
චීනයේ සිට ඊජීප්තුව දක්වා වෙළඳ බඩු තොගයක් ප්‍රවාහණය කොට නැවත එය අයත් මවු සමාගම පිහිටි සිංගප්පූරුව වෙත පැමිණියා පමණකි[FONT=Iskoola Pota, serif]
. [/FONT]
නැව අලුත් වැඩියා කටයුතු වෙත බාරකර තිබුණු අතර[FONT=Iskoola Pota, serif]
, [/FONT]
සමාගමේ නියෝජිතයින් දෙදෙනෙක් පැමිණ නැවේ කපිතාන්ගෙන් සියලු ලියකියවිලි සමග නැව බාරගන්නා ලදී[FONT=Iskoola Pota, serif]
.
[/FONT]
එක් නියෝජිතයෙක් තම සේවකයින් සමග බඩු තොගය පරීක්ෂා කොට බැලූ අතර[FONT=Iskoola Pota, serif]
, [/FONT]
අනෙකා නැවේ කපිතාන්ගේ ලොග් සටහන් පොත පරීක්ෂා කරන්නට විය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
සාමාන්‍යයෙන් මෙම පොතෙහි වැදගත් විශේෂිත යමක් නොවූ නමුත්[FONT=Iskoola Pota, serif]
, [/FONT]
මෙහි ජනවාරි මාසයේ එක්තරා සටහන් පෙළකට සමාගම් නියෝජිතයාගේ දෑස යොමු විය[FONT=Iskoola Pota, serif]
.
[/FONT]
නෞකාව චීනයේ වරායෙන් ගමන් ආරම්භ කොට දින පහළොවකට පසු අති දැවැන්ත කුණාටුවකට හසුවූ බව සඳහන්ව තිබුණි[FONT=Iskoola Pota, serif]
. [/FONT]
කපිතාන් ආසන්නම ගොඩබිම වූ මැලේසියාව වෙත නැව යොමු කිරීමට උත්සාහ දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ත වූ බවත් අවසානයේ නැව පාලනයකින් තොරව පාවී යන්නට වූ බවත් එහි ලියැවී තිබුණි[FONT=Iskoola Pota, serif]
.
[/FONT]
දිනකට පසු නැව නැවතත් නිශ්චල මුහුදට පාවී ආවත් ඔවුන් සිටින්නේ කුමන ඉසවුවකද යන්න කිසිවෙකුට සොයාගත නොහැකි විය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
චන්ද්‍රකා දුරකථන හෝ ජී[FONT=Iskoola Pota, serif]
.[/FONT]
පී[FONT=Iskoola Pota, serif]
.[/FONT]
එස් උපකරණ සියල්ල අක්‍රියව පැවතුණි[FONT=Iskoola Pota, serif]
. [/FONT]
දිශා පෙන්වන උපකරණ සියල්ලම විවිධ විකාර පාඪාංක පෙන්වන්නට විය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
මේ අතර එක් නැවියෙක් විසින් දූපතක් දක්නා ලදුව නැව ඒ දෙසට යොමු කරන්නට කපිතාන් අණ කරන ලදී[FONT=Iskoola Pota, serif]
.
[/FONT]
නැව දූපත ආසන්නයේ නැංගුරම් ලූ අතර[FONT=Iskoola Pota, serif]
, [/FONT]
නැවියෝ බෝට්ටු කීපයකින් ඒ වෙත ගමන් කළේ නැවේ සුලු සුලු අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය දැව සපයා ගැනීමටත්[FONT=Iskoola Pota, serif]
, [/FONT]
නැවුම් වතුර ලබාගත හැකි උල්පතක් සොයා ගැනීමටත්ය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
මෙහිදී නැවියන්ට හමුව තිබුණේ තම නැව මුහුදුබත්වීම නිසා අතරමං වූ මිනිසෙකි[FONT=Iskoola Pota, serif]
. [/FONT]
මූන පුරා රැවුල වවාගෙන බොහෝදුරට නිරුවතින් සිටි මේ මිනිසා වයස අවුරුදු විසිපහහක් පමණ වන්නට ඇත[FONT=Iskoola Pota, serif]
. [/FONT]
මොහු කිසිවක් කතානොකළ අතර[FONT=Iskoola Pota, serif]
, [/FONT]
තමාව මේ දූපතෙන් රැගෙන යන මෙන් හස්ත සංඥා වලින් නැවියන්ගෙන් ඉල්ලා ඇත[FONT=Iskoola Pota, serif]
. [/FONT]
අතරින් පතර විවිධ වචන කිහිපයක් කතා කලත්[FONT=Iskoola Pota, serif]
, [/FONT]
ඒ කිසිවක් නැවියන්ට තේරුම් ගත නොහැකි වූවක් විය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
නැව වෙත ගෙන ගිය මිනිසාගෙන් ප්‍රශ්න කළත් ඔහු කතා කළ කිසිවක් කාහටවත් තේරුම් ගත නොහැකි විය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
මේ මිනිසා නැවේ වූ නවීන උපකරණ දෙස ඉතා පුදුමයෙන් බැලූ බවත්[FONT=Iskoola Pota, serif]
, [/FONT]
ඒව සියල්ලම පාහේ ඔහු හට නුහුරු නුපුරුදු දේවල් වූ බවත් පෙනෙන්නට විය[FONT=Iskoola Pota, serif]
.
[/FONT]
නැවතත් කුණාටුවක් හමා එන්නට වූයෙන්[FONT=Iskoola Pota, serif]
, [/FONT]
නෞකාව ඉක්මණින්ම දූපතින් ඈත් කරගන්නා ලදී[FONT=Iskoola Pota, serif]
. [/FONT]
නැවට නැවත වරක් දරුණු කුණාටුවකට මුහුණ දෙන්නට වූ අතර කුණාටුව පහව ගිය පසු කපිතාන් හට තමා නියම ගමන් මාර්ගයේ සිටිනා බවක් පෙනෙන්නට විය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
සියලු සන්නිවේදන උපකරණ නිවැදිව ක්‍රියාත්මක වූ අතර නැව එහි මීළඟ නැවතුම් පොළ වූ ලංකාවේ කොළඹ වාරය වෙත දින දෙකකින් ළඟා විය[FONT=Iskoola Pota, serif]
.
[/FONT]
මෙහිදී නැවට නංවාගත් ඒ අමුතු පුද්ගලයා අතුරුදහන් විය[FONT=Iskoola Pota, serif]
.[/FONT]
නැවේ හැමතැනම සෙවූවත්[FONT=Iskoola Pota, serif]
, [/FONT]
කිසිම හෝඩුවාවක් නොවූ තැන නැවේ කපිතාන් තැන ඒ පිළිබඳව වරාය පොලීසියට දැන්වීය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
අවශ්‍ය කට උත්තර ලබා ගැනීමෙන් පසු තම ගමනාන්තයට දින ගණනාවකින් ප්‍රමාද වූ ත්‍රී ස්ටාර් නෞකාව[FONT=Iskoola Pota, serif]
, [/FONT]
ඊජීප්තුව බලා යාත්‍රා කළාය[FONT=Iskoola Pota, serif]
.[/FONT]
ජපානයේ මුහුදුබඩ පිටිසර ගමක්
දිනය නිශ්චිත නැත[FONT=Iskoola Pota, serif]
.
[/FONT]
කවසාකි වයස අවුරුදු අසූව ඉක්මවූ පුද්ගලයෙකි[FONT=Iskoola Pota, serif]
. [/FONT]
ඔහු ගමේ කා අතරත් ජනප්‍රියව සිටියේ ගමේ කතාන්දර කියන්නා වශයෙනි[FONT=Iskoola Pota, serif]
. [/FONT]
පොඩි ළමයින් ඔහුට මහත්සේ ඇලුම් කළෝය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
රැයක් එළි වන තෙක් තම මතකය අවුස්සමින් කතන්දර කීමට මේ මහලු මිනිසාට හැකියාව තිබුණි[FONT=Iskoola Pota, serif]
.[/FONT]
සැමදාම සවස තම නිවසේ එළි පත්තට රැස්වන කොල්ලෝ කුරුට්ටන්ට කතන්දර කීම[FONT=Iskoola Pota, serif]
, [/FONT]
මිණිබිරිය සමග සැඳෑ කාළය ගත කරන කවසාකිගේ සිරිත විය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
එදිනද රැස්ව සෑහෙන පමණ දෙනෙක් රැස්ව සිටියේ ඊයේ දින නැවැත්වූ කතාන්දරයේ ඉතුරු ටික අසා ගැන්මටය[FONT=Iskoola Pota, serif]
.
[/FONT]
කවසාකි කියමින් සිටියේ මීට ශතවර්ෂ ගණනාවකට කලින් ප්‍රාදේශිය රජෙකු වූ හිරාකු පිළිබඳ ජනප්‍රවාදයෙන් පැවත එන්නා වූ කතාවකි[FONT=Iskoola Pota, serif]
. [/FONT]
යාබද රාජ්‍යයේ බල ලෝභී යූකෝ නම් පාළකයා විසින් ආක්‍රමණය කරන ලද හිරාකු ගේ රාජධානිය විනාශ විය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
අවසාන මොහොතේ තම තරුණ පුත්‍රයාට ඔහු විසින් අවවාද දුන්නේ ජීවිතය බේරා ගැනීමට වරායේ වූ බෝට්ටුවක් ගෙන මුහුදට යන ලෙසය[FONT=Iskoola Pota, serif]
.
[/FONT]
තම පියාගේ අණට අකමැත්තෙන් අවතන වූ තරුණ තකාකෝ බෝට්ටුවක් රැගෙන තම ජීවිතය බේරාගැන්මට මුහුදට ගියේය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
එහෙත් දින කිහිපයක් මුහුදේ ඒ මේ අත පාවූ ඔහුගේ බෝට්ටුව දරුණු සැඩ කුණාටුවකට හසුවූ අතර තකාකෝ ඒ කුණාටුව තුළ අතුරුදහන් විය[FONT=Iskoola Pota, serif]
.
[/FONT]
මේ අතර උරුමක්කාරයෙක් නොසිටි හිරාකුගේ රාජධානිය යූකෝගේ පාලනයට නතුවූ අතර[FONT=Iskoola Pota, serif]
, [/FONT]
හිරාකුගේ පරම්පරාවේ සියලු දෙනාම වහල් බාවයට පත් කරනු ලැබීය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
ඔවුන් සියලු දෙනාම ජීවත් වූයේ කිසියම් දිනෙක පලා ගිය තකාකෝ පැමිණ තම රාජධානිය නැවත පිහිටුවනු ඇතැයි බලාපොරොත්තුවෙනි[FONT=Iskoola Pota, serif]
.
[/FONT]
මෙලෙස වසරක් ගතවිනි[FONT=Iskoola Pota, serif]
. [/FONT]
දෙකක් තුනක් ලෙසින් වසර විස්සක්ම ගතවිය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
තකාකෝ ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි බොහෝ දෙනෙක් වයසට ගොස් මිය ගියෝය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
අවසානයේ වසර සියයක්ම ගතවිය[FONT=Iskoola Pota, serif]
.
[/FONT]
හදිසියේ එක් දරුණු කුණාටුවකට හා වසර සියයකට පසුව තකාකෝ නැවත පැමිණීයේය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
එහෙත් පුදුමයට කාරණය වූයේ ඔහු එක් දිනක් වත් වයසට නොගොස් සිටීමයි[FONT=Iskoola Pota, serif]
. [/FONT]
එදා තම රාජධානියෙන් ගිය ලෙසම ඔහු තරුණයෙක්ව සිටියේය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
පසුව තකාකෝ පැවසූ පරිදි ඔහු කුණාටුවකින් පසුව දූපතක් වෙත ගසාගෙන ගොස් ඇත[FONT=Iskoola Pota, serif]
. [/FONT]
එහි ජීවත්වූ අතරතුර කාලය පිළිබඳ කිසිම හැඟිමක් ඔහු වෙත නොවීය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
අවසානයේ තමාට දූපතෙන් බේරී යාමට කිසිම විදිහක් නැතිබව දැනගෙන කුඩා පහුරක් තනා මියෙම්වා රැකෙම්වා කියා නැවතත් මුහුදට යාත්‍රා කළේය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
දින කිහිපයක් ඒ මේ අත පාවූ ඔහු නැවත දරුණු කුණාටුවකට හසුව තමාට හුරු පුරුදු මුහුදු සීමාවට ගසාගෙන ආවේය[FONT=Iskoola Pota, serif]
.
[/FONT]
තමා අතුරුදන්ව වසර සියයක් ගත කලේයැයි යන්න ඔහුට අදහාගත නොහැකි විය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
කෙසේ වෙතත් තම පියාගේ මිනීමරුවන් වූ යූකෝ පරම්පරාවට එරෙහව සේනා සංවිධානය කොට යුධ වැදි තකාකෝ ජයග්‍රහණය කොට තම පරම්පරාවේ සියලුදෙනා වහල් බවින් මුදවා ගත්තේය[FONT=Iskoola Pota, serif]
.
[/FONT]
මේ කතාවෙන් පසුව රාජ්‍යයේ සියලු දෙනාම තකාකෝ වසර සියයක් ජිවත් වූ දූපත් “සදාකාලික තාරුණ්‍යයේ දූපත“ ලෙස හැඳින්වීය[FONT=Iskoola Pota, serif]
.
[/FONT]
ගෙවුනු කාලය තුළ බොහෝ දෙනෙක් එය සොයා යෑමට උත්සාහ කළත්[FONT=Iskoola Pota, serif]
, [/FONT]
කිසිවෙකු හට එය හමු නොවීය[FONT=Iskoola Pota, serif]
. [/FONT]
අවසානයේ එය හුදෙක් ජනප්‍රවාදයක් පමණක් ලෙස සැවොමගේ හිත් තුළ තැන්පත් විය[FONT=Iskoola Pota, serif]
.
[/FONT]
[FONT=Iskoola Pota, serif]--- අවසානයි? ----[/FONT]