බජාර් එකේ ලලක්කා
කොල්ලො හිත හොඳ අක්කා
සුර සැප වික්කා
කාගෙත් වත ගොත රැක්කා
සිල් අරගත්තා
පෝයට සීලෙත් රැක්කා
සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා
මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා
මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා
හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා
මයියොක්ක පිපිඥ්ඤා
වම්බටු පොඩි බණ්ඩක්කා
කන්නට ආසලු ඉඳ හිට වැටකොලු අක්කා
නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා
නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා
දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා
බජාර් එකේ ලලක්කා...
අක්කගෙ අම්ම ඉසක්කා
ඉස්සර එලවළු වික්කා
කීර පලා සොයා නෙලා වට්ටියෙ දොක්කා
නෝන පලා ගන්නවද කියල එලවළු වික්කා
නෝන පලා ගන්නවද අසා එලවළු වික්කා
වික්ක නොවික්කා ගානයි පාඩු මිසක්කා
බජාර් එකේ ලලක්කා... ///
මේ සින්දුවෙන් කියවෙන්නේ ගණිකාවක් ගැන නේද??


එළවලු කන ගෘහනියක් ගැන 