“ලඳුනේ” සින්දුවයි “ලලක්කා” සින්දුවයි ගැන

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් ඔබ කියන කරුණුවලට එකගයි මම ගණිකාවට වරද පටවන්නේ නෑ, එත් ඔය වුර්තියට යොමු නොවී වෙනත් ක්‍රමයකින් තමන්ගේ ප්‍රශ්නවලට පිලිතුරුහෙව්වනම් හොදයි කියලයි මම කියන්නේ, ජිවිතයේ හැමෝගෙම අතින් වැරදි සිදුවෙනවා හැමෝටම අකටයුතුකම් සිද්දවෙනවා එහෙමයි කියල ගනිකාවුර්තියට වගේ වැරදි මාර්ගයකට යොමුවීම මට අනුමතකරන්න බෑ

    ඔතන ඒ ගීතයේ කියන්නේ සමාජය ගනුදෙනුවේ එක පැත්තක ඉන්න ගණිකාව හෙලා දකින ගමන්ම එම ගනුදෙනුවේම අනිත් පැත්තේ ඉන්න ලෝකෙට හොඳ මූනක් පෙන්නන පිරිමියාට සමාජයෙන් කිසිම පීඩනයක් එල්ල නොවෙන එක ගැන මචන්.......ගණිකාවෝ වැරදි ඇති නමුත් ඒ වගේම ඒ සේවය ගන්න මිනිස්සුත් වැරදියි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අදහසට සම්පුර්ණයෙන්ම එකගයි, ඒවගේම කියන්න ඕන මේ සමාජයේ ලලක්කල ඕනෑතරම් ඉන්නවා එත් ලදුනේ ගීතයෙන් වර්ණනා කරන විදියේ බුදුන්දැක නිවන්දකින්න try කරන ගණිකාවෝ ඉන්නවද කියන එක මට සැකයි, ලංකාවේ ඉන්න ගණිකාවක් ලගට ගිහිල්ල එයාලගේ කතාව අහන්නකො හෙන දුක්බර කතාවක් කියයි, පත්තරකාරයෝත් ඔයවගේ ඒවා උඩදද market කරනවා එත් හිතල බලන්න ලංකාවේ කෙල්ලෝ ඉන්නවා garment වලට ගිහින් මැරීගෙන වැඩකරලා පව්ල්වලට සල්ලියවන, අම්මල ඉන්නවා දරුවට උගන්නන්න ගල්වලවල්වල ගල්කඩන, ඒමිනිස්සු ආර්ථිකේ අපහසුඉ කියල ගණිකාවෝ උනේ නෑ, ටිකක් හොයල බලන්න ගොඩක්වෙලවට ගනිකාවක්වෙන්නේ ගමේ ඉන්න විසේකාරම කෙල්ල, තමන්ගේම ක්‍රියාවලින් ජීවිතය විනාස කරගෙන නිදහසට කාරණාවක් විදියට ලස්සන කතාවකුත් හදාගෙන ගනිකවුර්තියට යොමුවෙනවා

    අනිවාර්යෙන් මචං me කතාව ඇත්ත. ගොන්නු සුද්ද කිරම අනවශ්‍ය
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔතන ඒ ගීතයේ කියන්නේ සමාජය ගනුදෙනුවේ එක පැත්තක ඉන්න ගණිකාව හෙලා දකින ගමන්ම එම ගනුදෙනුවේම අනිත් පැත්තේ ඉන්න ලෝකෙට හොඳ මූනක් පෙන්නන පිරිමියාට සමාජයෙන් කිසිම පීඩනයක් එල්ල නොවෙන එක ගැන මචන්.......ගණිකාවෝ වැරදි ඇති නමුත් ඒ වගේම ඒ සේවය ගන්න මිනිස්සුත් වැරදියි

    ගීතය සම්බන්දයෙන් නම් එක හරි. ගණිකාවන් මත විතරක් වරද පටවන්න බැහැ කොහොමත්. එත් ඔnima කෙනෙක්ට ගණිකාවක් නොවී ඉන්න චාන්ස් එකක් තියනවා කියල මම හිතනවා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගීතය සම්බන්දයෙන් නම් එක හරි. ගණිකාවන් මත විතරක් වරද පටවන්න බැහැ කොහොමත්. එත් ඔnima කෙනෙක්ට ගණිකාවක් නොවී ඉන්න චාන්ස් එකක් තියනවා කියල මම හිතනවා

    ඔතන කතා කරන්නේ මචං සම්පුර්ණ වැරැද්ද සමාජය ගණිකාව මත ගැන.......නැතුව ගණිකාවෝ හොඳයි කියන එක නෙවෙයි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔතන කතා කරන්නේ මචං සම්පුර්ණ වැරැද්ද සමාජය ගණිකාව මත ගැන.......නැතුව ගණිකාවෝ හොඳයි කියන එක නෙවෙයි

    සමාජය ගණිකාව මත වරද පැටවීම ඇවිත් තියෙන්නේ මිනිසාගේ මවාගත්ත කඩතුරාවකින්.එක කොයි රෙටෙත් එහෙමයි. ලින්ගික වහලුන් දනේෂවරයේ අර්බුදය
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙම ගීත දෙකම මගින් එකම දෙයක් ගැන කියවුණත් සමාජයේ පන්ති 2 කක් නියෝජනය කෙරේ. "ලලක්කා" බජාර් පන්තියද , "ලදුනේ" උඩරට රදළ මහන්තත්ව පන්තියද (ලදුනේ චරිතය රන්බණ්ඩා සෙනවිරත්න මහතාට හමුවන්නේ නුවර ය.) මෙම ගීත 2 ක මගින්ම එය නියෝජනය කරන පන්තියට සාදාරනය සිදුකර ඇති බව මට සිතේ.

    බජාර් පන්තියේදී බොහෝවිට සිදුවන්නේ සාමුහිකව ගොඩ යාමකි (එකෙක් හොර කසිප්පු විකුනද්දී අනෙකා ඒ අසල කටගැස්ම විකුණයි) ඒ අනුව ලලක්කගේ නැගණිය ලලක්ක සුර සැප විකුණන අසල කසිප්පු විකුණයි ඒ සුර සැප ගන්න එන පිරිස ඉලක්ක කරගෙනය. නමුත් දෙදෙනාම කරන්නේ නීති විරෝදී දේවල් බව දන්නමුත් නංගීට අවවාද දීමට අක්කට නොහැකි නිසා නොදැක්කා සේ සිටියි. වට්ටි අම්ම කෙනෙකුගේ ළමයි වන ලලක්කා සහ නංගි උපන් දා සිට බජාර් පන්තියේ ඇති සමාජීය වටපිටාවේ හැදුණු චරිත වෙති.

    ලදුනේ, මීට හාත්පසින් වෙනස් සමාජ පන්තියකි, උඩරට රදළ මහන්තත්වයෙන් පිරි සමාජ වටපිටාවක "ලදුනේ" ජීවත් වෙයි. එවැනි සමාජ ඉස්තරයක් තුල මෙවැනි ක්‍රියා ප්‍රසිද්දියේ දැඩි පිළිකුලෙන් හෙලා දකි. නමුත් අප්‍රසිද්දියේ ඒවාට නැබුරු වෙති. "අදුරේ පවු කරන දනා එළියේ රවන" මෙම ක්‍රියාව නිසාම නෑදෑයන් පවා ප්‍රසිද්දියේ තම ඥාතිත්වය ප්‍රකාශ කිරීමට මැලි වන්නේ මැය විශාල වැරදි කාරියක බවට ප්‍රසිද්ද සමාජය තුල පවතින මතය නිසාවෙනි. "නෑයින් නෑකම නොකියන වැරදි කාර ලදුනේ"

    සමාජ පන්තියට සාපේක්ෂව මෙම ගීත 2 කට යොදා ගෙන ඇති වචන සහ පද මාල නිවැරදිය, මන්ද මෙම ලලක්කා සින්දුව හයියෙන් දැම්මොත් ලලක්කා ජීවත් වෙන බජාර් පන්තියේ සාමාජිකයින් සමග ලලක්කටද හරි හරියට නටා ප්‍රීති වීමට පුළුවන්ය. නමුත් ලදුනේ සින්දුව අහන එම කථා නායිකාවට තම ජීවිතය පිළිබද කනගාටුවක් ඇතිවී සියුම් කදුළු බිදුවක් නෙතු අගට නොඑතියි කිව හැක්කේ කාටද?

    එකගයි...අගනා විචාරයක්
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔව් ඔබ කියන කරුණුවලට එකගයි මම ගණිකාවට වරද පටවන්නේ නෑ, එත් ඔය වුර්තියට යොමු නොවී වෙනත් ක්‍රමයකින් තමන්ගේ ප්‍රශ්නවලට පිලිතුරුහෙව්වනම් හොදයි කියලයි මම කියන්නේ, ජිවිතයේ හැමෝගෙම අතින් වැරදි සිදුවෙනවා හැමෝටම අකටයුතුකම් සිද්දවෙනවා එහෙමයි කියල ගනිකාවුර්තියට වගේ වැරදි මාර්ගයකට යොමුවීම මට අනුමතකරන්න බෑ
    \\මෙතනදි යාලු මම කොයිම වෙලාවකදීවත් ගනිකාවට සුදුහුනු ආලේප කරන්න යනේ නෑ.. ඒත් මගේ තර්කya සම්පූරනයෙන්ම ගනිකාව මතම වරද පටවන එක වැරදී කියන එකයි...
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,556
    6,538
    113
    \\මෙතනදි යාලු මම කොයිම වෙලාවකදීවත් ගනිකාවට සුදුහුනු ආලේප කරන්න යනේ නෑ.. ඒත් මගේ තර්කya සම්පූරනයෙන්ම ගනිකාව මතම වරද පටවන එක වැරදී කියන එකයි...
    අනිවා මචං ඉල්ලුමක් නැත්තං සැපයුමත් ඇනහිටිනවා
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    සමහර සින්දු වලට පලුවන් අපේ මනස programming කරන්න
    ඒවගේම ඕනෑම මනසකට ඕනෑම program එකක් හරියන්නෙ නෑ :dull:

    නියම මනසකට නියම program එක වැටුනම සාර්ථක ප්‍රතිඵල අත්විදින්නට පුළුවන්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගනිකාවක් වෙන්නෙ බොහෝදුරට ජීවිතය වරද්දගත්ත කෙනෙක්.. ගොඩක් වෙලාවට තරුනයෙකුට රැවටිල නන්නත්තාර වෙච්ච කෙනෙක්... වෙලදකලාප ගනින් යාලු උදාහරනයකට ගාමන්ට් වල වැඩකරන්න එන ලමයි කීදෙනෙක් ගනිකාවො කරනවද?? එහෙමත් කෙනෙක් තමා යාලු තමන්ම හිතල මේදේට යොමු වෙන්නෙ ඒත් බොහෝවිට අසරම කමට වෙන කරන්න දෙයක් නැති කමට ..මම හිතන්නෙ නෑ දවස්ට පිරිමින් 15ක් 20ක් එක්ක මොන ගෑනියෙක්වත් වින්දනයක් ගන්න නිදාගන්නව කියල

    ගැහැනිය ගනිකාවක් වෙන තැන අනිවාර්යයෙන් පිරිමියෙක් ඉන්නව යාලු එක්කො ඒ ගෑනු ලමයගෙ අම්ම රට තාත්ත බේබද්දෙක්, නැතිනම් කොල්ලෙකුට රැවටිල යන එනමං නැතිවෙල... එහෙමත් නැත්නම් තැරෑව් කරුවෙකුට අහුවෙලා...

    මගේ තර්කය මේකයි යාලු ගනිකාවක් උන පලියට ඔක්කොම වැරදි ඒ ගැහැනිය පිට පටවල යෑ හා යහන් වදින පිරිමිය සුදනෙක් කරන්වනම් ඒක පාපයක් යාලු..

    සමහර විට ඒ ගැහැනිය ගනිකා වෘත්තියෙ යෙදෙන්නෙ ගමේ ඉන්න අසනීප අම්මට තාත්තට සකන්න වෙන්න පුලුවන්.. ඒහෙමත් නැත්නම් මල්ලිට නංගිට උගන්වන්න වෙන්න පුලුවන්.. එහෙමත් නැත්නම් සින්න වෙන්න යන ගේ බේරගන්නවෙන්න පුලුවන්.. නමුත් පිරිමියා ඈසමග නිදිවදින්නෙ මොන අරමුනෙන්ද?? එහෙම් පිටින්ම කාමුක හැගීමෙන්... නන්දා මාලනියන් අපූරුගීතයක් ගායනා කරන්ව සැදෑ කලුවර කුර ගගා විත් කියල තම අබ්බගාත සැමියා ජීවත් කරවීමට ගනිකා වෘත්තියෙ යෙදෙන කාන්තාවක් ගැන... ඒ වගේ ජීවිත සෑහෙන්න තියනව අපි පොඩ්ඩක් නැවතිලා කතාකලොත්

    100% ඇත්ත මචන්
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    ලඳුනේ ගීතය ගමුකො. පටන් ගන්නේම “ඔබේ දෑස දැකගත්තෙමි - සැඳෑ කලෙක ලඳුනේ......”

    ජීවිතයේ සැඳෑ සමය කියල කියන්නෙ වියපත් අවදිය.... ඔහු ඇයව දකින්නේ ඇයගේ සැඳෑ සමයේදී.... ගණිකාවක් වියපත් වුනාම ඇයට කිසිම හව්හරනක් නෑ.... ඒ වගේම ඇයට තවදුරටත් සුපුරුදු රැකියාව කරන්න බෑ.... වාසියක් නැති කිසිම කෙනෙකුට සලකන්න අප සමාජයේ කිසිවෙක් ඉදිරිපත් වෙන්නෙ නෑ... ඉතින් ඇයට ඇති එකම සරණ නම් සියලු ලෝක සත්වයන්ට එකසේ පිහිටවන අප මහා බුදුරදුන් පමනයි..... අන්න ඒ නිසයි ඇය පන්සලට යන්නේ......

    ඔබේ විචාරය ඉතා රසවත් වුවත් ඔබේ සසැඳීම එතරම්ම සාර්ථක නැතැයි සිතේ... ඔබ ලලක්කා ගීතයේ භාශාව, රිද්මය හා ගැලපෙන ගීතයක් හා සසඳන්නේ නම් වඩා උචිත යැයි සිතමි.... එමෙන්ම ඔබේ විචාරයේ ඒකපාර්ෂ්වික බවක් දුටිමි. ඒසේ නොවී මැදහත්ව හිඳ විචාරයේ යෙදුනේ නම් අගනේ යැයි සිතමි......