මීවනපලානේ මොඩර්න් බණ!

Jul 5, 2012
1,773
265
0
පින්වත් ජිංතක ජිල්ලබකිට,

මෙසේ එකතු කර එක තැනකට ගැනීමෙන් ධර්මවාදීන් සහ විනයවාදීන් බොහෝ සතුටට පත්වන යහපත් කටයුත්තකටම මම මුල පුරනවා. ඒ සතුටට පත්වන යහපත් කටයුත්ත විස්තර ඇතිවම අන් අයත් පහසුවෙන්ම දකින්න ටික දවසක් ගතවේවි. මට ටික කාලයක් දෙන්නකෝ. මම කරලාම ඒ ගැන වැඩි විස්තර පවසන්නම්.

ඔබට සිහි වෙනවාද sgrdk1 විසින් සකාරණවම අධර්මය හා අවිනය රජ කරවන්න උත්සාහ කල තැන්? මේ සමහරක් තැන්:

1. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
http://www.elakiri.com/forum/showthread.php?p=19732616#post19732616
ආර්යෝපවාදය, පාලි ත්‍රිපිටකය, "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." යැයි පැවසීම

2. ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ වැරදි තැන්
http://www.elakiri.com/forum/showthread.php?t=1727257
මජ්ජිමා පටිපදා විස්තරය

3. ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)
http://www.elakiri.com/forum/showthread.php?p=19745099#post19745099
ධර්මය සජ්ජායනාව, ධම්මානුධම්ම පටිපදාවේ හැසිරීම

4. නිවන් ලබා ගෑනීමට සතර සතිපට්ටානය හෑර වෙනත්
http://www.elakiri.com/forum/showthread.php?t=1743812
"නමුත් පසු කාලයේදී බුදුරජාණන් වහන්සේද යම් ආකාරයක පරිණත භාවයකට පත්ව සිටි නිසා" යන කතාව

5. මීවනපලානේ මොඩර්න් බණ! (මේ ත්‍රෙඩ් එක)
http://www.elakiri.com/forum/showthread.php?t=1727671
ලියන ලද නොයෙක් දේවල්

මම මේ දක්වන ලද ත්‍රෙඩ් වලට අමතරව sgrdk1 විසින් අධර්මය හා අවිනය රජ කරවන්න උත්සාහ කල ඔබ දන්නා වෙනත් ත්‍රෙඩ් තිබෙනවාද? එවන් තැන් දැක්කොත් ඒ ගැන ඉහත ලෙසින් වචන කිහියපක් භාවිතා කර ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් එක්ක මේ ත්‍රෙඩ් එකේම සඳහන් කරන්නකෝ. භූත (සිදුව ඇති) කරුණු ඇසුරෙන්ම, සත්‍ය වචන ඇසුරෙන්ම, අයහපත පිණිස නොව යහපත පිණිසම අපි එසේ කලාම sgrdk1 ගේ ඥානවන්ත භාවය හෝ අඥාන භාවය කවරාකාරදැයි අන් අයත් තේරුම් ගනිවිනේ. එසේ දැක්වීම ප්‍රිය හෝ අප්‍රිය වන්න පුළුවන්. නමුත් එසේ දැක්වීම යහපත පිණිසමයි පවතින්නේ.

නුවනැත්තෙක් හාත්පස විසිර ඇති කසළ දැක්කොත් ඒ ඒ තැන් වල ඒ ඒ කසළ දවනවා වෙනුවට එක ලොකු කසළ ගොඩක් හෝ ලොකු කසළ ගොඩවල් කිහිපයක් වන පරිදි කසළ එක් රැස් කොට තමයි ගිනි තබන්නේ.

එකට එක් කර ගත්තාම මටත් ලෙහෙසියී, අන් අයටත් ලෙහෙසියී.

Skylark

සාධු! සාධූ! බුදුන් දෙසු ධර්මයම බැබලේවා!
 
Jul 5, 2012
1,773
265
0

මේ මහාචාර්ය ජයරත්න පතිර ආරච්චි නමින් හඳුන්වාගන්නා තවත් පුද්ගලයෙක්. මොහු සෙල්ලිපි කියවන්නට හැකියැයි කියාගන්නා, සෙල්ලිපි වල කරුණු අනුව "බුදුන් උපන්නේ" ලංකාවේ යි කියන මීවණපලානේ හිමියන්ගේ මතය ප්‍රොමෝට් කරන්නෙක්, ත්‍රිපිටකයේ කරුනු විකෘති කරමින් බුදුහිමියන් "බඩුකාරයෙක්" ලෙස හඳුන්වමින් "පරම සත්‍ය" අප හා බෙදා ගන්නා තවත් සැදැහැවතෙක්.

Last edited:

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජිංතක ජිල්ලබකිට;20222213 said:

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Skylark,

    obage adahasa anuwa danata niwaradiwa dharmaya deshana karana swaminwahansela kauda?

    kiribathgoda saminwahansege deshana gana obe adahasa kumakda?

    pilithurak balaporotthu wemi. :)

    පින්වත් keerthi.mac,

    මේ ගැන විස්තර ඇතිව දන්වන්න මට සතියක්, දෙකක් පමණ කල් දෙන්න.

    දහම් අවබෝධය පිණිස කටයුතු කරන අයෙක් මෙන්න මේ ස්වාමීන් වහන්සේ නිවැරදිව දහම් දේශනා කරනවා, මම ඒ ස්වාමීන් වහන්සේගේ දහම් අසා එලෙසම පිළිගෙන නිර්මල බුදු දහම් අවබෝධ කරන්නමි යැයි හිතා ඒ අනුව ක්‍රියා කරොත් එම ප්‍රතිපදාව එම පුද්ගලයාගේ දහම් අවබෝධයට බාධාවක්මයි. එහිදී යම් නිවැරදි ආකාරයකට, සත්‍ය අවබෝධය ඇතිවන පිළිවෙතකින් ස්වාමීන්වහන්සේලාගේ දහම් ශ්‍රවනය කෙරෙහි යොමු වෙන්න ඕනෑ. ඔබ ඒ ගැන මගෙන් අසා නොමැති නමුත් ඒ ගැන නොකියා මම ඔබට උත්තර දුන්නොත් මමම දකින්නේ මගේ පිළිතුර නිවැරදි අවබෝධය පිණිස ප්‍රමානවත් වන්නේ නැතැයි කියා. සමහරු මගේ එවන් පිළිතුරක් කියවා වැරදි ප්‍රතිපදාවකින්ම දහම් ශ්‍රවනය කෙරෙහි යොමුවෙන්නත් පුළුවන්.

    ඒ නිසා දහම් අවබෝධය පිණිස කවර ආකාරයකින් දහම් ඇසිය යුතුද යන්නත්, මීවනපලානේ සිරිධම්මාලංකාර හිමි, රාජගිරියේ අරියඥාණ හිමි සහ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි යන එකිනෙකට වෙනස් ස්වරූපයන් දැකිය හැකි මේ හිමිවරුන් තුන් දෙනා සැසදීමකුත් ඔබට ගෙන හැර දක්වන්නම්. එවිට ඔබට කවරෙකු දෙසන දහම් ඇසිය යුතුද ගන්නත්, ඇසූ දහම් කෙරෙහි කවර ආකාරයකට එළැඹිය යුතුද යන්නත් ගැන පැහැදිලි අවබෝධයක් ලැබේවි.

    ඒ ඒ ස්වාමීන්වහන්සේගේ සැබැවින්ම විද්‍යාමාන වන කරුණු ඇසුරෙන් අවබෝධය ඇති වන ආකාරයකට මෙවන් විමසීමක් ඉදිරිපත් කරන්න වෙනවා. එකවර කියන්න බැරි කමක් නැහැ. නමුත් විද්‍යාමාන වන කරුණු ඇසුරෙන්, සත්‍ය වචනයෙන්, හිත පිණිස පවත්නා මේ මේ කාරණා පැවසීම සුදුසුයි, විද්‍යාමාන උවත් අහිත පිණිස පවත්නා මේ මේ කාරණා පැවසීම නුසුදුසුයි, මේ මේ කරුණු පැවසීමට දැන් කාලයයි, මේ මේ කරුණු පැවසීමට දැන් නොකාලයයි, පහසුවෙන්ම තේරුම් ගන්න හැකි ලෙස මෙසේ ඉදිරිපත් කිරීම සුදුසුයි ලෙස විමසා සකස් කර මේ ගැන කරුණු ඉදිරිපත් කිරීමට මට කාලය උවමනායි. ඒ නිසා මේ ගැන විස්තර ඇතිව දන්වන්න මට සතියක්, දෙකක් පමණ කල් දෙන්න. සමහරක් විට මද කාලයක් ඊටත් වඩා මම පමා වෙන්න පුළුවන්. නමුත් හැකි ඉක්මනින් විස්තර සහිතව පිළිතුරක් ලබා දෙන්නම්.

    Skylark
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429

    බොහොම පින්
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ජිංතක ජිල්ලබකිට;20217464 said:
    පිංවත් ස්කයිලාක්
    මෙසේ එකතු කර එක තැනකට ගැනීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක් කරන්නද?

    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    ඔන්න මම කරන්න යන දේ තව පොඩ්ඩක් කරලා විස්තරයකුත් දැම්මා:
    http://www.trekmentor.org/si

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Skylark,

    obage adahasa anuwa danata niwaradiwa dharmaya deshana karana swaminwahansela kauda?

    kiribathgoda saminwahansege deshana gana obe adahasa kumakda?

    pilithurak balaporotthu wemi. :)

    පින්වත් keerthi.mac,

    මම ඉක්මනින්ම විස්තර දන්වන්නම් යැයි කීවාට හොදටෝම පමා වීම ගැන සමාවෙන්න. වෙනත් යම් යම් දේ කරන්න සිදු වූ බැවින් බෙහෙවින්ම පමා උනා.

    බුදුරජානන් වහන්සේ දේශනා කල ධර්මය සුත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම හා වේදල්ල යන කොටස් වලින් යුක්තයි. මේ පෙළ දහම ඉගෙන ගෙන ඒ ධර්මයන්ගේ අර්ථය නුවනින් පරික්ෂා කිරීමෙන් ධර්මය වටහා ගැනීමට අප කටයුතු කරනවා. මේ පෙළ දහම පිරිසිදුවම තිබෙන මූලාශ්‍රය තමයි ථෙරවාද ත්‍රිපිටකය. භික්ෂූන් වහන්සේලා මේ ත්‍රිපිටකය මූලාශ්‍ර කර ගෙන දහම් දෙසනවා, එම ධර්ම ප්‍රතිපදාවට අනුව හැසිරෙන්න පෙළඹෙනවා. නමුත් බොහෝ භික්ෂූන් වහන්සේලා එම ධර්ම ප්‍රතිපදාවේ නිවැරදිව හැසිරෙන්නේ නැහැ. එවිට ඔවුන්ට සියුම් අර්ථ ඇති පෙළ දහම නිවැරදිව වටහා ගන්නත් බැරි වෙනවා. එවිට පෙළ දහමේ කියවී ඇති අර්ථයන්ට වෙනස් අර්ථයන් ඇති ලෙස ඔවුන් දහම් දෙසනවා. එසේ විකෘති වූ දහම් බොහෝ දෙනා අතර ප්‍රචලිත වී ඇති නිසා නිවැරදි ධර්මය හා විනය කුමක්දැයි ගැටළු මතු වෙනවා. සමහරක් භික්ෂූන් වහන්සේලා බොහෝම නිවැරදිව කීවත් අන් භික්ෂූන් වහන්සේලා පවසා ඇති අධාර්මික කරුණු හේතුවෙන් දහම් අසන අයට නිවැරදි කුමක්දැයි තෝරාගන්න අපහසු වෙනවා.

    ඉහත ආකාරයට ධර්මය වැරදීම බොහෝ අය විසින් සිදු වෙනවා. මෙය ලියන මා අතිනුත් වැරදීම් සිදු වෙනවා. මම හරියටම නොදන්නා දහම් කරුණුත් බෙහෙවින්ම තිබෙනවා. සමහරක් දේ වැරදි අර්ථයක් නිවැරදි යැයි සිතා කීම නිසාත්, සමහරක් දේ නිවැරදිව අර්ථය දැන සිටියත් වැරදි වචන භාවිතා කර කීම නිසාත් අසන අයට නිවැරදි අර්ථය කුමක්දැයි වටහා ගන්න බැරිවෙනවා.

    මේ විකෘති වීම් නිසා දහම් අවබෝධ කරන්න උත්සාහ ගන්නා අය කල යුතු හොදම දේ තමයි ත්‍රිපිටක පෙළ දහම ඉගෙන ගෙන ඒ ධර්මයන්ගේ අර්ථය නුවනින් පරික්ෂා කර බැලීම. පෙර කලත් ත්‍රිපිටකය කියා පොත් නොතිබුනාට ඒ ආකාරයට තමයි දහම් අවබෝධ කරන්න උත්සාහ ගත් අය කර තිබෙන්නේ. අද උනත් බහුල ලෙසින් ත්‍රිපිටකය මූලාශ්‍ර කරගෙන එම ක්‍රියාවේ යෙදුනොත් පිරිසිදුම ධර්මය නිවැරදිව වටහා ගැනීම නිසා වර්තමාන භික්ෂූන් වහන්සේලා පවසන නොයෙක් වැරදි මොනවාදැයි පහසුවෙන් වටහා ගන්නත් හැකියාවක් ලැබෙනවා. ත්‍රිපිටක ධර්මය උනත් ඉගෙන ගන්න උදව් තිබෙනවානම් පහසුයි. ඒ නිසා ත්‍රිපිටක ධර්මය පිරිසිදු බවින් උපරිමය, එය ඉගෙන ගැනීමට, නුවනින් විමසා අර්ථය වටහා ගැනීමට භික්ෂූන් වහන්සේලාගේ උපකාරයද ලබන්නෙමි යන ආකාරයෙන් භික්ෂූන් වහන්සේලාගේ දහම් ඇසුවොත් ඔන්න එය නම් වැරදීම් අඩු ආකාරයට දහම් අවබෝධ කරන්න මඟක්.

    සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ චතුක්ක නිපාතයේ සඤ්‌චෙතනිය වර්ගයේ මහාපදෙසදෙසනා සූත්‍රය [ මහාපදෙසදෙසනා සූත්‍රය - http://thripitaka.org/view/sp/sp13/348 ] කියවා හොදින් විමසා බලන්න. ධර්මය දෙසන කෙනෙක් මෙයයි බුද්ධ දේශනාව කියා දෙසුවාට අසන අය එපමණකින්ම පිළිගැනීම නොකල යුතුයි. මේ සතර මහාපදෙසයන්ගේ වැදගත්කම සලකා ඊට අනුව කටයුතු කලොත් නිවැරදි ධර්මය හා විනය කුමක්දැයි වටහා ගන්න හැකි බවක් ඇති වෙනවා. මේ හේතුව නිසා කවර භික්ෂූන් වහන්සේනමක් කීවත් එපමණකින් ඒ කියන්නේ නිවැරදි ධර්මය යැයි නිශ්චයකට යන්න එපා. මම කියනා දේ ගැන උනත් ඒ ආකාරයටම තමයි සැලකිය යුත්තේ. සතර මහාපදෙසයන්ට අනුව කටයුතු කරන්න. එහිදී නිවැරදි නිශ්චය කිරීම කරන්න පුළුවන් වෙන්නේ සූත්‍ර සහ විනය ගැන ඇති අවබෝධය වැඩි උනොත්. ඒ නිසා ත්‍රිපිටකය මූලාශ්‍ර කරගෙන එහි ඇති සූත්‍ර විනය ආදිය එහි ඇති සූත්‍ර විනය ආදිය සමඟම සසඳමින් සහ වෙනත් ධර්ම මූලාශ්‍ර භාවිතා කරනවානම් එම දහම්ද සූත්‍ර හා විනය සමඟ සසඳමින් දහම් අවබෝධ කිරීම වෙත යොමු වීම තමයි සුදුසු ආකාරය.

    මම රාජගිරියේ අරියඥාණ හිමි, මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි සහ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි ගැන යම් පමණක විස්තර පහත දැක්වෙන ලිපිනයන්ගෙන් යුත් තැන් වල ලියා තිබෙනවා. පසුවටත් එකතු කිරීම් හා අඩු කිරීම් කරනවා. එම කරුණුත් කියවා බලනවා නම් එම ලිපි වල ලියා ඇති දේ එපමණකින් පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම කරන්නේ නැතිව සතර මහාපදෙසයන්ට අනුවම සලකා බලන්න.

    රාජගිරියේ අරියඥාණ හිමි - http://www.trekmentor.com/si/content/sanga/44
    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි - http://www.trekmentor.com/si/content/sanga/539
    කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි - http://www.trekmentor.com/si/content/sanga/602

    Skylark
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ජිංතක ජිල්ලබකිට;19750429 said:

    මචන්ල, මම දැක්ක ත්‍රෙඩ් කීපයකමත්,සමහර අයත් මීවනපලනේ හාමුදුරොවන්ගැන යම් කරුනු කීපයක් සම්භන්දයෙන් විවේචනකක් කරනව.
    වැදගත් දෙයක් කියන්නම්..මමත් ධර්මය පිලිබදව අධ්‍යනය කරනවා අවුරුදු කීපයක ඉදලා.එහෙත් පොත්පත් කියවීමතුලින් ගත් දර්ම කරුනු ධර්මය දන්න අයකුගෙන් විමසා තෝරා ගත්තා,දර්ම සාකච්චත් කලා, ඉන්ටෙර්නෙට් වල දර්ම සාකච්චා ඇහුව..

    අන්න එතනදී වැදගත් දෙයක් සිද්ද උනා, එනම් පොත්පත් කියවුවිට ඉන්ෆොර්මෑශන් විදියට ඔලුවේ තිබ්බ දර්ම කරුනු,දර්මය සාකච්චා තුලින් තොරගත්තට පස්සේ බබයක්වු ශරීරටයත් එහි ක්‍රියාවන් වලට ගලපා බලන්න තරම් දැනුමක් ආවා.(පටිච්චසමුප්පාදය, ත්‍රිලක්ශනය.. සතිපට්ටනය..වගේ ධර්ම කරුනු )
    මට හිතෙනවා , මෙක්‍රමය දහම් ඇස පහල කරගැනීමට හොදම ක්‍රමය කියල(විපස්සනාව වඩන්න අසස්තාව නොමැති කෙනෙක්ට )

    තවත් දෙයක් තමයි,ධර්මයෙත් ටෙක්නික් තියනවා කියලයි මගේඅදහස.එනම් ධර්මයේ හරය(පටිච්චසමු/සතිපට්ටානය/විශේශයෙන් ත්‍රිලක්ශනය ) එකසිතුවිල්ලක් හෝ දෙකක් ලෙසින් මෙනෙහිකරගැනීමේ හැකියාව හදාගන්න ඔනි. ඒමොකටද? එහෙම උනාමයි ඒවා මේ පන්චස්කන්දයේ ක්‍රියවලියටත්(උදාඅපිට තරහක් යද්දී,අසාවක් අවාම,සිත විසිරීගියද්දී,සත්වය දුකට පත්වෙනවාදකිද්දි,සතුට ලබද්දි ) ක්ශනිකව යොදගෙන ධර්ම මනසිකාරයෙන් ඉන්න පුලුවන් වෙන්නේ.මේක අතිශයම වටින්නේ මරනාසන්න අවස්තාවේ සිත බැලන්ස් කරගන්න කියලයි මම දකින්නේ.(මරනාසන්න වේදනාව ,වේදනානුපස්සනාවෙන් දැක සිහිය පිහිටුවාගනිවි එතකොට )

    මෙහෙම දර්ම සාකච්චහොයද්දිතමයි ,මීවන පලනේ හමුදුරුවො ඉස්පිරිට් එකෙන්ම දර්ම කරුනුවගයක් පැහැදිලිකරන වීඩියෝ එකක් දැක්කේ.. හාමුදුරුවන්ගෙන් කෙනෙක් ප්‍රශ්න අහනව අහන ප්‍රශ්නයවත් මට මුලින් තෙරුනේ නෑ ටිකක් ගැබුරුයි. විඥ්ඥානයගැන, පටිච්චසමු චක්‍රය කඩන්න ඔනිතැන("වේදනාව" කියන තැනදී විපස්සනවට දාන්න කියන එක.ඒකට කියන්නේ සන්ස්කාර උපදීම නිරුද්ද කරන එකලු )

    පුලුවන්නම් ඒ වීඩියෝ එක බලන්න.. එහෙම නැතුව ඔය මස් කෑවොත් පවුද වගේ සරල තැන්වල හිරවෙන්න එපා. ඔවතමයි සාමාන්‍ය මිනිස්සු දර්මසාකච්චාවක අහන ලොකුම ප්‍රශ්න.. බුදුකෙනෙක් අවේ මොකටද කියලාවත් මිනිස්සුදන්නේ නෑ. කිසි දර්මාවබෝදයක් ලබන්නේ නැතුව නිකම්ම මැරිලායනව.. අපි එහෙම නොවෙමු.

    මම මේක ලිවේ ලොකුකම පෙන්නන්නනෙවේ.. ඔයාලටත් මෙයින් නොදන්න දෙයක් තිබ්බනම් ගන්නයි.
     
    • Like
    Reactions: sgrdk1

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43

    යෝ පටිච්චසමුප්පදන් පස්සති සෝ ධම්මන් පස්සති...
    (යමකු පටිච්චසමුප්පාදය දකීද ඔහු ධර්මය දකී)
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    ඉලක්කම් නොදන්නා
    යම් කිසි පුද්ගලයෙක් ළදරු පාසලක ළදරුවෙකුට කොළයකුයි පැන්සලකුයි දීලා කියනවා ඉලක්කමක් ලියා පෙන්වන්න කියා. ඒ ළදරුවත් බොහෝම සතුටින් ඒ කොළයේ බලි කුරුටු ගෑමක් කර මේන්න ඉලක්කමක් ලීවා කියා අර පුද්ගලයාට පෙන්වනවා. ඉලක්කම් නොදන්නා පුද්ගලයාත් එය හරියට ඉලක්කමක් ලියන ආකාරය යැයි සිතා එය පිළිගන්නවා. එපමණක් නොවෙයි, ඒ ළදරුවාගේ අන් බලි කුරුටු බොහෝ දැකීමෙනුත්, තවත් තමන් මෙන් ඉලක්කම් නොදන්නා අය ඒ ළදරුවාව මහා ගණිතඥයෙකු යැයි සලකනවා දැකීමෙනුත්, එම ළදරුවා තමන්වමද මහා ගණිතඥයෙකු යැයි සලකනවා දැකීමෙනුත්, ඒ පුද්ගලයා ඒ ළදරුවා නම් සැබෑවටම මහා ගණිතඥයෙකුයි යැයි හිතනවා.

    ඉලක්කම් කවරේදැයි පොඩ්ඩක් හරි දන්නා තවත් අයෙක් ඉලක්කම් මේ යැයි බලි කුරුටු ඇද පෙන්වන ළදරුවාගේ බලි කුරුටුවක් දැක සහ එම ළදරුවාව මහා ගණිතඥයෙකු යැයි වරදවා සලකන අයත් දැක ඉලක්කම් වැරදුනාට මේ ළදරුවා මහා ගණිතඥයෙකු ලෙස සැලකිය යුතු යැයි සෙස්සන්ට ගෙන හැර දක්වයි නම් එය මනා දැක්වීමක්ද? නුවනැත්තෝ එසේ දක්වන පුද්ගලයා ගැන කෙසේ සැලකිය යුතුද?

    Skylark
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    මචන්ල, මම දැක්ක ත්‍රෙඩ් කීපයකමත්,සමහර අයත් මීවනපලනේ හාමුදුරොවන්ගැන යම් කරුනු කීපයක් සම්භන්දයෙන් විවේචනකක් කරනව.
    ...
    මෙහෙම දර්ම සාකච්චහොයද්දිතමයි ,මීවන පලනේ හමුදුරුවො ඉස්පිරිට් එකෙන්ම දර්ම කරුනුවගයක් පැහැදිලිකරන වීඩියෝ එකක් දැක්කේ.. හාමුදුරුවන්ගෙන් කෙනෙක් ප්‍රශ්න අහනව අහන ප්‍රශ්නයවත් මට මුලින් තෙරුනේ නෑ ටිකක් ගැබුරුයි. විඥ්ඥානයගැන, පටිච්චසමු චක්‍රය කඩන්න ඔනිතැන("වේදනාව" කියන තැනදී විපස්සනවට දාන්න කියන එක.ඒකට කියන්නේ සන්ස්කාර උපදීම නිරුද්ද කරන එකලු )

    පුලුවන්නම් ඒ වීඩියෝ එක බලන්න.. එහෙම නැතුව ඔය මස් කෑවොත් පවුද වගේ සරල තැන්වල හිරවෙන්න එපා. ඔවතමයි සාමාන්‍ය මිනිස්සු දර්මසාකච්චාවක අහන ලොකුම ප්‍රශ්න.. බුදුකෙනෙක් අවේ මොකටද කියලාවත් මිනිස්සුදන්නේ නෑ. කිසි දර්මාවබෝදයක් ලබන්නේ නැතුව නිකම්ම මැරිලායනව.. අපි එහෙම නොවෙමු.

    මම මේක ලිවේ ලොකුකම පෙන්නන්නනෙවේ.. ඔයාලටත් මෙයින් නොදන්න දෙයක් තිබ්බනම් ගන්නයි.

    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    ඉලක්කම් නොදන්නා
    යම් කිසි පුද්ගලයෙක් ළදරු පාසලක ළදරුවෙකුට කොළයකුයි පැන්සලකුයි දීලා කියනවා ඉලක්කමක් ලියා පෙන්වන්න කියා. ඒ ළදරුවත් බොහෝම සතුටින් ඒ කොළයේ බලි කුරුටු ගෑමක් කර මේන්න ඉලක්කමක් ලීවා කියා අර පුද්ගලයාට පෙන්වනවා. ඉලක්කම් නොදන්නා පුද්ගලයාත් එය හරියට ඉලක්කමක් ලියන ආකාරය යැයි සිතා එය පිළිගන්නවා. එපමණක් නොවෙයි, ඒ ළදරුවාගේ අන් බලි කුරුටු බොහෝ දැකීමෙනුත්, තවත් තමන් මෙන් ඉලක්කම් නොදන්නා අය ඒ ළදරුවාව මහා ගණිතඥයෙකු යැයි සලකනවා දැකීමෙනුත්, එම ළදරුවා තමන්වමද මහා ගණිතඥයෙකු යැයි සලකනවා දැකීමෙනුත්, ඒ පුද්ගලයා ඒ ළදරුවා නම් සැබෑවටම මහා ගණිතඥයෙකුයි යැයි හිතනවා.

    ඉලක්කම් කවරේදැයි පොඩ්ඩක් හරි දන්නා තවත් අයෙක් ඉලක්කම් මේ යැයි බලි කුරුටු ඇද පෙන්වන ළදරුවාගේ බලි කුරුටුවක් දැක සහ එම ළදරුවාව මහා ගණිතඥයෙකු යැයි වරදවා සලකන අයත් දැක ඉලක්කම් වැරදුනාට මේ ළදරුවා මහා ගණිතඥයෙකු ලෙස සැලකිය යුතු යැයි සෙස්සන්ට ගෙන හැර දක්වයි නම් එය මනා දැක්වීමක්ද? නුවනැත්තෝ එසේ දක්වන පුද්ගලයා ගැන කෙසේ සැලකිය යුතුද?

    Skylark

    Skylark
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43

    මොනාද මචන් මේ කිසිම අදාලත්වයක් නැතිව ලියන වැල්වටාරම්.... ? ගනිතඥයෝ ගැනයි, ලමයින් ගැනයි ලොරි පිටින් ලියන්නේ.කිසිම දර්මයට අදාල කැරුනක් ගැන විස්තරකරනේ නෑනේ. නිකන් පිලෝසොෆි කියනවාවගේනේ.
     
    බුදුන් දෙසූ ධරමය ම දේශනා කරන්නේමයි කියමින් බුදු රදුන් දෙසූ දහම් පටලවා, විකෘති කර, බුදු රදුන් දෙසූ ශීලයටත් එහා ගිය සීලයක් පසසමින්, බුදුන්ගේ සීලයත් පහත් කරන මෙවැනි දුගතිගාමි උම්මත්තක භික්ශුවක ගේ දහම් අඩුපාඩු- මුල, මැද, අග අනුව මැනවින් ධර්ම විනයට අනුගත නොවන බව පන්වා දීමෙන් අනතුරුවත්, එය නොපිලිගන්නා තැනැත්තා එක්කෝ හොර තක්කඩියෙකි, එසේත් නැත්නම් තවත් මනසින් බාලවූ උම්මත්තකයෙකි.
     
    ඔබ තුමාට ස්ක්යිලාක්ගේ උපමා-උපමේය තේරුම් ගන්නත් අපහසුයි. එසේ වූ ඔබට පටිච්ච සම්මුප්පාදය වැනි ගැඹුරු දහම් කරුනු "ගලපා ගන්න තරම්" දැනුමක් ඇතිවුයේ කෙසේද යන්න අරුමයක් මැයි!:D:D
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ජිංතක ජිල්ලබකිට;20489378 said:

    මම මේ දින ටිකේ රාජගිරියේ අරියඥාණ හාමුදුරුවෝ කියන දේත් ඇසුවා. මීවනපලානේ හාමුරුවෝ කියන දේත් ඇසුවා. මේ දෙදෙනාම මහා පරිමාණයෙන් බුදුරජානන් වහන්සේ පවසන කරුණු විකෘති කරනවා. මට මේ දෙදෙනා ගැනම අනුකම්පා හිතෙනවා. මේ දෙදෙනාට තම තමන්ගේ වැරැද්ද කියලා දෙන්න ඕනෑ. පිළිගනීවිද දන්නේ නැහැ. පිළිනොගත්තත් මේ අයගේ අධර්මය සහ අවිනය ප්‍රචාරය අධර්මය සහ අවිනය ලෙසම තේරුම් ගන්න අන් බොහෝ අයට හැකිවේවි.

    මේ හාමුරුදුරුවරු දෙදෙනා බුද්ධ දේශනාව මූල කාරණයන්ගෙන්ම වරදවා වටහා ගෙන ඇති ආකාරයන් ගැන විස්තර සහිතව දක්වා මේ දෙදෙනාගේ අධර්ම අවිනය කසල කන්දරාවන් හොද හැටි පිච්චෙන්න සලස්වන්න මම පමා විය යුතු හේතුවක් තිබෙනවාද?

    පිංවත් ස්කයිලාක්,

    තව තවත් පමා වෙනවා කියන්නේ මේ වැරදි කරුණු තවත් දැඩිව සමාජය තුල පැතිර යාමයි. දැඩිව සමාජ ගත වීමයි. මේ දෙදෙනාම මාධ්‍ය ඉදිරියේ පෙන්වන්නේ ඔවුන් යම් ආකරයක් අධිමානසික හැකියාවන්ද සමඟ රහත් බාවය ලැබූ අය ලෙසයි. මේ "මාධ්‍යය සංදර්ශන" නිසා බොහෝ පිරිස් බුදු බණ ලෙස පිලිගන්නේ "මීවන" හෝ "රාජගිරියේ" වැදි බණයි. ඔබට හැකිදේ නොපමාව කරන්න.
     
    Last edited:

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ජිංතක ජිල්ලබකිට;20489399 said:
    ඔබ තුමාට ස්ක්යිලාක්ගේ උපමා-උපමේය තේරුම් ගන්නත් අපහසුයි. එසේ වූ ඔබට පටිච්ච සම්මුප්පාදය වැනි ගැඹුරු දහම් කරුනු "ගලපා ගන්න තරම්" දැනුමක් ඇතිවුයේ කෙසේද යන්න අරුමයක් මැයි!:D:D

    උබලවගේ අපි ඉස්කොලේ ගියේනෑනේ මචන්.. ඒනිස උපමා එහෙම දනේනෑ .

    අපිදන්න පරිදි බුදුන් වහන්සේ ඉපදුනේ ඉන්දියාවේ..නේපාලයේ කියලත් කියනවා.මෙහෙ ඉපදුනානම් මිහිදු හිමියන් ඉන්දියාවේ සිට දර්මය ගේන්න ඔනි නෑනේ..
    ඒහින්දා මීවන පලනේ හමුදුරුවෝ කියනවනම් ඒ කතාව වැරදී.

    ඊටත් වඩා මමනම් දකින්නේ.. ධර්මාවබෝදයට උනන්දුඅයට ඒවගේ කතා " හරසුන් "දේවල නේද?
    ඔයවගේ කතා, මස් මාලු කතා ඔච්චර අල්ලගෙන මහන්සිවෙන්න එපා. අපඉවිසින් අවබෝද කරගතයුතු ධර්මය ඔතන නෙවේ.

    එනම් ඉගෙනගෙගතයුත්තේ ,අවබෝධකරගත යුත්තේ චතුරාර්ය සත්‍ය තෙරුම් ගැනීම්ට අදාල දහම් කරුනුයි..
    (දම්මචක්ක පවත්තන සුත්‍රය කියවනකො..)

    එනම්..ච/සත්‍ය අවබෝදකරන්නේ මෙහෙමයි..
    දුක පිරිසිදදැනගැනීම.
    සමුදය දුරු කිරීම,
    නිවන සක්ශාත් කර ගැනීම
    මාර්ගය වැඩීම...... වශෙයෙන්

    පලමුව කලයුත්තේ දුක්ඛ සත්‍ය ගැන දැනගැනීමයි
    --------------------------------------------------------------
    "ඉදන්කෝ පන භික්කවේ දුක්ක0 අරියසච්චන්.. ජාතිපි දුක්කෝ, ජරාපිදුක්කෝ මරනන්,ප්‍රියේහි විප්පයෝගෝ ... සන්කිත්තේන පන්ච උපාදනස්කන්ධා දුක්ඛා"
    (පින්වත් මහනෙනි,දුක්ඛසත් කවරේද.. ? ජාතිය දුකකි ලෙඩවීම ,ජරාවටපත්වීම දුකකි.. සන්ශිප්තව කියතොත් පන්ච උපාදානස්කන්ධයම දුකකි )

    (දුක සහ දුක්ඛ සත්‍යයේ වෙනස )
    ලෙඩවීම, අප්‍රිය සම්ප්‍රයෝගය, ජරාවටපත්වීම, කැමතිදේනොලැබීම දුකබව කතොලිකයනුත් දන්නවා.. එහෙනම් දුක්ඛ සත්ය කියන්නේ කවුරුත් දන්න දුකටද? ඔයටික u කියනන බුදුකෙනෙක් උවමනා නැත. (දුක්ඛ සත්ය දුක නොවේ.දුක ,දුකම වේ..දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍යවේ)

    දුක්ඛ සත්‍ය යනු.....
    රුප උපාදනස්කන්දය,වේදනා උපා, සඥ්ඥ, වි උපා.

    (සැයු: පන්චස්කන්ධය යනු.. රුප,වේදනා,සඥ්ඥ,සන්කාර,විඥ්ඥාන.
    පන්ච උපාදානස්කන්ධය යනු....ඉහත කියු රුප, වෙදනා ආදී පහ දැඩිවශයෙන් අල්ලගැනීමයි. උදා; මගේ නිවස, මගේ දුව අදී ලෙස අල්ල ගැනීමතුලින් පන්ච උපාදානස්කන්ධයේ රුප උපාදානස්කන්දය සැකසේ. )

    රුප උපාදානස්කන්ධය දුකවෙන්නේ කොහොමද..?
    පුද්ගයලා තම නව නිවසට ඇලුම් කරයි,..ඔන්න රුප උපාදානස්කන්දය හැදුවා.ඉතින් මේක සැපයිනේ...කොහෙද දුක.කියලා හිතෙනවනේද.ඇත්ත ඒකේ පොඩි ආශ්වාද මාත්‍රයක් තියනව.නමුත් එහිදුකත් ගැබ්වෙලාතියනවා.(දුක්ඛන් භයට්ඨේන. භයාර්තයෙන් දුක දකින්න. දුක අකාර 4. සන්කත ,විපරිනාම,පීඩන,සන්තාප.)නිවස හදාගැනීමට ඔහු වෙහෙසෙයි,ඔහුට ඒදුක ඔහුට නොපෙනෙයි..හැදු නිවස විපරිනාමයට පත්වෙද්දී,එය දිරායද්දී ඔහු තැවෙයි.. නිවසට වැඩිවැඩුයෙන් ඇලම් කරන කෙ ආට එය සතුරු කරදරයකින් වෙනත් ආපදාවකින් විනාශ වෙවි කියා ඔහුගේ භියක් ඇත.අනාගතයේ දිනකගේ විනාශ වුනොත් දුක ඇතිවේවි කියා භියකින් ඔහු පෙලෙයි.ඇල්ම නැත්තන් ඒ දුක, භියෙන් පෙලීමද අඩුය. ඔන්න දුක ගැන සියුම් කාරනය මතුවුනා..

    ඔන්න ඔහොම දුක ගැන ඉගෙනගන්න(තවම දුක්ඛ සත්‍යාවබෝද උනේ නෑ ඒකට මාර්ගය වඩන්න ඔනි )....

    දැන් සමුදය ගැනත් අදහසක් එන්නඇති.. දුකට හේතුව ආසාව වැඩිවීම කියල.තව දුරටත් පටිච්ච සමුප්පදය කාට හරිකියල තෝරගද්දී දුක පවතින්නේ සමුදයනිසා(තන්හාව ) භව තෙරෙනව.

    ඔන්න දැන් දුකින් මිදීම ඔනි කියලා දැනෙන්න ගන්නව..
    එතකොට තමයි මාර්ගය(දුක්ඛ ගාමිනි ප ආර්ය සත්‍ය හෙවත් ආර්ය අශ්ටාන්ගික මාර්ගය ) වඩන්න හිතෙන්නේ, ආසවක් එන්නේ.

    ඒසදහා සීල, සමාදි පඥ්ඥාවශයෙන් පුද්ගලයා ආර්යාශ්ටාන්ගික මාර්ගය වඩනවා..

    සීලය වශයෙන් පන්ච,අට,නවාන්ග උපෝසත,දසවිල්...
    සමාදිය සදහා සතරසතිපට්ටනයෙන් සිහිය( සතිය) වඩයි. වැඩු සතිය උපකාරයෙන් (කායානුපස්සනාවේ )අනපානසතිය තුලින් සමාධියද වඩා.ඒ සමාධිසිත (ධ්‍යාන සිත ) අනිත්ය ,දුක්ඛ හා අනත්ත වශෙයෙන් දකින්න්න ගන්නව පලමුවෙන්ම .ඊට පස්සෙ එන හැම අරමුනම අනි,දු අ වශයෙන් බලනවා.
    ඔන්න දැන් ඔහුට ඉහත දැක්වු දුක පිලිබද ඥානය උපදිනව(දුක්ඛේ ඥනන් පහල වෙනවා).සමුදය ප්‍රහානය වෙන්න ගන්නවා..හේතුව ඔහු තමුන්ට එන සෑම අරමුනක්ම අනිත්ය,දු,අ වශයෙන් දකිද්දී ඔහුට තෘශ්නාව උපදිනේ නෑ.. තුශ්නාව ප්‍රහානය වෙනව.දිගටම කලොත් නිවන සාක්ශාත් වෙනවා..
    (ඔන්න මම දන්න දේ හා වඩපු විදිය.. මේකේ වැරදි තිබ්නොත් කමා කරත්වා. )

    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ජිංතක ජිල්ලබකිට;20489758 said:

    පිංවත් ස්කයිලාක්,

    තව තවත් පමා වෙනවා කියන්නේ මේ වැරදි කරුණු තවත් දැඩිව සමාජය තුල පැතිර යාමයි. දැඩිව සමාජ ගත වීමයි. මේ දෙදෙනාම මාධ්‍ය ඉදිරියේ පෙන්වන්නේ ඔවුන් යම් ආකරයක් අධිමානසික හැකියාවන්ද සමඟ රහත් බාවය ලැබූ අය ලෙසයි. මේ "මාධ්‍යය සංදර්ශන" නිසා බොහෝ පිරිස් බුදු බණ ලෙස පිලිගන්නේ "මීවන" හෝ "රාජගිරියේ" වැදි බණයි. ඔබට හැකිදේ නොපමාව කරන්න.

    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    තව තවත් පමා වෙනවා කියන්නේ මේ වැරදි කරුණු තවත් දැඩිව සමාජය තුල පැතිර යාම සහ දැඩිව සමාජ ගත වීම යන්න සත්‍යයක්මයි. මට අත්දකින්න වෙච්ච දෙයක් ගැන කියන්නම්කෝ.

    ජූනි මාසයේ අවසාන හරියේදී මම යම් අයෙකුට දාරුකම්මික සූත්‍රය [ දාරුකම්මික සූත්‍රය - http://thripitaka.org/view/sp/sp15/194 ] දක්වා ඊමේල් එකක් යැවුවා. එම සූත්‍රයේ සඳහන් පරිදි ආරණ්‍යක වූවත්, ග්‍රාමාන්තරවිහාරී වූවත්, පිණ්ඩපාතික වූවත්, නිමන්ත්‍රණය ඉවසුවත්, පාංශුකූලික වූවත්, ගිහියන් දෙන චීවරධර උවත් යම් යම් කරුණු සලකා භික්ෂූන්වහන්සේලා ගැරහීම හෝ පැසසීම ගිහියන්ටත් කරන්න යැයි බුදුරජානන් වහන්සේ පවසා තිබෙනවා යැයි සඳහන් කරලායි මම ඊමේල් එක යැව්වේ. ඒක දැකලා ඒ පුද්ගලයා බොහෝම විස්සෝප උනා. බුදු හිමියන් භික්ෂුන් තෝරා නින්දා/ප්‍රසංසා කරන්නට ගිහියන්ට කිව්වා යයි එම සූත්‍රය ඇසුරෙන් පෙන්වා දීම මා විසින් නියත වශයෙන්ම ආර්යෝපවාදයක් කිරීමක් ලෙසයි ඔහු එය වටහා ගත්තේ. මාත් සමඟ සංවාදය ඔහුගේ අකුසල් වඩවන බව කියා සංවාදයත් නැවැත්වූවා.

    ඉතින් බලන්න, වැරදි කරුණු සමාජය තුල පැතිර යාම නිසා ඒ පුද්ගලයා ත්‍රිපිටක සූත්‍රයත් සැක කරනවා. අනික ඔහු මම ආර්යෝපවාදයක් කලා යැයි හිතමින් සූත්‍රය හරියට කියවලාවත් නැහැ. ඔහුට ඒක තේරිලා තියෙන්නේ බුදු හිමියන් භික්ෂුන් තෝරා නින්දා/ප්‍රසංසා කරන්නට ගිහියන්ට කිව්වා කියලා. ඔහු සූත්‍රය පටලාවාගෙන මට දොස් කීමට මම මක් කරන්නද? අඩු තරමින් මගෙන් ඇහුවානම් ඔය සූත්‍රය ගැන විස්තර මම ඔහුට එය නිවැරදිව පහදා දෙනවා.

    කොහොම නමුත් මම හිතුවා දාරුකම්මික සූත්‍රය දක්වන විට එහි ඇති දේ වඩාත් පැහැදිලිව තේරුම් ගන්න උපකාර වශයෙන් "ආරණ්‍යක වූවත්, ග්‍රාමාන්තරවිහාරී වූවත්, පිණ්ඩපාතික වූවත්, නිමන්ත්‍රණය ඉවසුවත්, පාංශුකූලික වූවත්, ගිහියන් දෙන චීවරධර උවත් භික්ෂූවකගේ යම් යම් කරුණු සලකා ඒ ඒ කරුණු වලට අනුව ගිහියන් විසින්
    එම භික්ෂූව ගැරහීම සහ පැසසීම කල යුතු යැයි බුදුරජානන් වහන්සේ පවසා තිබෙනවා" වැනි ලෙස කියන්න ඕනෑ කියා. එතකොට තවත් පහසු වේවි සූත්‍රය නිවැරදි අර්ථ සහිතව තෝරා ගන්න. සූත්‍ර උඩින් පල්ලෙන් බලලා ඒවායේ නිවැරදි අරුත් තේරුම් ගන්න අපහසුයි. කියවන අය සූත්‍ර කියවා හොදින් විමසන්නේ නැතිව නිගමන කරන්න ගියාම සූත්‍ර වල කියලා තියෙන කරුණු නොවෙයි, සූත්‍ර වල ඇති දේට විරුද්ධ අර්ථ ඇති දේ එම සූත්‍ර වලින් කියවෙනවා කියලාත් සමහර විට ඔවුන් අර්ථ වරදවා ගන්නවා.

    ඉතින් මම දක්වපු පුද්ගලයාට ඔහුගේ වරද නිසාම ත්‍රිපිටක සූත්‍රයත් සැකයි, ඒ සුභාෂිතය කියවපු ඔහුට අකුසල් වැඩුනාය කියලාත් ඔහු හිතනවා, ඒක දක්වපු මම අර්යෝපවාදයත් කරලාලු! ඕන්න ඔහොමයි වැරදි කරුණු දැඩිව සමාජය තුල පැතිර යාම සහ දැඩිව සමාජ ගත වීම නිසා ධර්මය සහ විනය යට යන්නේ.

    මම ටික දිනකින් රාජගිරියේ අරියඥාණ හිමියනුත්, මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියනුත් බුද්ධ දේශනාව මූල කාරණයන්ගෙන්ම වරදවා වටහා ගෙන ඇති ආකාරයන් ගැන විස්තර සහිතව දක්වන්නම්කෝ. මම එළකිරියෙන් පිට බොහෝ අයටත් දන්වනවා. ඔබත් හැකි පමණින් අන් අයටත් දන්වන්න.

    Skylark
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අසත්‍යය පරදා සත්‍යය ජයගන්නා දිනය වැඩි ඈතක නොවේ.නමුත් අසත්‍යයම රජ කරවන්නට උත්සාහ කරන බුද්ධගෝෂ පරපුරේ වත්මන් පදපරමයින් හට අනුකම්පා කිරීම හැර අන් කළ හැකි යමක් නොමැත.ඔවුන් සතර අපායෙන් මුදවා ගැනීමද ලේසි පහසු නොවන බව පෙනේ.
     
    Last edited: