Renault KWID ලංකාවට

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    renault-kwid-default-image.png


    ලොව ප්‍රමුඛ වාහන සන්නාම රැසක මෙරට පූර්ණ බලයලත් අලෙවි නියෝජිත ඇසෝසියේටඩ් මෝටර්වේස් (පෞද්.) සමාගම (AMW) මගින් ලොව විශිෂ්ටත්වයට පත් Renault KWID මෝටර් රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබීය. ප්‍රංශ තාක්ෂණයෙන් ඉන්දියාවේ නිෂ්පාදිත Renault KWID, Mini Hatchback SUV කාණ්ඩයේ ඉන්දියාවේ වැඩියෙන්ම අලෙවි වූ මෝටර් රථය බවත්, විශිෂ්ට ක්‍රියාකාරීත්වය, නව්‍ය තාක්ෂණය හා ආකර්ෂණීය නිමාව මෙහි සුවිශේෂත්වය බවත් ඔවුන් කියයි.

    Renault KWID රථය Timing chain වලින් තොර DOHC 800cc එන්ජිමක් බලගැන්වෙන්නේ, වේග බල 5 කින් යුතු ගියර් පද්ධතියක්ද සහිතවය. ලීටරයකින් කි.මී. 25.17 ක් වැනි වැඩිම ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබාදෙන Renault KWID රථය අවම නඩත්තුවකින්ද යුතු බව කියයි.

    මෙම නවතම රථය හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින් AMW සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සමන්ත රාජපක්ෂ මහතා පවසා සිටියේ, “අපගේ පාරිභෝගිකයන්ට විශිෂ්ටතම Mini Hatchback SUV රථයක් ලබාදීමට අපට හැකිවුණා. එය ජාත්‍යන්තර තත්ත්වයේ නිෂ්පාදනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එවැනි ආකර්ෂණීය නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවට ගෙන්වීම හා ඒ සජීවි අත්දැකීම ලබාදීමේ ගෞරවය ලබාගැනීමට හැකිවීමත් පිළිබඳ අප ආඩම්බර වෙනවා. අප මේ නව්‍ය නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ මෝටර් රථ ලෝලීන් වෙත හඳුන්වා දෙන්නේ දැරිය හැකි මිලකටයි. Renault සතු සුවිශේෂීත්වය හා අනර්ඝත්වය ශ්‍රී ලාංකිකයන් වෙත ලබාදීම AMW සමාගමේ අරමුණයි” යනුවෙනි.




    2015-Maruti-Alto-800-vs-Renault-Kwid-vs-Hyundai-Eon.jpg
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    අපොයි Renault කියන නමත් ඉවරයි.. මොකට ඉන්දියාවේ හදන්න ගත්ත ද මන්දා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    ඉන්දියාවේ දැන් මොනවද නොහදන්නේ ..... උන් කම්පියුටර් පාට්ස් හදන්න අරන් මාර වාතයක්..... මාකට් එක කනවා කබල් බඩු වලින්..... :dull:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    "Mini Hatchback SUV කාණ්ඩයේ ඉන්දියාවේ වැඩියෙන්ම අලෙවි වූ මෝටර් රථය"

    ඔහොම කාණ්ඩයක් ඇහුවමයි. මේක විතරයි වෙන්න ඇති ඔය කාණ්ඩයට අයත් වෙන්නේ :rolleyes:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    indiawe price eka around 3 lacks INR,

    lankawe rupee walin 6.5 lacks, tax for 800 cc 12 lacks, 20 kata aduwen denna puluwan ekiyanne

    maruti alto panda kabal walata wada hoda option ekak
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,819
    2
    54,475
    113
    indiawe price eka around 3 lacks INR,

    lankawe rupee walin 6.5 lacks, tax for 800 cc 12 lacks, 20 kata aduwen denna puluwan ekiyanne

    maruti alto panda kabal walata wada hoda option ekak

    Alto, Panda, KWID ඔක්කොම එකම වල්ලේ පොල් තමා
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Alto, Panda, KWID ඔක්කොම එකම වල්ලේ පොල් තමා

    mun apita meka ewaddi indiawata mita wada hoda meke new version ekak e ganatama introduce karala balahanko

    Renault Kwid 1.0

    Renault-kwid-Climber.jpg


    kalin eke stock tika iwara karannada koheda lankawata ewanne :angry: