Niyama Budun Dakeema

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    සැබෑ බුදුන් දැකීම

    මම බෞද්ධයෙක්මි - 01
    සැබෑ බුදුන් දැකීම

    මම බුදුන් දැකීමට කැමත්තේ අති උතුම් මනුෂ්‍යයෙකු ලෙසය. මන්ද යත් මම බුදුන් අනුව යාමට වෙර දරන්නෙක් මිස බුදුන් අදහන්නෙක් නොවන බැවිනි. මට අනුගමනය කළ හැක්කේ තවත් මනුෂ්‍යයෙක් පමණි. බුදුන් වහන්සේගේ අසම සම වූ මානුෂිකත්වයට ළං වීමට කිසිදු දිනක හැකියාවක් මට නැති බව දනිමි. නමුදු උන් වහන්සේ පෙන්වා දී ඇති මාර්ගයේ අ`ගලක් හෝ යාමට මට දිරිය ලබා ගත හැකිය. මන්ද යත් එම මාර්ගයේ කෙළවරටම ගොස් සත්‍ය අවබෝධ කරගත් මනුෂ්‍යයෙකු මා දන්නා බැවිනි. ඒ බුදුන් වහන්සේ ම මිස අන් කවරෙකුද?

    සිදුහත් කුමරු සල් උයනක දී උපත ලැබීය. එහිදී පියුම් මත ගමන් කළේ යැයි, උදාන ගාථා ප‍්‍රකාශ කළේ යැයි කියන දේ පිළිබ`දව මම කිසිවක් නොකියමි. ඒ පිළිබ`දව තර්කයකට යාමට ද අවශ්‍යතාවයක් මට නැත. වැදගත් වන්නේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකුගේ උපත එදින සි¥ වූ බව පමණකි.

    එකල සමාජගත සිරිත් ප‍්‍රකාරව රජ කුමරෙකු බුක්ති වි`දි සිය`ඵම සැප සම්පත් වි`දිමින් සිදුහත් කුමරු ක‍්‍රමයෙන් වැඩෙන්නට විය. නිසි වයසේ දී යශෝධරාවන් සමග විවාහ පත් විය. අවුරුදු 29 දී ගිහි ගෙය පිළිබ`දව කළකිරී අභිනිෂ්ක‍්‍රමණය කරන්නට යෙදුණි. කවුරුන් හෝ බෞද්ධයෙකුගෙන් ඇසුවහොත් සිදුහත් කුමරු අභිනිෂ්ක‍්‍රමණය කළේ ඇයි යන්නට ඔහුගේ නිසැක ක්‍ෂණික පිළිතුර වන්නේ ‘සතර පෙර නිමිති දැකීම’ යන්නය.

    සිදුහත් කුමරු පළමු වරට මහල්ලෙකු දුටුවේ, ලෙඩෙකු දුටුවේ, කෙනෙකු මරණයට පත්වන බව අවබෝධ කර ගනු ලැබුවේ අවුරුදු 29 දී ද යන්න ප‍්‍රශ්නාර්ථයකි. තමාගේ පියා, සු`ඵ මව අවුරුදු 29 කට පෙර සිට අවස්ථාවේ දී මෙන් නොව, දැන් ඔවුන්ගේ ශරීර ක‍්‍රමයෙන් වැහැරෙනු ඔහු නුදුටුවේ ද? තමන්ට ශිල්ප ශාස්ත‍්‍ර කියා දුන් ගුරුවරයා මුහුකුරා ගිය පැසුණු පුද්ගලෙයකු බව ඔහු නුටුදුවේ ද? අඩුම තරමේ තමන්ගේ සිරුර ද ක‍්‍රමයෙන් වෙනස්වීම් වලට ලක්වෙමින් අස්ථිරව පවත්නා බවක් ඔහු නුදුටුවේ ද? බුද්ධත්වයෙන් පසුව පවා ලෙඩ රෝගයන්ට මුහුණ දුන් උන් වහන්සේ කුමාර අවධියේ දී කිසිදු රෝග පීඩාදියකට මුහුණ නොදුන්නේ ද? ක‍්‍රමයෙන් වැඩෙද්දී තමන්ගේ වැ¥ මව මිය ගොස් ඇති බව ඔහු දැන නොගත්තේ ද? නොමැතිනම් එවැනි දේ පිළිබ`දව තාර්කිකව සිතීමට නොහැකි බුද්ධි හීනයෙකු වූයේ ද? කෙහෙත්ම නැත. මේ ස`දහා ඇත්තේ සරල පිළිතුරකි. මේ සියල්ලම සිදුහත් කුමරු මුල සිටම මනාව දැන සිටි කරුණු ය. එලෙස නම් සිදු වූයේ කුමක් ද?

    සිදුහත් කුමරු යනු මනා බුද්ධියෙන් යුතු වූ අයෙකි. එකල බ‍්‍රාහ්මණ ඉගැන්වීම් අනුව සිය`ඵම ශිල්ප ශාස්ත‍්‍රයන් කුමරුට ලබා දුන් අතර ඔහු ඒවා මැනවින් හදාරන්නට වූයේය. බ‍්‍රාහ්මණ ඉගැන්වීම් අනුව මනුෂ්‍ය ජීවිතය ප‍්‍රධාන අවධි 04 ක් යටතේ බෙදා වෙන් කර ඉගැන්වීම සිදුකරන අතර සිදුහත් කුමරු ද අනිවාර්යයෙන්ම මිනිසාගේ එම අවධි පිළිබ`ද හදාරන්නට ඇත. මිනිසෙකු ඉපිද අනේක දෝමනස්සයන්ට මුහුණ දෙමින් සිට මිය යන බව ඔහුගේ පැසුණු බුද්ධියට අවබෝධ වන්නට ඇත. නමුදු ඒ පිළිබ`ද ගැඹුරින් සිතීමට එකල ඔහු බාලයකු විය. සිතන්න අවුරුදු 8 - 20 අතර අයෙකුට ජීවිතයේ නිස්සාරත්වය අවබෝධ වේවිද? ඔහු මිනිසුන් ලෙඩ වන බව, වයසට යන බව, මැරෙන බව අවබෝධ කරගෙන තිබුණත් ඔහු ඒ පිළිබ`දව ගැඹුරින් නොසිතුවේය. මන්ද යත් ඔහුද මනුෂ්‍යයෙකු ම වූ බැවිනි.

    ක‍්‍රමයෙන් වයසින් වැඩෙත්ම තම වි`දි අධි සුඛෝපභෝගි ජීවිතය කිසිදු අරමුණක් නැති, හිස් දෙයක් බව වැටහෙන්නට විය. ඔහුට මෙම ඒකාකාරි නිස්සාර ජීවිතයෙන් ගැලවීමට අවශ්‍ය විය. මාළිගාවේ දොරටුවලින් එහා ලෝකය දකින්නට අවශ්‍ය විය. ඔහු මාළිගා දොරටුවලින් එහා ලෝකය ගවේෂණය කරන්නට විය. එවිට ඔහු දුටුවා තමා එකල සමාජයේ ඉහළින්ම වැජඹෙන සු`ඵතරයකට අයත් සාමාජිකයෙකු බවත්, බහුතරයක් අන්ත අසරණ දුක්ඛිතව ජීවත් වන සමාජ ස්ථරයකට හිමිකම් කියන බවත්. ඔහු දුටුවා තම සමාජ ස්ථරයේ අයෙකු ලෙඩවීමට වඩා පහළ සමාජයේ අයෙකු ලෙඩවීම අවාසනාවත්ත තත්වයක් බව. ඖෂධ නොමැතිව, වෛද්‍ය ප‍්‍රථිකාර නොලබා, නිසි රැුකවරණයක් නොමැතිව අගුපිල්වල අන්ත අසරණව පීඩා වි`දින රෝගියා සැබෑ නිස්සාරත්වය පෙන්නුම් කරන බව. කුසට අහරක් නැතිව අත්වැල සපයන්නට කෙනෙකු නොමැතිව වැටි වැටී ඇවිදින ඇටසැකිලි වන් මහලූ මිනිසුන් දකින විට සැබෑ මහලූ වීම යනු මෙය නොවේ දැ යි අවබෝධ විය. වැරහැලි ඇ`දගත් විලාප නගන මිනිසුන් මැරණු කයක් ලී මැස්සක තබාගෙන සොහොනට ගෙන යන විට මරණයේ බියකරු බව ඔහුට අවබෝධ විය. මිනිසා විසින් අනිවාර්යයෙන් ම අත් වි`දින මෙම නිස්සාරත්වය තම කුමාර ජීවිතය නැමති පටලයෙන් වසා දමා එහි ඡුායා මාත‍්‍රයක් පමණක් මෙතෙක් තමා අත් වි`දි බව ඔහුට වැටහෙන්නට විය. එලෙස නම් මෙහි ගැලවීම ඇත්තේ කොතැනද යන්න ඔහුගේ ඊළ`ග ගැට`ඵව විය. ඔහු දුටුවා ජීවිතයේ නිස්සාරත්වයේ අවබෝධ කරගෙන එයින් ගැලවීමට වෙර දරන පැවිද්දන්ද සිටින බව. ඔහුටත් එම ගැලවීම සොයා යාමට අවශ්‍ය විය. එකල ගැලවීම සොයා යන්නුවන් යන මාර්ගයට ද ඔහුද පිළිපන්නේය.

    සැබෑ මනුෂ්‍යයෙක් සැබෑ මනුෂ්‍ය ජීවිතයේ දී තමා අත්වි`දි කරුණු හේතුවෙන් සත්‍ය සොයා යාමට ගමන් ඇරඹූ බව මෙයින් ගම්‍ය නොවන්නේ ද?

    එලෙස පැවිදි ජීවිතයක් ආරම්භ කළත් සත්‍ය සොයා ගැනීමට සිදුහත් තවුසාණන්ට තවත් අවුරුදු 06 ක කාලයක් ගත විය. සාමාන්‍යයෙන් මිනිසෙකුගේ ජීවිතේ අවබෝධාත්මක කාලය ආරම්භ වනුයේ අවුරුදු 35 - 40 අතර කාලයේ දී ය. සිදුහත් තවුසාණන්ට ද එය පොදු වූ කරුණක්ම වූයේ ය. මන්ද සිදුහත් තවුසාණන් ද මනුෂ්‍යයෙකුම වූ බැවිනි. බුද්ධත්වයට අවැසි පාරමීතා පෙර සසරවලදී පූර්ණය කළත් බුද්ධත්වයට පත් වූ භවයේදීත් අවුරුදු 35 ක පමණ කාලයක් යන තෙක්ම බුද්ධත්වයට පත්වීමට නොහැකි වූයේ මන්ද යන කාරණාවට පිළිතුර ද ඒ තුළ ගැබ්ව ඇත.

    බුද්ධත්වයෙන් පසුව ඉතිරි අවුරුදු 45 ක කාලය තුළ උන්වහන්සේ ජනතාවට සත්‍ය පහදා දීමට බොහෝ කැප කිරීම් කරන්නට වූහ. ගම් නියම්ගම්වල සැතපුම් දහස් ගණන් උන්වහන්සේ පයින්ම වැඩම කළ සේක. උන් වහන්සේගෙන් සත්‍ය අවබෝධ කරගත්තවුන් පිළිබ`ද කතා විමසීමේ දී උන්වහන්සේ ‘රෝගය දැන ප‍්‍රතිකාර කිරීම’ යන න්‍යාය මත කටයුතු කළ බව නොරහසකි. කෙනෙකුගේ මනස අවබෝධ කොටගෙන ඔහුව නිසි මගට ගැනීමට උන්වහන්සේ ගත් කි‍්‍රයාමාර්ග අතිශයින්ම මානුෂික මුහුණුවරක් ගන්නේ ය. ඒවායේ කිසිදු ආශ්චර්යයන් නොමැත. (ඇතැම් අවස්ථාවල දී ලිඛිත පරම්පරාවෙන් හා මුඛ පරම්පරාවෙන් මෙම කතාවලට ආශ්චර්යයන් එකතු කර ඇති බව මනා අධ්‍යයනයක යෙදෙන්නේ නම් පැහැදිලි කරගත හැක. මම මේ අවස්ථාවේ දී ඒ පිළිබ`දව විග‍්‍රහයක නොයෙදෙන්නේ ලිපිය දැනටමත් ඉතා දිගු එකක් වී ඇති බැවිනි.*

    කුසට අහරක් නොමැතිව, හිසට සෙවණක් නොමැතිව උන් වහන්සේ කළ ඒ මහා කැපවීම අසම සම විය. පරිනිර්වාණයට ආසන්න කාලයේ දී උන්වහන්සේ සාමාන්‍ය මහලූ වූවෙකු වි`දින රෝගවලින් පීඩා වි`දි සේක. අත පය වාරු නැති විය. ඇතැම් අවස්ථාවල දී ක්ලාන්ත ගතියට පත් විය. පානය කිරීමට පැන් පොදක් නොලද අවස්ථා ද විය. අවසන සල් උයනක දී පිරිනවනට පත් වූ සේක.

    බුද්ධ චරිතයේ කිසිදු තැනක ආශ්චර්යයක් නැත. මවා පෑම් නැත. අසම සම වූ බුද්ධියක් හිමි, පතල මහා කරුණාවෙන් යුතු උතුම් මනුෂ්‍යයෙක් අප හට වටිනා දර්ශනයක් ලබා දී ඇත. බුදුන්ගේම වදනින් පවසන්නේ නම්, ”අපගේ ගැලවීම උදෙසා දෙවියන් අහසේ ද, මුහුදේ ද නැත. ඇත්තේ තමා තුළමය.” බුදු දහම අතිශයින් නිර්මල වන්නේත්, අතිශයින් තාර්කික වන්නේත්, සෑම කල්හිම වලංගු වන්නේත් එබැවිනි. බොහෝ ආගම් ලෝකයේ දියුණුවත් සමග ප‍්‍රලාපයක් පමණක්ම වන්නේ එවායේ ඇති මනඃකල්පිත පුරාජේරුව නිසාවෙනි.

    ඉන්දියානු අර්ධද්වීපය යනු දෙවියන් ස`දහා තෝතැන්නකි. එම දේව ඇදහිලි ආභාෂය පසුකාලීනව බුදු දහමට ද ආරෝපණය විය. වර්තමානයේ බොහෝ බෞද්ධයින් බුදුන් අදහන්නේ දේව ඇදහිල්ලකට යමිනි. ඔවුන් බුදුන් කරා යන්නේ යමක් ඉල්ලීමටය. බුදු දහමේ අවසාන ඉලක්කය නිර්වාණය වේ. එනම් කුමන හෝ ආකාරයක නැවත ඉපදීමක්, භවයක් නොමැති ශූන්‍ය තත්වයකට පත්වීමය. බුදුහු පරිනිර්වාණයට පෙර තමාගෙන් පසු බුදු දහමේ නායකත්වය උන්වහන්සේ වදාල ධර්මයම වන බව දේශනා කළේ එබැවිනි.

    අවසන මම මෙසේ කියමි. ලෝකයේ මෙතෙක් පහළ වූ අති ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා බුදුන්වහන්සේ ය. උන් වහන්සේ පෙන්වූ මග යාම මා හට ද ප‍්‍රායෝගිකව කළ හැකිය. මන්ද යත් මම ද මනුෂ්‍යයෙකු වන බැවිනි.

     
    Last edited:
    • Like
    Reactions: tvw25

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,043
    780
    113

    බුදුන් වහන්සේගේ අසම සම වූ මානුෂිකත්වයට ළං වීමට කිසිදු දිනක හැකියාවක් මට නැති බව දනිමි.



    බුදුන් වහන්සේ නැහැ තමයි.

    නමුත් බුද්ද පුත්‍රයෙක් වැඩ සිටිනවා මෙතන -> sirisaddharmaya.net

    ඔයාට පිනක් තිබ්බොත් ධර්මය තේරෙයි. ධට්මය ත්රුනොත් උන් වන්හසේ මොන වගේ උත්තමයෙක්ද කියලා තේරෙයි.

    දිහිල්ලා බණක් අහන්න. කොටුවේන් කොච්ච්යක් ගන්න අඹේපුස්සට. රුපියල් 30. එතනින් 3-ව්ලර් එකක් ගන්න පන්සලට රුපියල් 200.



     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0


    බුදුන් වහන්සේ නැහැ තමයි.

    නමුත් බුද්ද පුත්‍රයෙක් වැඩ සිටිනවා මෙතන -> sirisaddharmaya.net

    ඔයාට පිනක් තිබ්බොත් ධර්මය තේරෙයි. ධට්මය ත්රුනොත් උන් වන්හසේ මොන වගේ උත්තමයෙක්ද කියලා තේරෙයි.

    දිහිල්ලා බණක් අහන්න. කොටුවේන් කොච්ච්යක් ගන්න අඹේපුස්සට. රුපියල් 30. එතනින් 3-ව්ලර් එකක් ගන්න පන්සලට රුපියල් 200.





    ඒ පුත්‍රයාගේ බුද්ධිය නං කුරුවල් බව ලියලා තියෙනවා මෙතන -> http://www.trekmentor.com/si/content/book/553

    රු. 230 ගානේ වියදං කරගෙන ගිහිල්ලා පච අසා ගන්න කැමති අයට එතැන ගැළපෙනවා.

    Skylark