ආලාර බිත්තිවල ඝන වීමක් පෙනේ. කුඩා අන්ත්‍රයේ ප්‍රථම හා දෙවන කොටස් වල පටු වීමක් දිස්වේ. අන්ත්‍ර බිත්ති තෙරපමින් ස්කන්ධයේ වර්ධනය වීමක් මෙයට සාක්ෂි දරයි.
ස්කන්ධය අවට කෝෂ්ඨ කිහිපයක් පෙනේ. ස්කන්ධය හා අග්න්‍යාෂය අතර පටක පැහැදිලිව දිස් නොවේ. අග්න්‍යාශය හැකිලී ඇති අතර අග්න්‍යාශ නාලය විස්තාරණය වී තිබේ. අක්මාවෙන් පිටත පිත් නාලයත් හා අක්මාව තුල පිත් නාල විස්තෘත වී ඇත. අක්මාවේ අන් සියළු කොටස් සාමාන්‍ය පරිදි දිස්වේ. අක්මාවේ තුවාල නොපෙන්වයි. ප්‍රතිහාර ශිරාව (අක්මාවේන් පිටතට රුධිරය ගෙන යන නාලය), අක්මාව තුල රුධිර නාළ, හෝ අධර ඛාත ශිරා වල අවහිර වීම් දිස් නොවේ.අක්මා නාල හා පිත් නාල ස්කන්ධයෙන් වැසී ඇත. පිත්තාශය සාමාන්‍ය පරිදි දිස්වේ. එහි ඝන කොටස් (ගල්) අඩංගු බව නොපෙන්වයි. ප්ලීහාව ප්‍රමාණයෙන් සාමාන්‍ය වන අතර මිමි 2.5 X මිමි 2.3ක තුවාලයක් ඉහල ප්ලීහා ධ්‍රැවය මත පෙන්නුම් කරයි. වකුගඩු දෙපලේම ප්‍රමාණය හැඩය හා තැන සාමාන්‍යයි. දකුණු වකුගඩුවේ ඉහල කොටසේ කුඩා කෝෂ්ඨයක් පෙන්වයි. අධිවෘක්ක ග්රන්ථීන් වල විශේෂත්ව්යක් නොපෙනේ.
වැරදි ආහාර රටාව නිසා අම්ලපිත්ත රෝගය මනාව පාලනය නොවීම තුලිම් මතුවූ ආන්ත්රික ආබාධයකි. දේශීය ප්‍රතිකාර තුලින් ඉතා පහසුවෙන් නිට්ටාවටම සුව කළ හැකිය. උෂ්ණාධික ආහාර වලින් වහා වැළකිය යුතුමය.