සංග්‍රාම භූමිය -4

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සංග්‍රාම භූමිය -4

    NaCy923.jpg

    Tupolev Tu-28 යනු සෝවියට් දේශය 1960 දශකයේදී හඳුන්වාදුන් දිගු දුර අතුරුවාරක(interceptor)යුද ගුවන් යානයකි.මෙහි නේටෝ නාමය Fiddler නම් විය.මෙතෙක් මානව ඉතිහාසයේ භාවිතා කල විශාලතම,බරින් වැඩිම ප්‍රහාරක යානය ලෙසද මෙය හඳුන්වයි.1950 දශකය වන විට සෝවියට් දේශයට පෙනී ගියේ ඇමෙරිකානුවන් සතු න්‍යෂ්ඨික අවි පවා ගෙන යා හැකි බෝම්බ හෙළන යානාවලට ඔවුන්ගේ දේශසීමා පවා ඉක්මවා යා හැකි තරම් හැකියාවකින් යුක්ත වූ බවයි.නමුත් ඒවාට සමකාලීන වර්ගයේ ගුවන් යානා වලට ආවරණය කල හැකි වූ දුර කිලෝමීටර් සියගණනක් පමණක් වූ අතර අලුතින් නිපදවු ගොඩබිම සිට ගුවනට එල්ල කරන මිසයිලවල පරාසයද කුඩා විය.මේ නිසා කි.මී.5000ක් වූ ඉදිරි ගුවන් පෙරමුණ ආරක්ෂා කිරීම ලෙහෙසි පහසු නොවීය.

    1950 දශකයේ භාවිතා කල ඇමෙරිකානු දිගු දුර බෝම්බ හෙළන යානා දෙකක්

    oyPN92q.jpg
    Boeing B-47 Stratojet​

    XY9pk4I.jpg
    Convair B-36 Peacemaker​


    මේ හේතුන් නිසා සෝවියට් දේශයට සිය නවතම ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධති තෝරාගත් වටිනා ප්‍රදේශවල ආරක්ෂාවට පමණක් යොදවන්නට සිදුවිය.සෝවියට් ගුවන් ආරක්ෂක හමුදාව මගින් සම්පුර්ණ ප්‍රදේශයම ආවරණය කලද ආරක්ෂාව දුර්වල තත්ත්වයක තිබිණි.1955 වන විට සෝවියට් දේශයට දිගු දුර අතුරුවාරක ප්‍රහාරක යානයක අවශ්‍යතාවය තදින් දැනිනි.

    lHkWr8b.jpg
    Tu-28 යානය​

    Tu-28 යානයේ වැඩකටයුතු ඇරඹෙන්නේ 1958 වසරේය.එය සාර්ථක වූ මූලාකෘතියක් වු Tu-98 නම් සුපර්සොනික් බෝම්බ හෙළන යානාව ඇසුරින් නිපදවන ලදි.අලුතින් නිපදවූ යානය මුලදී Tu-28 ලෙස හඳුන්වන ලදි.1963 දී එහි නම Tu-128 ලෙස වෙනස් කරන ලදි.Tu-128 යානය සිදුකල එකම සංග්‍රාමික මෙහෙයුම ලෙස වාර්තා කර තිබුණේ නේටෝ සංවිධානයේ නිරීක්ෂණ බැලූන විනාශ කිරීමයි.Tu-128 යානය 1990 දක්වා සේවයේ යොදවා තිබූ බව සඳහන් වේ.

    pkSVWMJ.png

    කාර්ය මණ්ඩලය:නියමුවන් දෙදෙනෙක්,රේඩාර් ක්‍රියාකරු
    දිග:මීටර් 30
    තටු දිගහැරුම:මීටර් 17
    උස:මීටර් 7
    ශූන්‍ය බර:ටොන් 24.5
    පිරවූ පසු බර:ටොන් 40
    උපරිම එසවුම් බර: ටොන් 43-43.7
    උපරිම වේගය:සන්නද්ධ අවස්ථාවේ පැයට කි.මී.1665කි.අවි රහිතව පැයට කි.මී.1920කි.
    පියාසර පරාසය:කි.මී.2565
    පියාසර කාලය:පැය 3
    උපරිම පියාසර උස:මීටර් 20,000
    මෙහෙයුම් උස:මීටර් 15,600
    අවි සවිකිරීම්ට ඇති ස්ථාන : 4කි
    මිසයිල:රේඩාර් නියාමක R-4R මිසයිල 2ක් සහ අධෝරක්ත R-4T මිසයල 2ක්


    පහත දැක්වෙන්නේ අතහැර දැමූ සෝවියට් T-128 යානයකි.


    RFLv4tU.jpg


    thUEadP.jpg


    VSMBIgQ.jpg


    q5Uam43.jpg


    a6OrNi5.jpg


    JdXK3IY.jpg


    VhYtKyL.jpg


    oihx1jJ.jpg


    m0107DI.jpg


    eU59pFx.jpg


    wEDHLDn.jpg


    AoTfrP5.jpg


    hgDxStS.jpg





    Source:warhistoryonline.com

    -HarshaLulzSec-
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    TFS
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
    Thanks

    උඹ ෂුවර් එකටම ගිය ආත්මේක යුද්දෙට ගිය එකෙක්ද කොහෙද WWI වල හරි II වල හරි. :yes:
    ආසාවට දාන්නේ බන්... වෙන කවුරුත් මේ දේවල් ගැන ත්‍රෙඩ් දාන්නෙත් නෑ නේ දැන්.මේ වගේ දේවල් ගැන දැනගන්න ආස කට්ටියත් ඇතිනේ එළකිරියේ නේ.

    පට්ටයි බන්. මේකනම් දැනන් හිටියෙ නෑ.:)
    Thanks
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආසාවට දාන්නේ බන්... වෙන කවුරුත් මේ දේවල් ගැන ත්‍රෙඩ් දාන්නෙත් නෑ නේ දැන්.මේ වගේ දේවල් ගැන දැනගන්න ආස කට්ටියත් ඇතිනේ එළකිරියේ නේ.
    ඔව් ඔව් දිගටම දාන්න :yes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    පට්ට
    බැලුවම ඒ කාලෙනේ වැඩකරුවො ඉදල තියෙන්නෙ
    කොච්චර මොනා කිවුවත් Cold War එක නිසා තමයි අද මේ අපි අත්දකින සියලුම තාක්ශනික දේවල් ආවෙ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට
    බැලුවම ඒ කාලෙනේ වැඩකරුවො ඉදල තියෙන්නෙ
    කොච්චර මොනා කිවුවත් Cold War එක නිසා තමයි අද මේ අපි අත්දකින සියලුම තාක්ශනික දේවල් ආවෙ

    War, mother of all inventions.:dull: