අපි කවි ලියමු
සිව්පද ගොතමු
කවිපොත් හදමු
හදලා විකුණමු :lol:

තනිපද දෙපද තෙපදෙන් නෑත්තෙයි කිසි ඔට්ටු
පද හතරටයි පිළිතුරු නැත්තම් දෙනවා මට්ටු
හිතට එන දැනෙන දේවල් ඔක්කොම කිට්ටු
කවියෙන් ගලපන් නැත්තම් උඹලගෙ කටෙ පිට්ටු :angry:
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඉදිරියෙ ....රාළ
    පාරේ .......රීල
    අනාගෙන .කාල
    ගාගෙන ...නාල

    ඔන්න වලියක්....

     
    හිතේ නැත කිලිටූ
    කවි ගොතමු මට සිලිටු
    පිරී යන්නට කවි අටූ
    කොටනවද ලස්සන කවි ටැටූ

    ආසයි කවියක් කොටන්න නළල මැද
    කවියේ ඔබේ සිව්පද අසමානයි නේද
    එහෙම වුණොත් ඒවා කවි වෙනවාද
    සුළු පාඩුව සකසා ගැන්ම හොඳ නේද
     
    ඉදිරියෙ ....රාළ
    පාරේ .......රීල
    අනාගෙන .කාල
    ගාගෙන ...නාල

    ඔන්න වලියක්....


    පස්පද ගොතන්නට කියලා නැත කවිකම්
    කවි පද හතරෙ ඇත ලොකු අසමානකම්
    කවියන් දැක්කොත් මේ කවි මෙහෙමනම්
    වස්කවි කියයි හැඳීගෑවිලා ඇකිලිල යනකම්
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඉදිරියෙ ....රාළ
    පාරේ .......රීල
    අනාගෙන .කාල
    ගාගෙන ...නාල

    මේක කවියෙ පදයක් නොවේ!!
    ඔන්න වලියක්....


    ඉදිරියේ රාළ;20303311 said:
    පස්පද ගොතන්නට කියලා නැත කවිකම්
    කවි පද හතරෙ ඇත ලොකු අසමානකම්
    කවියන් දැක්කොත් මේ කවි මෙහෙමනම්
    වස්කවි කියයි හැඳීගෑවිලා ඇකිලිල යනකම්

    හපොයි මේ පොට්ට .......රාළ
    යටින් ලී දෙය පදයක්සෙ දැකල
    මෙතන ලොකු ටෝක් .....දීල
    ඔන්න වලියක් අරන් ....ඇදල
     
    ඉදිරියෙ ....රාළ
    පාරේ .......රීල
    අනාගෙන .කාල
    ගාගෙන ...නාල

    මේක කවියෙ පදයක් නොවේ!!
    ඔන්න වලියක්....




    හපොයි මේ පොට්ට .......රාළ
    යටින් ලී දෙය පදයක්සෙ දැකල
    මෙතන ලොකු ටෝක් .....දීල
    ඔන්න වලියක් අරන් ....ඇදල

    සිව්පද ශබ්ද හරියට ගැලපෙන්නේ නැත්තන්
    කවි කියවීමේ ආතල් නැතිවෙනවනේ බ්න්
    එහෙම වුණොත් හැදෙනවනේ ඩිප්‍රේෂන්
    ඒක හොඳ වෙලා යයි එක බඩ විරේකෙන්

    පස් පද ඔට්ටු නැත මේ නූලේ මුල බලපන්
    දෙවනි පද හතරත් හරියට ගලපල නැත්තන්
    කිව්ව සිංහලත් හරියට තේරුම් යන්නැත්තන්
    අනේ ඉතිං උඹෙ ඔය කට ගලෙ උලා ගනින්
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    පටන් ගත්තා මාත්
    කවි මඩුවක් එලකිරියේ
    එලකිරි කවි මඩුව
    ලෙසමයි නම් කෙරුවේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඉදිරියේ රාළ;20303504 said:
    සිව්පද ශබ්ද හරියට ගැලපෙන්නේ නැත්තන්
    කවි කියවීමේ ආතල් නැතිවෙනවනේ බ්න්
    එහෙම වුණොත් හැදෙනවනේ ඩිප්‍රේෂන්
    ඒක හොඳ වෙලා යයි එක බඩ විරේකෙන්

    පස් පද ඔට්ටු නැත මේ නූලේ මුල බලපන්
    දෙවනි පද හතරත් හරියට ගලපල නැත්තන්
    කිව්ව සිංහලත් හරියට තේරුම් යන්නැත්තන්
    අනේ ඉතිං උඹෙ ඔය කට ගලෙ උලා ගනින්

    හපොයි උඹෙ වාක්කිය...... රචනේ
    කවියක් වගේ නම් ......නොපෙනේ
    කොහෙද පස්පදයක් .....තියෙන්නේ
    ඇස පිහදාලා සැරයක් යළි බලන්නේ
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    රස කවි කියන කවිකාරයෝ එලකිරියේ
    පමණක් නොවේ කිවිඳියොනුත් කවි ලීයේ
    හිතුවත් නැතැයි ගැහැණුන් මේ එලකිරියේ
    ගැහැණුම තමයි කවි පද තරගෙට කීවේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1711746
     
    හපොයි උඹෙ වාක්කිය...... රචනේ
    කවියක් වගේ නම් ......නොපෙනේ
    කොහෙද පස්පදයක් .....තියෙන්නේ
    ඇස පිහදාලා සැරයක් යළි බලන්නේ

    පලමු පදේ උඹෙ කවියේ ලඝු දාහතරක්නේ
    දෙවැනි පදේ
    ලඝු එකතුව දහතුනක් අනේ
    මෙහෙම ගැලපුවම කෝමද අපි ආතල් ගන්නේ
    ලියන්න බැරි නම් කවි නොලියා ඉඳපන්නේ :P
     
    Last edited:
    පටන් ගත්තා මාත්
    කවි මඩුවක් එලකිරියේ
    එලකිරි කවි මඩුව
    ලෙසමයි නම් කෙරුවේ

    මෙතනත් ඇත නූලේ මුල කියු දේ කඩ කරලා
    හතරපද විතරයි වෙන නැත ඔට්ටු මුල කියලා
    එහෙව් එකේ ඇයි ලිව්වෙ මේ පද ගොතලා
    හතරපදේ ගොතමින් කවි අනෙ ලියපල්ලා



    රස කවි කියන කවිකාරයෝ එලකිරියේ
    පමණක් නොවේ කිවිඳියොනුත් කවි ලීයේ
    හිතුවත් නැතැයි ගැහැණුන් මේ එලකිරියේ
    ගැහැණුම තමයි කවි පද තරගෙට කීවේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1711746

    අනේ සහෝ මට සමාවෙයන් ඉතින්
    ඒ නූල බම්ප් නොවෙන්නේ ඇයිබන්
    කමක් නෑ මේ නූලත් යටගියා දෙන්
    ඕකත් අපි ෆෝම් වෙන්න අරිමු දැන්
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඉදිරියේ රාළ;20303723 said:
    මෙතනත් ඇත නූලේ මුල කියු දේ කඩ කරලා
    හතරපද විතරයි වෙන නැත ඔට්ටු මුල කියලා
    එහෙව් එකේ ඇයි ලිව්වෙ මේ පද ගොතලා
    හතරපදේ ගොතමින් කවි අනෙ ලියපල්ලා





    අනේ සහෝ මට සමාවෙයන් ඉතින්
    ඒ නූල බම්ප් නොවෙන්නේ ඇයිබන්
    කමක් නෑ මේ නූලත් යටගියා දෙන්
    ඕකත් අපි ෆෝම් වෙන්න අරිමු දැන්
    නෑ නෑ ඔනෙ නෑ මෙය යට යවන්නට
    අපි උපරිමය කරනව උඩ ගේන්නට
    එලකිරි කවියන්න්ගෙ කවි සිත තිබෙන්නට
    ත්‍රෙඩ උඩ යනව බලපන් එය තක්කෙටම


    [FONT=&quot][FONT=&quot][/FONT][/FONT]
     
    නෑ නෑ ඔනෙ නෑ මෙය යට යවන්නට
    අපි උපරිමය කරනව උඩ ගේන්නට
    එලකිරි කවියන්න්ගෙ කවි සිත තිබෙන්නට
    ත්‍රෙඩ උඩ යනව බලපන් එය තක්කෙටම



    ඔන්න උඹත් උතුම් කවි නීතිය වලපල්ලට දැම්මා
    කොහෙද යන මයන්නක් අගපදෙ අගටම දැම්මා
    ටයන්නෙන් ඉවර වෙන වචනෙ වනසා දැම්මා
    මේවා දැක්කම දෙයි මෝල් ගහෙන් මගෙ අම්මා
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඉදිරියේ රාළ;20303951 said:
    ඔන්න උඹත් උතුම් කවි නීතිය වලපල්ලට දැම්මා
    කොහෙද යන මයන්නක් අගපදෙ අගටම දැම්මා
    ටයන්නෙන් ඉවර වෙන වචනෙ වනසා දැම්මා
    මේවා දැක්කම දෙයි මෝල් ගහෙන් මගෙ අම්මා
    hafooi...
     
    hafooi...
    තනිපද නැත ඔට්ටුය කවි නූලේ මුලදී කිව්වා
    එඩිට් කරල ඕක හතරපදක් දාපන්කෝ කිව්වා
    කවියෙන් මිස වෙන විදියෙන් ඕන නෑ කිව්වා
    කවි නීතිය රකිමින් කවියක් ලියමුකො කිව්වා
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    ඉදිරියේ රාළ;20303290 said:
    ආසයි කවියක් කොටන්න නළල මැද
    කවියේ ඔබේ සිව්පද අසමානයි නේද
    එහෙම වුණොත් ඒවා කවි වෙනවාද
    සුළු පාඩුව සකසා ගැන්ම හොඳ නේද


    පුදනකොටම කෙලියා ඉදිරියෙ රාල
    තටමල තටමලයි ලිවේ කවි ලෝල
    දැම්මත් පදිරි වෙන්නට දුස් රා බෝල
    පෙන්වූ වැරැද්ද්ට දෙන්නෙමි හද ආල
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    එඩිට් මොටද මම කවියක් කියන්නම්
    කවි පද ගලපලා රසකර ලියන්නම්
    ඉදිරියෙ රාළගේ ඉල්ලුම සලකන්නම්
    හිටියත් ඩියුටි පිට කවි පද ගොතන්නම්

     
    පුදනකොටම කෙලියා ඉදිරියෙ රාල
    තටමල තටමලයි ලිවේ කවි ලෝල
    දැම්මත් පදිරි වෙන්නට දුස් රා බෝල
    පෙන්වූ වැරැද්ද්ට දෙන්නෙමි හද ආල

    තටම තටමලා එහෙමයි මාත් ඉතිං පද ගොතන්නෙ
    හිතපු ගමං පද හතරම ගෙතිලා එන්න හිතං ඉන්නෙ
    ඒත් ඉතිං එහෙම වෙන්න දවසක් මතු කවද එන්නෙ
    සැමට් අයිතිවේවා ඒ හපන්කමත් මතු දවසින්නෙ


    එඩිට් මොටද මම කවියක් කියන්නම්
    කවි පද ගලපලා රසකර ලියන්නම්
    ඉදිරියෙ රාළගේ ඉල්ලුම සලකන්නම්
    හිටියත් ඩියුටි පිට කවි පද ගොතන්නම්

    එඩ්ට් කොරන්නයි කිව්වේ සහෝ නූලේ මුල නීති හිංදා
    නූලේ හැම එකක්ම එතකොට හතරක් පද වෙන හිංදා
    එහෙම නූල් කිරියෙ තියා වෙන කොහෙත් නැති හිංදා
    අපි හැමෝම ඒ නීතිය සුරකිමු මී වැනි කවි රස හිංදා