මාර සේනා -2

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    UQ2Runk.jpg

    ලොව විශාලතම ගුවන් හමුදාව සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සතුවයි.සංග්‍රාමයක ජයග්‍රහණය රදා පවතින්නේ ගුවනේ ආධිපත්‍යය හිමි පාර්ශ්වය යන්න ඇමෙරිකානුවන් අදහන දෙයකි.ඔවුන්ගේ ගුවන් ප්‍රහාරක ශක්තිය සියලු ජාතීන් අභිබවයා යන අයුරින් සැලසුම් කර තිබෙන්නේ ඒ නිසාය.නූතන එක්සත් ජනපද ගුවන් හමුදාවේ ශක්තිය ලෝකය දුටුවේ පළමු ගල්ෆ් යුද්ධයේදීය.පළමු වරට ස්ටෙල්ත් වර්ගයේ බෝම්බ හෙළන යානා භාවිතා කලේ මෙම යුද්ධයේදීය.

    KryHYx9.png

    එක්සත් ජනපද ගුවන් හමුදාව සතුව ගුවන් යානා 5000කට වඩා තිබේ.F-22 Raptor,F-35, F-15 ,F-16 ආදී ප්‍රහාරක ගුවන් යානා ඒ එකතුව සතුව ඇත.ඔවුන් සතු බෝම්බ හෙළන යානා එකතුවේ B-2, B-1, B-52 ආදි යානා තිබේ.ඊට අමතරව C-5, C-17, C-130 ආදී ප්‍රවාහන කටයුතු සඳහා යොදාගන්නා ගුවන් යානාද තිබේ.මෙම දැවැන්ත ගුවන් හමුදාව එහි බලය මවු රටට පමණක් සීමා කර නොමැත.ඔවුන්ගේ කඳවුරු එක්සත් රාජධානියේ සිට ජපානය දක්වා ව්‍යාප්තව තිබේ.ගුවන් හමුදාවේ පිරිස් බලය 312,000ක් පමණ වේ.මෙය චීන ගුවන් හමුදාවට වඩා අඩු ගණනක් වුවද ඇමෙරිකානු ගුවන් හමුදාව සතුව චීනයට වඩා වැඩි ගුවන් යානා ගණනක් තිබේ.

    8TdwOUG.jpg

    ඇමෙරිකානු ගුවන් හමුදාව සතුව වෙනත් රටවලට නැති වාසි තිබේ.ඔවුන්ට ස්ටෙල්ත් වර්ගයේ ප්‍රහාරක යානා සහ බෝම්බ හෙළන යානා තිබේ.ලොව විශාලතම ඩ්‍රෝන් බලඇණිය ඔවුන් සතුය.එසේම අවශ්‍ය වේලාවක ලෝකයේ ඕනෑම ප්‍රදේශයකට ගුවන් යානා ප්‍රවාහනය කිරීමට ඇමෙරිකානු නාවික හමුදාවේ ගුවන් යානා ප්‍රවාහන නෞකා යොදාගත හැකිය.

    ලොව දෙවන විශාලතම ගුවන් යානා එකතුව තිබෙන්නේ ඇමෙරිකානු නාවික හමුදාව සහ මැරීන් සේනාංක සතුවයි.එහි යානා 3700කට වඩා තිබේ.එම එකතුවේ සටන්කාමී(fighter) යානා 1159ක්,ප්‍රහාරක යානා 133ක්,මුර සංචාරක යානා 172ක්,ප්‍රවාහන යානා 247ක් සහ හෙලිකොප්ටර් 1231ක් තිබේ.



    පළමු ඡායාරූපයෙන් පෙන්වා තිබෙන්නේ ප්‍රහාරක යානා සහ සහායක ගුවන් යානා එකතුවයි.මෙහි ස්ටෙල්ත් වර්ගයේ F-22 ප්‍රහාරක යානා මෙහෙයුම් ඒකක 7ක් තිබේ.F-22 යානා පළමුවරට සංග්‍රාම භූමියට යැවුයේ 2014 වසරේ සැප්තැම්බර් මාසයේය.ඒ සිරියාවේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමටය.තවද මෙහි A-10 මෙහෙයුම් ඒකක 12ක් ඇතුලත්ය. A-10 යානා යුද බිමේ සිටින සෙබලුන්ගේ සහාය පිණිස සමීප ගුවන් ප්‍රහාරක සහාය ලබා දෙයි.නමුත් යානාවලට යුද බිමෙන් ඉවත් වීමට කාලය පැමිණ තිබේ.එම යානාවල කාර්යය ඉටුකිරීම පස්වන පරම්පරාවේ F-35 යානාවලට පැවරෙනු ඇත.ඇමෙරිකානු ගුවන් හමුදාව සතුව F-35 යානා මෙහෙයුම් ඒකක 2ක් තිබේ.

    E2xYFop.png
    Full Version


    PloDuR5.jpg
    A-10​

    l0R9eVY.jpg
    F-22​

    c9EdCUT.jpg
    F-35​




    දෙවන ඡායාරූපයෙන් බෝම්බ හෙළන යානා,ගුවනේ තෙල් පිරවුම් යානා සහ පුහුණු කිරීමේ යානා පෙන්වා තිබේ.ගුවනේදී ප්‍රහාරක යානාවලට ඉන්ධන ලබාදීමට විශේෂයෙන් නිර්මාණය කල ගුවන් යානා මෙහෙයුම් ඒකක 30 තිබේ.මේවා නිසා ප්‍රහාරක යානා ආදියට නැවත ඉන්ධන පුරවා ගැනීමට ගොඩබැසීමක් කිරීමට අවශ්‍ය නොවේ.ඇමෙරිකානු ගුවන් හමුදාව සතුව බෝම්බ හෙළන යානා සහිත මෙහෙයුම් ඒකක 11ක් තිබේ.මේවා B-1B Lancer, B-2A Spirit, B-52H Stratofortressයන බෝම්බ හෙළන යානා වර්ග තුනෙන් යුක්ත වේ.B-52H Stratofortress යානා 1955 තරම් ඈත කාලයේ හඳුන්වා දුන්නද තවමත් සේවය ලබාගනියි.

    teDAYR2.png
    Full Version​


    DXkqeXT.jpg
    B-52H​

    awMa4EE.jpg
    B-1B Lancer​

    R0lPf6O.jpg
    B-2A Spirit​




    තුන්වන ඡායාරූපයෙන් පෙන්වන්නේ ගුවන් ප්‍රවාහන කටයුතු සඳහා භාවිතා කරන ගුවන් යානා එකතුවයි.යුද සමයන්හිදී සහ යුද අභ්‍යාසයන් ආදිය සඳහා ලොව පුරා රටවලට සිය හමුදාවලට අවශ්‍ය යුද ටැංකි,වෙනත් සන්නාහ සන්නද්ධ රථ,බර අවි ආදිය කඩිනමින් ගෙන යාමට මෙන්ම ආහාර ඇතුලු අනෙකුත් අවශ්‍යතා සපයන්නේද මෙවැනි දැවැන්ත ගුවන් යානා යොදාගෙනය.

    hJGfPBs.png
    Full Version​


    aCPw6ML.jpg
    C-130​

    MwSarc7.jpg
    C-17​

    MngVPHC.jpg
    C-5​




    Source:businessinsider.com

    -HarshaLulzSec-
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    මුන්ට කොච්චර ප්ලේන් තිබුනත් මන් කැමති russian ඒවට ;););)
    රෙප් දෙන්න බෑලු
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Thanks

    Thanks

    tfs.. bump
    Thanks

    Thanks

    Thanks

    Thanks

    Thanks

    Thanks

    Thanks

    Thanks

    මුන්ට කොච්චර ප්ලේන් තිබුනත් මන් කැමති russian ඒවට ;););)
    රෙප් දෙන්න බෑලු
    Thanks

    Thanks