ඇයි Android මෙච්චර ජනප්‍රිය ? iPhone වල බැරි Android phone වල කල හැකි දේ !
දැනට මේ ලෝකේ ප්‍රධාන ස්මාර්ට් ෆෝන් වර්ග 2 යි. ඒ Apple iPhone. අනිත් එක Android. මේ දෙකටම කල හැකි වැඩ සහ නොහැකි දේවල් ගොඩයි. Android පාවිච්චි කරන අය වැඩියෙන් Use කරන, iPhone එකට තවමත් කරගන්න බැරි දේවල් ටිකක් තමා දැන් කියන්න හදන්නේ. මේවා ටික දැකල කලබල වෙන්න නම් එපා. iPhone එකෙත් ගොඩක් Advantages තියෙනව. එව්වට කැමති නම් iPhone එකක් ගත්තට වරදක් නැහැ.
1. USB Pen Support [USB OTG Pen Support/External Hard Drive Connect]
දැනට Market එකේ තියෙන ගොඩක් Android Phone වලට ඔයා දැන් පාවිච්චි කරන Pen එක හෝ External Hard Drive එකක් Connect කරන්න පුළුවන්. USB OTG Cable එකක් ගන්න ඕන වෙනම එක රුපියල් 200 වගේ වෙන්නේ. මේ Option එක හින්දම ලෝකේ ගොඩක් Pen, Flash Drives හදන Company Cable එකක් ගහන්නේ නැතුව පෙන් එකේම Standard USB Port එකයි Phone එකට ගහන්න එන MicroUSB Port එකයි දෙකම එන එව්වා තියෙනව. ලංකවේත් ඕන තරම් ගන්න තියෙනව. Phone එකට Pen එක ගහල PC එකේ වගේම File Share කරගන්න, Pen එකෙන් තියෙන සින්දු අහන්න වගේ හැම දෙයක්ම ෆෝන් එකෙන් කරගන්න පුළුවන්.
අවාසනාවකට මේ කිසිම දෙයක් Apple iPhone එකක් තියේ නම්, ඔබට හිතා ගන්නවත් බැහැ. ඇත්තටම මේ දෙය iPhone එකකින් කිසිදු ආකාරයෙන් කරගන්න බැහැ.
2. Wireless Charging [වයර් නැතුව Phone එක Charge කරගැනීමේ හැකියාව]
සාමානයෙන් Phone එකක් Charge කිරීමේ ක්‍රමයෙන් ඔබ්බට ගිහින් වයර් රහිතව Phone එක Charge කිරීමට ඔබගේ Android Phone එකට හැකිය. ඔබ වැඩට ගොස් ගෙදර ආවාට පස්සේ Phone එක Charge එකට ගහන්න කියා ලත වෙන්න දෙයක් නැහැ. Charging Pad එක උඩ තිබ්බ ගමන් නිකන්ම Charge වෙනවා. Wireless එකට අකැමති නම් Wire එකෙන් වුනත් Charge කරගන්න පුළුවන්. උදේට අයේ Phone එක අරගෙන යන එකයි. අවාසනාවකට iPhone එකකින් මේ දෙය සිදු කරගැනීමට බැහැ.
3. Water Resistant Devices [ වතුරේ වුවත් Call ගැනීමේ හැකියාව ]
ඔබට වතුරේ දී පවා Use කල හැකි ජංගම දුරකතනයක් අවශ්‍ය නම් එය කිරීමට හැකිවන්නේ Android Phone වලට පමණි. ඔබට වතුරේදී, අධික වර්ෂාවකදී හෝ ඔබ නාන ගමන් වුනත් ඔබගේ දුරකතනය පාවිච්චි කල හැක. එපමනක් නොව වතුරේ දී වුවත් ජයාරූප ගැනීමට හැකියාව ඇත්තේ Android දුරකථන වලට පමණි. Sony Xperia Z, Z1, Z2, Z3, Z4 සහ Galaxy S4 Active, S5, HTC Desire Eye යන දුරකථන මේ සඳහා සහය දක්වයි.
අවාසනාවකට iPhone එකක් වතුරට වැටුනොත් නම් ක්‍රියා විරහිත වෙයි.
4. ඔබ රළු පාවිච්චියට හුරු වූ අයෙක් නම් ඔබට හරියන්නෙ Android (Designed for Hard Use)
ඔබ රළු පාවිච්චියට හුරු වූ අයෙක් නම් ඒ සඳහා ද Android Phone නිර්මාණය වී තිබෙනවා. වතුර නොයන, ඉතාම විශාල උස් තැනක සිට වැටුනත් කිසිදු හානියක් නොවන Android Phone වර්ග විශාල ප්‍රමානයක් තිබෙනවා.
5. FM Radio
ඔබ පුරුද්දක් වශයෙන් FM Radio වලට සවන් දෙනවා නම් iPhone එකකින් මේ කාර්ය සිදු කරගනීමට බැහැ. Apple Smart Phone කිසිම එකක Offline Radio ඇසීමේ පහසුකමක් නැහැ. නමුත් HTC / Sony වැනි බොහොමයක් Android Phone වල ඔබට අන්තර්ජාල සම්බන්ද තාවයකින් තොරව Radio නාලිකා වලට සවන් දීමට පුළුවන්.
6. Desktop Class Files Downloading Capabilities
දැනට තිබෙන සියලුම Android Phone වල ඔබට අවශ්‍ය Torrent / Direct Downloading Files කිසිදු අපහසුවකින් තොරව Download කිරීමට හැකියාව තියෙනව. නමුත් iPhone එකක මෙම කාර්ය ඉතාමත් වේදනා කාරි එකක්. iOS හෙවත් Apple iPhone එකකින් ඔබට අන්තර්ජාලයෙන් Files Download කිරීමේ හැකියාවක් නැහැ. එනම් MP3 / Video Songs / ZIP Files ඔබට Download කරගන්න බැහැ. ඔබ iPhone එක Jailbreak කර තිබුනත් මෙය සෑම දුරකතනයකින් ම සාර්ථකව කරගැනීමට බැහැ.
7. USB Tethering Without Any Software / Send Files Without Any Software
ඔබ Apple වර්ගයේ දුරකතනයක් භාවිතා කරනවා නම් එහි iTunes නොමැතිව ඔබට කිසිදු දෙයක් දුරකතනයට ඇතුලත් කරගැනීමට බැහැ. මෙය ඉතාමත් කරදකාරි දෙයක්. නමුත් ඔබ භාවිතා කරන්නේ Android දුරකතනයක් නම් ඔබට කිසිදු Software එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතාමත් පහසුවෙන් අවශ්‍ය ඕනෑම දෙයක් දුරකතනයට Drag & Drop කරගන්න පුළුවන්. මීට අමතරව iPhone එකක iTunes නොමැතිව USB Tethering භවිතා කිරීමට බැහැ. USB Tethering යනු WiFi නොමැති පරිගණක වලට ඔබගේ Smart Phone එක භාවිතා කර Internet හරහා සම්බන්ද වීමට ඇති ලේසිම මගයි. එපමණක් නොව ඔබ භවිතා කරන්නේ Linux මෙහෙයුම් පද්ධතිය නම් ඔබට ඔබගේ iPhone එකත් සමග File Share කිරීම ඉතාමත් අපහසු වේ. නමුත් Android Phone එකක් නම් ඔබ සතුව තිබෙන්නේ ඔබට මේ කිසිවක් පිලිබඳ වද වීමට අවශ්‍ය නැහැ
8. Android Rooting vs. Apple Jail-breaking
ඔව්.... Apple iPhone එකක් Jailbreak කරන එක ලේසි Android