Android root කරන්නේ?

ajithparakrama

Active member
  • May 15, 2015
    376
    84
    28
    Android root කරන්නේ කොහොමද?
    කරපුහම තියෙන වාසි අවාසි මොනවද?
    දන්න කෙනෙක් කියලා දෙනවද.....
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    1 රූට් කරන්න ක්‍රම කීපයක් කියෙනවා. ලේසිම kingo root වගේ සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරන එක. ඇප් වලිනුත් කරන්න පුළුවන්. බැරිම නම් කස්ටම් රිකවරියක් ෆ්ලෑෂ් කරල එක හරහා කරන්න පුළුවන්. (අන්තිමට කියපු ක්‍රමේ ටිකක් අවදානම්)


    2 වාසිය නම් තමයි තමන්ට ෆෝන් එකේ (වින්ඩෝස් වල ඇඩ්මින් එකවුන්ට් එකක් වගේ ) ගොඩක් වැඩ කරන්න පුළුවන්. රොම් එක වෙනස් කරගන්න, ආපු ඇප්ස් මකන්න, ගේම් හොරට ගහන්න. අවාසිය තමයි මක බාස් වැඩ කරන්න ගිහින් කෙලවගන්න එක. ඩේඩ් බුට් වෙන තත්වෙටම ෆෝන් එකට වැඩ දීපු අය මට ඕනේ තරම් හම්බවෙලා තියෙනවා. ගොඩක් බ්ලොග්ස් වල තියෙන බොරු දැකල කරන්න ගිහින්.

    දෙන්න තියෙන උපදෙස තමයි ඒ කරන දේ ගැන තේරුමක් නැත්නම් කරන්න එපා කියන එක.
     
    • Like
    Reactions: ajithparakrama

    svhsathyajith

    Active member
  • Dec 15, 2011
    139
    20
    28
    මම නම් root කරල තියෙන්නෙ. viper audio fx එක දාන්න ඔනි හින්දමයි කරේ.මේක දැම්මට පස්සේ sound සුපිරි. තව වැඩ කෑලි තියෙනව.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මම ෆෝන් 3ක් 4ක් රූට් කරා

    එකකට ස්වප් මෙමොරි සින් එක දැම්ම රැම් එක්ස්පැන්ඩර් දාල , එකෙන් පෙන්නනවා රැම් එක වැඩි කරලා කියල එත් මෙලෝ රහක් නම් නැහැ

    තව එකක සීන් එකක් ආව දිස් වර්ෂන් නොට් සපෝර්ට් විත් යුර් ඩිවයිස් කියල ක්ලාෂ් ඔෆ් ක්ලාන් අප් ඩේට් එකකට පස්සේ , රූට් කරලා ෆෝන් එකේ ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එක තියෙන ෆයිල් එක රි නේම් කරලා ඒ ප්‍රශ්නේ විසද ගත්ත

    රූට් කරන එක මගේ අත් දැකීම් අනුවනම් ඉල්ලන් කෑමක් , ඇති මගුලක් නැහැ , ඒ වගේම තමයි රූට් කරපු ෆෝන් එකක තියෙන සිස්ටම් ෆයිල් මකන්න පුළුවන් වයිරස් වලට

    නොකියා එක්සෙල් එකක් රූට් කරලා ජි ඇප්ස් දැම්ම , මොකද ක්ලාෂ් ඔෆ් ක්ලාන් එකේ එකවුන්ට් එක මවුන්ට් කරගන්න , මට රූට් කරලා උන එකම වාසිය ඕක විතරයි
     
    • Like
    Reactions: ajithparakrama