තෙවැනි ඇස විවර කරගැනීමේ නිවැරදි භාවනාව

NoMorePain

Member
Jun 28, 2016
213
47
0
තෙවැනි ඇස විවර කරගැනීමේ නිවැරදි භාවනාව

දිවැස් වලට සමාන ඒත් ඊට වැඩි අධිමානසික හැකියාවන් රැසක් ලැබෙන යෝග ක්‍රමයක් තෙවැනි ඇස විවර කරගැනීමේ යෝග ක්‍රමය. කුණ්ඩලිනි යෝග වඩන අය දන්නා දෙයක් උනත් නොදන්නා අයත් ඇති හින්දා මුලින්ම මුලික දේවල් කියල ඉන්නම්. අපේ ශරීරයේ විශ්ව ශක්තිය ගලා යන මාර්ග තියෙනවා.ඒ ශක්ති මාර්ග සකස් වෙලා තියෙන්නෙත් ශරීරයේ හැඩයටම. මේවා අතරින් ශක්තිය එක් රැස් වෙලා තියෙන ස්ථාන 7ක් තියෙනවා. ඒවාට තමා කුණ්ඩලිනි චක්‍ර කියල ඍෂි වරු හදුන්වල දීල තියෙන්නේ. ඒත් මේ ශක්තිය සාමාන්‍ය වෙලාවට භාවිත කරන්න පුළුවන් තත්වයේ නෑ.ඒ තත්වයට පත්කරගන්නනම් යෝගාසන, ප්රානයාම , යෝග භාවනා වඩන්න ඕනි.

EnergyBody-sm.jpg

කුණ්ඩලිනි චක්‍ර


ඒවා පිලිබඳ වැඩි විස්තර පසුවට කියන්න බලාපොරොත්තු වෙන හින්ද මාතෘකාවට එන්නම්. ධ්‍යාන ඉර්ධි ලැබීමට අනිවාර්යෙන් පින් අවශ්‍ය උනත් ශක්ති අවදි කරගැනීමට පින් අවශ්‍ය නැ.ඒ නිසා එකදිගට උත්සහ කරනවා මිසක් පින් ගැන දුක් වේවි ඉන්නෙපා. ශක්ති චක්‍ර වලින් නළල මැද තිබෙන චක්‍රය ආඥා චක්‍රය.මේකට තෙවැනි ඇස ඍෂි ඇස 3rd eye කියලත් කියනවා. මේක පිහිටලා තියෙන්නේ නළල මැද සිරස් අතට නළල් අස්ථියත් මොළයත් අතර. මේක ශක්තියම ඇසක් මිසක් භෞතිකව නෑ. සාමාන්‍ය ඇසක තරම තිබුනත් සාමාන්‍ය ඇස වගේ දුබුරු පාට නෙවෙයි නිල පාටයි.එකට හේතුව ආඥා චක්‍රයේ ශක්තියට අදාළ වර්ණය නිල/ දම්/ ඉන්ඩිගෝ පාට නිසා . මනුෂ්‍යන් ඇති උන මුල්ම කාලයේ හිටපු මනුෂ්‍යයන්ට ස්වාභාවිකවම තිබිල අද වෙනකොට නෂ්ට වෙලා ගිය හැකියාවක් තෙවැනි ඇස. තෙවැනි ඇස විවර කරගත්තම අධිමානසික හැකියාවන් විශාල ප්‍රමාණයක් ලැබෙනවා. රාත්‍රියේදීත් දහවලිදී මෙන් පරිසරය පෙනීම, අනුන්ගේ සිත් දැකීම, අනුන්ගේ සිතුවිලි පෙනීම, දුර ඇති දේවල් දැකීම, පරමාණු තරම් ඉතා කුඩා දේවල් දැකීම, අමනුෂයන්, දෙවියන්, හා එම ලෝක දැකීම, අනාගතය අතීතය දැකීම, පෙර ආත්ම අනාගත ආත්ම දැකීම, ඇගෙන් හිත වෙන් කර ගැනීම, එක් තැනකින් අතුරුදහන් වි වෙන තැනකින් මතුවීම, හිතකින් හිතකට සන්නිවේදනය කිරීම, මනුෂයන්ව සතුන්ව මෝහනය කිරීම, ශරීරය පොළවෙන් ඉහලට එසවීම වගේ ගොඩක් හැකියාවන් ලබාගන්න පුළුවන්. වැදගත්ම දෙ නිවැරදි ක්‍රමවේදය මොකක්ද කියන එක.ගොඩක් පොත් වල, පෝස්ට්ස් වල, යෝග පාටමාලා වල එක එක විදි කියල දුන්නත් යෝග හදුන්ව දීපු ඍෂි වරු මුල් වරට උගන්වපු හරිම ක්‍රමයයි මේක. මේ ක්‍රමය හරිම ක්‍රමය කියල කියන්නේ ප්‍රතිපල අත්දැකපු නිසා.



මුලින්ම භාවනා කිරීමට එකම ස්ථානයක්(පිරිසිදු) හා වෙලාවක් තෝරාගන්න.එක එක වෙලාවට කරනවට වඩා හැමදාම එකම වෙලාවක භාවනා කරවනවානම් ඉක්මන් දියුණුවට එක උදවුවක්. කුණ්ඩලිනි ශක්ති අවදි වෙන්න හොදම භාවනා ආසනය පද්මාසනය.පතුල් 2 උඩු අතට තියෙන විදියට් කකුල් 2 හරහට තියාගෙන එරමිණිය ගොතාගෙන ඉන්න පුළුවන්නන් ශක්තිය ඉක්මනට අවදි වෙනවා. පතුල් උඩට තියන් ඉන්න අමාරුනම් සාමාන්‍ය විදියට ඉන්න. ශක්තිය අවධි වීමට අනිවාර්යෙන් බිම සිටිය යුතුයි. පුටු හෝ ඇඳන් මත ඉඳගෙන මේ භාවනාව කරන්නෙපා. පොලවේ තිබෙන ශක්තිය ශරීරයට ලබාගන්න අවශ්‍යයි. හිස කඳ ගෙල ඍජුව තියාගන්න ඒකත් අත්‍යවශ්‍යයි. වම අත්ල උඩින් දකුණු අත්ල තියාගන්න.ගොඩක් යෝග භාවනා වලදී අතේ මුද්‍රා තියාගෙන කලත් මේ භාවනාවට සුදුසුම ක්‍රමය එක.


padmasana


තෙවැනි ඇස විවර කරගැනීමට ශක්තිය නළල හරහා එහා මෙහා යවන්න අවශ්‍යයි.එකට මුලින්ම තමන්ට ගැලපෙන ශක්ති ප්‍රභවය තෝරාගන්න ඕනි. ශක්ති ප්‍රභව 3ක් තියෙනවා- ගින්දර,ජලය, වායුව. සාමාන්‍ය ශක්ති ප්‍රභව නොඋනත් භාවනාවට අදාල මේ 3. බහුතරයකට ගැලපෙන්නේ ගින්දර ක්‍රමය නිසා ඒ ගැන විස්තර කරන්නම්.

මේ සදහා අදුරු පරිසරයක් ඕනි.රාත්‍රී වෙලාවට භාවනා කරනවානම් පහසුයි.භාවනා කරන තැන ඉදිරියෙන් ඉටිපන්දමක් හෝ පහනක් තියාගන්න.ගිනිදැල්ල මුහුණට ආසන්න වෙන විදියට උස සකස් කරගන්න. ඇස් වලට දැල්ල දිහා අපහසුවක් නැතිව බලා ඉන්න පුළුවන් විදියට උසත් , පහන හා තමන් අතර දුරත් සකසාගන්න.
භාවනා කරන්න ඕනි මේ විදියටයි. ගිනි දැල්ල දිහා ටික වෙලාවක් බලාගෙන ඉදිමින් සිත එකග කරන්න.මීලගට ඇස් වහගෙන පෙනෙන දැල්ල අරමුණු කරගෙන සිත එකඟ කරන්න.ඇස් වහගත්තම පෙනෙන ගිනිදැල්ල නොපෙනී යනවනම් ඇස ඇර ටිකක් වෙලා දැල්ල දිහා බලන් ඉදිමින් හිත එකඟ කරන්න .ඇස වහගත්තම ගිනිදැල්ල එකදිගට සිතින් පෙනෙන තරමට සිත එකඟ කරගන්න උත්සහ කරන්න.සති 4ක් පමණ මේ සදහා උත්සහ කරන්න.


3rd eye meditation


මීලගට නළල මැදින් නළල හරහා හා තෙවැනි ඇස හරහා ගිනි දැල්ල ඇතුල් වෙනවා පිට වෙනවා සිතින් දකින්න.ගිනි දැල්ල පහනේ සිට නළල හරහා තෙවැනි ඇස හරහා ඇවිත් යලි තෙවැනි ඇස හරහා නළල හරහා පහනට යනවා දකින්න. මේ විදියට කරනකොට ආඥා චක්‍රයේ ශක්තිය අවදිවෙනවා. ඇස්වහගත්තම ගිනිදැල්ල පෙනෙන තරමට හිත එකග උනාට පස්සේ මේ පියවර කරන එක වඩා ප්‍රතිපල දායකයි.ඒත් සති 3ක් 4ක් ගෙවුන පසුත් සිත එකග කරගැනීමට අපහසුනම් මේ පියවරට කෙලින්ම එන්න. ඒත් යම් තරමකට හෝ හිත එක්තැන් කරගැනීමෙන් පස්සේ මේ පියවරට එන්න. හිත එක්තැන් නොවී ශක්ති අවධි කරන්න ඉතාම අමාරුයි වගේම එසේ කරන්න යාමෙන් මොලයට හානි වී සිහි විකල් වෙන්නත් පුළුවන්.

ශක්තිය අවදි වීමේ පෙරනිමිති කිහිපයක් තියෙනවා.මුලින්ම නළල මැද නලියනවා මෙන් දැනෙනවා.ඒ මුල්ම අවස්ථා වල.සාර්ථක මට්ටමට එනකොට නළල මැද රිදී ඉරක් මෙන්/ අකුණු ගසනවා මෙන් පේනවා.ඒ මට්ටමට දියුණු උනානම් තෙවැනි ඇස විවර වීමට ලගයි.මේ නිමිති ගැන අවදානයක් නොදක්වා එකදිගටම අභ්‍යාසය කරන්න.තෙවැනි ඇස විවර උනාම කලින් අකුණු ගසනවා මෙන් පෙනුන තැන නිල පාට ඇසක් දර්ශනය වෙනවා.මේ වෙලාවට ඇස් 2 වහගත්තත් වටේ පිටේ දේවල් තෙවෙනි ඇසෙන් පේනවා.මේ දේවල් උනානම් තෙවැනි ඇස විවර වෙලා.

ගිනිදැල්ල නළල මැදින් එහා මෙහා යවනකොට භාවනාව කරන අතර ඕම් කාරය අහන්න පුලුවන්නම් ශක්තිය අවදිවීමට එක උත්තේජනයක් වෙනවා.භාවනාව කරන ගමන් sound system , ipad, earphone වගේ මොනමහරි දෙයක් භාවිතා කරලා ඕම් ශබ්දය ඇසෙන්න සලස්වන්න.ඕම් කාරය එක එක අය එක එක විදියට කියන නිසා හරියට කියන http://en.file-upload.net/download-9910281/Audio_0007.mp3.html එක වඩාත් හොදයි.

මේ විදියටම ජලය හා වායුව භාවිතා කරන්න පුළුවන්. වායුව භාවිතා කරනවානම් හුස්ම නළල හරහා අතුල්වෙනවා පිට වෙනවා සිතන්න.මේ හුස්ම ක්‍රමය අනුගමනය කරනවානම් තෙවැනි ඇස සහිත මුණක රුපයක් ඇද එය මුණ අසලින් තබාගෙන ඒ දෙස බලාගෙන භාවනා කිරීමෙන් ඉක්මන් ප්‍රතිපල ලබාගන්න පුළුවන්.මේ සදහා අතින් ඇදපු චිත්‍ර සටහනක් මිස කවදාවත් photoshop edit කරපු තමන්ගේ photo භාවිතා කරන්නෙපා මානසික රෝග ඇතිවෙන්න පුළුවන්.

*තෙවැනි ඇසට අධිපති ඊශ්වර දෙවියන් හා පරිවාර දෙවියන් සිටින නිසා මේ භාවනා වඩන සියලුම දෙනා උන්වහන්සේලාගේ බැල්මට ලක් වෙනවා. සමාජයට අහිතරකර අරමුණු හෝ පැවතුම් සහිත අයට ආඥා චක්‍රය අවධි කරගන්න ඉඩක් ලැබෙන් නෑ.තෙවැනි ඇස විවර කරගත් කෙනෙක් සමාජයට අහිතකර දෙයක් කලොත් දඩුවම් විදීමට හෝ ශක්තිය අහිමි කරගැනීමට හො මරණයට පත්වෙන්න සිද්දවෙනවා.ඒ වගේම අපහු ලබන ආත්මෙකදී මේ භාවනා අහන්නවත් ඉඩක් ලැබෙන එකක් නෑ.

*ගොඩක් පොත්පත් වල තියෙන්නේ දෙබැම මැදින් හුස්ම එහා මෙහා යනවා දකින්න කියල උනත් නිවැරදිම ක්‍රමය දෙබමට උඩින් නළල මැදින් අභ්‍යාසය කිරීම.ආඥා චක්‍රයට අදාළ මොලේ කොටස වන pineal gland තියෙන්නේ දෙබැමට සම්රෙකියව උනාට ආඥා චක්‍රය තියෙන්නේ නළල මැද මිසක් දෙබැම මැද නෙවෙයි

*මේ භාවනාවේ දියුණුවේ රහස වන්නේ එකදිගට හැකිතරම් කාලයක් භාවනාව වැඩිම හා හැමදාම භාවනා කිරීම.සැරින් සැරේ එහෙන් මෙහෙන් භාවනා කලොත් සාර්ථක ප්‍රතිපල නැතිවෙනවා මෙන්ම ශක්ති විෂමතා ඇති වි ලෙඩ රෝග, මානසික ව්‍යකුලතා ඇතිවෙන්න පුළුවන්. එමනිසා පිළිවෙලකට නිවෙරදිව භාවනාව වඩන්න.ඉක්මන් ප්‍රතිපල බලාපොරොත්තු වෙලා වැඩ අනාගන්නෙපා .ඉවසීමෙන් ප්‍රගුණ කරන්න

*ශක්ති භාවනා සාර්ථක කරගැනීමට දෙවියන්ගේ හා ශක්තිය අවදි කරගත් අයගේ හා රාවණ රජතුමාගේ උදවු ලබාගන්න පුළුවන්.තෙවැනි ඇසට අධිපති ඊශ්වර දෙවියන් හෝ තමන් අදහන දෙවිවරු නැමදීමෙන් උපකාර ලැබෙන්න පුළුවන්. ශක්තිය ලබා ගැනීමට අංගම්පොර හදාරන අය යෝග වැඩීමේදී රාවණ රජතුමාට විවිද පුජා කරන බවත් මට දැනගන්න ලැබිල තියෙනවා

තෙවැනි ඇස පළමුවරට විවර උනාම දවස් 3ක් පමණ යනකන් නොවැසි තියෙනවා. ඒත් හැමදාම ඒ විදියට තියෙන නෑ.භාවනා නොකලොත් අපහු අක්‍රිය වෙනවා.ඒ නිසා නැවත නැවත භාවනා කිරීම අවශ්‍යයි.එක වරක් විවර උනාට පස්සේ අපහු විවර කරගන්න විවිද වෙනත් ක්‍රම අත්දකින්න පුළුවන්.ඒත් ඒවා පළමුවරට ඇස විවර කරගැනීමට සුදුසු නෑ.එක වරක් විවර කරගත් කෙනෙක්ට හොදින් ඉර එලිය තියෙන තැනකට ගියාම ඉබේම තෙවැනි ඇස විවර වෙනවා අත්දකින්න ලැබෙනවා. භාවනා කරන වෙලාවට ආඥා චක්‍රයට එකතු වෙන ශක්තිය භාවනා නොකරනකොට ටික ටික අඩුවෙනවා.ඒක නවත්තගන්න පුළුවන් අතේ මහපට ඇගිලි මැද තියෙන නිලය ඉදිකට්ටක් වගේ දෙයකින් සැරින් සැරේ උත්තේජනය කිරීමෙන්.




මෙම භාවනා වලදී කෙරෙන්නේ බාහිරින් චක්‍ර වලට ශක්තිය ලබාගැනීමක්.අඩුවෙන් ආහාර ගැනීමෙන් එකට උපකාරයක් ලැබෙනවා.ආහාර වලින් ශරීරයට ලැබෙන ශක්තිය අඩු උනාම ශරීරයේ තිබෙන ශක්ති ප්‍රමාණය අඩු නිසා භාවනා කිරීමේදී ශරීරයට ශක්තිය ලබාගැනීම පහසුයි.ඒත් ලෙඩ රෝග ඇතිවෙන ලෙස හෝ පෝෂණ උනතා ඇතිවෙන තරම් ආහාර පාලනය කිරීමෙන් කිසිම වාසියක් නෑ.

භාවනාවට වැඩියෙන් නැබුරු වීමට මනෝවිද්‍යාත්මකව යම් වාසියක් ලබාගන්න පුළුවන් තෙවැනි ඇස සහිත මුණක් ඇදලා එක නිදාගන්නකොට පෙනෙන තැනක තබාගැනීමෙන්.

මේ භාවනා කරන අතරතුර සෙම අවිස්සිම් හෝ ඔලුව රිදීම් හෝ උන ගැනීම් සිද්දවෙන්න පුළුවන්. තදබල විදියට වෙනවනම් භාවනා කිරීම නවත්තල ලෙඩ රෝග සනීප උනාට පස්සේ ආපහු කරන්න. සාමාන්‍ය තරමින් වෙනවනම් භාවනා කරන කාලය ටිකක් අඩු කරන්න සනීප වෙනකම්. ලෙඩ රෝග තියෙද්දී කුන්ඩලිනි භාවනා කිරීම කොහෙත්ම හොඳ නෑ . මානසික රෝග වැළදී තියෙන අයත් මේ භාවනා කරන්න කලින් අනිවාර්යෙන් වෛද්යවරයෙක්ගෙන් උපදෙස් ගන්න. ඒ වගේම දවසට දෙතුන් පාරක් සැරින් සැරේ නොකර දවසේ එක් වෙලාවක් විතරක් තෝරාගෙන එකදිගට භාවනාව කරනවානම් හොදයි. දවසේ එක එක වෙලාවල් වල සැරින් සැරේ කරන්න ගියාමත් විවිද ලෙඩ හැදෙන්න පුළුවන්.

මේ භාවනා කරද්දී විවිද අයට විවිද අත්දැකීම් ලැබෙන්න පුළුවන්.ඒ එක් එක් අවස්ථා වලදී කටයුතු කරන්න ඕනි විදිය කියන්න පුළුවන් කුණ්ඩලිනිය අවදි කරගත් කෙනෙක්ට විතරයි.ඒ නිසා කුණ්ඩලිනිය අවදි වී නැත්තම් මේ පොස්ට් වල තියෙන දේවල් තමන්ගේ දේවල් වගේ වෙන තැන් වල පොස්ට් කරන්නෙපා..


මම දැන් අවුරුදු 2ක් තිස්සෙ මේක කරන්නෙ පොඩි පොඩි අත්දැකීම් ලබලා තියෙනවා. මේ ලිපිය උපුටාගත්තෙ අන්තර්ජාලයෙන්, මේකේ තියෙන දේවල් හරියටම හරි. තමන්ට මෙහෙම දේකට කැපවෙන්න බැහැ කියලා හිතෙනවා නම් හරි ඉක්මනට වැඩේ කෙරෙන්න ඕන කියලා හිතෙන අය මේක කරන්න එපා. ගොඩක් වෙලාවට වැරදුනොත් ජීවිතෙන් තමා වන්දි ගෙවන්න වෙන්නෙ.
 
Last edited:

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,468
    1,029
    113
    KANDY
    sahenda watina thread ekak ne.
    meke thiyana links tikath danda puluwan da? ara Om sound eke ehema.

    ill add reps
     

    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    අර පින්තූරෙ දිහා බලාගෙන හිටියාම මොනවගේ දෙයක්ද බං දැනෙන්නෙ.
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Studies walata meken prayojanayak ganna puluwanda vnz...mama kiwwe mathaka hitina scne, ikmanata awaboda wena scne, kammali kama natji wena scne ehema??
     

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    Studies walata meken prayojanayak ganna puluwanda vnz...mama kiwwe mathaka hitina scne, ikmanata awaboda wena scne, kammali kama natji wena scne ehema??
    මේක ගොඩක් කල් යනවා
    ඔයා ඒක නිසා මෛත්‍රී භාවනාව කරන්න
     

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    Monawage waradi weda walata used karoth da bun oka nethi wenne..?
    api ething oka use karanne aniwaryen mokuk hari hora balanna thamai...
    Waradi kiyanne api monawa hari deyak kalama apema yati hithen eka waraddak kiyala hithuwoth thama
    mona jagathek unath yati hithen waradda waraddak kiyala hithawamai
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    marama sanasillak danenawa

    ඔයා භාවනවෙන් ලබපු අත්දැකීම් ටිකක් පුලුවන්නම් කියන්න....:yes::yes:
    එකෙන් මේව අධ්‍යනය කරන අයට ලොකු ශක්තියක් වෙයි..:yes: