කාම මිත්‍යාචාරයේ හැසිරීම ගැන මීවනපලානේ හ

Skylark

Member
Feb 4, 2010
2,371
87
0

කාම මිත්‍යාචාරයේ හැසිරීම ගැන මීවනපලානේ හිමිගේ වීඩියෝව

ඉහත වීඩියෝවේ මීවනපලානේ හිමි මෙන්න මෙහෙම කියනවා:

"සතෙක් මරලා මස් කන්න යනකොට කය දිව රමණය කරන්න ඕනෑ. තමන්ගේ ශරීරය මේ යම් ආකාරයකට දිව අර රස කියන රස තෘෂ්ණාවකින් රස පෙරේතකමකින් ඒක කාමය අර මිත්‍යාචාරයක්, හැසිරීමක්. ඒ දිව රමණය කිරීමත් කය රමණය කිරීමත් මේකේදි සිද්ධ වෙනවා. අනුන්ගේ මස් කාලා මස් රසට ගිජුවෙලා කටයුතු කිරීමත් කාමේසුමිච්‌ඡාචාරයට අයිතියී."

මීවනපලානේ හිමිගේ අඥාණ බව නිසා ඉහත පරිදි කාම මිත්‍යාචාරයේ හැසිරීම ගැන විස්තර කලාම මොකද වෙන්නේ කියලා කියන්න පුළුවන් කාටද?

Skylark

Last edited:
Jul 5, 2012
1,773
265

හුටා! කන්නත් බැහැ මේ බණට අනුව, කෑවොත් රස දැනෙනවා නේ.
කාලත් හමාරයි.
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජිංතක ජිල්ලබකිට;20341323 said:
    හුටා! කන්නත් බැහැ මේ බණට අනුව, කෑවොත් රස දැනෙනවා නේ.
    කාලත් හමාරයි.

    me hamuduruwo gananam danne naha...eth onama deyakata wadiyen alenawanam eya kamasukallikanu yogayata ayithi wenawa neda?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    ජිංතක ජිල්ලබකිට;20341323 said:
    හුටා! කන්නත් බැහැ මේ බණට අනුව, කෑවොත් රස දැනෙනවා නේ.
    කාලත් හමාරයි.

    එහෙම එකක් නැ. බුදුහාමුදුරුවො කියල තියනව භික්ශුන් ආහාර ගන්න ඔන ශරීරය පවත්ව ගන්න විතරයි කියල. රසට කැමත්තෙන් ආහාර ගත්තොත් එතන එතන ආසාව ඇති වෙනව. ආසව කියන්නෙ තෘශ්ණාවෙ එක ප්‍රභෙදයක්. නමුත් සංඝයා වහන්සෙල ආහාර ගන්නෙ ශරීරය පවත්ව ගන්න විතරයි. එ නිසා දානයට හම්බවෙන ඔනම දෙයක් වලදන්න පුලුවන් කියල කිය්ල තියනව. හැබයි රසට නෙවි ශරීරය පවත්ව ගන්න විතරයි.
    රස දැනෙනෙව නමුත් ආසාව අතිකර ගන්න බැ
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ධර්මය ප්‍රඥ්ඥාවන්තයින්ටම පමණයි.උගත්කම තිබූ පමණින් හෝ ත්‍රිපිටකය කටපාඩම් කරගත් පමණින් ප්‍රඥ්ඥාව ඇති කරගන්න බෑ.ත්‍රිපිටකයේ මතුපිට අර්ත යන්තම් දැනගත් පමණින් ඔහු ප්‍රඥ්ඥාවන්තයෙක් වෙන්නෙ නෑ.එවැනි පදපරම පුද්ගලයින් විසින් මෙසේ අරිය උත්තමයින් වහන්සේ ගරහා කරගන්නේ විශාල අකුසල කර්මයක්.නමුත් ඒ බව ඔවුන්ට නොවැටහෙන්නේ ඔවුන් තමන් විසින් ලත් දැනුමෙන් යම් ආකාරයක මත් වීමකට පත්වී සිටින නිසයි.ස්වාමීන්වහන්සේ දේශනා කරන්නේ ඉතා ගැඹුරු කරුනක්.එම දේශනාවේ ගැඹුර වටහා ගත හැක්කේ ප්‍රඥ්ඥාවන්තයින්ට මිස දැනුමෙන් මත්වූ පදපරම පුද්ගලයින්ට නොවෙයි.නිවන යනු දැනීමක් නොව දැකීමකි.නිවන දැකගත හැක්කේ ප්‍රඥ්ඥාව තුලින්ම පමණයි.
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    හොරු ටිකක් කෙනෙක් ව මරල ඉන්නවා පාරේ. එයාගේ සල්ලි ටිකකුත් සාක්කුවෙන් එලියට වැටිලා තියෙනවා. මම ගිහින් ඒවා ගන්නවා , මට පවු සිද්ධ වෙනවද? (මම නොවේ මැරුවේ)

    මිනිස්සු ටිකක් සතෙක්ව මරල ඉන්නවා පාරේ. එයාගේ මස් ටිකක් මම ගිහින් කපා ගන්නවා , මට පවු සිද්ධ වෙනවද? (මම නොවේ මැරුවේ)

    හුදෙක් ධර්මය දැනගැනීම සඳහා පමණි :yes:
     
    ඈ බං පංච ශීලය තියෙන්නේ ගිහියන්ට නේද? මේ අපි වගේ පෘතග්ජන ගිහියනට තියෙන අවම ශීලය නේද? යකෝ ගිහියෝ කෑම කනකොට ආසාව නැති කරං කන්ඩ ඕනේ පන් සිල් රකින්න. මොන බහු බූතයක්ද හලෝ? එක ගොං කතාවක් වහන්න තව දාහක් කියන්න වෙලා නේද?.

    අනිත් එක මේ ගණයා කියන්නෙ මස් මාංශ කෑවම විතරයි රස තෘශ්නාව ඇති වෙන්නෙ කියලා. වටලප්පන්, අයිස්ක්‍රීම්, මුකුනුවැන්න විතරක් නෙවෙයි ඔය මීවනපලාණයගේ අනුගාමිකයෝ වගේ තණකොල කන්ඩත් හරිම පෙරේත කට්ටියට රස තෘශ්ණාව නැද්ද. මේ වගේ ගොං කතා කියන උන්ට ගහන්න ඔනේ මඩු වලිගෙං, බුද්ධාගම කනව.

    හොඳට අහගන්න මස් මාංශ කෑමෙන් මුසාවාදය කැඩෙන හැටි කියන්න ගිහිල්ලා ඇඹරෙන හැටි මේ ගණයා. පව්, අනුගාමිකයන්ට තව තව තණකොල ලැබේවා!
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ධර්මය ප්‍රඥ්ඥාවන්තයින්ටම පමණයි.උගත්කම තිබූ පමණින් හෝ ත්‍රිපිටකය කටපාඩම් කරගත් පමණින් ප්‍රඥ්ඥාව ඇති කරගන්න බෑ.ත්‍රිපිටකයේ මතුපිට අර්ත යන්තම් දැනගත් පමණින් ඔහු ප්‍රඥ්ඥාවන්තයෙක් වෙන්නෙ නෑ.එවැනි පදපරම පුද්ගලයින් විසින් මෙසේ අරිය උත්තමයින් වහන්සේ ගරහා කරගන්නේ විශාල අකුසල කර්මයක්.නමුත් ඒ බව ඔවුන්ට නොවැටහෙන්නේ ඔවුන් තමන් විසින් ලත් දැනුමෙන් යම් ආකාරයක මත් වීමකට පත්වී සිටින නිසයි.ස්වාමීන්වහන්සේ දේශනා කරන්නේ ඉතා ගැඹුරු කරුනක්.එම දේශනාවේ ගැඹුර වටහා ගත හැක්කේ ප්‍රඥ්ඥාවන්තයින්ට මිස දැනුමෙන් මත්වූ පදපරම පුද්ගලයින්ට නොවෙයි.නිවන යනු දැනීමක් නොව දැකීමකි.නිවන දැකගත හැක්කේ ප්‍රඥ්ඥාව තුලින්ම පමණයි.

    උඹේ ඔය ගණයා වගේම රජෙකුත් හෙලුවෙන් ගියාලු මහ පාරේ, ප්‍රඥාවන්තයන්ට විතරයි පේන්නේ මගේ සීතාම්බර පට සලුව කිය කිය. මාර ප්‍රඥාව!

    ආම ගන්ධ සුත්‍රයට අනුව, බුදු හාමුදුරුවෝ වටු මස් වලඳපු නිසා, මීවණ පලානේ විකෘති ධර්මයට අනුව බුදු හාමුදුරුවොත් පංචශීලය කඩලා කියලා අධර්ම අර්ථයක් ඇති වෙනවා නේද??
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    බුදුරජානන් වහන්සේ චතුර ලෙස භාෂාව හසුරුවන ආකාරය පුදුමාකරයි. සූත්‍ර කියවන විට දැකිය හැකියී බුද්ධ භාෂිතයේ එක වාක්‍යයක් ගත්තත් අර්ථය නිවැරදිව ඇතිවන ආකාරයට එම වාක්‍යය පවසා තිබෙන බව. මේ නිසා බුද්ධ භාෂිතය විමසන්න යන විට එක එක වාක්‍යය වෙන් වෙන්ව විමසුවත් වරදවා ගන්නේ නැතිව පහසුවෙන්ම නිවැරදි අර්ථය වටහා ගන්න පුළුවන්. එම චතුර හැකියාව ගැන විමසා බලා හැකි පමණින් ඔබත් ඒ හැකියාව ඔබට හැකි පමණින් ඇති කරගන්න උත්සාහ ගන්න. මේ වදන් පෙළ දෙස බලන්න:

    ... බුදු හාමුදුරුවෝ වටු මස් වලඳපු නිසා (ආම ගන්ධ සුත්‍රයට අනුව) බුදු හාමුදුරුවොත් පංචශීලය කඩලා නේද? ...

    සංවාදයේදී ඔබ ලියා ඇති එම කරුණ කියවන්නා විසින් වැරදි අර්ථයෙන් ගන්න ඇති හැකියාව අඩුයි. නමුත් අදාල වාක්‍යය තනිව ගත්තොත් යම් අයෙක් එය වැරදි ලෙස වටහා ගන්න පුළුවන්. එම වාක්‍යය මෙසේ ලියන්න පුළුවන්:

    බුදු හාමුදුරුවෝ වටු මස් වලඳපු නිසා (ආම ගන්ධ සුත්‍රයට අනුව) බුදු හාමුදුරුවොත් පංචශීලය කඩලා කියලා අධර්ම අර්ථයක් ඇති වෙනවා නේද?

    මේ තවත් ආකාරයක්:

    බුදු හාමුදුරුවෝ වටු මස් වලඳපු නිසා (ආම ගන්ධ සුත්‍රයට අනුව) බුදු හාමුදුරුවොත් පංචශීලය කඩලා කියලා අධර්ම අර්ථයක් ඇති වෙනවා කියලා තේරෙන්නේ නැද්ද?

    මේ තවත් ආකාරයක්:

    මෙහෙම දහම වරදවපුවාම බුදු හාමුදුරුවෝ වටු මස් වලඳපු නිසා (ආම ගන්ධ සුත්‍රයට අනුව) බුදු හාමුදුරුවොත් පංචශීලය කඩලා නේද?
    සංස්කරණය කිරීමට හැකි නම් එවන් ආකාරයකට ඔබ ඉහත ලියා ඇති කරුණ පැහැදිලි බවින් වැඩි වඩාත් චතුර ලෙසට ඉදිරිපත් කිරීමට සංස්කරණය කරන්න.

    බුදුරජානන් වහන්සේ චතුර ලෙස භාෂාව හසුරුවන ආකාරය පුදුමාකරයි. අපි ඒ ගැන විමසා අපට හැකි පමණින් ඒ චතුර බව ඇති කරගන්න උත්සාහ ගන්න ඕනෑ. මගේත් භාෂාව හැසිරවීමේ අඩුපාඩු බොහෝ තිබෙනවා. නමුත් මම නිවැරදි වීමේ උත්සාහය අත හරින්නේ නැහැ. එවිට යම් ප්‍රමාණයකට හරි අඩුපාඩු අඩු වේවිනේ. එය වටිනවා.

    Skylark

    Last edited:
    • Like
    Reactions: D@sun

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    හොරු ටිකක් කෙනෙක් ව මරල ඉන්නවා පාරේ. එයාගේ සල්ලි ටිකකුත් සාක්කුවෙන් එලියට වැටිලා තියෙනවා. මම ගිහින් ඒවා ගන්නවා , මට පවු සිද්ධ වෙනවද? (මම නොවේ මැරුවේ)

    මිනිස්සු ටිකක් සතෙක්ව මරල ඉන්නවා පාරේ. එයාගේ මස් ටිකක් මම ගිහින් කපා ගන්නවා , මට පවු සිද්ධ වෙනවද? (මම නොවේ මැරුවේ)

    හුදෙක් ධර්මය දැනගැනීම සඳහා පමණි :yes:

    උඹට පව් සිද්ද වෙන්නේ නැහැ
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    හොරු ටිකක් කෙනෙක් ව මරල ඉන්නවා පාරේ. එයාගේ සල්ලි ටිකකුත් සාක්කුවෙන් එලියට වැටිලා තියෙනවා. මම ගිහින් ඒවා ගන්නවා , මට පවු සිද්ධ වෙනවද? (මම නොවේ මැරුවේ)

    මිනිස්සු ටිකක් සතෙක්ව මරල ඉන්නවා පාරේ. එයාගේ මස් ටිකක් මම ගිහින් කපා ගන්නවා , මට පවු සිද්ධ වෙනවද? (මම නොවේ මැරුවේ)

    හුදෙක් ධර්මය දැනගැනීම සඳහා පමණි :yes:

    Pare watila tiyena deyak uwath, obata ayithi nathi deyak ganima nisa pawak sidda wenna puluwan neda? :rolleyes:

    Hariyatama wisthara karanna nam man danne naha... hodama dee panasale hamuduruwangen ahana eka...
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    me hamuduruwo gananam danne naha...eth onama deyakata wadiyen alenawanam eya kamasukallikanu yogayata ayithi wenawa neda?

    පින්වත් Gasa84,

    "ඕනෑම දෙයකට වැඩියෙන් ඇලෙනවානම් එය කාමසුඛල්ලිකානුයොගයට අයිති වෙනවා" යැයි කීම නිවැරදි නැහැ.

    ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ [ ධම්මචක්කප්පවත්තන සූත්‍රය - http://thripitaka.org/view/sp/sp11p2/294 ] මේ කොටස කියවා බලන්න:

    මහණෙනි, ලාමක වූ ගැමි දහමක් වූ පුහුදුනන් විසින් සෙවුණු ආර්‍ය්‍යයන් සතු නොවූ අවැඩ ඇසුරු කළ කාමවස්තූන් කෙරෙහි යම් මේ ක්ලෙශකාමයෙහි පුනපුනා යෙදීමෙකුත් වේ ද, දුක් වූ ආර්‍ය්‍යයන් සතු නූවූ අවැඩ ඇසුරු කළ යම් මේ සිරුර පෙළීමෙහි පුනපුනා යෙදීමෙකුත් වේ ද, පැවිද්දහු විසින් මේ අන්ත දෙක (දෙකොටස) නො සෙවියයුතු. මහණෙනි, තථාගතයන් විසින් ඒ මේ අන්ත දෙකට නො පැමිණ පැනැස ඇති කරන නුවණැස ඇති කරන මැදුම් පිළිවෙත අවබොධ කරන ලද්දේ කෙලෙස් සන්හිඳුවීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී.

    එහි "ලාමක වූ ගැමි දහමක් වූ පුහුදුනන් විසින් සෙවුණු ආර්‍ය්‍යයන් සතු නොවූ අවැඩ ඇසුරු කළ කාමවස්තූන් කෙරෙහි යම් මේ ක්ලෙශකාමයෙහි පුනපුනා යෙදීමෙකුත් වේ ද" කියන්නේ කාමසුඛල්ලිකානුයොගයට. එහි "දුක් වූ ආර්‍ය්‍යයන් සතු නූවූ අවැඩ ඇසුරු කළ යම් මේ සිරුර පෙළීමෙහි පුනපුනා යෙදීමෙකුත් වේ ද" කියන්නේ අත්තකිලමථානුයොගයට. මේ දෙක එකකට එකක් ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක්.

    "ඕනෑම දෙයකට වැඩියෙන් ඇලෙනවානම් එය කාමසුඛල්ලිකානුයොගයට අයිති වෙනවා" යැයි කීවොත් අත්තකිලමථානුයොගයට වැඩියෙන් ඇලීමත් වරදවාගෙන කියන්න වෙන්නේ ඊට වෙනස් අන්තයක් වන කාමසුඛල්ලිකානුයොගයට අයිතියී කියලයි. "ඕනෑම දෙයකට වැඩියෙන් ඇලෙනවානම් එය කාමසුඛල්ලිකානුයොගයට අයිති වෙනවා" යැයි කීවොත් කාමසුඛල්ලිකානුයොගයෙන් බැහැර වූ මැදුම් පිළිවෙතට වැඩියෙන් ඇලීමත් වරදවාගෙන කියන්න වෙන්නේ කාමසුඛල්ලිකානුයොගයට අයිතියී කියලයි. මේ අනුව "ඕනෑම දෙයකට වැඩියෙන් ඇලෙනවානම් එය කාමසුඛල්ලිකානුයොගයට අයිති වෙනවා" යැයි කීම නිවැරදි භාෂිතයක් නොවන බව ඔබට වටහා ගන්න පුළුවන් වේවි.

    මේ ත්‍රෙඩ් එකේ කතා වෙන්නේ කාම මිත්‍යාචාරයේ හැසිරීම පිළිබඳව. එයම කාමයෙහි මිසහසරෙහි යෙදීම ලෙසත් කාමෙසුමිච්ඡාචාරා ලෙසත් හැඳින්වෙනවා. කාමසුඛල්ලිකානුයොගය සහ කාම මිත්‍යාචාරයේ හැසිරීම යන කරුණු දෙක අතර ඇති සමානකම්, අසමානකම්, කවරක් කවරකට ඇතුලත්ද, කවරක් කවරකට ඇතුලත් නැත්ද ආදී ලෙස විමසා බලන්න.

    කාම මිත්‍යාචාරයේ හැසිරීම කියන්නේ කුමක්දැයි නිවැරදිව දැන ගැනීම පිණිස ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ මූල පන්නාසකයේ චූල යමක වර්ගයේ සාලෙය්‍යක සූත්‍රය [ සාලෙය්‍යක සූත්‍රය - http://thripitaka.org/view/sp/sp4/682 ] කියවා බලන්න. ත්‍රිපිටකයේ තවත් බොහෝ තැන් වල කාම මිත්‍යාචාරයේ හැසිරීම යනු කුමක්ද, එහි ආදීනවයන්, ඉන් වැළකීම ආදී විස්තර දැකිය හැකියී.

    Skylark

    Last edited:

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    බුදු සන්තනේ මෙහෙම ත් නට් ලූස් වෙච්ච බණ,,,,,අර කිව්වා වගේ මස් මාංශ නෙවේ කැමති කිසිම කැමක් කන්න බැහැ,,දිව රමණය වෙන නිසා,,,ඇයි කාම මිථ්‍යාචාරෙට අහුවෙනවනේ,,,,අපි නොදැනුවත්ව කොච්චර නම් 3 වෙනි සිල් පදය කඩලා ඇත්ද ඔය විදියට,,,,මේ බණ ප්‍රඥාවන්තයින්ට කියලා එකෙක් කියලා තියෙන්නෙ ,,,ඇත්ත වෙන්න ඇති,,,,හැබැයි මේ බණ අවබෝධ කරගන්න නම් තමුන් ඉඳගන්න තැන ප්‍රඥාව තියෙන්න ඕනෑ
     
    Jul 5, 2012
    1,773
    265
    0
    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    බුදුරජානන් වහන්සේ චතුර ලෙස භාෂාව හසුරුවන ආකාරය පුදුමාකරයි. සූත්‍ර කියවන විට දැකිය හැකියී බුද්ධ භාෂිතයේ එක වාක්‍යයක් ගත්තත් අර්ථය නිවැරදිව ඇතිවන ආකාරයට එම වාක්‍යය පවසා තිබෙන බව. මේ නිසා බුද්ධ භාෂිතය විමසන්න යන විට එක එක වාක්‍යය වෙන් වෙන්ව විමසුවත් වරදවා ගන්නේ නැතිව පහසුවෙන්ම නිවැරදි අර්ථය වටහා ගන්න පුළුවන්. එම චතුර හැකියාව ගැන විමසා බලා හැකි පමණින් ඔබත් ඒ හැකියාව ඔබට හැකි පමණින් ඇති කරගන්න උත්සාහ ගන්න. මේ වදන් පෙළ දෙස බලන්න:

    සංවාදයේදී ඔබ ලියා ඇති එම කරුණ කියවන්නා විසින් වැරදි අර්ථයෙන් ගන්න ඇති හැකියාව අඩුයි. නමුත් අදාල වාක්‍යය තනිව ගත්තොත් යම් අයෙක් එය වැරදි ලෙස වටහා ගන්න පුළුවන්. එම වාක්‍යය මෙසේ ලියන්න පුළුවන්:

    මේ තවත් ආකාරයක්:

    මේ තවත් ආකාරයක්:

    සංස්කරණය කිරීමට හැකි නම් එවන් ආකාරයකට ඔබ ඉහත ලියා ඇති කරුණ පැහැදිලි බවින් වැඩි වඩාත් චතුර ලෙසට ඉදිරිපත් කිරීමට සංස්කරණය කරන්න.

    බුදුරජානන් වහන්සේ චතුර ලෙස භාෂාව හසුරුවන ආකාරය පුදුමාකරයි. අපි ඒ ගැන විමසා අපට හැකි පමණින් ඒ චතුර බව ඇති කරගන්න උත්සාහ ගන්න ඕනෑ. මගේත් භාෂාව හැසිරවීමේ අඩුපාඩු බොහෝ තිබෙනවා. නමුත් මම නිවැරදි වීමේ උත්සාහය අත හරින්නේ නැහැ. එවිට යම් ප්‍රමාණයකට හරි අඩුපාඩු අඩු වේවිනේ. එය වටිනවා.

    Skylark

    පිංවත් ස්ක්යිලාක්, ඔබට බොහෝ පින්
     
    Jul 5, 2012
    1,773
    265
    0
    බුදු සන්තනේ මෙහෙම ත් නට් ලූස් වෙච්ච බණ,,,,,අර කිව්වා වගේ මස් මාංශ නෙවේ කැමති කිසිම කැමක් කන්න බැහැ,,දිව රමණය වෙන නිසා,,,ඇයි කාම මිථ්‍යාචාරෙට අහුවෙනවනේ,,,,අපි නොදැනුවත්ව කොච්චර නම් 3 වෙනි සිල් පදය කඩලා ඇත්ද ඔය විදියට,,,,මේ බණ ප්‍රඥාවන්තයින්ට කියලා එකෙක් කියලා තියෙන්නෙ ,,,ඇත්ත වෙන්න ඇති,,,,හැබැයි මේ බණ අවබෝධ කරගන්න නම් තමුන් ඉඳගන්න තැන ප්‍රඥාව තියෙන්න ඕනෑ

    :D:D:yes::yes:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ධර්මය ප්‍රඥ්ඥාවන්තයින්ටම පමණයි.උගත්කම තිබූ පමණින් හෝ ත්‍රිපිටකය කටපාඩම් කරගත් පමණින් ප්‍රඥ්ඥාව ඇති කරගන්න බෑ.ත්‍රිපිටකයේ මතුපිට අර්ත යන්තම් දැනගත් පමණින් ඔහු ප්‍රඥ්ඥාවන්තයෙක් වෙන්නෙ නෑ.එවැනි පදපරම පුද්ගලයින් විසින් මෙසේ අරිය උත්තමයින් වහන්සේ ගරහා කරගන්නේ විශාල අකුසල කර්මයක්.නමුත් ඒ බව ඔවුන්ට නොවැටහෙන්නේ ඔවුන් තමන් විසින් ලත් දැනුමෙන් යම් ආකාරයක මත් වීමකට පත්වී සිටින නිසයි.ස්වාමීන්වහන්සේ දේශනා කරන්නේ ඉතා ගැඹුරු කරුනක්.එම දේශනාවේ ගැඹුර වටහා ගත හැක්කේ ප්‍රඥ්ඥාවන්තයින්ට මිස දැනුමෙන් මත්වූ පදපරම පුද්ගලයින්ට නොවෙයි.නිවන යනු දැනීමක් නොව දැකීමකි.නිවන දැකගත හැක්කේ ප්‍රඥ්ඥාව තුලින්ම පමණයි.

    ප්‍රඥාව ගැන ඉහත පරිදි ලියා ඇති "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි. " යැයි පවසන ලද sgrdk1 ගේ ධර්ම ඥාණය කෙබඳුදැයි දැන ගැනීම සඳහා එළකිරියේම "ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download" යන ත්‍රෙඩ් එක කියවා බලන්න.

    සමහර පුද්ගලයින්ගේ මෝඩකම හරිම ගැඹුරුයි, පමණ කරන්න අපහසුයි, මහා සාගරයක් වගේ.

    Skylark
     
    • Like
    Reactions: sgrdk1

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,495
    784
    113
    Jumeirah Beach
    ධර්මය ප්‍රඥ්ඥාවන්තයින්ටම පමණයි.උගත්කම තිබූ පමණින් හෝ ත්‍රිපිටකය කටපාඩම් කරගත් පමණින් ප්‍රඥ්ඥාව ඇති කරගන්න බෑ.ත්‍රිපිටකයේ මතුපිට අර්ත යන්තම් දැනගත් පමණින් ඔහු ප්‍රඥ්ඥාවන්තයෙක් වෙන්නෙ නෑ.එවැනි පදපරම පුද්ගලයින් විසින් මෙසේ අරිය උත්තමයින් වහන්සේ ගරහා කරගන්නේ විශාල අකුසල කර්මයක්.නමුත් ඒ බව ඔවුන්ට නොවැටහෙන්නේ ඔවුන් තමන් විසින් ලත් දැනුමෙන් යම් ආකාරයක මත් වීමකට පත්වී සිටින නිසයි.ස්වාමීන්වහන්සේ දේශනා කරන්නේ ඉතා ගැඹුරු කරුනක්.එම දේශනාවේ ගැඹුර වටහා ගත හැක්කේ ප්‍රඥ්ඥාවන්තයින්ට මිස දැනුමෙන් මත්වූ පදපරම පුද්ගලයින්ට නොවෙයි.නිවන යනු දැනීමක් නොව දැකීමකි.නිවන දැකගත හැක්කේ ප්‍රඥ්ඥාව තුලින්ම පමණයි.

    :yes::yes::yes::yes::yes::yes:

    Repped ++++++++++++++++++
     
    • Like
    Reactions: sgrdk1

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සියලු දෙනාට හැකි ඉක්මනින් සත්‍ය වැටහේවා ! අරිය උතුමන් ගරහා අකුසල් රැස් කර නොගනිත්වා !