ඇස්ට්‍රල් ලෝකය හා සැබෑ ලෝකය අතර සැරිසරන හš
➡ මෙම ලිපිය අතුල මංචනායක මහතා විසින් නවයුගය පුවත්පතේ 1998 දෙසැම්බර් කලාපයට ලියූ ලිපියක් වන අතර මේ පිළිබඳ සියළුම ගෞරවය එතුමාටම හිමි විය යුතුය.
අප ජීවත්වන භෞතික ලෝකය හා සමාන්තරවම එහි අනු පිටපතක් ලෙසින් සූක්ෂ්ම ලෝකයක් පවතින බවත් එම සූක්ෂ්ම ලෝකය ඇස්ට්‍රල් ලෝකය වශයෙන් හැඳින්විය හැකි බවත් පසුගිය කලාපයේ පළවූ ලිපිය මගින් පෙන්වා දෙන ලදී. මෙම ලිපියෙන්ද ඒ පිළිබඳව තවත් කරුණු කිහිපයක් සලකා බලමු. මෙම ලිපිය සකස් කිරීමේදී ද ප්‍රයෝජනයට ගෙන ඇත්තේ "ද තියෝසොෆිකල් පබ්ලිෂිං හවුස්" මගින් මෙම සියවස මුල් භාගයේදී ප්‍රකාශයට පත් කළ සී.ඩබ්ලිව්. ලෙඩ්බීටර්ගේ "The Astral Plane" නමැති කෘතිය සහ ස්වාමි පංචදාසිගේ "The Astral World" නමැති ඉපැරණි කෘතිය බව කෘතඥ පූර්වකව සඳහන් කරමු.(මේ කෘතීන් පිළිබඳ ඡායාරූප හා විස්තර නවයුගය නොවැම්බර් කලාපයේ පළවිය.)
යම් පුද්ගලයකු හට ඇස්ට්‍රල් ලෝකයෙහි පවතින දේ ගැන දැනගැනීමට සහ එහි පිවිසිය හැකි වන්නේ කෙසේද යන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් දිය හැකි කරුණු කිහිපයක් ඉහත සඳහන් කළ දේවධර්මවාදී(Theosophical) ඉගැන්වීම් ඇසුරෙන් විස්තර කර ඇති ආකාරය විමසා බලමු. යම් පුද්ගලයෙකුට ඇස්ට්‍රල් තලයට පිවිසීම සඳහා මාවත් දෙකක් ඇත. ඉන් පළමුවැන්න වන්නේ ඇස්ට්‍රල් ඉඳුරන් භාවිතයයි. දෙවැන්න නම් "ඇස්ට්‍රල් බොඩි" හෙවත් "මනෝකාය" භාවිතයෙන් ඇස්ට්‍රල් තලයට පිවිසීමයි. මෙහිදී "ඇස්ට්‍රල් ඉඳුරන්" යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි පළමුව සලකා බැලිය යුතු වේ. මිනිසාගේ භෞතික සිරුරෙහි ඇති පසිඳුරන් හා සමානවම මනෝකායෙහි හෙවත් ඇස්ට්‍රල් සිරුරෙහි ද ඇස්ට්‍රල් ඉන්ද්රියයන් පහක් ඇති බැව් ඉහත කී කෘතීන් හි පැහැදිලිවම දැක්වේ.
මෙම ඇස්ට්‍රල් පසිඳුරන් නිසි පරිදි ප්‍රයෝජනයට ගන්නේ නම්, එමගින් ඇස්ට්‍රල් ලොව ඇති දේ සංජානනය කර ගත හැකි වේ. භෞතික සිරුරෙහි ඇති පසිඳුරන් මඟින් භෞතික ලෝකය සංජානනය කරන්නේ යම් සේද ඇස්ට්‍රල් පසිඳුරන් මගින්ද ඇස්ට්‍රල් ලෝකය සංජානනය කළ හැකි වන්නේය. ඒ අනුව සෑම මිනිසකුම සතුව ඇස්ට්‍රල් ලෝකය දැකීමේ, ස්පර්ශ කිරීමේ, ඇසීමේ, ගඳ සුවඳ දැනීමේ සහ රස බැලීමේ හැකියාව, සැඟවුණු හැකියාවන් ලෙසින් පවතින්නේය.
ඒ අනුව හදිසියේ අහඹු ලෙස හෝ ක්රමානුකූල අභ්‍යාස මගින් ඇස්ට්‍රල් ලොව සංජානනය කිරීමට යම් පුද්ගලයෙකු හැකියාවක් ලදහොත් භෞතික ඉඳුරන් මගින් භෞතික ලෝකය සංජානනය කරන පරිද්දෙන්ම ඇස්ට්‍රල් ලෝකය සංජානනය කිරීමේ හැකියාව ලැබෙන්නේය. පේන කීමේ හෝ දේව බලයෙන් ශාස්ත්‍ර කීමේ නියුක්ත පුද්ගලයකුට සුළු මොහොතකට හෝ තාවකාලිකව ඇස්ට්‍රල් ලොව තුල සිදුවන දෑ දැකීමට ඉඩ ලැබෙන අතර ක්‍රමානුකූලව කරනු ලබන මානසික අභ්‍යාස හෙවත් භාවනාම පිළීවෙත් අනුගමනය කරමින් මනසේ අඩංගු සැඟවුණු හැකියාවන් විවෘත කර ගත් අයෙකුට, තමන් සතු භෞතික ඉඳුරන් පද්ධතිය තාවකාලිකව වසා දමා, ඇස්ට්‍රල් ඉඳුරන් ප්‍රයෝජනයට ගැනීමේ ක්‍රියාවලියට මාරුවීමට ඉඩ ලැබෙනු ඇත. එමෙන්ම තමාගේ අභිමතය පරිද්දෙන් එක් පද්ධතියකින් අනෙකටත් යම් කාලයකට පසු එහි සිට මුල් පද්ධතියටත් මාරු වීමේ හැකියාව ලැබෙන්නේය.
දේව වරමකින් හෝ වෙනත් ආකාරයකින් ශාස්ත්‍ර කීමේ යෙදී සිටින පුද්ගලයකුට ඇස්ට්‍රල් ලොව තුල සිදුවන දෑ දැනගැනීම සඳහා තම භෞතික ශරීරයෙන් ඉවත් විය යුතු නොවේ. තම භෞතික සිරුර තුළ ඉඳිමින්ම, විවෘත කර ගනු ලැබූ ඇස්ට්‍රල් ඉඳුරන් එකක් හෝ දෙකක් මගින් වුවද ඇස්ට්‍රල් ලොව තුළ සිදුවන දෑ පිළිබඳ තොරතුරු ප්‍රකාශ කළ හැකි වේ.
එහෙත් උසස් අධිමානසික ශක්තීන් අවදිකරගත් ධ්‍යානලාභී යෝගියෙකු හට භෞතික ලෝකය තුළ මෙන්ම ඇස්ට්‍රල් ලෝකය තුල සිදුවන සියලුම දේ එක්වර සංජානනය කිරීමේ හැකියාව ලැබෙන්නේය.
ඇස්ට්‍රල් ලොවට පිවිසීමේ දෙවැනි මාවත වන්නේ යම් පුද්ගලයකු තමන් සතු භෞතික සිරුර අත්හැර මනෝකායට හෙවත් ඇස්ට්‍රල් සිරුරට පිවිසී එමගින් ඇස්ට්‍රල් ලෝකය සංජානනය කිරීමය. මෙහිදී එම පුද්ගලයා ඇස්ට්‍රල් ලොව තුළ හැසිරෙන්නේ තමන් පිවිසි ඇස්ට්‍රල් සිරුර හෙවත් මනෝකාය උපයෝගී කර ගනිමිනි.
මෙම මනෝකාය නිර්මිත වී ඇත්තේ ඊතරීය පදාර්ථවලින් වන අතර ඒවා ඉතා ඉහළ කම්පන තරංග මඟින් නිරූපනය වන්නේය. එම ඊතරීය පදාර්ථ යනු ද්‍රව්‍යයක්(Matter) නොවන බව මැනවින් අවබෝධ කරගත යුතු වේ. එය ද්‍රව්‍යයක් නොවන අතර යම් බලවේගයක්ද නොවන බව වටහාගත යුතු වේ. එය පදාර්ථය(Matter) යනුවෙන් දන්නා දෙයට වඩා සියුම් වේ.
සාමාන්‍ය තත්ත්වයන් යටතේ ඇස්ට්‍රල් සිරුරක් සංජානනය කරගත හැකි වන්නේ ඇස්ට්‍රල් ඉඳුරන් මගින් පමණක්ම වුවත් සුවිශේෂ තත්ත්වයන් යටතේ දුමාරයක් හෝ වාෂ්පමය ස්වරූපයක් ලෙසින් මනෝකායක් හෙවත් ඇස්ට්‍රල් සිරුරක්, භෞතික ලෝකයෙහි වසන්නෙකුට භෞතික ඉඳුරන් මගින් දැකීමට හැකිවීමට ඉඩ තිබේ. මනෝකාය යනු භෞතික සිරුරේම අනුපිටපතක් හාම සමාන වූවක් වන අතර භෞතික සිරුර මරණයට පත් වීමෙන් පසු විනාශ වී යන නමුත් ඇස්ට්‍රල් සිරුර මරණයෙන් පසු ද ස්ජීවී ස්වරූපයකින් තවත් කාලයක් පවතින්නේය. එහෙත් මනෝකාය යන්න අමරණීය හෝ අජරාමර දෙයක් ලෙස සිතා ගත යුතු නොවේ. යම් කාලසීමාවකට පසු ඇස්ට්‍රල් සිරුරද භෞතික සිරුර හා සමානවම ස්වභාවිකව විනාශ වී දිරාපත් ව වෙනත් අංශූන්වලට විභේදනය වී පරිවර්තනය වන්නේය.
භාවනා ක්‍රම මගින් සිත දියුණු කර ධ්‍යාන බල උපදවාගත් යෝගීවරයෙකුට නින්දෙදි හෝ සමාධිගත අවස්ථාවකදී තම භෞතික සිරුර තාවකාලිකව අතහැර ඇස්ට්‍රල් සිරුරට පිවිසී, මඳ වේලාවක් ඇස්ට්‍රල් ලෝකය තුළ සැරිසරා නැවත භෞතික සිරුරට පිවිසී නින්දෙන් හෝ සමාධිගත අවස්ථාවෙන් අවදිවීමට හැකියාව ඇත්තේය. යම් කෙනෙකුගේ මනෝකාය හා භෞතික කාය එකිනෙක හා සම්බන්ධ කරන්නා වූ ඊතරීය ද්‍රව්‍යයන්ගෙන් සැදුම්ලත් තන්තුවක් වැනි අවයවයක් ද පවතින්නේය. යම් කෙනෙකු තම භෞතික ශරීරයෙන් වෙන් වී ඇස්ට්‍රල් සිරුරට පිවිසී ඇස්ට්‍රල් ලොව සැරිසරන කාලය මුළුල්ලේම මෙම සිරුරු දෙක අතර සම්බන්ධතාව පවත්වා ගනු ලබන්නේ මෙම තන්තුව හෙවත් ඊතරීය රැහැන මගිනි. ඇදෙන සුළු ස්වභාවයක් ගන්නා එය හදිසි අනතුරකින් හෝ කොටස් දෙකකට වෙන් වුවහොත් ඉහත කී ඇස්ට්‍රල් සිරුරට පිවිස සිටි තැනැත්තා හට නැවත වරක් තමාගේ භෞතික සිරුරට ඇතුළු විය නොහැකි වන්නේ ය. එවිට අනිවාර්ය වශයෙන්ම එම තැනත්තා භෞතික වශයෙන් මරණයට පත්වීම සිදු වන්නේය. එහෙත් එවැනි හදිසි අනතුරු සිදු වන්නේ ඉතා කලාතුරකිනි.
සාමාන්‍ය මිනිසුන් බොහෝ දෙනෙකු නින්දට පත්ව ගත කරන කාලය තුලදී ස්වකීය ඇස්ට්‍රල් සිරුරට පිවිසී ගමන් කිරීමට හැකියාව ලැබෙන නමුත් ඒ බොහෝ දෙනෙකු හට අවදිවීමත් සමගම ඒ කිසිදු අත්දැකීමක් පිළිබඳව මතකයන් රඳා නොපවතින්නේය. එහෙත් භාවනාක්‍රම පුරුදු පුහුණු කළ තැනැත්තාහට තමාගේ අවශ්‍යතාව හා ඕනෑකම අනුව පිවිසි ඇස්ට්‍රල් ලෝකයෙහි තොරතුරු සියල්ලම පාහේ, භෞතික සිරුරට පිවිසි පසු ද මතකයට නඟා ගැනීමේ හැකියාව පිහිටන්නේය. එවැනි ධ්‍යානලාභී යෝගියෙකුට, ඇස්ට්‍රල් ලෝකය, භෞතික ලෝකය පරිද්දෙන්ම හුරු පුරුදු ස්ථානයක් වන්නේය.
ඉහත සඳහන් කළ තොරතුරු ලබා ගත්තේ දේවධර්මවාදී ගත් කතුවරයන් දෙදෙනෙකු විසින් ප්‍රසිද්ධියට පත් කළ පැරණි ග්රන්ථ දෙකකින් බව නැවත සඳහන් කරන අතර නූතන අධිමානසික විද්‍යාඥයන් මේ දක්වා මනෝකාය පිළිබඳව සොයා ගෙන ඇති තොරතුරු සියල්ල ඉහත කී තොරතුරු සමඟ මනා ලෙස ගැලපීමක් පෙන්වන්නේය. මනෝකාය පිළිබඳව වත්මන් අධිමානසික පර්යේෂකයන් අවධානය යොමු කිරීමට පටන් ගත්තේ 1975 න් පසුව, මරණයට ඉතා ආසන්න අවස්ථාවකට(Near Death Experience) පත්ව කිසියම් වාසනා බලයක් හෝ වෛද්‍යවරුන්ගේ දක්ෂතාවන් නිසා නැවත ජීවත් වීමේ භාග්‍ය ලැබූ රෝගීන් විසින් සුවපත් වීමෙන් පසුව, තමා ඒ දුෂ්කර අවස්ථාවේ තම භෞතික සිරුරෙන් බැහැරව අවකාශයෙහි පාවෙමින් සිටි බවත් තමන්ගේ සිරුර පහළින් වූ ඇඳ මත හෝ ශල්‍යාගාරයේ මේසය මත වැතිර තිබෙනු දුටු බවත් පැවසෙන අත්දැකීම් ඇතුලත් සැබෑ වාර්තා ගණනාවක් ලෝකයේ සෑම රටකින්ම පාහේ ප්‍රසිද්ධියට පත්වීමත් සමගය.
මේ සම්බන්ධව බටහිර පළමුවන ග්‍රන්ථය වන්නේ හදවත් රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥයකු වන රේමන්ඩ් මූඩිගේ "Life After Life" හෙවත් "ජීවිතයට පසු ජීවිතය" යන්න වේ.
මෙම කෘතිය පළවීමෙන් මෙතෙක් කල් අධිමානසික විද්‍යාඥයන්ගේ පර්යේෂණයට ලක් නොවී තිබූ ක්ෂේත්රයක් වන මනෝකාය පිළීබඳව දැඩි අවධානයක් යොමුවීම පටන් ගැනුණු බව විශෙෂයෙන් සඳහන් කළ යුතුය.
1975 පටන් මේ දක්වා ඉහතකී "NDE" හෙවත් මරණයට ඉතා ආසන්න අත්දැකීම් තුලදී සිරුරෙන් බැහැර වූ මෙන්ම තමන්ගේ කැමැත්ත පරිදි ක්රමානුකූල මානසික අභ්‍යාස මගින් සිරුරෙන් බැහැර අත්දැකීම්(Out of Body Experience) ලබා ගන්නා ආකාරය පිළිබඳව ද පොත්පත් රාශියක් පළ වී තිබේ. මෙයට අමතරව ඇස්ට්‍රල් සංචාරවල හෙවත් Astral Travel හි යෙදීම පිළිබඳව බොහෝ තොරතුරු ප්‍රකාශයට පත් වී තිබේ.
ඉදිරි කාලයේ දී කෙරෙන අධිමානසික පර්යේෂණ මගින් මෙම ක්ෂේත්රය පිළිබඳව තව තවත් අලුත් ගවේෂණ සිදු වනු ඇති බැව්ද ඒ අනුව අධිමානසික ක්ෂේත්රයේ නිම්වළලු තව තවත් පුළුල් වනු ඇතැයි ද අපේක්ෂා කළ හැකි වේ.
නවයුගය පුවත්පතේ පලවුනු සිරුරෙන් බැහැරවන ක්‍රම කියන ලිපි පෙලේ කොටස් කිහිපයක් මං ගාව තියනවා. කවුරුහරි ගාව හරි ඒ ලිපි තියනවනම් PM එකක් දාන්න මචංලා.
සිරුරෙන් බැහැර අත්දැකීම්
↪http://www.elakiri.com/forum/showthread.php?p=20352818↩

Last edited: