“මට “මහ රජානෝ” කියා මුලින්ම කිව්වේ සිරිසේන… ඊට පස්සේ තමයි මිනිස්සු එහෙම කියන්න ගත්තේ” – මහින්ද
ජනතාවට බරක් වූ වැට් බද්ද වහාම ඉවත්කර ගැනීමට පියවර ගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ප්‍රාග්ධන බද්ද හෙවත් ධන බද්දද අද දවසේ ධනවතුන්ට නොව දුප්පත් ජනයාට පීඩාවක් බව රාජපක්ෂ මහතා කියා සිටියේ අද(04)බලංගොඩ,මහවලතැන්න චන්ද්රසේනමුදලින්දාරාමයේ බහුකාර්ය ගොඩනැඟිල්ල විවෘත කිරීම හා බෝධි ප්රාකාරයට මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.
ආණ්ඩුවට වැඩක් කරන්නට බැරිවන විට පසුගිය රජයේ රාජපක්ෂවරුන් මතක් වන බවත්,රෝගියෙකු මුත්‍රා පරීක්ෂා කරවා ගන්න රෝහලකට ගිය විට තමන්ගෙ මුත්‍රා ටිකටත් ගෙවන්න සිදුවී ඇති බව හෙතෙම සිහිපත් කළේය.
මේවන විට සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්රයෙන්ද බදු අය කරන බවත්,මේ ක්ෂේත්රවලින් බදු අයකිරීම ඉතා වැරදි බවත්,මෙය උගත්කමෙනුත් බදු අයකර ගැනීමක් බවත් ඔහු අවධාරණය කළේය.
බල්ලන් වෙනුවෙන් බලු බද්ද අයකරනු ලැබුවේ සුද්දාගේ කාලයේ වුවද, මේ සුද්දාගේ කාලයේ ද දැන් බල්ලන් ඇති කරන අයගෙනුත් බදු අයකිරීමට කටයුතු කරන බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
මොවුන්ට හැකියාව ඇත්තේ තමන්ට බැණීමට හෝ හිරේ දැමීමට පමණක් බවත්,ඒ කාලයේ එහෙම නොකීව බවත්,තමන්ට’මහ රජාණෝ’යයි නම තැබුවේද එනම් ඒ නම මුලින්ම කීවේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල මහතා බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එතුමා තමාට’මහා රජාණෝ’යයි කියන්න පටන් ගත් විට සාමාන්‍ය මිනිස්සුද එය කියන්නට පටන් ගත් බව රාජපක්ෂ මහතා මෙහිදී සිහිපත් කළේය.
එවක කෝටි ගණනක බෙහෙත් ගෙන්වා බෙදා හැරීම් නොකොට තබාගෙන සිටිය බවත්, ඒ නිසාම බෙහෙත් ද්‍රව්‍ය නැති බවට දොස් නැඟුවේද තමාට බවත් කියා සිටි රාජපක්ෂ මහතා මේ ආකාරයට ධීවරයින් තරහ ගැන්වූ බවත්,අධ්‍යාපන ක්ෂේත්රය අවුල් කළ බවත්, විශ්වවිද්‍යාල ක්ෂේත්රය තමා සමග විරසක කොට ඔවුන්ට හිරිහැර කළ බවත් ඔහු අවධාරණය කළේය.
මේ හැම අවුලකම වගකීම තමා පිට පටවා මේ හැමෝම එකම පැත්තකට ගොස් ඇමතිකම් ගනිද්දී මේ ඔක්කොම එකතුවෙලා අවුරුදු ගාණක් තිස්සේ තමාට යටින් ගේම දුන්නු බව හිතෙන බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය. සිරිසේන විසින් කල එම ප්‍රකාශය ඇතුලත් වීඩියෝව පහතින් බලන්න:
අයියෝ සිරිසේන
..දැන් බොරුවට සිංහ නාද කරාට ඒ කාලේ මෙයත් පුදුම විදිහටනේ ලොවලා තියෙන්නේ.






වද &න්නය කියුවෙ ආර්තික ඔස්තාර් කියල කඩ කාරයො කඩේ වහල පාරට බහිනව ඒ තරන් ආර්තික හොද වෙලා.