** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
පෞද්ගලික හේතුවක් මත එංගලන්ත තරග සංචාරයෙන් ඉවත්වූ තිලකරත්න ඩිල්ෂාන් ඕස්ට්‍රේෙලියාවට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි:20 තරගාවලියේදී නැවතත් කණ්ඩායමට එක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.

තිලකරත්න ඩිල්ෂාන් යළි කණ්ඩායමට එක්වුවද ඔහු කණ්ඩායමේ ක්‍රීඩා කළයුතු ස්ථානය පිළිබඳ ගැටළුවක් පැන නැගෙනු ඇත. එංගලන්ත සංචාරයේදී තිලකරත්න ඩිල්ෂාන් වෙනුවට ආරම්ක පිතිකරුවකු වශයෙන් කණ්ඩායමට කැඳවු ධනුෂ්ක ගුණතිලක සාර්ථක දස්කම් පෙන්වීම ඊට හේතුවයි.

ධනුෂ්ක ගුණතිලක තරග පහකදී අර්ධ ශතකයක් සමගින් ලකුණු 142 ක් රැස්කළ අතර ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 28.40 ක්ද පන්දු 100 ක් තුළදී ලකුණු ලබාගැනීමේ වේගය 100.00 ක්ද විය. පිට දඟපන්දුවෙන් කඩුලු 4 ක්ද දවාගත් ධනුෂ්ක ගුණතිලක අවසන් එක්දින තරගයේදී ලකුණු 48 කට කඩුලු තුනක් දවාගනිමින් ඔහුගේ හොදම පන්දුයැවීම වාර්තා කිරීමටද සමත්විය.

සීමිත ඕවර තරග වලදී ශ්‍රී ලංකා පිලේ ස්ථාවර ආරම්භක පිතිකරුවා වන කුසල් ජනිත් අයර්ලන්තයට එරෙහිව ශතකයක් වාර්තා කළද එංගලන්තය සමග පැවැති එක්දින තරගාවලියේදී පිත්තෙන් දස්කම් දැක්වීමට ඔහු තරමක් අපොහොසත් විය. තරග තහනම හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්වී සිටි කුසල් ජනිත්ට ස්ථාවර වීම සදහා යම්කිසි කාළයක් අවශ්‍යවන අතර ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසන්නේ කණ්ඩායමට ස්ථාවර වීමට කාලයක් අවශ්‍ය බවත් කණ්ඩායමේ ඉලක්කය 2019 ලෝක කුසලාන තරගාවලිය බවත්ය.

එංගලන්තයට එරෙහිව පැවැති එක්දින තරග පහ තුළදී කුසල් ජනිත්ට ලබාගත හැකිවූයේ ලකුණු 77 කි. ඔහුගේ අතර ලකුණු ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 15.40 ක් වූ අතර පන්දු 100 ක් තුළදී ලකුණු ලබාගැනීමේ වේගය 70.64 ක් විය.

කුසල් ජනිත් සහ ධනුෂ්ක ගුණතිලක තවමත් 25 වැනි වියෙහි පසුවන අතර තිලකරත්න ඩිල්ශාන් තවත් මාස තුනකින් පමණ 40 වැනි වියට පා තැබීමට නියමිතය. එසේ වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් අතර ඉහළම ශාරීරික යෝග්‍යතාවක් හිමි ක්‍රීඩකයා වන්නේද ඩිල්ෂාන්ය.

තිලකරත්න ඩිල්ශාන් අවසන් වරට සහභාගීවූ නවසීලන්ත තරගාවලියේ තරග පහකදී ලකුණු 112 ක් රැස්කළ අතර ඊට අර්ධ ශතකයත් (91) ඇතුළත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩනඟමින් සිටින බැවින් ඩිල්ෂාන්ගේ ස්ථානය අවදානමකට ලක්ව තිබේ

:confused::baffled::dull::frown:
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    1z5llk0.jpg
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    පරාජය ලොකු ප්‍රශ්නයක් නොවෙයි - මැතිව්ස්

    කණ්ඩායමේ ප්‍රධාන ඉලක්කය 2019 ලෝක කුසලාන තරගාවලිය
    ;););)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,989
    113

    පොර එහෙම කියලද...:angry: මූනං හරි යන එකෙක් නෙමේ...:dull:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පොර එහෙම කියලද...:angry: මූනං හරි යන එකෙක් නෙමේ...:dull:

    :yes::yes:

    ශ්‍රී ලංකා පිල එංගලන්ත සංචාරයෙන් පරාජයට පත්වුවත් ලොකු ප්‍රශ්නයක් නොමැති බවත් කණ්ඩායමේ ප්‍රධාන ඉලක්කය 2019 ලෝක කුසලාන තරගාවලිය බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් අද (07) පැවසීය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිල එංගලන්ත සංචාරය අවසන් කර අද නැවත පැමිණි අතර සංචාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවට නායක ඇන්ජලෝ මැතිව්ස් සහභාගි විය.

    එම මාධ්‍ය හමුවේදී මැතිව්ස් සංචාරය පිළිබඳව වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

    “මෙම සංචාරය අනිවාර්යෙන්ම අපිට දැඩි අභියෝගයක් වුණා. පළමු ටෙස්ට් තරග දෙකේ ලැබූ දැවැන්ත පරාජය එහිදී විශේෂයි. තනි තනි දස්කම් ගත්තොත් කුසල් මෙන්ඩිස්, චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක හොඳින් ලකුණු රැස් කළා. නමුත් අවාසනාවකට ඒවා ජයග්‍රහණයට ප්‍රමාණවත් වුණේ නෑ”

    “කුසල් ඇතුළු වැඩි සංඛ්‍යාවක් එංගලන්තයේ තරගාවලියකට සහභාගි වුණේ පළමු වතාවටයි. එහිදී කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න එංගලන්තයේ ශීත සහ පන්දුව දෝලනවන පරිසරය තුළ ජෙම්ස් ඇන්ඩසන්ට සහ ස්ටුවට් බ්‍රෝඞ්ට හොඳින් ක්‍රීඩා කළා”

    “මම දැනට නායකයා හැටියට සෑහීමකට පත්වෙන්නේ නෑ. අපි සියලුම අංශවලින් දියුණු විය යුතුයි. අපේ ක්‍රීඩකයෝ පුහුණුවීම් ඉතාමත් හොඳින් කරනවා. නමුත් අවාසනාවකට වගේ ආබාධයන්ට ලක්වෙනවා” යැයි මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.

    එක්දින තරගාවලියට ලබාදුන් කණ්ඩායම පිළිබඳව සෑහීමට පත්වෙනවාද යන ප්‍රශ්නයට මැතිව්ස් මෙසේ පිළිතුරු සැපයීය.

    “ලසිත් මාලිංග, ජෙෆ්රි වැන්ඩසේ, ධම්මික ප්‍රසාද්, දුෂ්මන්ත චමීර, ඒ වගේම අවාසනාවකට ශමින්ද එරංග අහිමිවීම තුළ තරගාවලිය පුරාම අපේ පන්දු යවන්නන්ගේ යම්කිසි පසු බෑමක් තිබුණා. මම හිතන්නේ ඒ අපිට තෝරන්න පුළුවන් උපරිම කන්ඩායම තමයි”

    “අපේ ප්‍රධාන පන්දු යවන්නන් පස් දෙනාගෙන් සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් දෙදෙනා හැර අනෙක් සියලුම ක්‍රීඩකයන් නවකයෝ. ඒ නිසා ඒ දෙපළට ටෙස්ට් සහ එක්දින තරගාවලිවලදී සෑහෙන්න වැඩ කොටසක් කරන්න වුණා”

    wisden Sri Lanka
     
    කියන්ඩ එව්වා නන් ගමකට තියෙනවා...:dull::dull::dull:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කියන්ඩ එව්වා නන් ගමකට තියෙනවා...:dull::dull::dull:

    :yes::yes::yes:

    ඔසි එක්ක මුල් ටෙස්ට් එක තියෙන්නේ පල්ලේකැලේ වේග පන්දු යවන අයට විකට් එක හොඳයි. අපේ උන් කයිද මුල්ම එක :(:(:(
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අද කුලේ විකට් 4 දාලා :D:D:D

    NatWest t20 Blast, South Group: Glamorgan v Sussex at Cardiff, Jul 7, 2016

    Glamorgan 149/6 (17/20 ov)
    Sussex

    kule 4 - 28 - 4

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,989
    113
    :yes::yes::yes:

    ඔසි එක්ක මුල් ටෙස්ට් එක තියෙන්නේ පල්ලේකැලේ වේග පන්දු යවන අයට විකට් එක හොඳයි. අපේ උන් කයිද මුල්ම එක :(:(:(

    කොළඹ ගැහුවත් කනවනේ මචන්...:dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    :yes::yes::yes:

    ඔසි එක්ක මුල් ටෙස්ට් එක තියෙන්නේ පල්ලේකැලේ වේග පන්දු යවන අයට විකට් එක හොඳයි. අපේ උන් කයිද මුල්ම එක :(:(:(

    :lol::lol::lol: තියෙන තැන ප්‍රශ්නයක් නැහැ ගොයියෝ...:rofl:
    මැතිස් ගේ ගෙදර වත්තේ සෙල්ලම් කරත් පරදිනවා අපේ උන් :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    කුසල් ජනිත් සහ ධනුෂ්ක ගුණතිලක තවමත් 25 වැනි වියෙහි පසුවන අතර තිලකරත්න ඩිල්ශාන් තවත් මාස තුනකින් පමණ 40 වැනි වියට පා තැබීමට නියමිතය. එසේ වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් අතර ඉහළම ශාරීරික යෝග්‍යතාවක් හිමි ක්‍රීඩකයා වන්නේද ඩිල්ෂාන්ය.

    දැන් නම් මම කියන්නේ මුන් දෙන්නව වෙනස් කරන්න නරකයි..ගුණතිලක නම් කොහොමත් අයින් කරන්න නරකයි...මිනිහ හොදට සෙල්ලම් කරනවා කුසල් පෙරේරාට වඩා...එත් ඩබලට තවම හරියට partnership එකක් නම් දාගන්න බැරිවුණා...කුසල් මෙන්ඩිස් + ගුණතිලක නම් හොදට සෙට් වුනා..ඉස්සරහට මුල් ඩබල හොදට ගහන්න ගත්තොත් ඉස්සර සනත් කළු වගේ හොද එකක් සෙට් වෙනවා....:love:
     
    ඩිල්ෂාන් පහළින් බැට් කරන්න කැමති වෙන එකක් නෑ. නොම්මර 4 ඩිල්ෂාන් එනවා නම් ටිම් එක බැලන්ස් වෙනවා හොඳට :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඩිල්ෂාන් පහළින් බැට් කරන්න කැමති වෙන එකක් නෑ. නොම්මර 4 ඩිල්ෂාන් එනවා නම් ටිම් එක බැලන්ස් වෙනවා හොඳට :)

    ඒ වුනාට ඌ ඕපන් ගහද්දි තමයි නේද හොදට සෙල්ලම් කරේ...ඒ වුනත් ඉතින් එහෙම සෙල්ලම් කරන්න පුලුවන්නම් පට්ට...හැබැයි දැන් තියෙන විදිහත් අවුලක් ම නැහැ...අපේ බොලින් තමා බන් චා..දැන් බලහන්...ඔස්ට්‍ර්ලියා උනත් බලහන් උන් අඩුවට කැඩුනොත් උන්ගේ බොලින් වලින් අල්ලනවනෙ...:(
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඒ වුනාට ඌ ඕපන් ගහද්දි තමයි නේද හොදට සෙල්ලම් කරේ...ඒ වුනත් ඉතින් එහෙම සෙල්ලම් කරන්න පුලුවන්නම් පට්ට...හැබැයි දැන් තියෙන විදිහත් අවුලක් ම නැහැ...අපේ බොලින් තමා බන් චා..දැන් බලහන්...ඔස්ට්‍ර්ලියා උනත් බලහන් උන් අඩුවට කැඩුනොත් උන්ගේ බොලින් වලින් අල්ලනවනෙ...:(

    ඩිල්ෂාන් අනිවා ඕපන් ගහයි කුසල් එක්ක :) ධනුෂ්ක මැදින් එවයි 6 වගේ, ඊලඟ ලෝක කුසලානය ඩිල්ෂාන් ගහන්නේ නැත්නම් විශ්‍රාම යවන්න ඕනා ලබන අවුරුද්දේ මැද වගේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඩිල්ෂාන් අනිවා ඕපන් ගහයි කුසල් එක්ක :) ධනුෂ්ක මැදින් එවයි 6 වගේ, ඊලඟ ලෝක කුසලානය ඩිල්ෂාන් ගහන්නේ නැත්නම් විශ්‍රාම යවන්න ඕනා ලබන අවුරුද්දේ මැද වගේ

    ඔව් අපරාදේ..ගුණතිලකට හරි ඔතන සෙට් වෙන්න පුළුවන් ටිකක් සෙල්ලම් කරලා...දිල්ශාන් WC ගහන්නේ නැත්තම් නිකන් අපරාදයක් වෙන්නේ මිනිහ සෙල්ලම් කරලා..:dull:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඩිල්ෂාන් අනිවා ඕපන් ගහයි කුසල් එක්ක :) ධනුෂ්ක මැදින් එවයි 6 වගේ, ඊලඟ ලෝක කුසලානය ඩිල්ෂාන් ගහන්නේ නැත්නම් විශ්‍රාම යවන්න ඕනා ලබන අවුරුද්දේ මැද වගේ

    reputation_neg.gif
    ** ||Sri Lanka tour of... 07-08-2016 12:02 PM දිල්ෂාන් ලබන අව්රුද්දෙ මැදම යවන්න ඕනද?මු&#3517

    ඩිල්ෂාන්ව යවන්න ඕනා කියන එකට කාටද රිදිලා
    :lol::lol::lol:

    ඩිල්ෂාන්ව යවන්න ඕනා කියන්නේ 2019 WC අපේ ඕපන් එන බැටාලට සෙට් වෙන්න කාලය ගන්න :) ධනුෂ්ක-කුසල් ස්ථාවර වෙන්න දිගටම එක දිගට සෙල්ලම් කරන්න දෙන්න ඕනා. WC ඩිල්ෂාන්ට ගහන්න පුලූවන් නම් කිසිම අවුලක් නෑ :nerd: