පෞද්ගලික හේතුවක් මත එංගලන්ත තරග සංචාරයෙන් ඉවත්වූ තිලකරත්න ඩිල්ෂාන් ඕස්ට්රේෙලියාවට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි:20 තරගාවලියේදී නැවතත් කණ්ඩායමට එක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.
තිලකරත්න ඩිල්ෂාන් යළි කණ්ඩායමට එක්වුවද ඔහු කණ්ඩායමේ ක්‍රීඩා කළයුතු ස්ථානය පිළිබඳ ගැටළුවක් පැන නැගෙනු ඇත. එංගලන්ත සංචාරයේදී තිලකරත්න ඩිල්ෂාන් වෙනුවට ආරම්ක පිතිකරුවකු වශයෙන් කණ්ඩායමට කැඳවු ධනුෂ්ක ගුණතිලක සාර්ථක දස්කම් පෙන්වීම ඊට හේතුවයි.
ධනුෂ්ක ගුණතිලක තරග පහකදී අර්ධ ශතකයක් සමගින් ලකුණු 142 ක් රැස්කළ අතර ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 28.40 ක්ද පන්දු 100 ක් තුළදී ලකුණු ලබාගැනීමේ වේගය 100.00 ක්ද විය. පිට දඟපන්දුවෙන් කඩුලු 4 ක්ද දවාගත් ධනුෂ්ක ගුණතිලක අවසන් එක්දින තරගයේදී ලකුණු 48 කට කඩුලු තුනක් දවාගනිමින් ඔහුගේ හොදම පන්දුයැවීම වාර්තා කිරීමටද සමත්විය.
සීමිත ඕවර තරග වලදී ශ්‍රී ලංකා පිලේ ස්ථාවර ආරම්භක පිතිකරුවා වන කුසල් ජනිත් අයර්ලන්තයට එරෙහිව ශතකයක් වාර්තා කළද එංගලන්තය සමග පැවැති එක්දින තරගාවලියේදී පිත්තෙන් දස්කම් දැක්වීමට ඔහු තරමක් අපොහොසත් විය. තරග තහනම හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්වී සිටි කුසල් ජනිත්ට ස්ථාවර වීම සදහා යම්කිසි කාළයක් අවශ්‍යවන අතර ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසන්නේ කණ්ඩායමට ස්ථාවර වීමට කාලයක් අවශ්‍ය බවත් කණ්ඩායමේ ඉලක්කය 2019 ලෝක කුසලාන තරගාවලිය බවත්ය.
එංගලන්තයට එරෙහිව පැවැති එක්දින තරග පහ තුළදී කුසල් ජනිත්ට ලබාගත හැකිවූයේ ලකුණු 77 කි. ඔහුගේ අතර ලකුණු ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 15.40 ක් වූ අතර පන්දු 100 ක් තුළදී ලකුණු ලබාගැනීමේ වේගය 70.64 ක් විය.
කුසල් ජනිත් සහ ධනුෂ්ක ගුණතිලක තවමත් 25 වැනි වියෙහි පසුවන අතර තිලකරත්න ඩිල්ශාන් තවත් මාස තුනකින් පමණ 40 වැනි වියට පා තැබීමට නියමිතය. එසේ වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් අතර ඉහළම ශාරීරික යෝග්‍යතාවක් හිමි ක්‍රීඩකයා වන්නේද ඩිල්ෂාන්ය.
තිලකරත්න ඩිල්ශාන් අවසන් වරට සහභාගීවූ නවසීලන්ත තරගාවලියේ තරග පහකදී ලකුණු 112 ක් රැස්කළ අතර ඊට අර්ධ ශතකයත් (91) ඇතුළත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩනඟමින් සිටින බැවින් ඩිල්ෂාන්ගේ ස්ථානය අවදානමකට ලක්ව තිබේ

මූනං හරි යන එකෙක් නෙමේ...