මම සාමාන්‍ය පෙළ විභාගයට ලිව්වෙ 1974 වසරෙ දෙසැම්බර් මාසෙ. පාඩම් කරන්නේ රෑ 9 වනතුරු පමණයි. නැවත උදේ 4 ට ඇහැරෙනවා. සති දෙකයි පාඩම් කලේ ඒ විදියට. එකවගේම හීනයක් පිට පිට දවස් තුනක් ම දුටුවා. රෑ 9 ට නින්දට ගිය වහාම මම සිහිනයක් දකිනවා. මීහරක් තරම් විශාල ඌරු රංචුවක් මගේ කාමරයේ ජනේලය ළඟට එනවා. මම ජනේලෙන් පැනලා උන්ගේ පිටට නගිනවා. ඌරු රංචුව මාවත් රැලගන කොහේ හෝ යනවා. අවසන එම සතුන් සියල්ලම බෝධියක් ළඟට මාව ගෙනියනවා. ඒ බෝධිය උසයි.හීනියි. කඳ අඩි 10 ක් 15 විතර උසින් දෙකට බෙදිලා. බෝධිය වටේට රවුම් ගල් වැටක් බැඳලා. එහි ගල් තැනින් තැන ගැලවිලා. පරණ පාටයි. බෝධිය අසල ගෙවල් පේළියක් තිබුනා. හරියට ලැයින් කාමර වගේ. මම මේ බෝධිය වටේ ඇවිඳිනවා. ටික වේලාවකින් ඌරු රැළ මාවත් පිටේ තියාගෙන නිවසට එනවා. ඇඳට ගොඩ වූ වහාම මට ඇහැරෙනවා. රාත්‍රී 12 ඔරලෝසුවේ වදින සද්දෙ ඒ එක්කම ඇහෙනවා. මේ විධියට දින තුනක් ම මම ඒ හීනය පිට පිටම දුටුවා. තුන්වැනි දවසෙ කලු උස මිනිසකු ඇඳ අසල ඉන්නවා දුටුවා. එදානම් මම බයවෙලා කෑ ගැසුවා. අම්මා ඒ ගැන විමසුවාම මම සිද්ධිය කීවා. ඉන් දින කීපයකට පසු අම්මා රෝගාතුර උනා. දැඩි සේ ගිලන් උනා ඇයව ජීවත් කරන්න බැරිවේවි යන බිය ඇති උනා. රෝහල් ගත කළා. ඇයට කෑම උයාගෙන රෝහලට යන්න සිද්ධ උනා. පාඩම් වැඩ කරන්න සිහියක් තිබුකන් නැහැ. අන්තිමේදී දියතලාවෙ අක්කා ගෙන්නා ගෙන අම්මාගෙ කටයුතු පවරා මම විභාගයට සූදානම් වුනා. කාලය කෙමෙන් ගෙවී ගියා. විසි එක් වැනි සියවසත් උදා උනා. එවිට මම ගුරුවරයෙක්. අපේ සිසුවකු ගෙ ගෙදර මළගමක් කියා ආරංචි උනා. තවත් ගුරුවරයකු සමඟ මළ ගෙදරට ගියා. පහළ ලේල්වල දොඩම්ගොඩ මාවත ඔස්සේ තමයි මළගෙදරට ගියේ. මළ ගෙදර සිට එන්නට හැරුනවිට එක් අයකු කීවා කිට්ටු පාරක් තිබෙන බව. අපි ඒ පාරට යන්නනනම් පොඩි කඳු ගැටයකින් යන්න ඕනෑ.මගේ මෝටර් සයිකලය ගත් ළමයෙක් එය පැදගෙන කන්ද මුදුනට ගෙනාවා. මමත් අනිත් ගුරුවරයාත් පයින්ම ඒ කඳුගැටය නැග්ගා. මෙන්න එතැන තිියෙනවා මම හීනෙන් දුටුව බෝධිය.එදා ඒ දුටු විදියමයි. එතැනම ලයින් කාමර පේළියක්ද තිබුනා. මම එදා දුටු දෙය ඒ ගුරුවරයාට කීවා(ඔහු චන්දන කුමාර කියලයි හඳුන්වන්නේ දක්ෂ ඉංග්‍රීසි ගුරුවරයෙක්) ඔහු මහත් භීතියට පත්වී මාවත් ඇදගෙන ඉක්මනින්ම ඒ ස්ථානයෙන් පිටවී එන්න ආවා. ලේල්වල වත්ත නො: 02 කොට සේ ඒ බෝධිය තාමත් තිබෙනවාලු. වසර 30 කට පමණ පෙර දුටු තැනකට නැවත පැමිණීමේ සිදුධිය මටනම් මහ පුදුමයක්. ඒක සිද්ධවෙන්නේ කොහොමද කියාලයි හිතාගන්න බැරි.
bump

එහෙම ගිහින් තිබුන නම් යටිහිතේ තැන්පත් උනු ඒවා ආයෙ ආයෙ පහු වෙලා හරි ඉස්මතු වෙන්න පුළුවන්




