Renault KWID (Review Guide)

Status
Not open for further replies.

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    රත්තරං;20408703 said:
    උබට ඕවා කියල දෙන්න කලින් බයිසිකල් වෑන් ලොරි බස් ගැන කියල දෙන්න ඕනේ ඒවගේ වෙනස්කම් ගැන,. දැන් බලපන් උබ ඔය කාර් එකක් කියල විල් බැරැක්කයක් වගේ එකක් අරන්.. උබට මොන ඔක්ටේන්ද බන්


    මෝඩ මීමෝ.. මම මේකේ වාහන ගැන දාපු ත්‍රෙඩ් කියෝල වර..

    ewa kiyola wadak nane bun me wahane gana dana gane. thats the whole point

    onan umba me wahanayak hoyagena full study kerela hama dema explain kerepan. etakota I will subscribe

    btw man kalin kiwe lodu seen eka led free kathawa explain kerane giya widiha tamai.

    hariyata kiyala deepanko oka, look above quoted from wikipedia
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උඹට තියෙන්නේ ලොඹු කටක් කියලා හැමෝම දන්නවා.

    නමුත් උඹේ කමෙන්ට් එක දාන්න කලින් මම ලියපු correction එක උඹ කියවලා තිබුණේ නෑ කියලා නම් පේනවා.

    එල එල එල.... ජාමේ යාන්තම් බේරිලා වැඩිය නාගන්න කලින්. සබන් ගාන්න කලින් පිහිදාගෙන ගොඩ පැන්න එක හොදා
    :rofl:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    ඉතිං ඒ වාක්‍යයේ කොයි කොටසද තේරෙන්නෙ නැත්තේ?

    pure iso-octane kiyane mokakda? iso-octane and 10% heptane would have an octane rating of 90.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    රත්තරං;20408686 said:
    උබට මුල ඉදන්ම උගන්නන වෙනවා.. පෑනකුයි කොලේකුයි ගනින්

    ඔය දැන් රෝද දෙකක් තියෙන එක තියෙන්නේ. හෙල්මට් දාන් යන්නේ ඒක බයිසිකලේ

    lucky13careful12.jpg


    අර රෝද තුනක් තියෙන ඉදගත්තහම ගල එලියේ තියෙන්නේ, අර උබ මේ ලගදි ගත්ත ඩක්කුව වගේම එක රෝදයක් අඩු එක. අන්න ඒක ත්‍රී වීල් එක

    225150214.jpg


    තව එතකොට අර මිනිස්සු නැගල යන්නේ, කොන්දෝ ටිකක්ට් කඩන්නේ.අන්න එවට කියන්නේ බස්

    kc8oLKa6i.gif



    පිටිපස්සේ තට්ටුවක් තියෙන බඩු ගෙනියන ඒවා.අන්න ඒවා ලොරි

    smiling-truck-in-cartoon-style-vector-995455.jpg


    අදට ඇති.. හෙට වරෙන් ඉතුරු ටික උගන්නන:yes::yes::yes:

    oya okkoma Japanda ayya????
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    රත්තරං;20408737 said:

    එල එල එල.... ජාමේ යාන්තම් බේරිලා වැඩිය නාගන්න කලින්. සබන් ගාන්න කලින් පිහිදාගෙන ගොඩ පැන්න එක හොදා
    :rofl:

    ඔය තියෙන්නේ ලොඹු කට...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ewa kiyola wadak nane bun me wahane gana dana gane. thats the whole point

    onan umba me wahanayak hoyagena full study kerela hama dema explain kerepan. etakota I will subscribe

    btw man kalin kiwe lodu seen eka led free kathawa explain kerane giya widiha tamai.

    hariyata kiyala deepanko oka, look above quoted from wikipedia

    ලෙඩ් කියන්නේ රොඩුද බන්??
    ඔක්ටේන් වැලිව් එකෙන් වෙනස් වෙන්නේ ලෙඩ් ප්‍රමානෙද බන්? :rofl::rofl:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    රත්තරං;20408780 said:
    ලෙඩ් කියන්නේ රොඩුද බන්??
    ඔක්ටේන් වැලිව් එකෙන් වෙනස් වෙන්නේ ලෙඩ් ප්‍රමානෙද බන්? :rofl::rofl:

    naha man use kere watura example eka, eke man led wenuwata gatte rodu.

    dan lissala yane nathuwa explain kerepan

    dane nathi deyak ahuwama ohomada kerane??

    ahapu nathi dewal wealta pana pana dunne :D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    pure iso-octane kiyane mokakda? iso-octane and 10% heptane would have an octane rating of 90.

    මෙහෙම තේරුම් ගන්න, Pure iso-octane කියන්නෙ ඔක්ටේන් අංකය 100 ක් වෙන ඉන්ධනයක්. ඒකට 10% හෙප්ටේන් එකතු කළොත් ඔක්ටේන් අංකය 90 ක් වෙනවා. :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    muut araka maga arala yanne ai kiyala hitha gane bane, danna ekek oka pahadili keranam:P


    ඉදා කියෝපන්... දැන්වත් නෝන්ඩි වෙන එක නවත්තපන්


    අද උදේම එලකිරි ලොග් වෙනකොට දැක්ක නූලක් හින්දා තමා මේ නූල දන්න හිතුනේ...

    වාහන පාවිච්චි හැමොටම එන ගැටලුවක් තමා තමන්ගේ වාහනේට ගහන්න ඕනෙ මොන ඔක්ටේන් අංකය තියෙන පෙට්‍රෝල් ද කියන එක...

    ඔක්කොටම කලින් අපි බලමු ඔක්ටේන් අංකය කියන්නේ මොකක්ද කියලා..

    01.ඔක්ටේන් අංකය (Octain Rating)
    ගොඩක් දෙනා හිතාගෙන ඉන්නේ ඔක්ටේන් අංකයෙන් කියවෙන්නේ පෙට්‍රෝල් දහනය කරලා ගන්න පුලුවන් බලය ගැන කියලා... ඒත් ඇත්තටම ඔක්ටේන් අංකයෙන් කියන්නේ වෙනත් දෙයක්...
    අපි පාවිච්චි කරන එන්ජින් වල තියෙනවා "සම්පීඩන අනුපාතය" (Compression Ratio) කියල එකක්... මීට කලින් එලකිරි එකේ මූලික එන්ජින් ක්‍රියාකාරීත්වය ගැන නූල් කිහිපයක්ම තිබුන නිසා මං මේ ගැන ගොඩක් කතා කරන්න යන්නේ නැහැ. සරලවම කියනව නම් එන්ජිමේ චූෂන පහරෙදි (Suction Stroke) ලබා ගත්ත වායු පරිමාව සම්පීඩන පහරෙදි (Compression Stroke) කොච්චර ප්‍රමානයකට සම්පීඩනය කරනවද කියන එකයි...
    උදා: ලීටර් 10ක් අරන් ලීටර් 1ක් වෙන්න සම්පීඩනය
    කරොත් සම්පීඩන අනුපාතය 10:1 කියලා කියනව.
    සම්පීඩන අනුපාතය වැඩිවෙනකොට එන්ජිමට පුලුවන් වැඩි බලයක් නිපද වන්න.( ඒකට හේතුව Thermo Dynamics පාඩමකදි කියන්නම්)

    සාමාන්‍යයෙන් පෙට්‍රොල් එන්ජිමක චූෂන පහරෙදි ඉන්ධන-වායු මිශ්‍රණයක් තමා සිලින්ඩරය අතුලට ලබා ගන්නේ ( GDI,FSI,SIDI කියන එන්ජින් වර්ග හැර). සම්පීඩන පහරෙදි මේ ගත්ත මිශ්‍රනය තමා Spark plug එකෙන් දහනය කරන්නේ.
    අපි අවට තියෙන හැම ද්‍රව්‍යකටම තියෙනව "Flash Point" කියලා අර්ථ දැක්වීමක්. මේකට කියන සිංහල නම නම් දන්නේ නෑ. එක්තරා උෂ්නත්වයකදී සහ පීඩනයකදී අපි අවට ටියෙන ඕනෑම දෙයක් ගිනිතැබීමකින් තොරව ඉබේ ගිනිගන්නවා. මෙන්න මේ උෂ්නත්වයට සහ පීඩනයට තමා Flash Point කියන්නේ.
    එන්ජිම ක්‍රියාත්මක වෙනකොට සම්පීඩන පහරෙදි ඉන්ධන -වායු මිශ්‍රණය විශාල උෂ්නත්වයකට සහ පීඩනයකට ලක් වෙනවා..මෙන්න මේ අවස්ථාවෙදි වැරදිලාවත් මිශ්‍ර වෙලා තියෙන පෙට්‍රෝල් එයාගෙ Flash Point කියන තැනට ලං වුනොත් එය ඉබේම ගිනි අරන් දහනය වෙන්න පටන් ගන්නව Spark plug එකෙන් දහනය කරන්න කලින්... සම්පීඩන අනුපාතය වැඩි වෙනකොට ඉන්ධන -වායු මිශ්‍රණය ලක්වෙන උෂ්නත්වයත්,පීඩනයත් වැඩි වෙනවා. ඉතින් එන්ජිමෙන් වැඩි බලයක් ගන්න සම්පීඩන අනුපාතය වැඩි කරොත් මේ ගැටලුවට අපිට මූන දෙන්න වෙනවා.

    මෙහෙම Spark plug එකෙන් දහනය කරන්න කලින් දහනය වෙන එකට තමා එන්ජිම නොක් (Knock) වෙනව කියලා කියන්නේ..එහෙම දහනය වෙන වෙලාවෙදි එන්ජිමේ පිස්ටනය ඉහලට ගමන් කරමින් තියෙන්නේ..අනවශ්‍ය තැනකදි දහනය වෙලා පීඩනය වැඩි වෙනවා කියන එක පිස්ටන් එකට දැනෙන්නේ කුළු ගෙඩියකින් ගැහුව වගේ...මේ Knock එක ගොඩක් දරුණු උනොත් එන්ජිමට Sorry.COM තමා..
    1-s2.0-S0360319912007690-gr11.jpg

    450px-bent_connecting_rod_2_J78_PakWheels%28com%29.jpg


    මේක නවත්වන්න නම් අපිට සම්පීඩන අනුපාතය අඩු කරන්න වෙනවා..ඒත් එහෙම කරොත් එන්ජිමෙ බලය ගොඩක් අඩු වෙනවා...ඉතින් විද්‍යාඥයෝ කරේ පෙට්‍රෝල් වල Knock වෙන්න තියෙන හැකියාව අඩු කරන්න පුලුවන් දෙවල් පෙට්‍රොල් වලට එකතු කරපු එක...එහෙම කරලා Test Engine එකක මේව ටෙස්ට් කරලා RON (Research Octane Number) කියලා අංකයක් ලබා දුන්නා. මේ අංකය දීලා තියෙන්නේ ටෙස්ට් එකට ගත්තු පෙට්‍රෝල් වල Knock නොවීමේ හැකියාව, එහෙමත් නැත්නම් Knock Resistance එකට සමාන හැකියාවක් තියෙන්නේ කොයි වගෙ iso-octane සහ n-heptane මිශ්‍රණයකද කියලා බලලා.

    උදා: 90%ක් iso-octane සහ 10% n-heptane මිශ්‍රණයක තියෙන Knock Resistance හැකියාව තියෙන පෙට්‍රෝල් 90 octane වර්ගයට අයත්. 95% සහ 5% මිශ්‍රණයකට සමාන නම් 95 octane පෙට්‍රෝල්.

    දැනට 88-100 අතර පරාසයේ තමයි පෙට්‍රොල් වල Knock Resistance එක තියෙන්නේ. ඒත් methane වගේ ඉන්ධනයක් ගත්තාම RON අංකය 120 ක් විතර වෙනවා..
    Octane-stickers.jpg


    Octane අංකය කියන්නේ මේ අර්ථ දැක්වීම මිසක් නිපදවන්න පුලුවන් බලයේ ප්‍රමානයවත්, පෙට්‍රෝල් වල පිරිසිදුතාවයවත් නෙවෙයි.
    මං කිව්ව වගෙ එන්ජිමෙන් වැඩි බලයක් ඕනේ නම් සම්පීඩන අනුපාතය වැඩි කරන්න ඔනේ...සම්පීඩන අනුපාතය වැඩි කරාම Knock වෙන එක නවත්වන්න ඔක්ටේන් අගය වැඩි පෙට්‍රෝල් අවශ්‍ය වෙනවා.. ඉතින් සම්පීඩන අනුපාතය වැඩි නිසා බලය වැඩි වෙනවා මිසක් ඔක්ටේන් අගය වැඩි පෙට්‍රොල් ගැහුවට බලය වැඩි වෙන්නේ නැහැ.

    මේ හේතුව හින්දා තමයි Racing කාර්, Racing බයික් වලට octane අගය වැඩි පෙට්‍රෝල් භාවිතා කරන්නේ. මොකද racing වාහන වල සම්පීඩන අනුපාතය ගොඩක් වැඩියි.

    සාමාන්‍ය වාහනයකට සුදුසු මොන පෙට්‍රොල් ද???
    සාමාන්‍යයෙන් අපි අලුතෙන් කාර් එකක් ගන්න කොට අපිට හම්බෙනවා Owners Manual කියලා පොඩි පොතක්...මේකෙ අනිවර්යයෙන්ම කියල තියෙනව ගහන්න ඕනේ මොන පෙට්‍රොල් ද කියලා... සාමාන්‍යයෙන් ගොඩක් toyota Corolla කාර් වලට නම් 87 Octane. ඒත් පාවිච්චි කරපු වාහනයක් ගන්නකොට මේ පොත හම්බෙන්නේ නෑනේ.. ඒත් ලංකාවේ තියෙන ගොඩාක් වාහන වලට 90 octane හොදටම ඇති...ගොඩක් අලුත් වාහන වලටත් 90 octane ගැහුව කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. ඒත් සමහර BMW, BENZ, Porsche වගේම Subaru Impreza, Lancer Evolution, Nissan GTR වගේ වාහන වලට නම් 95 octane ගහන්න වෙනවා..

    මං මෙතනදි තවත් දෙයක් කියන්නම්. සාමාන්‍යයෙන් අර Knock වෙන එක නවත්වන්න තවත් ක්‍රම කීපයක් තියෙනවා.

    Toyota Corolla 1ZZ-FE එන්ජිමේ සම්පීඩන අනුපාතය 11.5:1 යි.Toyota Company එක මනුවල් එකේ කියලා තියෙන්නේ 87 octane ගැහුවට කමක් නැහැ කියලා..Toyota Supra 2JZ-GTE එන්ජිමේ සම්පීඩන අනුපාතය 8.5:1..ඒත් toyota company එක කියනව අඩුම තරමේ 91 octane වත් ගහන්න කියලා... මේකට හේතුව තමා 1ZZ-FE එන්ජිමට knock වෙන එක නවත්වන්න පුලුවන් තව ක්‍රම අතුලත් කරලා තියෙන එක.

    හරි..90 ගහන්න කියන එකට 95 ගැහුවට වැඩක් නැත්තම් කොහොමද සමහර වාහන වලට 95 ගැහුවාම ටිකක් වැඩිපුර පෙට්‍රොල් කරන්නේ???? Pick up එක ටිකක් වැඩි වෙන්නේ???

    ඉස්සර වෙලාම බලමු කොහොමද වැඩියෙන් පෙට්‍රොල් කරන්නේ කියල... මන් කලින් කිව්ව වගෙ සම්පීඩන අනුපාතය ගොඩක් වැඩි එන්ජින් වල Knock වෙන එක අඩු කරන්න ගත්ත එක තවත් එක ක්‍රමයක් තමා මිශ්‍රන අනුපාතය ටිකක් සරු (Rich) කරන එක..ඒ කියන්නේ වැඩිපුර ඉන්ධන මිශ්‍ර කරන එක. එතකොට සම්පීඩන පහරෙදි ඇතිවෙන උෂ්නත්වයෙන් වැඩිපුර කොටසක් ඉන්ධන වලට උරා ගන්නවා...එතකොට උෂ්ණත්වයත් සමගම පීඩනයත් යම්තාක් දුරට අඩුවෙන නිසා ඉන්ධන Flash Point එකට පත්වෙන එක නවතිනවා.. මෙහෙම ඉන්ධන වැඩි කරන එක කරන්නේ වාහනේ තියෙන පාලන පද්ධතිය මගින්. Engine Teperature sensor, Knock Sensor වගෙ කොටස් මේකට උදව් වෙනවා.. මේ විදියට මිශ්‍රණය සරු කලාම Engine Teperature එක අඩු වෙනව... ඒ වෙලාවෙ Knock Sensor එකෙන් නැවත ප්‍රතිචාරයකුත් නැත්නම් පාලන පද්ධතිය මගින් ඉන්ධන මිශ්‍රනය නැවත නිසරු කරලා බලනවා... මෙන්න මෙහෙම මිශ්‍රනය සරු , නිසරු කරමින් Knock වෙන එක පාලනය කරනවා...අපි 95 ඔක්ටේන් ගැහුවාම Knock වෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් අඩු වෙනවා...ඒ වෙලාවෙදි පාලන පද්ධතියට පුලුවන් මිශ්‍රනය ගොඩක් නිසරු කරන්න...ඒ කියන්නේ Inject කරන පෙට්‍රෝල් ප්‍රමාණය අඩු කරන්න... භාවිතා කරන ඉන්ධන ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ වැඩිපුර පෙට්‍රෝල් කරනව කියන එකනේ...හැබැයි අත්තටම මෙහෙම වෙන්න තවත් කරුණු ගොඩක් තියෙනවා..ඒවා Motor Vehicle Engineering වගේ ඉගෙන ගන්න කෙනෙකුට නම් තේරුම් ගන්න පුලුවන් වෙයි.

    හරි දැන් බලමු කොහොමද Pickup එක වැඩි වෙන්නෙ කොහොමද කියලා.. හැමෝම අහලා ඇති නේ ඉන්ධන මිශ්‍රණය දහනය කරන්නෙ Compression Stroke එක අවසානයේදි කියලා. අපිට එන්ජිමෙන් උපරිම බලයක් ගන්න නම් පිස්ටන් එක සීලින්ඩරයේ මුදුනට එනකොටම ඉන්ධන දහනය වෙලා උපරිම පීඩනයක් ඇතිවෙලා තියෙන්න ඕනේ. ඒත් මිශ්‍රණය දහනය වෙන්න පොඩි කාලයක් ගන්නවා.ඒ නිසා අපිට සම්පීඩන පහර අතර මගදි දහනය ආරම්භ කරන්න වෙනවා. මෙහෙම පිස්ටනය මුදුනට එන්න කලින් දහනය කරන එකට අපි කියනවා Ignition Timing Advance කරනවා කියලා... 90 ඔක්ටේන් සහ 95 ඔක්ටේන් අතර තියෙන තවත් වෙනසක් තමා සම්පූර්ණයෙන්ම දහනය වෙන්න ගතවන කාලය... 90 Octane, 95 වලට වඩා ඉක්මනින් දහනය වෙනවා. ඒ කියන්නෙ 90 octane Spark Plug එකෙන් දහනය ආරම්භ කලාම ඉක්මනින් උපරීම පීඩනය ලැබෙනවා.. එහෙම වෙන එක හොදයි වගෙ පෙනුනට ඉක්මනින් සිදුවන නිසා අපිට ඒක පාලනය කරන්න ටිකක් අමාරුයි. ඒත් දහනයට වැඩි වෙලාවක් ගන්නවා නම් අපිට පුලුවන් ගනන් හදලා බලලා දහනය ආරම්භ කරවන්න.. ඒ කියන්නේ 90 ඔක්ටේන් වලට අපි Ignition timing advance කරනවට වඩා වැඩි අංශක ප්‍රමානයක් 95 වලදි අපිට advance කරන්න පුලුවන්.. මෙහෙම වැඩි වෙලාවක් අරන් දහනය කරාම අපිට පුලුවන් ගොඩාක් නිවැරදිව සිලින්ඩරය මුදුනෙදි උපරීම පීඩනය ලබා ගන්න. ඒ කියන්නෙ වැඩි බලයක් නිපද වන්න. ඒ කියන්නෙ වාහනේ pick up එක වැඩි වෙනවා කියන එකනේ..ඒත් ගැටලුවකට තියෙන්නේ අපි භාවිතා කරන සාමාන්‍ය වාහන වල තියෙන පාලන පද්ධතියට බෑ අපිට ගොඩක් ලොකු විදියට දැනෙන්න මේ දේවල් වෙනස් කරන්න... ඒ නිසයි සමහර වාහන වලට මොන පෙට්‍රෝල් ගැහුවත් වෙනසක් නැත්තේ...
    88525G01.gif


    ම්ම්ම්ම්ම්ම්.... දැන් ඉතින් කට්ටිය අන්ද මන්ද වෙලා ඇති තමන්ගේ වාහනේට මොනවද ගහන්නෙ කියලා..

    දුර ගමනක් යනකොට 95 ගහන්න. එන්ජිම ගොඩක් වෙලා start එකේ තියෙන නිසා එන්ජිම ගොඩක් රත් වෙනවා... එන්ජිම රත් වීම නිසා වෙන්න පුලුවන් Knock වීම් ගොඩක් අඩු කර ගන්න පුලුවන් 95 ගැහුවොත්..ඒ ඇරුනාම එදිනෙදා ගමන් වලදි 95 ගහන එකේ තේරුමක් නැහැ නිෂ්පාදකයා අනුමත කරලා නැත්තම්...

    හරි...දැන් කට්ටියටම වැඩේ තේරෙන්න ඇති කියලා හිතනව මන්.. වෙලාවක් හම්බුනු ගමන් නූලක් දාන්නම් කොහොමද අඩුවෙන් පෙට්‍රෝල් භාවිතා වෙන විදියට Drive කරන්නේ කියලා..මොකද දැන් තියෙන වාහන වල පෙට්‍රොල් කෙරුවාව තීරනය වෙන්නේ Drive කරන විදිය මත...

    ආහ්හ්හ්හ්හ්.... එක පාර්ට් එකක් අමතක උනානේ... ඔයාලගෙ ටෑන්ක් එකේ 90 තියෙනකොට 95 ගැහුවම මොකද වෙන්නේ කියන්න අමතක උනානේ.. පෙට්‍රොල් මිශ්‍ර උනා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ... 90 ඔක්ටේන් 50%කුත් 95 ඔක්ටේන් 50%කුත් මිශ්‍ර උනොත් ආසන්න වශයෙන් 93 ඔක්ටේන් පෙට්‍රොල් හැඩෙනවා... මිශ්‍ර වෙන අනුපාතය මත මෙක වෙනස් වෙනවා...ඒත් 90 ඔක්ටේන් තියෙද්දි 95 ඔක්ටේන් ගැහුවා කියලා එන්ජිමට කිසිම හානියක් වෙන්නේ නැහැ...

    එහෙනම් අපි ගියා... ගල් මුල් සියල්ල සතුටින් භාර ගන්නවා.. තියෙන ප්‍රශ්න වලිනුත් දමලා ගහන්න කෝ එහෙනම්... :D:D
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    oya okkoma Japanda ayya????


    ඉස්සෙල්ලම ඔය ලෝකඩයාට කියලා දීපන් ජපානය කියන දූපතේ නෙවෙයි, යුරෝපය කියන මහාද්වීපයේ තමයි ඉස්ඉස්සෙල්ලාම කාර් හැදුවේ කියලා.

    Europeans ලා කාර් හදන කොට ජපන්නු වැරහැලි ඇඳගෙන ගඟේ මාලු බාන හැටි අපි "ඔෂින්" ටෙලිනාට්‍යයේ දැක්කා.
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20408686 said:
    උබට මුල ඉදන්ම උගන්නන වෙනවා.. පෑනකුයි කොලේකුයි ගනින්

    ඔය දැන් රෝද දෙකක් තියෙන එක තියෙන්නේ. හෙල්මට් දාන් යන්නේ ඒක බයිසිකලේ

    අර රෝද තුනක් තියෙන ඉදගත්තහම ගල එලියේ තියෙන්නේ, අර උබ මේ ලගදි ගත්ත ඩක්කුව වගේම එක රෝදයක් අඩු එක. අන්න ඒක ත්‍රී වීල් එක


    තව එතකොට අර මිනිස්සු නැගල යන්නේ, කොන්දෝ ටිකක්ට් කඩන්නේ.අන්න එවට කියන්නේ බස්

    පිටිපස්සේ තට්ටුවක් තියෙන බඩු ගෙනියන ඒවා.අන්න ඒවා ලොරි

    අදට ඇති.. හෙට වරෙන් ඉතුරු ටික උගන්නන:yes::yes::yes:

    කෝ බන් මේකේ Entry level mini hatch back SUV inspired design වාහනේ?
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    රත්තරං;20408802 said:


    ඉදා කියෝපන්... දැන්වත් නෝන්ඩි වෙන එක නවත්තපන්

    oket hariyata nane bun,

    1. etakota kohomada led aduwenne

    2. led aduda 95 eke, 90 welata wada

    3. e kiayne 90 welata wada 95 pure da??
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    ලෝකඩයා mahesh1297 කියලා එකෙක් එලකිරියට ලියපු එකක් දාලා තියනවා.

    mahesh1297 කියන එකාට ඕවා සේරම කියලා දීලා තියෙන්නේ ගූගල් මහත්තයා.

    ගූගල් මහත්තයා කියලා දීපුවා සිංහලට පරිවර්තනය කළේ මධුර මහත්තයා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ලෝකඩයා mahesh1297 කියලා එකෙක් එලකිරියට ලියපු එකක් දාලා තියනවා.

    mahesh1297 කියන එකාට ඕවා සේරම කියලා දීලා තියෙන්නේ ගූගල් මහත්තයා.

    හරියට දැනුම ලැබෙනවා නම් කොහෙන් ලැබුණම මොකෝ බන්
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    රත්තරං;20408836 said:
    හරියට බලපන්... දෙවෙනියට ඒක ගැණ සදහන් කරල තියෙනවා පැහැදිලිවම:yes::yes:

    රත්තරං oya ko oya thama araka mata kiyala dune nane :rolleyes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    ඔය තියෙන්නේ ලොඹු කට...


    ඉස්සෙල්ලම ඔය ලෝකඩයාට

    ඔබතුමා ෆෝරම් එකේ ඔබතුමාට වැඩියෙ සීනියර් මෙම්බර් කෙනෙකුට කතා කරද්දී ඔයිට වඩා ශිෂ්ඨ විදිහට කතා කොළොත් තමා හොඳ ... :yes:
     
    Status
    Not open for further replies.