ඉතිහාසයේ ප්‍රබලම සාම්ප්‍රදායික බෝම්බ

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඉතිහාසයේ ප්‍රබලම සාම්ප්‍රදායික බෝම්බ

    Zv7vPB9.jpg

    එවකට 14 වියේ පසුවූ ලුයිස් ඉරිඔන්ඩො ඔර්ට්නෙට්සෙයා සහ ස්පාඤ්ඤයේ බාස්ක් පළාතේ අගනුවර වූ ගුවර්නිකා නගරවැසියන් 1937 වසරේ අප්‍රේල් 26 දා යනු තවත් සඳුදා දිනයක් විය.එදින පස්වරුවේ 4.30ට පමණ නගරයේ සිටි 7000ක පමණ වැසියන්ගෙන් වැඩි පිරිසක් සිටියේ වීදිවල සැරිසරමින් සහ සාප්පු සවාරි යමින්ය.ඒ වන විට ස්පාඤ්ඤයේ සිවිල් යුද්ධය ඇරඹී වසරක් පමණ ගතවී තිබිණි.එකවරම පල්ලියෙන් සීනුව වාදනය වෙන ශබ්දය ඔවුන්ට ඇසුනි.ඉන් කියවුනේ ප්‍රදේශයට ගුවන් යානා ළඟාවන බවයි.මීට පෙරද මෙවැනි අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කෙරුණද කිසිදු ගුවන් ප්‍රහාරයක් නගරය ඉලක්ක කරගෙන එල්ල නොකෙරුණ නිසා මෙවර එම අනතුරු ඇඟවීම කිසිවෙක් එතරම් ගණන් ගත්තේ නැති බව ඉන් අනතුරුව එල්ල කල බෝම්බ ප්‍රහාරවලින් දිවි ගලවා ගත් පෙර ලුයිස් ඉරිඔන්ඩො 2012 වසරේදී ජර්මන් සඟරාවක් වන ස්පීගල් වෙත ප්‍රකාශ කර තිබිණි.ඔහු ඉන් දිවිගලවාගෙන තිබෙන්නේ වැඩිහිටියෙක් තදින්ම අවවාද කල නිසා ආරක්ෂා සහිත ස්ථානයකට ගිය නිසාය.


    1937 අප්‍රේල් 26 දා ජර්මන් සහ ඉතාලි ගුවන් හමුදාවන් ස්පාඤ්ඤය නගරයක් වූ ගුවර්නිකා විනාශ කරන ලදි.සිවිල් වැසියන් ඉලක්ක කර මහා පරිමාණයෙන් සිදුකල පළමු බෝම්බ හෙළීම ලෙස මෙය හැඳින්වේ.මෙම ඡායාරූපය ලබාගෙන තිබෙන්නේ 1937 මැයි 8 දාය.

    plvC9sm.jpg


    මෙම බෝම්බ හෙළීම සිදුකලේ ජාතිකවාදී හමුදාවල ඉල්ලීම පරිදි එරට තුල සිවිල් යුද්ධයක් පැවති සමයකය.මෙහි දැක්වෙන්නේ විජයග්‍රාහී ජෙනරල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝගේ(1939 සිට ඔහුගේ මරණය සිදුවු 1975 තෙක් ස්පාඤ්ඤ පාලනය කරන ලදි - ජාතිකවාදීන්ගේ පක්ෂයේ නායකයෙක්)සෙබලුන් ගුවර්නිකා නගරය ඔස්සේ ඇවිද යන අයුරු,1937 ඔක්තෝම්බර් .

    QdOjVmd.jpg



    ගුවර්නිකා බෝම්බ හෙළීම ජර්මන් ගුවන් හමුදාවට එක්තරා ආකාරයක දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් සිදුකල පුහුණුවක් හා සමානය.​

    PGw0QHR.jpg




    මෙම ප්‍රහාරයේදී ගිනි ගන්නා සුළු බෝම්බ යොදාගෙන තිබුණේ හානිය වැඩි කිරීම සඳහාය

    s2GCGLJ.jpg




    පැබ්ලෝ පිකාසෝ නම් සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියා "ගුවර්නිකා" යනුවෙන් චිත්‍රයට නගන ලද්දේ මෙම බෝම්බ ප්‍රහාරයෙන් පසුව ගුවර්නිකා නගරය දිස්වූ අයුරුය.

    b6jY3UE.jpg




    ෆ්‍රැන්කෝගේ පාලන සමයේදී එනම් 1939 සිට 1975 කාලය අතර ,ගුවර්නිකා ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ප්‍රකාශ කිරීම තහනම් කර තිබිණි.

    KfYqGkh.jpg



    තමන් එසේ නොකලා නම් අනිවාර්යෙන්ම බෝම්බ ප්‍රහාරවල ඉලක්කයක් වන බව ඔහු කියා තිබිණි.අනතුරු ඇඟවීමෙන් සුළු මොහොතකට පසුව ගුවර්නිකා නගරයේ ඉහල අහස යුද ගුවන් යානාවලින් පිරී ගියේය.දුසිම් තුනක් පමණ බෝම්බ නගර මධ්‍යට හෙළන ලදි.ප්‍රහාරය සිදුවන විට තමන් ඇතුලු පිරිසට හුස්ම ගැනීමේ අපහසුතාවයක් හටගත් බවත්,බෝම්බ පිපිරීමෙන් නිකුත් වූ කම්පන තරංග දරුණු ලෙස ශරීරයට දැනුනු බවත් ඔහු කියා සිටියේය.

    බෝම්බ ප්‍රහාරයෙන් දිවිගලවාගත් සිවිල්වැසියන් දෙදෙනෙක් සමග ප්‍රහාරයෙන් පසුව කතා බහක යෙදෙන පූජකයෙක්

    5DaTldF.jpg



    ෆ්‍රැන්කෝගේ හමුදා ගුවර්නිකා නගරය අත්පත් කරගැනීමෙන් පසුව ,ඌරෙක් සුන්බුන් අතර ආහාරයට යමක් සොයමින්​

    NXz1bs8.jpg




    මෙහි දැක්වෙන්නේ විනාශ වූ ගුවර්නිකා නගරය සහ 2007 වසරේ එය දිස් වු අයුරුය

    m89UE3J.jpg



    මිනිත්තු 30කින් පමණ පසුව බෝම්බ හෙළීම අවසන් විය.බෝම්බ ප්‍රහාරවලින් 126 දෙනෙක් පමණ මරුමුවට පත්ව තිබූ අතර නගරයේ ගොඩනැගිලි වැඩි ප්‍රමාණයක් විනාශයට පත්ව තිබිණි.නමුත් සැබෑ මරණ ප්‍රමාණය සිවිල් යුද්ධයෙන් ජයගත් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කො විසින් හිතා මතා සඟවා ලූ බව ඉතිහාසඥයෝ කියති.ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ඇවිලී ගියේ 1936 වසරේ සිට 1939 දක්වාය.මෙහිදී රිපබ්ලිකන් පාර්ශ්විකයින් සහ ජාතිකවාදීන් අතර සටන් ඇතිවිය.නාසි ජර්මනිය ජාතිකවාදීන් පක්ෂය ගත් අතර ඔවුන්ගේ සහාය පිණිස මෙම ගුවන් ප්‍රහාරය එල්ල කරන ලද්දේ හයින්කල් වර්ගයේ බෝම්බ හෙළන යානා යොදාගෙනය.

    බ්‍රිතාන්‍ය ලැන්කෙස්ටර් ගුවන් යානයක් ග්‍රෑන්ඩ් ස්ලෑම් බෝම්බයක් රැගෙන පියාසර කරන අයුරු.මෙහි බර රාත්තල් 22,000කි.

    dLBPv9i.jpg


    මෙහිදී යොදාගන්නා ලද්දේ රාත්තල් 110 බර සැහැල්ලු බෝම්බය.නමුත් අනාගත යුද්ධවලදී අධි බරැති දැවැන්ත බෝම්බ යොදාගන්නා ලදි.පසුකාලීනව යුද්ධ වලදී නිපදවන ලද ගුවනින් හෙළන බෝම්බ සමග බලද්දී ගුවර්නිකා නගරයට හෙළුවේ රතිඤ්ඤා බව මෙම ලිපිය අවසානයේදී ඔබ සිතෙන්නේ නම් එය පුදුමයට කරුණක් නොවේවි.




    ගෝතා බෝම්බ

    qRnhX0v.jpg

    මුල් කාලීනව ගුවනින් හෙළන ලද්දේ කුඩා ප්‍රමාණයේ අතින් එසවිය හැකි බෝම්බය.1911-1912 සමයේදී පැවති ඉතාලි-තුර්කි යුද්ධයේදී(තුර්කිය සතු නූතන ලිබියාවේ ප්‍රදේශ අල්ලා ගැනීමට ඉතාලිය සමත්විය )ගුවන් නියමුවන් සිය කුටියේ සිට සතුරන් වෙත බෝම්බ හෙළන ලදි.පළමු ලෝක යුද්ධයේදී බෝම්බ වල ප්‍රමාණය ක්‍රමයෙන් විශාල විය.තවද බෝම්බ හෙළීම සඳහාම විශේෂිත යානා නිර්මාණය කෙරිණි.ජර්මනිය 1915 වසරේ පටන් ගුවන් නැව් යොදාගෙන එංගලන්තයට බෝම්බ හෙළන ලදි.1917 වර්ෂයේ පටන් ජර්මනිය ගෝතා IV නම් ගුවන් යානා යොදාගෙන එංගලන්තයට බෝම්බ හෙළන්නට පටන් ගත්තේය.1918 වර්ෂයේ පෙබරවාරි 16 දා එංගලන්ත ගුවනට ඇතුලු වූ යානයක් කි.ග්‍රෑ,1000ක් බර බෝම්බයක් චෙල්සිහි රාජකීය රෝහලට හෙළන ලදි.එහිදී පුද්ගලයන් 21 මරණයට පත්විය.(ඡායාරූපය:ජර්මනිය විසින් ගෝතා IV යානාවලින් හෙළන ලද විවිධ ප්‍රමාණවල බෝම්බ)





    SC 2500 බෝම්බය

    EFyTu6Z.jpg

    පළමු ලෝක යුද්ධයෙන් වසර 22කට පසුව ජර්මනිය යළිත් වරක් ලන්ඩන් නගරයට බෝම්බ වැසි වස්සවන ලදි.එහිදී ඔවුන් භාවිතා කල විශාලම බෝම්බයක් වූයේ SC 1800 Satanය.එහි බර රාත්තල් 4000ක් පමණ විය.මෙම බෝම්බය රැගෙන ගියේ Heinkel He-111 ගුවන් යානාවලිනි.මෙය අඩි 13ක් පමණ උස විෂ්කම්භය අඩි 2ක් පමණ වූ දැවැන්ත බෝම්බයක් විය.නාසීන්ගේ SC 2500 බෝම්බය ඊටත් වඩා විශාල රාත්තල් 5500ක බරකින් යුක්ත විය.ජර්මනිය යුද්ධයේදී භාවිතා කල බරින් වැඩිම බෝම්බය ලෙසද එය සලකනු ලැබේ(ඡායාරූපය: ජර්මන් SC 2500 බෝම්බයක්).





    පොලා පනින බෝම්බය - අප්කීප්

    Bq1BFmV.jpg

    බ්‍රිතාන්‍යයේ ඩෑම්බස්ටර් බලගණය ලැන්කෙස්ටර් වර්ගයේ බෝම්බ හෙළන යානා 19කින් රැගෙන ගිය රහසිගත ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙස නිපදවූ අප්කීප් නම් බෝම්බ ජර්මනියේ රුහ් නිම්නයේ තිබූ මුනා සහ ඊඩර්සී නම් වේලි විනාශ කිරීමට යොදාගන්නා ලදි.මෙම මෙහෙයුම ඔපරේෂන් චැස්ටයිස් නමින් හැඳින්වූ අතර 1942 මැයි මස 16-17 දිනවල රාත්‍රියේ සහ අලුයම් කාලයේදී දියත් කරන ලදි.මේ සඳහා යොදාගත්තේ සිලින්ඩරාකාර රාත්තල් 9250ක් බර අප්කීප් නම් නාවික හමුදාව සබ්මැරීනවලට ප්‍රහාර එල්ල කිරීමට යොදාගන්නා ඩෙප්ත්චාර්ජර්ස් නම් බෝම්බවලට සමාන බෝම්බ වර්ගයකි.මෙම බෝම්බ වර්ගය ජලාශයක වේල්ලට යම් දුරක් තිබියදී ඉතා පහළින් පියාසර කරන ගුවන් යානයකින් ජලයට අතහරියි.ඉන්පසු බෝම්බය පොලා පනිමින් ඉදිරියට ගමන් කරයි.අවසනයේදී එය වේල්ලේ ගැටී සිරස්ව ජලය තුලට වැටී යම් දුරකදී පුපුරා යෑමෙන් වේල්ලට මහත් විනාශයක් ඇතිකරයි.මෙම බෝම්බයේ නිර්මාතෘ වන්නේ ශ්‍රීමත් බ්‍රාන්ස් වොලිස් නම් නිර්මාණකරුවාය.මෙම බෝම්බය ඇති කරන පිපිරීම අඩි කිහිපයක් ගනකම් කොන්ක්‍රීට් වේල්ලක සිදුරක් ඇතිකිරීමට ප්‍රමාණවත්ය(ඡායාරූපය:පොලා පනින බෝම්බයක් අත්හදා බැලීම).





    ටෝල්බෝයි බෝම්බය

    KCZUDWs.jpg

    බ්‍රාන්ස් වොලිස් විසින් නිර්මාණය කල තවත් බෝම්බයක් වන්නේ රාත්තල් 12,000ක්(කි.ග්‍රෑ.5400) බර ටෝල්බෝයි නම් අර්ත්ක්වික් බෝම්බයයි(භූමිකම්පන බෝම්බය ).ටෝල්බෝයි වර්ගයේ බෝම්බ 800කට වඩා බ්‍රිතාන්‍ය විසින් නිපදවා තිබේ.මේවා 1944 වසරේදී ජර්මනියේ වී-1, වී-2 රොකට් දියත් කරන ස්ථාන,දුම් රිය උමං මාර්ග සහ ජර්මන් සබ්මැරීන සඟවා තබන ස්ථාන ඉලක්ක කරගෙන හෙළන ලදි.ටර්පිට්ස් නම් ජර්මන් යුද නැවට පහරදීම සඳහාද මෙම බෝම්බ භාවිතා කර තිබේ.අඩි 21ක් දිග ටෝල්බෝයි බෝම්බ රැගෙන ගියේ ඇව් රෝ ලැන්කෙස්ටර් ගුවන් යානාවලය(ඡායාරූපය: Tallboy බෝම්බයක්).





    ග්‍රෑන්ඩ් ස්ලෑම් බෝම්බය

    3vRQXEl.jpg

    ටෝල්බෝයි බෝම්බය පරයන විනාශය කල හැකි තවත් අර්ත්ක්වික් බෝම්බයක් බ්‍රාන්ස් වොලිස් විසින් නිර්මාණය කරන ලදි.එය ග්‍රැන්ඩ් ස්ලෑම් නම් රාත්තල් 22,000(කි.ග්‍රෑ.10000)ක් බර අඩි 26ක් දිග බෝම්බයකි.දෙවන ලෝක යුද්ධයේ අවසන් මාස දෙක තුල නාසි ජර්මනියට මහත් විනාශයක් සිදුකිරීමට මෙම වර්ගයේ බෝම්බ 42ක් යොදාගන්නා ලදි.ජර්මන් පාලම්,සබ්මැරීන සගවා තබන ස්ථාන ආදියට ග්‍රෑන්ඩ් ස්ලෑම් බෝම්බ හෙළන ලදි.අර්ත්ක්වික් වර්ගයේ බෝම්බ ඉහල උසක සිට හෙළනු ලබන්නේ ඉලක්ක කරන ගොඩනැගිලි,ඉදිකිරීම්වල දැඩි ගනකම් කොන්ක්‍රීට් ස්ථර බිදගෙන යෑමට අවශ්‍ය වේගය ලබා ගැනීමටයි.කොන්ක්‍රීට් ආස්ථරන බිදගෙන ගොස් බෝම්බය පුපුරා යන අතර ඉන් ඇතිකරන කම්පන තරංග මහත් විනාශයක් ඇතිකරයි(ඡායාරූපය: Grand Slam බෝම්බයක්).





    ක්ලවුඩ්මේකර් බෝම්බය

    aiXJxCS.jpg

    බ්‍රිතාන්‍යයන්ගේ ටෝල්බෝයි සහ ග්‍රෑන්ඩ් ස්ලෑම් බෝම්බ වලට වඩා වැඩි විනාශයක් කල හැකි බෝම්බයක් අත්හදා බැලීමට ව්‍යාපෘතියක් 1944 වසරේදී එක්සත් ජනපදය විසින් ඇරඹීය.මෙම බෝම්බය ටී-12 ක්ලවුඩ්මේකර් නමින් හැඳින්වීය.මෙහි බර රාත්තල් 42,000(කි.ග්‍රෑ. 19000) විය.එකල මෙවැනි බෝම්බයක් ගෙන යෑමේ හැකියාව තිබූ එකම ගුවන් යානය වූයේ බී-36 නම් බෝම්බ හෙළන යානයයි.නමුත් ක්ලවුඩ්මේකර් බෝම්බ සංග්‍රාමයකදී භාවිතා කර නොමැත.මෙම වැඩසටහන 1948 වසරේදී අත්හිටුවන ලදි(ඡායාරූපය: T-12 Cloudmaker බෝම්බයක්).





    ටාර්සන් බෝම්බය

    KznHvpM.jpg

    රාත්තල් 13,000ක බරකින් යුක්ත වීබී-13 ටාර්සන් නම් බෝම්බය ක්ල්වුඩ්මේකර් බෝම්බය හා සැසඳීමේදී බරින් අඩු මුත් රේඩියෝ නියාමක බෝම්බයක් විය.එනම් මෙය ඇමෙරිකානුවන්ගේ මුල්ම "ස්මාට් බෝම්බ" ලෙසද හැඳින්විය හැකිය.1945 වර්ෂයේදී ආරම්භ කල මෙම ව්‍යාපෘතිය යටතේ නිපද වූ බෝම්බ 30කට වඩා බී-29 යානා යොදාගෙන කොරියාවේ කොමියුනිස්ට් බලාගාර සහ පාලම්වලට හෙළන ලදි(ඡායාරූපය: VB-13 Tarzon බෝම්බයක්).





    ඩෙසි කටර් බෝම්බය

    AH6ciQL.jpg

    බීඑල්යූ-82 හෙවත් ඩෙසි කටර් යන පටබැඳි නාමයෙන් හඳුන්වන බෝම්බය වියට්නාම යුද්ධය සමයේ නිපදවන ලද්දකි.වියට්නාම යුද්ධය සමයේ ඇමෙරිකානු හමුදා අග්නිදිග ආසියානු වනාන්තරවලට ගොඩබැස්ස වීම සඳහා ක්ෂණිකව එළිපෙහෙලි වූ භූමියක් සකස් කරගැනීම සඳහා මෙම බෝම්බ කැළෑ සහිත ප්‍රදේශවලට හෙළන ලදි.රාත්තල් 15,000ක් පමණ බර බෝම්බ ප්‍රවාහනය කලේ සී-130 හර්කියුලිස් ගුවන් යානයකින් හෝ සීඑච්-54 එනම් පියාඹන දොඹකරය යන නමින් හැඳින්වූ හෙලිකොප්ටරය යොදාගෙනය.බෝම්බයක් බිම හෙළු විට පැරෂුරයක් දිග හැරෙන්නාක් මෙන් දැවැන්ත පිපිරීමක් සිදුවී මධ්‍යයේ ආවාටයක් ඇති නොකරමින් කි.මී.1 පමණ අරයක් සහිත ප්‍රදේශයක් එළිපෙහෙලි කර දෙයි.මෙම බෝම්බ වියට්නාම යුද්ධයේ අවසන් සමයේ,1991 වර්ෂයේ ගල්ෆ් යුද්ධයේදී සහ 2001 වසරේදී ඇෆ්ගන් යුද්ධයේදී භාවිතා කර තිබේ(ඡායාරූපය: BLU-82 “Daisy Cutter” බෝම්බයක්).





    සියලුම බෝම්බ වල මව හෙවත් ජීබීයූ-43 බෝම්බය

    1Dwkbah.jpg

    දෙවන ලෝක යුද සමයේ භාවිතා කල භූකම්පන බෝම්බවල පුනරාගමනය සලකුණු කල බෝම්බය ලෙස් මෙය හැඳින්විය හැකිය.එක්සත් ජනපදය සතු න්‍යෂ්ඨික නොවන අවි සංචිතය සතු විශාලතම අවියක් ලෙසද මෙය සලකනු ලැබේ.GBU-43 බෝම්බයක් රාත්තල් 22,000ක බරකින් යුක්ත වන අතර අඩි 30ක් දිගය.මෙම බෝම්බයකට ටීඑන්ටී ටොන් 11කට සමාන පිපිරවීමක් සිදුකල හැකිය.එක් GBU-43 බෝම්බයක් 2003 වර්ෂයේ ගල්ෆ් කලාපයට යැවුවද එය භාවිතා කර නොමැත(ඡායාරූපය: GBU-43/B Massive Ordnance Air Blast බෝම්බයක්).





    බංකර් බස්ටර් බෝම්බය

    OUBD4co.jpg

    රාත්තල් 30,000ක් බර GBU-57A/B බංකර් බස්ටර් නම් බෝම්බය සතුරු බංකර් බිදගෙන අභ්‍යන්තරයට ගමන් කර පිපිරීයන ලෙස සැලසුම් කර තිබේ.මෙය එක්සත් ජනපදය ඊට පෙර භාවිතා කල එම වර්ගයේ බෝම්බවලට(රාත්තල් 5000 GBU-28 සහ GBU-37 බෝම්බ) වඩා වැඩි ගැඹුරකට ගමන් කරයි.ජීපීඑස් තාක්ෂණය යොදාගෙන මෙම බෝම්බය සිය ඉලක්කය වෙත නිවැරදිව ගමන් කරයි.බෝම්බයක් පළමුවරට අත්හදා බලන ලද්දේ 2007 වර්ෂයේදීය.දැනට ඇමෙරිකානු ගුවන් හමුදාව සතුව මෙවැනි බෝම්බ 20ක පමණ සංචිතයක් තිබෙන බව කියවේ(ඡායාරූපය: GBU-57A/B බෝම්බයක්).





    සියලු බෝම්බවල පියා

    ysZPBdv.jpg

    2007 වසරේදී තමන් Aviation Thermobaric Bomb of Increased Power[ "Father of All Bombs" (FOAB)]නම් බෝම්බයක් නිපදවූ බව රුසියාව ප්‍රකාශයට පත් කරන ලදි.ගුවනින් හෙළන මෙම බෝම්බයක බර රාත්තල් 15000ක් විය.ඉන් ඇතිකරන පිපිරුම ටීඑන්ටී ටොන් 44ක් මගින් ඇතිකරන පිපිරීමකට සමානය.මානව ඉතිහාසය තුල නිපදවන ලද න්‍යෂ්ඨික නොවන වඩාත් විනාශකාරීම බෝම්බය ලෙසද මෙය සලකනු ලැබේ.රුසියාවට අනුව මෙවැනි බෝම්බ 100ක පමණ සංචිතයක් ඔවුන් සතුව තිබේ.

    සියලුම බෝම්බවල මව සහ පියා





    Source:militaryhistorynow.com

    -HarshaLulzSec-
     
    Last edited:
    Jul 3, 2012
    1,394
    116
    0
    Ela machan. Rep+

    Mata nikan hithenawa NUCLEAR Bombs hoyagaththe nethnam Loke adath me wage rata ratawal athara wars thiei kiyala. Den thienne godak terrorist problems ne? Ekale rata ratawal athara wars
     
    • Like
    Reactions: HarshaLulzSec

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
     

    Similar threads