යැංකි ගුවන් හමුදා කෞතුකාගාරයකට යමු-2
එක්සත් ජනපද ජාතික ගුවන් හමුදා කෞතුකාගාරයෙන් නිතර අසන ප්‍රශ්නයක් වන්නේ එහි එන නරඹන්නන්ට, ප්රදර්ශනයයට තබා ඇති ගුවන් යානාවල නියමු කුටිවලට පිවිසීමේ අවසරය ලැබෙනවාද යන්නයි.නමුත් මෙය ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීමට ඉතා අසීරු කාර්යයකි.නමුත් නූතන ඩිජිටල් තාක්ෂණය ඒ සඳහා කදිම පිළිතුරක් දී තිබේ.ගුවන් හමුදා කෞතුකාගාරයේ නිල වෙබ් අඩවිය මගින් සපයන Cockpit360 නම් අත්දැකීම ඔස්සේ ඔබට ඔබේ එහි තිබෙන යුද ගුවන් යානා 40කට වැඩි ගණනක ඇතුලතට පිවිස හාත්පස අංශක 360ක කෝණයකින් නැරඹීමේ හැකියාව ලැබේ.ගුවන් යානාවල නියමු කුටි,බෝම්බ ගබඩා කරන ස්ථාන හෙවත් bomb bay සහ තුවක්කුකරුවන් සිටින ස්ථාන ආදිය නැරඹීමට ඔවුන් පහසුකම් සලසා තිබේ.
Cockpit360 අත්දැකීම ලබාගත හැකි ගුවන් යානා එකතුවේ දෙවන ලෝක සංග්‍රාමය තුල භාවිතා කල බී-24 ලිබරේටර්,පී-40 වෝර්හැවක් සහ පී-47 තන්ඩර්බෝල්ට් ,සීතල යුද්ධයේ එෆ්-4 පැන්තම්,බී-58 හස්ට්ලර් සහ එස්ආර්-71 බ්ලැක්බර්ඩ් ඔත්තු බලන යානය ඇතුලත් වේ.තවද බ්‍රිතාන්‍යය හාකර් හරිකේන්,ඩි හැවිල්ලෑන්ඩ් මොස්කිටෝ යානා තුලටද ඔබට පිවිසිය හැකිය.තවද පරිශීලකයන්ට එෆ්-117 නයිට් හොක් ස්ටෙල්ත් ගුවන් යානය,එෆ්-111 අඩ්වොක් සහ කොරියන් යුද්ධයේ එෆ්-86 සබ් රේ යානාවල නියමු කුටි තුලට ඇතුලුවීමේ දුර්ලභ අවස්ථාවද මෙහිදී හිමිවේ.එයාර් ෆෝස් වන් හෙවත් ඇමෙරිකානු ජනපතිවරයාගේ රාජකාරි ගමන් සඳහා යොදාගන්නා නිල ගුවන් යානයක් වූ සෑම් 2600 යානය තුල අස්සක් මුල්ලක් නෑර නරඹන්නටද ඔබ පුලුවනි.කෞතුකාගාරයේ නිල වෙබ් අඩවිය මගින් පරිශීලකයන්ට ගුවන් යානා 60ක් තුල අංශක 360ක පරාසයක් තුල සියලු අංගෝපාංග ,අවි ,පාලන උපකරණ ආදිය නැරඹීමට අවස්ථාව ලබා දී තිබේ.
1962 වර්ෂයේ සිට 1998 දක්වා ඇමෙරිකානු ජනපතිවරුන්ගේ නිල ගුවන් ගමන් සඳහා යොදාගත් මෙම ගුවන් යානය ජෝන් එෆ්.කෙනඩි,ලින්ඩන් ජොන්සන්,රිචඩ් නික්සන් ආදී ජනපතිවරුන් භාවිතා කර තිබේ.ඇමෙරිකා එක්සත් ජනපද ජනපතිවරුන් ප්‍රවාහනය කරන නිල ගුවන් යානා එයාර් ෆෝර්ස් වන් නමින් හඳුන්වයි.Cockpit360 ඔස්සේ මෙම ගුවන් යානයේ නියමු කුටිය,ජනපතිවරයාගේ පෞද්ගලික කුටිය,සන්නිවේදන අංශය ආදී ස්ථාන රැසක් දැක බලාගත හැකිය.
1986 වර්ෂයේ හඳුන්වා දුන් බී-1 ලාන්සර් යානය අතිධ්වනි ,උපායමාර්ගික බෝම්බ හෙළන යානයකි.මෙය පළමු ගල්ෆ් යුද්ධය,කොසෝව් යුද්ධය,ඇෆ්ගන් සහ ඉරාක ආක්‍රමණයන්හිදී භාවිතා කර තිබේ.Cockpit360 ඔස්සේ නියමු කුටිය ඇතුලුව ස්ථාන තුනක සිට යානය ඇතුලත නැරඹීමට අවස්ථාව සලසා දී තිබේ.
තවත් උපාය මාර්ගික බෝම්බ හෙළන යානයක් වන බී-29 දෙවන ලෝක යුද සමයේ හඳුන්වාදී තිබේ.දෙවන ලෝක සංග්‍රාමය සහ කොරියානු යුද්ධයේදී මෙම යානය භාවිතා කර තිබේ.රේඩියෝ ක්‍රියාකරු,නියමු කුටිය ආදී ස්ථාන තුනක සිට ඔබට මෙම යානය ඇතුලත නරඹන්නට පුලුවනි.
1955 වර්ෂයේදී හඳුන්වාදුන් තවමත් සේවයේ යොදවා තිබෙන උපාය මාර්ගික බෝම්බ හෙළන යානයකි.මෙහි එක් සංස්කරණයක් වන්නේ බී-52 ඩී යානයයි.B-52D යානය වියට්නාම යුද්ධයේදී බහුලව භාවිතා කල බව සඳහන් වේ.නියමු කුටිය,රේඩාර් ක්‍රියාකරුවා,තුවක්කුකරු ආදී ස්ථාන පහක සිට ඔබට මෙම ගුවන් යානය ඇතුලත නැරඹිය හැකිය.
1995 වර්ෂයේදී හඳුන්වාදුන් හමුදා ප්‍රවාහන යානයකි.රටවල් නමයක් පමණ මෙම යානාවල සේවය ලබාගනියි.කි.ග්රෑ. 70,000කට වැඩි බරක් රැගෙන පියාසර කල හැකිය.ස්ථාන හයක සිට මෙම යානයේ ඇතුලත නැරඹීමට අවස්ථාව සලසා දී තිබේ.
එන්ජින් 4ක් සහිත හමුදා ප්‍රවාහන ගුවන් යානයක් වන මෙය 1954 වර්ෂයේ සිට අද දක්වා භාවිතා කෙරේ.මෙහි දක්වා තිබෙන්නේ C-130E නම් සංස්කරණයයි.ටොන් 20ක පමණ බරක් රැගෙන පියාසර කල හැකිය.ස්ථාන පහක සිට මෙම යානයේ ඇතුලත නැරඹිය හැකිය.
තනි එන්ජිමේ බහුකාර්යය ෆයිටර් වර්ගයේ ගුවන් යානයකි.1978 වර්ෂයේදී හඳුන්වා දී තිබේ.රටවල් 20කට වැඩි ගණනකට F-16 යානා අලෙවිකර තිබේ.F-16A යානයේ නියමු කුටිය නැරඹීමට අවස්ථාව ලබා දී තිබේ.
එක්සත් ජනපදයේ පළමු ස්ටෙල්ත් වර්ගයේ බෝම්බ හෙළන යානය මෙයයි.1983 වර්ෂයේදී හඳුන්වා දුන් 2008 වර්ෂයේදී විශ්‍රාම යැවූ යානය 1991 වර්ෂයේදී ගල්ෆ් යුද්ධය සඳහා යොදාගෙන තිබේ.සංග්‍රාමයකදී එක් F-117A යානයක් පමණක් සෑම් මිසයිල ප්‍රහාරයකට ලක්ව විනාශ වී තිබේ.මෙම යානයේ නියමු කුටිය නැරඹීමට ඔබට අවස්ථාව හිමිවේ.
ශබ්දයේ වේගය මෙන් තුන්ගුණයකට වැඩි වේගයකින් ගමන් කල හැකි මෙම ඔත්තු බැලීමේ යානය 1966 සිට 1998 වර්ෂය තෙක් භාවිතා කර තිබේ.මිනිසෙක් සහිතව වැඩිම වේගයෙන් ගමන් කල ගුවන් යානය ලෙස වාර්තාවක් තබා ඇති SR-71A යානයේ ඉදිරිපස සහ පිටුපස නියමු කුටි නරඹන්නට ඔබට අවස්ථාව හිමිවේ.
මෙම Cockpit360 අත්දැකීම දැන් ස්මාට් ෆෝන් පරිශීලකයන්ටත් ලබා ගැනීමට හැකියාව තිබේ.නොමිලේ ලබාදෙන Cockpit360 ඇප් එක ඇපල් හෝ ගූගල් ප්ලේ ඇප් ගබඩාවලින් භාගත කල හැකිය.මොබයිල් ඇප් එකේ තත්ත්වය ගැන කියන්න අමාරුයි,මොකද මට ස්මාර් ෆෝන් එකක් නෑනේ.
එහෙනම් අපේ එක අවසන් කරන්න කාලෙත් හරි.මේ ගැන නොදන්න අයත් ඇති නේ කියලා තමයි මේ ලිපිය දාන්න හිතුනේ.ඩේටා ටිකක් නාස්ති කරන්න කැමති අය ඉන්නවා නම් virtual tour එකත් ගිහින් ,Cockpit360 අත්දැකීමත් ගන්න.ඉන්ටර්නෙට් බිලත් ගෙවා ගන්නෙත් බොහොම අමාරුවෙන් මේ කාලේ, එහෙම එකේ කෞතුකාගාර බලන්න ඇමෙරිකාවෙ යන්න කොහොමැයි නේ.
Source:militaryhistorynow.com
-HarshaLulzSec-

Cockpit360 අත්දැකීම ලබාගැනීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න.ඉන්පසු විවෘත වන වෙබ් පිටුවෙන් ඔබ ප්‍රියකරන ගුවන් යානාවල ඇතුලත දර්ශන අංශක 360 පරාසයකින් අත්විදිය හැකිය.
COCKPIT360
Cockpit360 අත්දැකීම ලබාගත හැකි ගුවන් යානා එකතුවේ දෙවන ලෝක සංග්‍රාමය තුල භාවිතා කල බී-24 ලිබරේටර්,පී-40 වෝර්හැවක් සහ පී-47 තන්ඩර්බෝල්ට් ,සීතල යුද්ධයේ එෆ්-4 පැන්තම්,බී-58 හස්ට්ලර් සහ එස්ආර්-71 බ්ලැක්බර්ඩ් ඔත්තු බලන යානය ඇතුලත් වේ.තවද බ්‍රිතාන්‍යය හාකර් හරිකේන්,ඩි හැවිල්ලෑන්ඩ් මොස්කිටෝ යානා තුලටද ඔබට පිවිසිය හැකිය.තවද පරිශීලකයන්ට එෆ්-117 නයිට් හොක් ස්ටෙල්ත් ගුවන් යානය,එෆ්-111 අඩ්වොක් සහ කොරියන් යුද්ධයේ එෆ්-86 සබ් රේ යානාවල නියමු කුටි තුලට ඇතුලුවීමේ දුර්ලභ අවස්ථාවද මෙහිදී හිමිවේ.එයාර් ෆෝස් වන් හෙවත් ඇමෙරිකානු ජනපතිවරයාගේ රාජකාරි ගමන් සඳහා යොදාගන්නා නිල ගුවන් යානයක් වූ සෑම් 2600 යානය තුල අස්සක් මුල්ලක් නෑර නරඹන්නටද ඔබ පුලුවනි.කෞතුකාගාරයේ නිල වෙබ් අඩවිය මගින් පරිශීලකයන්ට ගුවන් යානා 60ක් තුල අංශක 360ක පරාසයක් තුල සියලු අංගෝපාංග ,අවි ,පාලන උපකරණ ආදිය නැරඹීමට අවස්ථාව ලබා දී තිබේ.
දෙවන ලෝක යුද සමයේ භාවිතා කල North American B-25 Mitchell යානයේ නියමු කුටිය - Cockpit360
B-25 Liberator යානයේ තුවක්කුකරු සිටින ස්ථානය - Cockpit360
පහත දැක්වෙන්නේ තෝරාගත් ජනපති ප්‍රවාහන යානයක්ද ඇතුලුව යුද ගුවන් යානා කිහිපයක නියමු කුටියේ දර්ශනයි.මේවා ඉතා සුපැහැදිලිව විශාලනය කර නැරඹීමට හැකියාව කෞතුකාගාරයේ නිල වෙබ් අඩවිය ඔස්සේ සපයා දී තිබෙන බව සලකන්න.
A-10 Thunderbolt II යානය
1977 වර්ෂයේදී හඳුන්වා දුන් ද්විත්ව එන්ජින් ගොඩබිම් ප්‍රහාරක ගුවන් යානයක් වන මෙය තවමත් එක්සත් ජනපද ගුවන් හමුදාව භාවිතා කරයි.Cockpit360 ඔස්සේ මෙහි නියමු කුටිය නැරඹීමට හැකියාව ඔබට ලැබේ.
A-10 යානයේ නියමු කුටිය - Cockpit360
SAM 26000 හෙවත් VC-137C බොයින් යානය
1962 වර්ෂයේ සිට 1998 දක්වා ඇමෙරිකානු ජනපතිවරුන්ගේ නිල ගුවන් ගමන් සඳහා යොදාගත් මෙම ගුවන් යානය ජෝන් එෆ්.කෙනඩි,ලින්ඩන් ජොන්සන්,රිචඩ් නික්සන් ආදී ජනපතිවරුන් භාවිතා කර තිබේ.ඇමෙරිකා එක්සත් ජනපද ජනපතිවරුන් ප්‍රවාහනය කරන නිල ගුවන් යානා එයාර් ෆෝර්ස් වන් නමින් හඳුන්වයි.Cockpit360 ඔස්සේ මෙම ගුවන් යානයේ නියමු කුටිය,ජනපතිවරයාගේ පෞද්ගලික කුටිය,සන්නිවේදන අංශය ආදී ස්ථාන රැසක් දැක බලාගත හැකිය.
SAM 26000 යානයේ නියමු කුටිය - Cockpit360
Rockwell B-1B Lancer යානය
1986 වර්ෂයේ හඳුන්වා දුන් බී-1 ලාන්සර් යානය අතිධ්වනි ,උපායමාර්ගික බෝම්බ හෙළන යානයකි.මෙය පළමු ගල්ෆ් යුද්ධය,කොසෝව් යුද්ධය,ඇෆ්ගන් සහ ඉරාක ආක්‍රමණයන්හිදී භාවිතා කර තිබේ.Cockpit360 ඔස්සේ නියමු කුටිය ඇතුලුව ස්ථාන තුනක සිට යානය ඇතුලත නැරඹීමට අවස්ථාව සලසා දී තිබේ.
B-1B Lancer යානයේ නියමු කුටිය - Cockpit360
B-29 Superfortress යානය
තවත් උපාය මාර්ගික බෝම්බ හෙළන යානයක් වන බී-29 දෙවන ලෝක යුද සමයේ හඳුන්වාදී තිබේ.දෙවන ලෝක සංග්‍රාමය සහ කොරියානු යුද්ධයේදී මෙම යානය භාවිතා කර තිබේ.රේඩියෝ ක්‍රියාකරු,නියමු කුටිය ආදී ස්ථාන තුනක සිට ඔබට මෙම යානය ඇතුලත නරඹන්නට පුලුවනි.
B-29 Superfortress යානයේ නියමු කුටිය - Cockpit360
B-52D Stratofortress යානය
1955 වර්ෂයේදී හඳුන්වාදුන් තවමත් සේවයේ යොදවා තිබෙන උපාය මාර්ගික බෝම්බ හෙළන යානයකි.මෙහි එක් සංස්කරණයක් වන්නේ බී-52 ඩී යානයයි.B-52D යානය වියට්නාම යුද්ධයේදී බහුලව භාවිතා කල බව සඳහන් වේ.නියමු කුටිය,රේඩාර් ක්‍රියාකරුවා,තුවක්කුකරු ආදී ස්ථාන පහක සිට ඔබට මෙම ගුවන් යානය ඇතුලත නැරඹිය හැකිය.
B-52D Stratofortress යානයේ නියමු කුටිය - Cockpit360
C-17 Globemaster III යානය
1995 වර්ෂයේදී හඳුන්වාදුන් හමුදා ප්‍රවාහන යානයකි.රටවල් නමයක් පමණ මෙම යානාවල සේවය ලබාගනියි.කි.ග්රෑ. 70,000කට වැඩි බරක් රැගෙන පියාසර කල හැකිය.ස්ථාන හයක සිට මෙම යානයේ ඇතුලත නැරඹීමට අවස්ථාව සලසා දී තිබේ.
C-17 Globemaster III යානයේ නියමු කුටිය - Cockpit360
C-130E Hercules යානය
එන්ජින් 4ක් සහිත හමුදා ප්‍රවාහන ගුවන් යානයක් වන මෙය 1954 වර්ෂයේ සිට අද දක්වා භාවිතා කෙරේ.මෙහි දක්වා තිබෙන්නේ C-130E නම් සංස්කරණයයි.ටොන් 20ක පමණ බරක් රැගෙන පියාසර කල හැකිය.ස්ථාන පහක සිට මෙම යානයේ ඇතුලත නැරඹිය හැකිය.
C-130E Hercules යානයේ නියමු කුටිය - Cockpit360
F-16A Fighting Falcon යානය
තනි එන්ජිමේ බහුකාර්යය ෆයිටර් වර්ගයේ ගුවන් යානයකි.1978 වර්ෂයේදී හඳුන්වා දී තිබේ.රටවල් 20කට වැඩි ගණනකට F-16 යානා අලෙවිකර තිබේ.F-16A යානයේ නියමු කුටිය නැරඹීමට අවස්ථාව ලබා දී තිබේ.
F-16A Fighting Falcon යානයේ නියමු කුටිය - Cockpit360
F-117A යානය
එක්සත් ජනපදයේ පළමු ස්ටෙල්ත් වර්ගයේ බෝම්බ හෙළන යානය මෙයයි.1983 වර්ෂයේදී හඳුන්වා දුන් 2008 වර්ෂයේදී විශ්‍රාම යැවූ යානය 1991 වර්ෂයේදී ගල්ෆ් යුද්ධය සඳහා යොදාගෙන තිබේ.සංග්‍රාමයකදී එක් F-117A යානයක් පමණක් සෑම් මිසයිල ප්‍රහාරයකට ලක්ව විනාශ වී තිබේ.මෙම යානයේ නියමු කුටිය නැරඹීමට ඔබට අවස්ථාව හිමිවේ.
F-117A යානයේ නියමු කුටිය - Cockpit360
SR-71A Blackbird යානය
ශබ්දයේ වේගය මෙන් තුන්ගුණයකට වැඩි වේගයකින් ගමන් කල හැකි මෙම ඔත්තු බැලීමේ යානය 1966 සිට 1998 වර්ෂය තෙක් භාවිතා කර තිබේ.මිනිසෙක් සහිතව වැඩිම වේගයෙන් ගමන් කල ගුවන් යානය ලෙස වාර්තාවක් තබා ඇති SR-71A යානයේ ඉදිරිපස සහ පිටුපස නියමු කුටි නරඹන්නට ඔබට අවස්ථාව හිමිවේ.
SR-71A Blackbird යානයේ නියමු කුටිය - Cockpit360
COCKPIT360 Mobile App
මෙම Cockpit360 අත්දැකීම දැන් ස්මාට් ෆෝන් පරිශීලකයන්ටත් ලබා ගැනීමට හැකියාව තිබේ.නොමිලේ ලබාදෙන Cockpit360 ඇප් එක ඇපල් හෝ ගූගල් ප්ලේ ඇප් ගබඩාවලින් භාගත කල හැකිය.මොබයිල් ඇප් එකේ තත්ත්වය ගැන කියන්න අමාරුයි,මොකද මට ස්මාර් ෆෝන් එකක් නෑනේ.
COCKPIT360 app for iOS
Cockpit360° - Download
COCKPIT360 app for Android
Cockpit360° - Download
Cockpit360 වැඩසටහනට අවශ්‍ය ඡායාරූප ලබාගත් අයුරු
එහෙනම් අපේ එක අවසන් කරන්න කාලෙත් හරි.මේ ගැන නොදන්න අයත් ඇති නේ කියලා තමයි මේ ලිපිය දාන්න හිතුනේ.ඩේටා ටිකක් නාස්ති කරන්න කැමති අය ඉන්නවා නම් virtual tour එකත් ගිහින් ,Cockpit360 අත්දැකීමත් ගන්න.ඉන්ටර්නෙට් බිලත් ගෙවා ගන්නෙත් බොහොම අමාරුවෙන් මේ කාලේ, එහෙම එකේ කෞතුකාගාර බලන්න ඇමෙරිකාවෙ යන්න කොහොමැයි නේ.
සුභ ගමන් !
Source:militaryhistorynow.com
-HarshaLulzSec-
Last edited: