යැංකි ගුවන් හමුදා කෞතුකාගාරයකට යමු
එළකිරියේ Aviation ත්‍රෙඩ් එකක් තියෙනවා කියලා බොහෝදෙනා දන්නවා නේ.ඒ ත්‍රෙඩ් එකේ අදහස් පළකරන සමහරුන්ගේ කතා බහින් පෙනී යන්නේ ඔවුන් ගුවන් නියමුවන් හෝ ක්ෂේත්‍ර සම්බන්ධ ප්‍රවීණයන් බවයි.මේ කියන්නට යන දේ එහි සිටින සාමාජිකයින් බොහෝදෙනෙක් දන්නා කරුණක් වන්නට පුලුවනි.ගුවන් නියමුවෙකුට ගුවන් සේවිකාවකට හැරුණු කොට වාණිජ හෝ යුද ගුවන් යානයක නියමු කුටියකට පිවිසෙන්නට ලැබෙන පිරිස බොහොම අල්ප බව අමුතුවෙන් සඳහන් කරන්නට අවශ්‍ය නොවේ.නියමු කුටියකට පිවිසීමේ අවස්ථාව සමහර විට ගුවන් යානා කෞතුකාගාරයකදී කරන සංචාරයකදී ලබාගන්න පුලුවනි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේ ඩෙයිටන් නගරයේ රයිට් පැටර්සන් ගුවන් හමුදා කඳවුරු භූමියේ පිහිටා තිබෙන එක්සත් ජනපද ගුවන් හමුදාවේ ජාතික කෞතුකාගාරය ලොව තිබෙන විශාලතම ගුවන් හමුදා කෞතුකාගාරවලින් එකකි.මෙහි ගුවන් යානා සහ මිසයිල 360කට වඩා ප්‍රදර්ශනයට තබා තිබෙන බව සඳහන් වේ.කෞතුකාගාරයට කලින් කලට ගොඩනැගිලි 4ක් එක්ව තිබේ.
මෙම කෞතුකාගාරයේ තිබෙන ගුවන් යානා එකතුව අතර දුර්ලභ සහ ඓතිහාසික ගුවන් යානාද ඇතුලත්ය.දැනට ඉතිරිව තිබෙන කොන්වර් බී-36 පීස්මේකර් යානා හතරෙන් එකක් මෙහි රඳවා තිබේ.ඊට අමතරව ඉතිරිව තිබෙන එකම නෝර්ත් ඇමෙරිකන් එක්ස්බී-70 යානය,නාගසාකි නගරයට ෆැට්මෑන් නම් පරමාණු බෝම්බය හෙළු බොයින් බී-29 සුපර්ෆෝර්ට්ට්රස් යානය ආදියද මෙම ගුවන් හමුදා කෞතුකාගාරයේදී දැකගත හැකිය.
කෞතුකාගාරයේ හතරවන ගොඩනැගිල්ලේ(2016 වර්ෂයේදී එක් කරන ලද ගොඩනැගිල්ල )ෆ්රැන්ක්ලීන් ඩී.රූස්වෙල්ට් ,හැරී තෲමන් සහ ඩවයිට් ඩී.අයිසන්හවර් ආදී ඇමෙරිකානු ජනපතිවරුන් භාවිතා කල ගුවන් යානා ප්‍රදර්ශනයට තබා ඇත. ජනපති ජෝන් එෆ්.කෙනඩි,ලින්ඩන් බී.ජෝන්සන් සහ රිචඩ් නික්සන් සිය ගුවන් ගමන් සඳහා යොදාගත් වැඩි දියුණුකල බොයින් 707 යානයක් වන වීසී-137සී යානය ඒවා අතරින් කැපී පෙනෙන යානයකි.
ගුවන් යානය සොයාගත් රයිට් සහෝදරයන් සහ මුල් කාලීන නිර්මාපකයන්ගේ ගුවන් යානා ආකෘති තවත් අංශයක/ගැලරියක ප්‍රදර්ශනයට තබා ඇත.ඊට අමතරව විවිධ කාල සීමාවලට අයත් ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ නිල ඇඳුම් මෙහිදි දැකගත හැකිය.2003 වසරේදී එක් කල තුන්වන ගොඩනැගිල්ල තුල වර්තමානයේදී ස්ථාන ගත කර තිබෙන්නේ සීතල යුද්ධයෙන් පසු භාවිතා කරන ගුවන් යානා වන බී-2 ස්ප්රිට් ස්ටෙල්ත් බෝම්බ හෙළන යානය ,ලොක් හීඩ් සමාගමේ එෆ්-117 නයිට් හොක් ආදී යානාය.ඊට අමතරව අයිමැක්ස් තාක්ෂණයෙන් යුක්ත චිත්‍රපට ශාලාවක් කෞතුකාගාරය සතුය.එහි ගුවන් තරණය සහ අභ්‍යාවකාශ තරණය සම්බන්ධ වාර්තා චිත්‍රපට මුදලට ප්‍රදර්ශනය කෙරේ.
මෙය ඕන්ලයින් සංචාරයක් වැනිය.නමුත් ඔබ සැබවින්ම කෞතුකාගාරයට ගොස් අංශක 360 කෝණයකින් නරඹනවා වැනි හැඟීමක් මෙහිදී ලබාදී තිබේ.මෙම සංචාරය ඔබට තනිවම සිදුකල හැකි අයුරින් සියලු පහසුකම් සලසා තිබේ.අදාල වෙබ් පිටුවට පිවිසුනු පසු දකුණු පස ඉහළ කෙළවරින් කෞතුකාගාර භූමියේ සිතියමක් දක්වා තිබේ.එම භූමිය තුල ගමන් කිරීම පහළින් තිබෙන ඊතල වලින් හෝ සිතියමේ තිබෙන මංසල්/නොඩ්ස් මත මවුසය ක්ලික් කිරීමෙන් කල හැකිය.ගුවන් යානා මතට මවුස් පොයින්ටර් ගෙන ගිය විට එහි නම දිස්වේ.ඒ මත ක්ලික් කිරීමෙන් විවෘතවන වින්ඩෝවේ අදාල ගුවන් යානය සම්බන්ධව අමතර විස්තර වීඩියෝ,ඕඩියෝ සහ වෙනත් මූලාශ්‍ර සපයන ලින්ක් අන්තර්ගතය.
සංචාරේ පටන් ගන්න කලින් පොඩි දෙයක් කියන්න ඕනේ.ඇඩෝබි ෆ්ලෑස් ප්ලේයර් 9.0.28 හෝ ඊට ඉහළ සංස්කරණයක් පරිගණකය තුල ස්ථාපනය කරලා තියෙන්නේ ඕනේ.කෞතුකාගාරයේ නිල වෙබ් අඩවියට අනුව ජංගම උපාංග ඒ කියන්න ස්මාට් පෝන්ස් සහ ටැබ්ලට් පරිගණක වලට හැකිතරම් ගැළපෙන සේ මෙම වැඩසටහන එනම් virtual tour නිර්මාණය කර තිබෙන බව සඳහන්.
අපි දැන් ඉන්නේ එක්සත් ජනපද ජාතික ගුවන් හමුදා කෞතුකාගාරයේ ඉදිරිපිට.වම් පැත්තට හැරුණොත් පෙන්නේ එළිමහනේ රදවලා තියෙන ගුවන් යානා ගාල.මේ වර්චුවල් ටුවර් එක ගූගල් මැප් එකේ ස්ට්‍රීට් වීව් වගේ නම් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ.අපිට කැමති කැමති තැන්වලට යන්න හෝ කැමති තැනක සිට නැරඹීමේ හැකියාවක් මෙහි නැත.ඔවුන් සපයා දී තිබෙන සිතියමේ නිල් පැහැයෙන් පෙන්වන හොට්ස්පොට්ස්/නොඩ්ස් වලට ගිහින් අංශක 360ක පරාසයකින් අවට පරිසරය සිසාරා ඉහල,පහළ සහ වම්,දකුණ නරඹන්නට පමණක් මෙහිදී අවස්ථාව හිමිවේ.මේ සඳහා මවුස් එක හෝ පහළින් තිබෙන ටුල් සෙට් එක(අංක 1) භාවිතා කල හැකිය.එළිමහනේ නවතා තිබෙන ගුවන් යානා එකතුවේ ලොක් හීඩ් සමාගමේ සී-141 ,එම සමාගමේම සී-60 ,සී-130,සී-130,ඒසී-130,සී-17 ග්ලෝබ්මාස්ටර් 3,ඊසී-135ඊ ආදී යානා තිබේ.
කෞතුකාගාරය ඉදිරිපිටට පැමිණි විට දකුණුපසින් දිස්වන්නේ එක්සත් ජනපද ගුවන් හමුදාවේ අනුස්මරණ ඵලක සහිත Memorial Park එකයි.මෙහි මියගිය ගුවන් හමුදා සෙබලුන්,නිලධාරීන් වෙනුවෙන් සිට වූ ශාක,ඵලක සිහිවටනයන් ආදිය දැක ගත හැකිය.
කෞතුකාගාරයේ ගොඩනැගිලි සංකීර්ණයට පිවිසුනු පසු පිළිවෙලින් සංචාරය සිදුකරන්නේ නම් දකුණුපස තිබෙන මුල් කාලීන ගුවන් යානා එකතුව සහිත අංශයට පිවිසිය හැකිය.රයිට් සහෝදරයන්ගේ ගුවන් යානය,ගුවන් නැව්,පළමු ලෝක යුද්ධයේදී පාවිච්චි කල ගුවන් යානා,පළමු සහ දෙවන ලෝක සංග්රාමයන් අතර කාල පරිච්ඡේදයේ නිපදවූ ගුවන් යානා මෙහිදී නැරඹීමට හැකියාව ලැබේ.
Early Years Gallery - Virtual Tour
ඊළඟ පියවර ලෙස දෙවන ලෝක යුද සමයේ භාවිතා කල ගුවන් යානා එකතුව සහිත අංශයට යමු.නාසි ජර්මනිය,බ්‍රිතාන්‍යය,ජපානය ආදි රටවල් දෙවන ලෝක සංග්‍රාමය තුල භාවිතා කල ගුවන් යානාද මෙම එකතුවේ අඩංගුය.ඇමෙරිකානු බී-29 සුපර්ෆෝට් ර්ස්,මිට්ෂුබිසි ඒ6එම්2 සීරෝ,සුපර් මැරීන් ස්පිට්ෆයර් ආදී ඊට උදාහරණ වේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජනපදය සම්බන්ධවූයේ කොරියානු යුද්ධයටයි.එහිදී උතුරු කොරියාව සහ එක්සත් ජනපදය භාවිතා කල ගුවන් යානා එකතුවක් කොරියන් යුද්ධය සඳහා වෙන් කල අංශයේ ස්ථානගත කර තිබේ.එහි තිබෙන ගුවන් යානා ගණන 14ක් පමණ වේ.ටී-6 ඩී මොස්කිටෝ,මිග්-15,එෆ්-86 ඒ සබ් රේ ආදී ගුවන් යානා මෙම එකතුවට ඇතුලත්ය.
කොරියන් යුද්ධයේදී චීනය ඉදිරියේ අවමානයට ලක්වන්නට සිදුවූ ඇමෙරිකා එක්සත් ජනපදය නැවතත් යුද්ධයකට මැදිහත් විය.ඒ ඉන්දු චීනය තුල කොමියුනිස්ට්වාදය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා වියට්නාමය සමග සටන් වැදීමටයි.එම යුද්ධය තුලදී ඇමෙරිකාව දෙවන ලෝක සංග්‍රාමයේදී උපයාගෙන තිබූ අභිමානය සම්පුර්ණයෙන්ම සේදී ගියේය.ගුවන් හමුදා කෞතුකාගාරය තුල වියට්නාම යුද්ධයේදී යොදාගත් ඇමෙරිකානු ගුවන් යානා සඳහා වෙනම අංශයක් ස්ථාපනය කර තිබේ.එහි තිබෙන ගුවන් යානා අතර එෆ්-4සී,බී-52ඩී,එෆ්-105 ආදී යානා අන්තර්ගතය.මෙම අංශයේ ගුවන් යානා 30 පමණ රඳවා තිබේ.
ඊළඟට ඔබට සීතල යුද සමයේ නිපදවන ලද ගුවන් යානා එකතුවක් සහිත අංශයට පිවිසිය හැකිය.ප්‍රහාරක යානා,බෝම්බ හෙළන යානා,ඔත්තු බලන යානා,නියමුවන් පුහුණු කිරීමට යොදාගන්නා යානා සහ ප්‍රවාහන ගුවන් යානා මෙම එකතුවට ඇතුලත් වේ.මෙහිදි තිබෙන විශේෂිත ගුවන් යානය වන්නේ බී-2 ස්ප්රිට් ස්ටෙල්ත් වර්ගයේ බෝම්බ හෙළන යානාවයි.බී-1බී ලාන්සර්,එෆ්-15 ඒ ඊගල්,එෆ්-16ඒ ෆයිටින් ෆෝල්කන්,එෆ්-117 ඒ නයිට්හොක්.මිග්-29,ආර්කිව්-1පෙඩේටර් ඩෝන් යානය,එස් ආර්-71ඒ, යූ-2ඒ ඔත්තු බලන යානය ආදිය මෙම අංශයේ තිබෙන කැපීපෙනෙන යානා කිහිපයකි.ගුවන් යානා 60ක් පමණ මෙහි තැන්පත් කර ඇත.
2004 වර්ෂයේදී විවෘත කල මිසයිල සහ අභ්‍යාවකාශ අංශය ටයිටෑන් 1,ටයිටෑන් 2 සහ ජුපිටර් ආදී මිසයිල ප්‍රදර්ශනයට තබා ඇත.මෙහි මිසයිල 8ක් පමණ තැන්පත් කර තිබේ.ඊට අමතරව ස්පුට්නික් වැනි චන්ද්‍රිකා 4ක් පමණ දැක බලාගත හැකිය.
පර්යේෂණ සහ සංවර්ධන අංශයේ තැන්පත් කර තිබෙන්නේ පර්යේෂ කටයුතු සඳහා නිපදවූ ඇමෙරිකානු ගුවන් යානාය.දැනට ලොව ඉතිරිව තිබෙන එකම එක්ස්බී-70 යානය සහ තවත් ගුවන් යානා 30ක් පමණ මෙම අංශයේදී දැක බලා ගත හැකිය.
ජනපති ප්‍රවාහන සේවා ගුවන් යානා එකතුවක් සඳහා මෙහි වෙනම ගැලරියක් විවෘත කර තිබේ.එහි ගුවන් යානා 10ක් පමණ රදවා තිබේ.ජනපතිවරු 8 දෙනෙක් භාවිතා කල බොයින් සමාගමේ වීසී-137සී යානය ඒවා අතරින් කැපී පෙනෙන යානයකි.
Source:militaryhistorynow.com
-HarshaLulzSec-

එක්සත් ජනපදයේ ජාතික ගුවන් හමුදා කෞතුකාගාරය
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේ ඩෙයිටන් නගරයේ රයිට් පැටර්සන් ගුවන් හමුදා කඳවුරු භූමියේ පිහිටා තිබෙන එක්සත් ජනපද ගුවන් හමුදාවේ ජාතික කෞතුකාගාරය ලොව තිබෙන විශාලතම ගුවන් හමුදා කෞතුකාගාරවලින් එකකි.මෙහි ගුවන් යානා සහ මිසයිල 360කට වඩා ප්‍රදර්ශනයට තබා තිබෙන බව සඳහන් වේ.කෞතුකාගාරයට කලින් කලට ගොඩනැගිලි 4ක් එක්ව තිබේ.
කෞතුකාගාරය අංශ කිහිපයකින් සමන්විතය.පහත දැක්වෙන්නේ ඒවාය.
Air Park
Memorial Park
Early Years Gallery
World War II Gallery
Korean War Gallery
Southeast Asia War Gallery
Cold War Gallery
Missile & Space Gallery
Research & Development Gallery
Presidential Gallery
Memorial Park
Early Years Gallery
World War II Gallery
Korean War Gallery
Southeast Asia War Gallery
Cold War Gallery
Missile & Space Gallery
Research & Development Gallery
Presidential Gallery
Air Park
Memorial Park
Research & Development Gallery
Missile & Space Gallery
මෙම කෞතුකාගාරයේ තිබෙන ගුවන් යානා එකතුව අතර දුර්ලභ සහ ඓතිහාසික ගුවන් යානාද ඇතුලත්ය.දැනට ඉතිරිව තිබෙන කොන්වර් බී-36 පීස්මේකර් යානා හතරෙන් එකක් මෙහි රඳවා තිබේ.ඊට අමතරව ඉතිරිව තිබෙන එකම නෝර්ත් ඇමෙරිකන් එක්ස්බී-70 යානය,නාගසාකි නගරයට ෆැට්මෑන් නම් පරමාණු බෝම්බය හෙළු බොයින් බී-29 සුපර්ෆෝර්ට්ට්රස් යානය ආදියද මෙම ගුවන් හමුදා කෞතුකාගාරයේදී දැකගත හැකිය.
Korean War Gallery
Southeast Asia War Gallery
කෞතුකාගාරයේ හතරවන ගොඩනැගිල්ලේ(2016 වර්ෂයේදී එක් කරන ලද ගොඩනැගිල්ල )ෆ්රැන්ක්ලීන් ඩී.රූස්වෙල්ට් ,හැරී තෲමන් සහ ඩවයිට් ඩී.අයිසන්හවර් ආදී ඇමෙරිකානු ජනපතිවරුන් භාවිතා කල ගුවන් යානා ප්‍රදර්ශනයට තබා ඇත. ජනපති ජෝන් එෆ්.කෙනඩි,ලින්ඩන් බී.ජෝන්සන් සහ රිචඩ් නික්සන් සිය ගුවන් ගමන් සඳහා යොදාගත් වැඩි දියුණුකල බොයින් 707 යානයක් වන වීසී-137සී යානය ඒවා අතරින් කැපී පෙනෙන යානයකි.
Presidential Gallery
World War II Gallery
ගුවන් යානය සොයාගත් රයිට් සහෝදරයන් සහ මුල් කාලීන නිර්මාපකයන්ගේ ගුවන් යානා ආකෘති තවත් අංශයක/ගැලරියක ප්‍රදර්ශනයට තබා ඇත.ඊට අමතරව විවිධ කාල සීමාවලට අයත් ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ නිල ඇඳුම් මෙහිදි දැකගත හැකිය.2003 වසරේදී එක් කල තුන්වන ගොඩනැගිල්ල තුල වර්තමානයේදී ස්ථාන ගත කර තිබෙන්නේ සීතල යුද්ධයෙන් පසු භාවිතා කරන ගුවන් යානා වන බී-2 ස්ප්රිට් ස්ටෙල්ත් බෝම්බ හෙළන යානය ,ලොක් හීඩ් සමාගමේ එෆ්-117 නයිට් හොක් ආදී යානාය.ඊට අමතරව අයිමැක්ස් තාක්ෂණයෙන් යුක්ත චිත්‍රපට ශාලාවක් කෞතුකාගාරය සතුය.එහි ගුවන් තරණය සහ අභ්‍යාවකාශ තරණය සම්බන්ධ වාර්තා චිත්‍රපට මුදලට ප්‍රදර්ශනය කෙරේ.
Early Years Gallery
Cold War Gallery
මූ මොකටද මේ ඇමෙරිකාවේ තියෙන කෞතුකාගාරයක් ගැන මෙච්චර කියවන්නේ.මොකද ඕවා දැනගත්තා කියලා අපි ඕවා බලන්න යන්න ඈ.
දැන් සමහරු එහෙම හිතනවා ඇති.ඔව්,මේවා දැනගත්තා කියලා අපි ඇමෙරිකාවට යන්න ඈ නේ.ලිපිය නීරස වුනාට කමක් නෑ ඉස්සරහට කියවගෙන යන්නකෝ.
ශ්‍රී ලංකාවේ ඉදන්,ඒ කියන්නේ මෙහෙම පරිගණකය ඉදිරියේ වාඩිවී ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ ජාතික කෞතුකාගාරයේ සංචාරයක් යන්න කැමතිද?
2010 වර්ෂයේදී මෙම ගුවන් හමුදා කෞතුකාගාරය විසින් ලොව පුරා සිටින ඕනෑම අන්තර්ජාල පරිශීලකයෙකුට ඕන්ලයින් ,අංශක 360ක කෝණයකින් කෞතුකාගාරයේ ගුවන් යානා දැකබලා ගත හැකි අයුරින් වර්චුවල් ටුවර් යන අංගය එක් කරන ලදි
.
මෙය ඕන්ලයින් සංචාරයක් වැනිය.නමුත් ඔබ සැබවින්ම කෞතුකාගාරයට ගොස් අංශක 360 කෝණයකින් නරඹනවා වැනි හැඟීමක් මෙහිදී ලබාදී තිබේ.මෙම සංචාරය ඔබට තනිවම සිදුකල හැකි අයුරින් සියලු පහසුකම් සලසා තිබේ.අදාල වෙබ් පිටුවට පිවිසුනු පසු දකුණු පස ඉහළ කෙළවරින් කෞතුකාගාර භූමියේ සිතියමක් දක්වා තිබේ.එම භූමිය තුල ගමන් කිරීම පහළින් තිබෙන ඊතල වලින් හෝ සිතියමේ තිබෙන මංසල්/නොඩ්ස් මත මවුසය ක්ලික් කිරීමෙන් කල හැකිය.ගුවන් යානා මතට මවුස් පොයින්ටර් ගෙන ගිය විට එහි නම දිස්වේ.ඒ මත ක්ලික් කිරීමෙන් විවෘතවන වින්ඩෝවේ අදාල ගුවන් යානය සම්බන්ධව අමතර විස්තර වීඩියෝ,ඕඩියෝ සහ වෙනත් මූලාශ්‍ර සපයන ලින්ක් අන්තර්ගතය.
කියෙව්වා මදැයි දැන්..කට්ටිය ලෑස්තිද එහෙනම්... බඩු එහෙම පැක් කරගත්තද? නෑ නෑ..කිසිදෙයක් ඕනේ නෑ...ඔය ඉන්න විදිය හොඳයි!
සංචාරේ පටන් ගන්න කලින් පොඩි දෙයක් කියන්න ඕනේ.ඇඩෝබි ෆ්ලෑස් ප්ලේයර් 9.0.28 හෝ ඊට ඉහළ සංස්කරණයක් පරිගණකය තුල ස්ථාපනය කරලා තියෙන්නේ ඕනේ.කෞතුකාගාරයේ නිල වෙබ් අඩවියට අනුව ජංගම උපාංග ඒ කියන්න ස්මාට් පෝන්ස් සහ ටැබ්ලට් පරිගණක වලට හැකිතරම් ගැළපෙන සේ මෙම වැඩසටහන එනම් virtual tour නිර්මාණය කර තිබෙන බව සඳහන්.
ඔන්න එහෙනම් අපි සංචාරය ආරම්භ කරන්නයි යන්නේ.පහළ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න විතරයි තියෙන්නේ....
VIRTUAL TOUR
මොකද වුනේ?කෙලින්ම ගුවන් හමුදා කෞතුකාගාරයේ දොරකඩටම ආවා නේ ! දැන් මොකද කරන්නේ...කෝ අපේ මාර්ගෝපදේශකයා?
ටුවර් ගයිඩ් ගැන වද වෙන්න ඕනේ නෑ. වැඩසටහන සකස් කර තිබෙන්නේ ඕනෑම අයෙකුට තනිවම මෙම සංචාරය සිදුකල හැකි පරිද්දෙනි.
කෞතුකාගාර භූමියේ සිතියම
අපි දැන් ඉන්නේ එක්සත් ජනපද ජාතික ගුවන් හමුදා කෞතුකාගාරයේ ඉදිරිපිට.වම් පැත්තට හැරුණොත් පෙන්නේ එළිමහනේ රදවලා තියෙන ගුවන් යානා ගාල.මේ වර්චුවල් ටුවර් එක ගූගල් මැප් එකේ ස්ට්‍රීට් වීව් වගේ නම් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ.අපිට කැමති කැමති තැන්වලට යන්න හෝ කැමති තැනක සිට නැරඹීමේ හැකියාවක් මෙහි නැත.ඔවුන් සපයා දී තිබෙන සිතියමේ නිල් පැහැයෙන් පෙන්වන හොට්ස්පොට්ස්/නොඩ්ස් වලට ගිහින් අංශක 360ක පරාසයකින් අවට පරිසරය සිසාරා ඉහල,පහළ සහ වම්,දකුණ නරඹන්නට පමණක් මෙහිදී අවස්ථාව හිමිවේ.මේ සඳහා මවුස් එක හෝ පහළින් තිබෙන ටුල් සෙට් එක(අංක 1) භාවිතා කල හැකිය.එළිමහනේ නවතා තිබෙන ගුවන් යානා එකතුවේ ලොක් හීඩ් සමාගමේ සී-141 ,එම සමාගමේම සී-60 ,සී-130,සී-130,ඒසී-130,සී-17 ග්ලෝබ්මාස්ටර් 3,ඊසී-135ඊ ආදී යානා තිබේ.
Air Park - Virtual Tour
කෞතුකාගාරය ඉදිරිපිටට පැමිණි විට දකුණුපසින් දිස්වන්නේ එක්සත් ජනපද ගුවන් හමුදාවේ අනුස්මරණ ඵලක සහිත Memorial Park එකයි.මෙහි මියගිය ගුවන් හමුදා සෙබලුන්,නිලධාරීන් වෙනුවෙන් සිට වූ ශාක,ඵලක සිහිවටනයන් ආදිය දැක ගත හැකිය.
Memorial Park - Virtual Tour
කෞතුකාගාරයේ ගොඩනැගිලි සංකීර්ණයට පිවිසුනු පසු පිළිවෙලින් සංචාරය සිදුකරන්නේ නම් දකුණුපස තිබෙන මුල් කාලීන ගුවන් යානා එකතුව සහිත අංශයට පිවිසිය හැකිය.රයිට් සහෝදරයන්ගේ ගුවන් යානය,ගුවන් නැව්,පළමු ලෝක යුද්ධයේදී පාවිච්චි කල ගුවන් යානා,පළමු සහ දෙවන ලෝක සංග්රාමයන් අතර කාල පරිච්ඡේදයේ නිපදවූ ගුවන් යානා මෙහිදී නැරඹීමට හැකියාව ලැබේ.
Early Years Gallery - Virtual Tour
ඊළඟ පියවර ලෙස දෙවන ලෝක යුද සමයේ භාවිතා කල ගුවන් යානා එකතුව සහිත අංශයට යමු.නාසි ජර්මනිය,බ්‍රිතාන්‍යය,ජපානය ආදි රටවල් දෙවන ලෝක සංග්‍රාමය තුල භාවිතා කල ගුවන් යානාද මෙම එකතුවේ අඩංගුය.ඇමෙරිකානු බී-29 සුපර්ෆෝට් ර්ස්,මිට්ෂුබිසි ඒ6එම්2 සීරෝ,සුපර් මැරීන් ස්පිට්ෆයර් ආදී ඊට උදාහරණ වේ.
World War II Gallery - Virtual Tour
දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජනපදය සම්බන්ධවූයේ කොරියානු යුද්ධයටයි.එහිදී උතුරු කොරියාව සහ එක්සත් ජනපදය භාවිතා කල ගුවන් යානා එකතුවක් කොරියන් යුද්ධය සඳහා වෙන් කල අංශයේ ස්ථානගත කර තිබේ.එහි තිබෙන ගුවන් යානා ගණන 14ක් පමණ වේ.ටී-6 ඩී මොස්කිටෝ,මිග්-15,එෆ්-86 ඒ සබ් රේ ආදී ගුවන් යානා මෙම එකතුවට ඇතුලත්ය.
Korean War Gallery - Virtual Tour
කොරියන් යුද්ධයේදී චීනය ඉදිරියේ අවමානයට ලක්වන්නට සිදුවූ ඇමෙරිකා එක්සත් ජනපදය නැවතත් යුද්ධයකට මැදිහත් විය.ඒ ඉන්දු චීනය තුල කොමියුනිස්ට්වාදය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා වියට්නාමය සමග සටන් වැදීමටයි.එම යුද්ධය තුලදී ඇමෙරිකාව දෙවන ලෝක සංග්‍රාමයේදී උපයාගෙන තිබූ අභිමානය සම්පුර්ණයෙන්ම සේදී ගියේය.ගුවන් හමුදා කෞතුකාගාරය තුල වියට්නාම යුද්ධයේදී යොදාගත් ඇමෙරිකානු ගුවන් යානා සඳහා වෙනම අංශයක් ස්ථාපනය කර තිබේ.එහි තිබෙන ගුවන් යානා අතර එෆ්-4සී,බී-52ඩී,එෆ්-105 ආදී යානා අන්තර්ගතය.මෙම අංශයේ ගුවන් යානා 30 පමණ රඳවා තිබේ.
Southeast Asia War Gallery - Virtual Tour
ඊළඟට ඔබට සීතල යුද සමයේ නිපදවන ලද ගුවන් යානා එකතුවක් සහිත අංශයට පිවිසිය හැකිය.ප්‍රහාරක යානා,බෝම්බ හෙළන යානා,ඔත්තු බලන යානා,නියමුවන් පුහුණු කිරීමට යොදාගන්නා යානා සහ ප්‍රවාහන ගුවන් යානා මෙම එකතුවට ඇතුලත් වේ.මෙහිදි තිබෙන විශේෂිත ගුවන් යානය වන්නේ බී-2 ස්ප්රිට් ස්ටෙල්ත් වර්ගයේ බෝම්බ හෙළන යානාවයි.බී-1බී ලාන්සර්,එෆ්-15 ඒ ඊගල්,එෆ්-16ඒ ෆයිටින් ෆෝල්කන්,එෆ්-117 ඒ නයිට්හොක්.මිග්-29,ආර්කිව්-1පෙඩේටර් ඩෝන් යානය,එස් ආර්-71ඒ, යූ-2ඒ ඔත්තු බලන යානය ආදිය මෙම අංශයේ තිබෙන කැපීපෙනෙන යානා කිහිපයකි.ගුවන් යානා 60ක් පමණ මෙහි තැන්පත් කර ඇත.
Cold War Gallery - Virtual Tour
2004 වර්ෂයේදී විවෘත කල මිසයිල සහ අභ්‍යාවකාශ අංශය ටයිටෑන් 1,ටයිටෑන් 2 සහ ජුපිටර් ආදී මිසයිල ප්‍රදර්ශනයට තබා ඇත.මෙහි මිසයිල 8ක් පමණ තැන්පත් කර තිබේ.ඊට අමතරව ස්පුට්නික් වැනි චන්ද්‍රිකා 4ක් පමණ දැක බලාගත හැකිය.
Missile & Space Gallery - Virtual Tour
පර්යේෂණ සහ සංවර්ධන අංශයේ තැන්පත් කර තිබෙන්නේ පර්යේෂ කටයුතු සඳහා නිපදවූ ඇමෙරිකානු ගුවන් යානාය.දැනට ලොව ඉතිරිව තිබෙන එකම එක්ස්බී-70 යානය සහ තවත් ගුවන් යානා 30ක් පමණ මෙම අංශයේදී දැක බලා ගත හැකිය.
Research & Development Gallery - Virtual Tour
ජනපති ප්‍රවාහන සේවා ගුවන් යානා එකතුවක් සඳහා මෙහි වෙනම ගැලරියක් විවෘත කර තිබේ.එහි ගුවන් යානා 10ක් පමණ රදවා තිබේ.ජනපතිවරු 8 දෙනෙක් භාවිතා කල බොයින් සමාගමේ වීසී-137සී යානය ඒවා අතරින් කැපී පෙනෙන යානයකි.
Presidential Gallery - Virtual Tour
සංචාරය ඉවරයි කියලද හිතුවේ.නෑ තව තියෙනවා.ෆෝරමයේ නීති හරස් වෙන නිසා සම්පුර්ණ ලිපියම එකවර පළකරන්න හැකියාවක් නැහැ.ඉතිරිය දෙවන කොටසින් බලාපොරොත්තුවන්න.
Source:militaryhistorynow.com
-HarshaLulzSec-
Last edited:

++
.