යුද්ධය පැවති සමයේ දකුණේ පිපිරුණු බෝම්බ වලින් මියගිය අය අතර පාසල් සිසුන් මෙන්ම විශ්ව විද්‍යාල සිසුහු ද වූහ.
අප ඉගෙනුම ලබන සමයේ මොරටුව විශ්ව විද්‍යාලය ආසන්නයේ බසයක් ඉලක්ක කරමින් පිපිරවූ බෝම්බයෙන් මියගිය අය අතර විශ්ව විද්‍යාලයේ (මතක හැටියට විදුලි ඉංජිනේරු අධ්‍යන අංශයේ) සොයුරෙක්ද විය.
විල්පත්තුවේ සංචාරයක නිරතව සිටියදී කුරිරු ලෙස මරාදැමුනු නිරායුධ හමුදා නිලධාරීන් සමග සිටි වනජීවී නියාමක වරයාගේ පුතනුවන් අප කණ්ඩායමේ ශිෂ්‍යයෙක් විය. ඔහුව මරා දැමුනේ අපට පහල වසරේ ශිෂ්‍ය කණ්ඩායම විශ්ව විද්‍යාලයට ඇතුලත් කරගැනීමට දිනක් හෝ දෙකක් තිබියදීය.
ඉහත කිසිම අවස්ථාවක විශ්ව විද්‍යාලයේ සිටි දෙමල සිසුන්ට කිසියම් ආකාරයකින් හෝ හිරිහැර කිරීමට බහුතරයක් වන සිංහල සිසුහු නොපෙළඹුනහ. අඩු තරමින් උතුරේ ක්‍රියාත්මකවන ත්‍රස්ත කල්ලිය සමග කිසියම් හෝ සෘජු සම්බන්ධයක් ඇති කොටසක් ලෙස දෙමල සිසුන් දැකීමට වත් අවැසි නොවීය. ඒ වෙනුවට බස් බෝම්බය අවස්ථාවේ "ගමේ අය දෙමල සිසුන්ට පහරදීමට සූදානම් වෙති"යි පැතුරුනු රාවයත් සමග දෙමල සිසුන් (අද "ගොඩ උඩ ස්ටාෆ් කැන්ටිම" ලෙස හැඳින්වෙන ස්ථානයට ) එකතු කර දොරවල් වසා දමා ආරක්ෂාව සැපයීමට පියවර ගත්තේ සිංහල ශිෂ්‍යයින් හා සම්බ්න්ධ සංගමය භාර ආචාර්යයතුමා ඇතුලු ශිෂ්‍යයින්ය. එමෙන්ම අනවශ්‍ය පුද්ගලයින් විශ්ව විද්‍යාලය තුලට පැමිණීම වැලැක්වීමට ප්‍රධාන ගේට්ටු අසල ආරක්ෂක අංශය සමග සිසුන් හඳුනාගැනීමේ කටයුතු වලට ඔවුහූ ස්වේච්ඡාවෙන් සහය වූහ.
මේවා කලේ ඇතැම් දමිල සිසුන් තුල තිබුනු අන්තවාදී අදහස් නොදැන නොවේ. ඇතැම් දෙමල සිසුන් ප්‍රසිද්ධියෙ කොටි හිතවාදී අදහස් ප්‍රකාශ කල අතර ඇතැම් අය මුනිවත රැක්කාහ. විශේෂයෙන්ම විල්පත්තු ඝාතනයේදී මෙන්ම මුහමාලෙයි කොටින්ගේ දෙවන ආරක්ෂක වලල්ලට පහර දීමට ගොස් හමුදා සෙබලුන් විශාල වශයෙන් මියගිය විටත්, යුධ ටැංකි හයක් මෙහෙයුමකදී කොටි සතුව පැවති ප්‍රදේශයට ගොස් මඩේ එරීම නිසා සතුරා අතට පත්වනු වැලැක්වීමට ගුවනින් බෝම්බ හෙලා විනාශ කිරීමට සිදුවීම වැනි බොහෝ හමුදා පරාජයන් අවස්ථාවලදීත් දෙමල සිසුන් පිරිසක් රතිඤ්ඤා පත්තු කල අයුරු වි.විද්‍යාලය තුල පැවති නේවාසිකාගාරයේ සිසුන්ට මතක ඇත. නමුත් එවැනි අවස්ථාවකදීවත් සමස්ත දෙමල වර්ගයා කොටි ත්‍රස්තයන් ලෙස සැලකීමට අප නොපෙලඹුනෙමු.
ඊයේ යාපනේ සරසවි දෙමල සිසුන් සිංහල ශිෂ්‍යයන්ට කෙලෙහිගුණ දක්වා ඇත. මෙය එක රැයකින් ඇතිවූ ගැටුමක් නොවේ. සිංහල ශිෂ්‍ය එකමුතුව ලියාපදිංචි කිරීමේදීත් දෙමල අන්තවාදීන්ගෙන් මෙන්ම ඔවුන්ට අනුකූලතාවය දක්වන පාලන අධිකාරියෙනුත් බොහෝ බාධා එල්ල විය. කටුයුතු කරගෙන ගියේද බොහෝ කරදර මැද්දේය. මීට පෙර බෞද්ධ සිසුන් ඉදිකල වෙසක් සැරසිලි අන්තවාදීන් කඩා බිඳ දැමූ විට සරසවි පාලනය කැකිල්ලේ නියෝගයක් දෙමින් දහවල් දොලහට පෙර සියලු වෙසක් සැරසිලි ඉවත් කලයුතු බව පවසා සිටියේය. ඊයෙ පහරදීම සිදුකර ඇත්තේද ආචාර්යයවරු ඉදිරියේය.
මෙම සිංහල විරෝධී මානසිකත්වය හුදු යාපනේ දෙමල ශිෂ්‍යයාගේ නොව කොටි හිතවාදී චිත්‍රපට පාසල්වල පෙන්වමින්, කොටි සැමරුම් සරසවිය තුල පවත්වමින්, තම දේශපාලනික උද්ඝෝෂණ වලට සිසුන් යොදාගනිමින් කොටින්ගේ දෙශපාලන පෙරමුණ වන දෙමල ජාතික සංධානය, ඊනියා සංහිඳියා එන්.ජී.ඕ කරුවන්, විදේශ නියෝජිතයන් සහ දකුණේ ඊට මතවාදී ආවරණය සැපයූ ඊලාම් හිතවාදී රජයේත් සමාජජාල තැරැව්කරුවන්ගේත් ක්‍රියාදාමවල ප්‍රතිඵලයකි. උතුර තවදුරටත් සිංහලයාට පය ගැසිය හැකි තැනක් නොවේ. ත්‍රස්තවාදීන් මිනීමරමින් කල සිංහල වාර්ගික ශුද්ධයේ ඉතිරි පංගුව මොවුන් විසින් ඉටු කරනු පෙනේ. සංහිඳියාවාදීන් "සිංහල ජාතිවාදයට" "බෞද්ධ ආගම්වාදයට" තඩිබාමින් හොර නින්දක සැතපෙති. උන්ව අවදිකල නොහැක.- Sandaruwan Mahindaratna
සංහිඳියාව හරි ජතිවාදේ හරි කියලා මේක ගැන මුකුත් නොකර හිටියොත්
අද නියපොත්තෙන් කඩන්න තියෙන දේ හෙට මල්ටි බැරල් ගහලවත් නැති කරන්න බැරි වේවි
එ නිසා දැන්වත් මේ අන්ඩුව මේ වෙන දේවල් තෙරුම් ගත යුතුය
සංහිඳියාව කිය කියා ජාතියක් දනින් වට්ටවා නපුංසකයන් නොකරන්න
මෙය උතුරේ නොව දකුණේ උනානම් FB profile අත් වලින් පිරෙනු ඇත
සමාහර නාලිකා Breaking News දෙනු ඇත,සංහිඳියා ඇන්ටි රට වටේ යනු ඇත
අවාසනාවකට උනේ උතුරේය,සහජීවන අත් දැමු එකෙක් සොයාගන්නටවත් නැත