ත්‍රී වීල් නැතිකරා කියල උන් වුර්තීය පුහුණුවට යන්නේ නැහැ.. (නැති කිරිම නෙම්යි මෙතන කියන්නෙ වයස් සිමාවක් පැනවිම. මොකද නැති කිරීම ප්‍රැක්ටිකල් නැති නිසා)
උඹ කියන එක පොයින්ට් එකක් වුර්තිය පුහුනුවට යන්නෙ නැ කියන එක. වෙන්න පුලුවන්. හැබැයි ෆොර්ස් කරල යොමු කරවන්නත් පුලුවන් නේද.චෙන්ජ් මැනෙජ්මන්ට්! මුලින් රෙසිස්ටන්ස් එකක් එයි. ඒත් එක දිගටම ෆොර්ස් කරාම එක කරන්න වෙනව. පස්සෙ ඒක පවත්වගෙන යාමයි තියෙන්නෙ. මෙහෙම් කරන්න හැබැයි නිසි පහසුකම් තියෙන වුර්තිය පුහුනු කරන තැන් හ්දල ඉන්න ඕන.
"විභාග ෆේල් වෙන හැම එකාම ත්‍රී වීල් ගන්නේ නැහැ" ඇත්ත. යමක් කමක් කරගන්න පුලුවන් දෙමව්පියන්ගෙ ලමයි ලොන් එකක් ගහල හරි මොනාහරි ඉගෙන ගන්නව. මේකට යොමු වෙන්නෙ ආර්තික අපහසුතා තියෙන තරුනයො තමයි. ඒත් එහෙමයි කියල මේ ක්‍රමය පවත්වාගැනිම විසදුමක් නෙමෙයි නේද. ලේසි දේම නෙම්යි හැමවෙලේම හොදම දෙ වෙන්නෙ.
එක ඇත්ත බන්...ඕකෙන් අපේ තරුණ පරමපරාව සෑහෙන්න කාලකන්නි වෙනවා....එත් මචන් අපිට කාටවත් එහෙම බල කරන්න බැහැනේ...අනිවාර්යෙන් මේක කරන්න ඕනේ කියල...
දැන් උදාහරනෙකට ගත්තොත් 18ට අඩු ළමයිට රස්සාවල් කරන්න බැහැ...එක නීතියක්...එත් ඒ කියල අනිවාර්යෙන් ඉස්කෝලේ යවන්න ඕනේ කියල බල කරන්න බැහැනේ...ඉස්කෝලේ යන්නේ නැති ළමයි කොච්චර ඉන්නවද...එක්කෝ මගක් දුරට ගිහින් නවතින ළමයි ඉන්නවා ඕනේ තරම්...උන් එක්කෝ රස්ත ගහනවා...එක්කෝ කුඩු ගහන්න යනවා...හොරකමේ යනවා...මම අනන්ත දැකල තියෙනවා...
මේකත් ඒ වගේ බන්...ත්‍රී වීල් වලට වයස් සීමාවක් දැම්මොත් මචන් උන් ත්‍රී වීල් ගන්නේ නැතුව ඉදියි...එත් බලෙන් උස්සන් ගිහින් වෘර්තීය පුහුනවට දාන්න පුලුවන්ද? බැහැනේ? ගොඩක් වෙලාවට ඔය වගේ ත්‍රී වීල් එකක් ගන්නේ තවත් අධ්‍යාපනය ලබන්න උනන්දුවක් නැති, පොඩි කාලෙම වල බැහැල ඒ වගේ සීන් වෙච්ච උන්...එක්කෝ රස්සාවක් හොයාගන්න ම බැරි වෙච්ච උන්...ඒ වගේ උන් කීයටවත් ඕවට යයි කියල හිතන්න අමාරුයි...උන් කෙලින්ම යන්නේ ඊලග සල්ලි හොයන්න පුළුවන් ක්‍රමේට තමයි...එක්කෝ හොරකම, පාතාලේ, කුඩු ඕව තමා....
විභාග ෆේල් වෙන හැම එකාම ත්‍රී වීල් ගන්නේ නැහැ...එහෙම යනවනම් ඕනේ තරම් අවස්ථා දැනටත් තියෙනවා...එත් උබ කියනවා වගේ ත්‍රී වීල් ඒ වයසට ගන්න බැරි වුනොත් හැබැයි ඔය නාස්ති වෙන තරුණ පිරිසෙන් එක කොටසක් හරි ඕවට යොමු වෙන්න ඉඩ තියෙනවා...
එත් ඉතින් එක කොටසක් නස්තාර් වෙලාම යනවා..එතකොට ඊට වඩා ප්‍රශ්න...හොරු කුඩු කාරයෝ බෝ වෙනවා....දැන් නම් ගෑනියෙක් උස්සන් ආවත් ඌ කොහොමහරි ගෑනිට කන්න බොන්න දෙන්න හරි ත්‍රීවීල් එකක් දුවවල එක කරනවා...එත් එකත් නැති වුනොත් ඌට වෙන පිලියමක් නැහැ...
ගොඩක් වෙලාවට ඔය ත්‍රී වීල් පදින්නේ අඩු වයසින් කෙල්ලෝ උස්සන් එන උන්....එහෙම ඉන්න උන්ගෙන් 90%ක් කසාද බැදපු උන්...අවුරුදු 19,20 උනත්...එක මචන් එක සමාජ තත්වයක්....අපි මොනවා කරන්නත් උන් ඉන්න තත්වේ තේරුම් ගන්න ඕනේ...අපිට කියන්න බැහැනේ ඌට ගෑනු ගන්නත් එපා කියල? ඌ නිසි වයසේ ඉන්නවනම් ඌට කසාද බදින්න අයිතියක් තියෙනවා...උබ හිතනවද එහෙම ගෑනු දරුවෝ ඉන්න එකෙක් වුර්තීය පුහුනවට ගිහින් කාලේ කැප කරයි කියල?
අනිත් එක ත්‍රී වීල් කියල එහෙම වෙනම සමාජ පන්තියක් නීතියෙන් වෙන් කරන එක හෙන වැරදියි...කාර් ලොකුයි ත්‍රීවීල් පොඩි ද? එහෙම කරන එක අසාදරනයි...කොයි කාටත් රටේ එක සමාන නීතියක් තියෙන්න ඕනේ...තමන් ගන්න වාහනෙන් කරන්නේ මොකක්ද කියන එක ගන්න කෙනාගේ දෙයක් නේ....එක නීති විරෝදී නැත්තම් එකට අපිට එපා කියන්න බැහැ..
නමුත් ඉතින් මොනවහරි දෙයක් කරන්න පුලුවන්නම් හොදයි...අවුරුදු 35 වෙනකන් ඉන්න ඕනේ කියන එක නෙමෙයි විසදුම...හොද අධ්‍යාපන ක්‍රම ඇති කරන්න ඕනේ..එතකොට මොනාහරි වෙයි කියල මට හිතෙනවා...දන්නේ නැහැ ඉතින්...මට හිතෙන දේ කිව්වේ
