අපි ඉස්කෝලේ යන කාලේ නොතිබ්බ දෙයක් කියන්නද? (වැඩි ඈතක් නැහැ තවම)
වුර්තිය මාර්ගෝපදේශනය.
හැමෝම ඉගෙන ගන්න කාලේ ලොකු උත්සහයක් දරන්නේ විශ්ව විද්‍යාල වලට යා ගන්න.
මොකද ඉගෙන ගන්න එකේ අග්‍ර පලය කියලා හිතාගෙන ඉන්නේ ඕක.
එත් නිකමටවත් ඉස්කෝලේ යන කාලේ (අපිට නම්) කැම්පස් යන්න බැරි උනොත්, A/l පාස් උනොත් මේවට යන්න පුළුවන්. A/L කරලා තිබ්බොත් මේවට යන්න පුළුවන් කියලා ක්ෂේත්‍ර වෙන් කරලා රජයෙන් නොමිලේ කරන පටමාලා හරි පවුද්ගලික අංශෙන් මේවා මේවා තියනවා කියලා හරි හරි දැනුවත් වීමක් ලැබුනේ නැහැ. ඉස්කෝලෙන් ඉලියට අපුවහම ඕව ගැන හරියට නොදන්නාකම නිසා සහ ගොඩක් ලොකු සාමාර්ථයක් නැත්තම් ඉතින් ලේසිම රස්සාවක් හොයා ගන්න ගොඩක් අය පෙලබෙන්නේ. three wheel රස්සාව කියන්නෙත් ඒ වගේ තමා. නමුත් හරි මාර්ගෝපදේශනයක් තියනවා නම් අඩුම ගානේ 80% වත් අය ඔය තත්වෙන් ගැලවෙනවා.
මගේ යෝජනාව
තමන්ගේ විබාග ප්‍රතිපල එක්ක තමන්ට අයදුම් කරන්න පුළුවන් රජයෙන් පවත්වන පටමාලා හරි පවුද්ගලික අංශෙන් පවත්වන පටමාලා හරි ගැන ඉස්කොලෙන්ම දැනුවත් කරන්න ඕනේ සතියක් හරි අරගෙන. හැබැයි ඉතින් කවදා වෙයිද කියන්න නම් දන්නේ නැහැ. මොකද ඉස්කෝලෙන් එලියට බහින ළමයට තමන් කැමති යන්න පුළුවන් ක්ෂේත්රය හොයාගෙන යනවට වඩා සහ අවුරුදු ගණන් නාස්ති කරගෙන එක එක විබාග කර කර වයස යවා ගන්නවට වඩා හරි ඉලක්කයක් තියාගෙන වැඩ කරන්න ලොකු අදහසක් ගන්න පුළුවන් නිසා.
මෙන්න මේක නම් සිරා තමයි
අධ්‍යාපන ක්‍රමය වැරදියි අපේ...අපේ උන් හිතන්නේ තුන් හතර පාරක් හරි උසස් පෙළ කරලා කැම්පස් ම යන්න ඕනේ කියල...එත් රටේ විවුර්ත විශ්වවිද්‍යාල, කාර්මික විද්‍යාල, භාහිර උපාදි තියෙනවා කියල ළමයින්ට ඒවායේ වටිනාකම තේරෙන්නේ නැහැ....අපේ ඉස්කෝල වල ඒවා ගැන කියන්නෙත් නැහැ...අපි යන කාලේ කියලත් නැහැ...ඒ වගේ අනිත් අධ්‍යාපන ක්‍රම ගැන වටිනාකමක් මිනිස්සුන්ගේ ඔලුවලට යන්න ඕනේ...එහෙම නැති හින්දා තමා කැම්පස් වල ශිෂ්‍ය සංගම් මේ තරම් උඩ දාගෙන කෑගහන්නේ කැම්පස් නොගිය උන් 8 පාස් උන් කියල...අපේ සමාජේ ෆුල් අවුල්..මේවා ඉතින් කවද වෙයිද දන්නේ නැහැ...


ඕක ඕනේ එකෙක් ට තේරෙනවා...එත් ඕක කරාම වෙන අනිත් ප්‍රශ්න ගැනත් බලහනකෝ...



