මාතර මුහන්දිරම් මියගිය විට, ඔහුගේ ගෙදරට ගිය ඇලපාත මුදලි, වැන්දඹු වූ ගජමන් නෝනා දෙස බැලුවේ ප්‍රේමණීය හැඟීමෙනි.
ශෝක මාලය කියවීමෙන් හිත ප්‍රේමයෙන් පුරවාගත් ඇලපාත මුදලි වහාම හසුනක් පිළියෙල කලේය. ඒ හසුන් පත ගජමන් නෝනාට යැවුවේ හිත යට ඉපදුන සුන්දර බලාපොරොත්තුවක්ද ඇතිවය.
ඇලපාත හිමියෝ වරෙක ගජමන් නෝනාට මේ කවිය ලියා යැවූහ.
රතිරුති ළඟ ලියනි අප අසන පැනැකිය
නැති විය බාල කාලේ සිට රති කෙලිය
ඇතිවිය දැන් මෙමට සිල රැකපු අවදිය
රති රස විඳින හැටි මට කියව ළඳලිය
මේ හසුන් පත දුටු ගජමන් නෝනා ඇගේ ඊලඟ හසුන්පතින් ඒ සඳහා පිළිතුරු සැපයුවාය.
වහා තිබු සළුව උනමින් කර අහකා
රහා පෙම අමුතු බොජුනකි බුදින ලකා
පැහා නොව හඬන කොවුලිඳු හැඩ වලකා
කහා කොටන වැනි ඉඳගෙන මිරිස් කකා
ඇලපාත හාමුදුරුවෝ තම සිවුර හැරලුයේ මේ පිළිතුරෙන් ලද උද්දාමය නිසා බව සමහරෙක් විශ්වාස කරති..


+14
