පිංවත් කමල් මහතා භික්ශුවකගේ වරද පෙන්නා ඇත්තේ සාක්ෂි සහිතවය. උදාහරණයක් ලෙස සංඝයාට තමන් කැමති දෙයක් උදෙසා මහණවීමට හැකි යැයි පැවසීම විනයට අනුකූලද? සාරිපුත්ත, මොග්ගල්ලාන ප්රමුඛ මහා සංඝරත්නය නියෝජනය කරන සසුනට ඇතුලත් වී "කැමති කැමති දේ කරන්නට" හැකි යැයි බුදු වහන්සේ වදාලේ කොතැනකදැයි පෙන්වා දෙන්නෙ නම් මැනවි. මඩ ගසා පොර වෙන්න හදන බවක් මට නම් නොපෙනේ. පිංවත් කමල් මහතා තම කාලයත් ශ්‍රමයත් මුදලුත් වැය කර මේ විඩියෝ එකෙන් එක බලා ඒවා අධ්‍යනය කර එහි වරද දැක්වීම ගැන අපේ ස්තුතිය හිමිවිය යුතු බව මගේ අවංක හැඟීමයි
ඔබතුමා කරුනු දෙකක් පමණක් වැරදි යැයි සිතූවද එයද අසා සිටින්නාගේ තේරුම්ගැනීමේ හැකියාව හා ගැඹුරු ධර්ම කරුනු වලට බැරකරයි. කමල් මහතාට නොතේරුනු ඒ මහා ගැඹුරු ධර්ම කරුනු දෙක අප ගැන මහත්වු ධර්ම සංවේග උපදවා අප වෙනුයෙන්ම පැහැදිලි කරදෙන්නේ නම් ඔබට ගොඩක් පින්.
කමල් මහතා කෙලින්ම තමන් ඒ පලයට ලැබූ බව නොබියව ප්‍රකාශ කරන්නේය. ඊට හේතුවද ප්‍රකාශ කරන්නේය. එහෙත් රාජගිරියේ අරියඥාන හිමි එසේ කෙලින් තමන් මාර්ග පලයක් ලබා ඇති බව නොපවසයි. එහෙත් එවැන්නක් ලබා ඇති බව නොකියා කියයි. ඒ මන්දැයි ඔබ තුමාට පැහැදිලි කල හැකිද?