මතට තිත ...

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    යුරෝපයේ වගේ 5 ගුණයක් බොන අපේ මිනිස්සු
    — August 3, 2016

    යුරෝපයේ රටවල ජනතාව දෛනිකව පරිභෝජනය කරන මද්‍යසාර ප්‍රමාණය මෙන් පස්ගුණයක ප්‍රමාණයක් ලංකාවේ ජනතාව පරිභෝජනය කරන බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා අද (03දා) පැවසීය.

    ලංකාවේ ඒකපුද්ගල මද්‍යසාර පරිභෝජනය දිනකට ලීටර් 3.3ක් බවද, යුරෝපයේ එම ප්‍රමාණය ලීටර් 0.5ක් බවද කී සභාපතිවරයා ලංකාවේ මද්‍යසාර භාවිත කරන පිරිස සමස්ත ජනහනයෙන් බෙදූ විට 20% ක් බවත්,යුරෝපයේ එය 95% ක් ලෙස සඳහන් වන බවත් ඔහු සඳහන් කළේය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළවිය.

    ලංකාවේ පිරිමින්ගෙන් 37.1%ක්ද, ස්ත්‍රීන්ගෙන් 2.4%ක්ද,යෞවනයන් 40000ක්ද මද්‍යසාර පරිභෝජනය කරන බව පැවසූ ඒ මහතා කාන්තාවන්ගේ පරිභෝජනය සියයට 1.2 සිට 2.4 දක්වා දෙගුණයකින් වැඩි වී ඇතැයි පවසා සිටියේය.

    මේක ගැන පොඩ්ඩක් හිතන්න


    ලංකාවේ ඒකපුද්ගල මද්‍යසාර පරිභෝජනය දිනකට ලීටර් 3.3ක් බවද, යුරෝපයේ එම ප්‍රමාණය ලීටර් 0.5ක්

    ලංකාවේ මද්‍යසාර භාවිත කරන පිරිස 20% ක් ,යුරෝපයේ එය 95%

    ඒ කියන්නේ ලංකාවේ බේබද්දෝ යුරෝපෙ වගේ 1/5

    එතකොට ලංකාවේ එකෙක් බොනවා යුරෝපේ 5 දෙනෙක්ට හරි යන්න

    ඒ කියන්නේ එකෙක් දවසට ලීටර 15ක් බොනවා :shocked::shocked:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,781
    54,173
    113
    Colombo
    මම වතුර වත් දවසකට ඔච්චර බොන්නේ නැ බන් :eek:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක ගැන පොඩ්ඩක් හිතන්න


    ලංකාවේ ඒකපුද්ගල මද්‍යසාර පරිභෝජනය දිනකට ලීටර් 3.3ක් බවද, යුරෝපයේ එම ප්‍රමාණය ලීටර් 0.5ක්

    ලංකාවේ මද්‍යසාර භාවිත කරන පිරිස 20% ක් ,යුරෝපයේ එය 95%

    ඒ කියන්නේ ලංකාවේ බේබද්දෝ යුරෝපෙ වගේ 1/5

    එතකොට ලංකාවේ එකෙක් බොනවා යුරෝපේ 5 දෙනෙක්ට හරි යන්න

    ඒ කියන්නේ එකෙක් දවසට ලීටර 15ක් බොනවා :shocked::shocked:

    ජෝක් සෙක්ශන් එකේ දැම්ම නම් හරි... :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමහර විට ඔය ස්ටැට්ස් වෙන වෙනම ගන්න ඇත්තෙ.. යුරොපෙ 95% කිව්වෙ කවදරි ඇල්කොහොල් බීල තියන උන් වෙලා, ලන්කාවෙ 20% රෙගියුලලි ගහන උන්ද දැන්නෙ නෑනෙ...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැමදාම ලීටර් 3.3 බොනවා නං වෙන්න බෑ. :no: ඔය හදන්නෙ නොබොන මිනිස්සුත් එක්ක. එතකොට ඇත්තටම බොන එකා ලීටර් දහයක් විතර හැමදාම බොනවා ඇති නෙ.
     

    Similar threads