නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
:rofl::rofl::rofl:

මචන් උඹට sureද උඹ Skylark නෙමෙයි කියල?
එහෙමත් නැත්නම් උඹ එයාගෙ නිවුන් සහෝදරයාද?
පොඩ්ඩක් සිහියෙන් ඉඳල, වෙන account එකක් පාවිච්චි කරනකොට type කරන විදිහවත් වෙනස් කරපන්.

අනේ ඔබ වගේ මුග්ධයෙක්. මේ ත්‍රේඩ් එකේ OP ට පලමු රිප්ලයි එක දාල ඊට පස්සේ ආපු එක ප්‍රස්නෙකටවත් උත්තර දීගන්න බැරුව, පස්සේ හොර සංවාදයක් මවා පාලා අතේ මාට්ටුවෙලා තවත් මුග්ධ කතා කියන ඔබ ගැන ඇත්තටම කනගාටුයි. මම ඉන්නේ US බොස්ටන්. කමල් හෙවත් ස්කයිලාර්ක් ඉන්නේ UK. විකටයොත් දැක්කා මෙහෙම මුග්ධ විකටයෙක් නං දැක්කමයි.කරුණාකරලා ඔබේ මුග්ධකම ලෝකෙටම ප්‍රකාශ නොකර අහල තියෙන ප්‍රස්න වලට උත්තර දෙන්න.
 
Last edited:

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔබ කියන්නේ කිසිම තේරුමක් නැති හිස් කතාවක් නේ. බුදු බණ වරද්දවා කියන, බුදු බන කියලා තමන්ගේ හිතලු කියන හාමුදුරු නමක් බුදු සසුනට ධර්මයට කරන්නේ හානියක්ද සෙතක්ද? එහෙම කරන මහණෙක් සිවුරක් දැරු පලියට , මාධ්‍ය වලින් පිම්ඹූ පලියට ඒ මහණා කියන වැරදි දේ අනුමත කල යුතුයි කියාද ඔබ කියන්නේ. මොන විකාර කතාවක් ද ඒ? උදාහරණයකට ඔය අරියඥාන කියන මහණා කියනවා " තමන්ගේ බිරිඳ ධර්මය සේ දකින්න" කියා. එතකොට අන්වර් මනතුංග වැනි බුදු දහමට සිනාවෙන පුද්ගලයෙක් කිව්වොත් "අන්න බලන්න රාජගිරියේ අරියඥාන හිමි කියනවා බිරිඳ ධර්මය කියා. මේකයි බුදු බණ. හහ් හහ් හා.. බෞද්ධයෝ බිරිඳ සමඟ සන්වාසයේ යෙදෙන විට බුද්ධ ධර්මය සමඟ --- යෙදෙනවා ..හහ් හහ් හා මෙන්න බුදු බණ " කියා කිව්වොත් අපි බෞද්ධයොන්ට වෙන්නේ කට පියන් ඉන්න නේද?


    http://www.trekmentor.com/si/content/book/536

    සමාවෙන්න. මට ඔබ තුමා තරම් දහම් දැනුමක් නම් නැහැ. එත් උපසම්පදා වූ දිවි පෙවෙත අනික් භික්ෂුන් වහන්සේලාට ආදර්ශවත් විදිහට ගත කරන භික්ෂුන් වහන්සේ කෙනෙක්ට "මහණා" කියලා කතා කරන්න තරම් මගේ සාමාන්‍ය දැනුම නම් පිරිහිලා නැහැ. හරිම කණගාටුයි. ධර්මය ගැන විමසන්න ඕනේ නැහැ. ගිහියන් මෙහෙම පහත් බෂා විලාසෙන් කතා කරන එකම ඇති ඔය කියන්න වගේ වෙන ආගම් වල හිනා වෙන්න. සරලව හිතුවොත්, ඔබ තුමන්ලා වගේ අය අනාගතේ පහල වෙනවා කියලා බුදුරජාණන් වහන්සේගේ තුන් කල් දක්නා නුවනට අසු වෙලා නැති එකයි පුදුමේ. මොකද බුදුරජාණන් වහන්සේට සංග ශාසනයක් හදන්න අවශ්‍යතාවක් නැහැනේ? මොකද උපසම්පදා භික්ෂුන් වහන්සේටත් "මහන" කියලා කතා කරන්න පුළුවන් ඊටත් උසස් ගිහි කොට්ටාශයක් හැදෙනවානේ.

    ඉස්සෙල්ලම ගරු කරන ඉගෙන ගන්න. ලෝකේ ගැන මුලින්ම කියලා දුන්න නමුත් ඉගෙන ගනිද්දී වෙනස් නම් අම්ම තාත්තටත් මේ මිනිහා මේ ගෑනි මට බොරු ඉගෙන්නුවා කියලා ඔබතුමා කිවුවත් පුදුම වෙන්න දෙයක් නැහැ. හැබැයි ඒ දේ නිවැරදි නොකර තමන්ගේ මාන්නේ පෙන්නන්න වටේ කිය කියා ඇවිදින එක නෙමෙයි හරි දේ.
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අනේ ඔබ වගේ මුග්ධයෙක්. මේ ත්‍රේඩ් එකේ OP ට පලමු රිප්ලයි එක දාල ඊට පස්සේ ආපු එක ප්‍රස්නෙකටවත් උත්තර දීගන්න බැරුව, පස්සේ හොර සංවාදයක් මවා පාලා අතේ මාට්ටුවෙලා තවත් මුග්ධ කතා කියන ඔබ ගැන ඇත්තටම කනගාටුයි. මම ඉන්නේ US බොස්ටන්. කමල් හෙවත් ස්කයිලාර්ක් ඉන්නේ UK. විකටයොත් දැක්කා මෙහෙම මුග්ධ විකටයෙක් නං දැක්කමයි.කරුණාකරලා ඔබේ මුග්ධකම ලෝකෙටම ප්‍රකාශ නොකර අහල තියෙන ප්‍රස්න වලට උත්තර දෙන්න.

    ජිංතක ජිල්ලබකිට, DVBST කියන දෙන්නත් එහෙ ඔයත් එක්ක එක රූම් එකේ වෙන්නැති නේද ඉන්නෙ ? :rofl:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අනේ ඔබ වගේ මුග්ධයෙක්. මේ ත්‍රේඩ් එකේ OP ට පලමු රිප්ලයි එක දාල ඊට පස්සේ ආපු එක ප්‍රස්නෙකටවත් උත්තර දීගන්න බැරුව, පස්සේ හොර සංවාදයක් මවා පාලා අතේ මාට්ටුවෙලා තවත් මුග්ධ කතා කියන ඔබ ගැන ඇත්තටම කනගාටුයි. මම ඉන්නේ US බොස්ටන්. කමල් හෙවත් ස්කයිලාර්ක් ඉන්නේ UK. විකටයොත් දැක්කා මෙහෙම මුග්ධ විකටයෙක් නං දැක්කමයි.කරුණාකරලා ඔබේ මුග්ධකම ලෝකෙටම ප්‍රකාශ නොකර අහල තියෙන ප්‍රස්න වලට උත්තර දෙන්න.

    :rofl::rofl::rofl:
    මචන් උඹත් උඹේ master වගේ emotions වලින් අල්ලෙ නටවන්න හරි ලේසියි.

    මම දන්න ගැඹුරු ධර්මය තවත් කෙනෙක්ට අපහාස කරන්න පාවිච්චි කරල කමල්ගේ level එකට වැටෙන්න මට ඕන නෑ.
    අනෙක මම මුලදී ප්‍රශ්න වලට උත්තර දෙන්න හැදුවනම් කමල්ගේ නියම ස්වභාවය එලියට ගන්න පුළුවන් වෙයි කියල හිතනවද?

    ඔයා ඔය ඉන්නේ ඔයාගෙ original account එකෙන් නෙමෙයිනෙ. එකයි මේ thread එක අත අරින්න කලින් පොඩි ආතල් එකක් ගත්තෙ. ඒකට sorry. අපි ඉතින් පෘථග්ජන මිනිස්සුනෙ.

    මම උඹේ කිසි වැරද්දක් දකින්නෙ නෑ. ඒ වගේම කමල් එක්ක මගේ පුද්ගලික තරහකුත් නෑ.
    බනින්න තියන එකට බනිනව හැබැයි මම හිතෙ කහටක් තියාගන්නේ නෑ. උඹ මට බැන්නත් මම ඒක එක්ක ගැටෙන්නේ නෑ.

    මම දැන් මෙතන අවුරුදු දහයකට ලං වෙන්න ඕන ආතල් එකක් ගත්තෙ, වලි දාගත්තේ මේ original account එකෙන්. ඒ මම ප්‍රසාද වලටවත්, අපවාද වලටවත් ඒක විදිහට නොසැලී ඉන්න නිසා.

    මම කමල්ට කියන්න ඕන ටික කියල ඉවරයි. මේ thread එකේ මෙච්චර දිගට හිටපු නිසා උඹටත් farewell එකක් කියන්න ඕන කියල හිතුන.

    තමන්ගෙ චින්තනය කාටවත් වහල් නොවී නිදහස්ව තියාගනින් මචන්. එතකොට ආතල් එකේ නිදහස්ව ජීවිතය, ධර්මය දිහා බලන්න පුළුවන්.

    බුදුසරණයි!
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    :yes::yes:

    ඔයා ඔය කියන දේ දැන් මෙයාට තේරුනත් පිළිගන්න කැමති නෑ. මොකද එතකොට සෝවාන් කියල බොහොම ආසාවෙන් දාගත්ත ඔටුන්න තමන්ගේම අත් දෙකෙන් ගලවන්න වෙන නිසා. එහෙම දෙයක් කරන්න මෙයාගෙ මානය ඉඩ දෙන්නෙ නෑ. මෙයාට උත්තර දෙන්න බැරි උන දේකට මම උත්තර දුන්නම, ඒකට තරහ ගිය විදිහෙන් මම ඒක වටහා ගත්ත. පස්සෙ කියනව මෙයාව අපහසුතාවයට පත් කරන්න ඒ ප්‍රශ්ණය අහපු කෙනෙයි මායි plan කරලලු ඒක කලේ. එහෙම plan එකක් තිබ්බනම් මට කලින් උත්තරයක් දුන්නනම්, අපහසුතාවයට පත් වෙන්නෙ අපිනෙ. බොළඳ තර්ක.මෙයාට වඩා ධර්මය දන්නා කෙනෙක් ඉන්න විදිහක් නෑ කියල තමයි මෙයා හිතාගෙන ඉන්නෙ. මම තරම්වත් අභිධර්මය දන්නේ නැත්නම්, අර හාමුදුරුකෙනෙක් එක්ක මූනට මුණ කතා කලොත් මෙයාට රෙදි නැතුව එන්න වෙන්නෙ. ඒකයි හාමුදුරුවරුන්ගේ බණ විවේචනය කරන්නේ. මොකද විවේචනය කරන එක ලේසියි. නිකමට මෙයාගෙ skylark account එකේ මෙයාගෙ පරණ threads වල titles ටික බැලුවම හිරිකිත හිතෙනව. එතනින් මෙයාගෙ මානසිකත්වය පේනවා. අපි මොනව කිව්වත් දැන් වල් පල දොඩවා දොඩවා වටේ යනව මිසක් මෙයා වැරද්දක් පිළිගන්නේ නෑ. මෙයාගෙ බොරුව පෙන්නවා අපි අපිට කරන්න පුළුවන් සේවය කලා. ආයෙත් එළකිරියේ කෙනෙක් මෙයාගේ බොරුවට අහු වෙන්නේ නෑ. ඒක මට ඇති.



    උබ කියනදේට අපිට අයේ එකතුකරන්න දෙයක් නෑ..
    මගේ අදුරන අන්කල් කෙනෙකුත් ඉන්නවා ඔහොමම තමයි.
    කතකරන්නේම "පුතා ඔය දන්නේ මොනවද ..අය්යො බනපොතක් කියවන්නකෝ". "මම රේරුකනේ හමුදුරුවන්ගේ අභිදර්මය හැර ඔක්කොම වගේ කියෙව්ව".... (අන්කල් ජෝතිශ්ශ්යත් දන්නව.)මොන මාතෘකාව කතාකලත් "ඔයා දන්නේ මොනවද කියගෙන තමයි එන්නේ.

    දවසක් මම කිව්ව, මට පටිච්ච සමුප්පදය තෙරුම් කරලදෙන්න කියල....මෑන් පටන් ගත්ත පාලිපාඨය කියවල.මෙන්න බොලේ ජෝතිශ්‍යට පැන්න මෑන්."දැන් පුතා ඔය පස්වැනි කොටුවෙන් තමයි කියන්නේ පටිච්ච සමුප්පාදයේ ඉපදීම කියන කාරනය". "හත්වැන්නෙන් තමයි කියන්නේ තෘශ්නාව" ඔන්න පැහැදිලිකලා පටිච්චසමුප්පදය..

    ආයෙත් දවසක පටන්ගත්තා" ලොකුදේශනාවක් (5% ධර්මය,95ක් සමාජ කරුනු හා දර්ශනය. මෙතන ඉන්න ස්ක්යි වගේ).දැන් මට මගෙන් අහනව ප්‍රශ්න "මම දන්නෑ කිව්වාම අය්යො පුත ආහවල් එකට ගිහින් පොල්ගෑවද අහනව.මට තද උනා.. මම ප්‍රශ්න 10ක් අහන්නම් ඒකෙන් තුනකට උත්තර දෙන්න කිව්ව.

    අභිදර්මයට අනුව සිත් කීයද , චයිතසික කීයද ?
    (ඔහොම 10ක් ඇහුවා )
    එකකටවත් උත්තර නෑ..මෑන් සයිලන්ස්.
    මම කිව්ව.. දැන් තේරෙනවද අන්කල් ඔයත් දන්නැතිදේවල් තියනව කියලා .එදයින් පස්සේ මාත් එක්ක බුදහහම කතාකරන්න එන්නේ නෑ.බොරුවට ශෝදාන මිනිස්සුන්ට කරන්න ඔනි ඔන්න ඔහොමයි.

     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ඔබ කියන්නේ කිසිම තේරුමක් නැති හිස් කතාවක් නේ. බුදු බණ වරද්දවා කියන, බුදු බන කියලා තමන්ගේ හිතලු කියන හාමුදුරු නමක් බුදු සසුනට ධර්මයට කරන්නේ හානියක්ද සෙතක්ද? එහෙම කරන මහණෙක් සිවුරක් දැරු පලියට , මාධ්‍ය වලින් පිම්ඹූ පලියට ඒ මහණා කියන වැරදි දේ අනුමත කල යුතුයි කියාද ඔබ කියන්නේ. මොන විකාර කතාවක් ද ඒ? උදාහරණයකට ඔය අරියඥාන කියන මහණා කියනවා " තමන්ගේ බිරිඳ ධර්මය සේ දකින්න" කියා. එතකොට අන්වර් මනතුංග වැනි බුදු දහමට සිනාවෙන පුද්ගලයෙක් කිව්වොත් "අන්න බලන්න රාජගිරියේ අරියඥාන හිමි කියනවා බිරිඳ ධර්මය කියා. මේකයි බුදු බණ. හහ් හහ් හා.. බෞද්ධයෝ බිරිඳ සමඟ සන්වාසයේ යෙදෙන විට බුද්ධ ධර්මය සමඟ --- යෙදෙනවා ..හහ් හහ් හා මෙන්න බුදු බණ " කියා කිව්වොත් අපි බෞද්ධයොන්ට වෙන්නේ කට පියන් ඉන්න නේද?


    http://www.trekmentor.com/si/content/book/536




    "බිරිද දර්මයසේ දකින්න" මේප්‍රකශෙයේ වරදක් නෑ..
    මේහාමුදුරුවන්ගේ දේශනාව ඔක්කොම අහපන්.එහෙම නැතුව කොහෙන් හරි මැදින් අල්ලගන කොටසක් අරන් කෑගහන්න එපා.

    මේහාමුදුරුවෝ කියන්නේ.. ඇයව කමටහනක් කරගන්න කියන එක.ඒහරහා ඇයතුලින් පිලිකුල(අසුභය ) දකින්න කියන එක.කායේකායානු, චිත්තනු,වේදනානු හා ධම්මානුපස්සනාව එය තුලින් දකින්න කියල.
    උදහරනයක් විදියට ගත්තොත් "බුදුහාමුදුරුවෝ කියනවා සතිපට්ටනසුත්‍රයේ..
    "ඉති අජ්ජතන් ව කායේ කායනුපස්සති , ඉති බහිද්දන්වා කායේ කායනුපස්සති..ඉති අජ්ජත්ත බහිද්දන්ව කයේ කායනුපස්සති..."

    (තමුන්ගේ කයත් , අනුන්ගේ කයත් ,තමුන්ගේ හා අනුන්ගේ කයේත් සමුදය දකින්න කියල )




    උබල ඕකට කෑගහන එකේ වරදකුත් නෑ.. මොකද උබලගේ ගුරා දන්න ප්‍රමනයනේ උබලත් දන්නේ.ගුරා දන්නේ සුත්‍රපිටකයේ පාටකය් කියන්න විතරයි එතනින් එහ දර්මයේ හරය දන්නේ නෑනේ.(සතර කමටහන්, අසුභය-පිලිකුල් භාවනාව ,මරනනුස්සතිය,කායගතාසතිය,සිත් 89,චයිතසික 52 රුප 28, ආයතන 12 )

    ඉතින් ඕවා දැනගෙන අරියඥාන හාමුදුරුවන්ගේ බන අහන කෙනාට "බිරිද දර්මය සේ දකින්න" කිව්වම කලබල වෙන්නේ නෑ..

    ඒත් සුත්‍රපිටකයේ පාලි පාඨයක් යනු මුලු බුදුදහමයි කියලා හිතන උබලට ඔහොම කිව්වම අවුල් තමයි..

    පින්වත් මිතුර ධර්මය ඉගෙනගනින් ..




     
    Last edited:

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මේවගේ ධර්මය නොදන්න, කෝකටත් තයිලය වගේ සුත්‍රපිටකයේ පදපේලියක් කියවන ගුරෙක් ඉතින් තමුන්ගේ ගෝලයෝ රොත්ත "නිරිසතුන් ගිය මගේ ගෙනයනවා තමයි...

    හරි මචන්ලා, මේත්‍රෙඩ් එකේ නම හරියටම ගැලපෙනවා මෙයාලට.
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    :rofl::rofl::rofl:
    මචන් උඹත් උඹේ master වගේ emotions වලින් අල්ලෙ නටවන්න හරි ලේසියි.
    Blah Blaha Blah...


    දැන් මම ස්කයිලාක් නෙවෙයි, මම එතුමගේ ගෝලයා වුනාද ?? :D:D

    මෙහෙමත් කියන දේ සංගත බවක් නැති විකටයෝ තමයි ගැඹුරු දහම් අවබෝද කරන් ඉන්නේ. අනේ මගේ පශ්චාත්බාගයෙන් සිනහ පහල වෙනවා. :rofl::rofl:

    ඔබ සිතන් ඉන්නවා ඔබ කමල්ගේ නියම ස්වභාවය පෙන්නුවා කියලා. ඒ මහතා නම් නොසැලී තමන් කියන දේ වෙනුවෙන් පෙනී ඉන්න බව නම් අපිට පෙනුනා. ඒ වගේම කෝප නොගැන්වී, ක්‍රෝධයකින් තොරව ඔබේ බාල කතා වලට, ඔබේ නිරුත්තර නිහැඬියාවට කිස් කන උත්තරත් දුන්නා. ඒ බව නම් පැහැදිලියි. ඔබ නම් අහපුවාට උත්තර දීගන්න බැරුව කලිසමේ සුලුදිය පහකරං ඇඹරුන බවත්, දිගින් දිගටම "මම සැලෙන්නේ නෑ " යන්න මන්තරයක් වගේ ජප කර කර සිටි බවත් අපිට පැහැදිලිව පෙනුනා. ඔබේ සැබෑ තත්වය එලිවනවාට, මානය බිඳෙනවාට බයේ ත්‍රෙඩ් එකෙන් හෙමීට මාරුවෙන එකත් සක් සුදක් සේ පැහැදිලියි. එක නෝන්ඩියැක්යෑ වුනේ, එක පිට එක ඇදගෙන නා ගත්ත නේ!:P:P
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සමාවෙන්න. මට ඔබ තුමා තරම් දහම් දැනුමක් නම් නැහැ. එත් උපසම්පදා වූ දිවි පෙවෙත අනික් භික්ෂුන් වහන්සේලාට ආදර්ශවත් විදිහට ගත කරන භික්ෂුන් වහන්සේ කෙනෙක්ට "මහණා" කියලා කතා කරන්න තරම් මගේ සාමාන්‍ය දැනුම නම් පිරිහිලා නැහැ. Blah Blah Blah

    "උප සම්පදා දිවි පෙවෙත" "භික්ශූන්වහන්සේ" " හපොයි සිවුරට ගරු කරපං" කිය කිය, දකින දකින චීවරදාරියාට දොහොත් මුදුන් දීලා සාධු කියල වැඳපන්. එතකොට ඔක්කොම හරි.
    :P:P
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    "උප සම්පදා දිවි පෙවෙත" "භික්ශූන්වහන්සේ" " හපොයි සිවුරට ගරු කරපං" කිය කිය, දකින දකින චීවරදාරියාට දොහොත් මුදුන් දීලා සාධු කියල වැඳපන්. එතකොට ඔක්කොම හරි.
    :P:P

    මට කමක් නැහැ බන් උඹ මොනවා හිතුවත්. මට කරගන්න දේ මටනේ. උඹ කියන කරන දේ උඹට. අන්තිමට ශාසනේ ගෙනියන්න ඉතුරු වෙන්නේ අතේ කහ නුලක් පමණක් බැදගත්ත පිරිසක් කියලා කියවෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කලේ ඒ යට ගරු සත්කාර කරන එක දානය දෙන එකත් ආනිසංසයි කියලා. පිදිය යුත්තන්ට පුදන එක ඉතින් විහිළුවක් වගේ නම් තමන්ගේ උගත්කමේ ඇති පලේ මොකද්ද?
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43


    ඔබ සිතන් ඉන්නවා ඔබ කමල්ගේ නියම ස්වභාවය පෙන්නුවා කියලා. ඒ මහතා නම් නොසැලී තමන් කියන දේ වෙනුවෙන් පෙනී ඉන්න බව නම් අපිට පෙනුනා. ඇදගෙන නා ගත්ත නේ!:P:P





    අපේ වත්ත පහල ඉන්නවා එලුවෙක්....
    උගේ වැඩේම "බෑ" "බෑ " කියන එකමයි..
    මම කීප සැරයක් කිව්ව උට, හැමදේටම බෑ කියන්න එපා කියල.එහෙම කියද්දිත් ඌ "බෑ" කියනව.මටනම් හිතෙන්නේ, අපි මොනවා කිව්වත් ඌ තමුන්ගේ මතය වෙනුවෙන් නොසෙලී උන්න කෙනෙක් කියල..
    හා නැද්ද මන් අහන්නේ..
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මට කමක් නැහැ බන් උඹ මොනවා හිතුවත්. මට කරගන්න දේ මටනේ. උඹ කියන කරන දේ උඹට. අන්තිමට ශාසනේ ගෙනියන්න ඉතුරු වෙන්නේ අතේ කහ නුලක් පමණක් බැදගත්ත පිරිසක් කියලා කියවෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කලේ ඒ යට ගරු සත්කාර කරන එක දානය දෙන එකත් ආනිසංසයි කියලා. පිදිය යුත්තන්ට පුදන එක ඉතින් විහිළුවක් වගේ නම් තමන්ගේ උගත්කමේ ඇති පලේ මොකද්ද?


    මචං මේ අහපං, අතේ කහ නූලක් බැඳ ගත්ත භික්ශුවකට දානය දෙනකොට උඹේ අරමුනයි, චේතනාවයි මුල් වෙන්නේ. උඹ අරමුණු කරන්නේ මහා සංඝරත්නයට පූජා වේවා කියල. පිදිය යුත්තන් පිදීම ගැනත් දානය ගැනත් තියෙනවා වේලාම සූත්‍රයේ. දුසිල්වත් මහණෙක්ට දෙනවට වඩා සිල්වත් මහනෙක්ට දෙන එක ආනිසංසයි ආදී වශයෙන්.

    ඒකයි මේකයි අවුල කරගන්න එපා. මේ කියන්නේ මාධ්‍ය අධිකාරියක් හදාගත්ත මහණුන්, බුදු බන නමින් එක එක විකාර කියලා ඒවා ධර්මය විදියට සමාජයේ ඇටුවන් බැහැගනීම ගැන. ඒගැන නිහඬව ඉන්නවාද ඒ ගැන යමක් කරනවාද කියන එක ගැන හිතල බලන්න.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අපේ වත්ත පහල ඉන්නවා එලුවෙක්....
    උගේ වැඩේම "බෑ" "බෑ " කියන එකමයි..
    මම කීප සැරයක් කිව්ව උට, හැමදේටම බෑ කියන්න එපා කියල.එහෙම කියද්දිත් ඌ "බෑ" කියනව.මටනම් හිතෙන්නේ......

    උඹ ඉඳල හිටලවත් තාත්තට අම්මට පොසිටිව් තින්කින් ගැන ඔහොම හරි කියල දෙන එක හොඳයි. :rofl::rofl:

    හැබැයි හැමෝටම කියන්න එපා උඹ සත්තුත් එක්ක කතාකරන දොස්තර හොඳ හිත කියලා.. මිනිස්සු හිතයි උඹට පිස්සු කියලා..
    :D:D:P
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    උඹ ඉඳල හිටලවත් තාත්තට අම්මට පොසිටිව් තින්කින් ගැන ඔහොම හරි කියල දෙන එක හොඳයි. :rofl::rofl:

    හැබැයි හැමෝටම කියන්න එපා උඹ සත්තුත් එක්ක කතාකරන දොස්තර හොඳ හිත කියලා.. මිනිස්සු හිතයි උඹට පිස්සු කියලා..
    :D:D:P



    සෑහෙන්න රිදිල වගේ....

    තාත්තට අම්මට ?
    මම කතා කලේ එලුවෙක් ගැන. "සින්ග්යුලර්" ෆොර්ම්.උබට දැන් හැමදේම ඩබල් වෙල නේද පේන්නේ නේද බන්. ඔහොමතමයි බන් යවසට යද්දී.ව්යිෆුත් කියනවලු නේද උබට "චූ" කරනවට වැඩිය දෙයක් කරන්න බෑ කියලා. මේ නහින දෙහින කාලේ තව පලයන් නිරිසතුන් වැඩිමග ඔස්සේ.....
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    11.
    අසාරෙ සාරමතිනො, සාරෙ චාසාරදස්‌සිනො
    තෙ සාරං නාධිගච්‌ඡන්‌ති, මිච්‌ඡාසඞ්‌කප්‌පගොචරා.

    12.
    සාරඤ්‌ච සාරතො ඤත්‌වා, අසාරඤ්‌ච අසාරතො
    තෙ සාරං අධිගච්‌ඡන්‌ති, සම්‌මාසඞ්‌කප්‌පගොචරා.

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ ධම්‌මපදපාළියේ යමක වර්ගය - http://thripitaka.org/view/sp/sp18/53
     
    Jul 5, 2012
    1,773
    265
    0
    උඹ ඉඳල හිටලවත් තාත්තට අම්මට පොසිටිව් තින්කින් ගැන ඔහොම හරි කියල දෙන එක හොඳයි. :rofl::rofl:

    හැබැයි හැමෝටම කියන්න එපා උඹ සත්තුත් එක්ක කතාකරන දොස්තර හොඳ හිත කියලා.. මිනිස්සු හිතයි උඹට පිස්සු කියලා..
    :D:D:P

    හාවඩ් රිටර්න් එකක්! ඌ ලිඳේ! :D:D
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ගුරා හිටගෙන හුජ්ජ කරනකොට ගෝලයෝ දුව දුව හුජ්ජ කරනව කියන්නෙ මේවට තමයි.ස්කයිලාක් එයාගෙ වෙබ්සයිට් එකේ තමන්ම ප්‍රශ්න අහගෙන තමන්ම උත්තර දෙනව වගේ ජින්තකත් එයාගෙම ෆේක් එකවුන්ට් වලින් දාපු පෝස්ට් වලට එයාම රිප්ලයි දාගෙන සිඟිති ආතල් එකක් ගන්නව..
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ගුරා හිටගෙන හුජ්ජ කරනකොට ගෝලයෝ දුව දුව හුජ්ජ කරනව කියන්නෙ මේවට තමයි.ස්කයිලාක් එයාගෙ වෙබ්සයිට් එකේ තමන්ම ප්‍රශ්න අහගෙන තමන්ම උත්තර දෙනව වගේ ජින්තකත් එයාගෙම ෆේක් එකවුන්ට් වලින් දාපු පෝස්ට් වලට එයාම රිප්ලයි දාගෙන සිඟිති ආතල් එකක් ගන්නව..


    සමහර පුද්ගලයින් බොහෝම දුකට වෙහෙසට පත්වෙලා බව දැකිය හැකියි!
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    උඹ ඉඳල හිටලවත් තාත්තට අම්මට පොසිටිව් තින්කින් ගැන ඔහොම හරි කියල දෙන එක හොඳයි. :rofl::rofl:

    හැබැයි හැමෝටම කියන්න එපා උඹ සත්තුත් එක්ක කතාකරන දොස්තර හොඳ හිත කියලා.. මිනිස්සු හිතයි උඹට පිස්සු කියලා..
    :D:D:P

    ජිංතක ජිල්ලබකිට;20513217 said:
    හාවඩ් රිටර්න් එකක්! ඌ ලිඳේ! :D:D


    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    මටත් සිනා පහළ උනා Harvard-Bio selinux57 ගැන කී දේ දැකලා. ඒත් මම සිනා පහළ උනා කියලා කියන්නද, නැත්ද කියලා හිත හිතා හිටියේ. මොකද මේ අධර්මවාදී, අවිනයවාදී පිරිස මට හිනා ගියත් ඒකත් ඒ අයගේ මිත්‍යා මතයක් තහවුරු කරන්න භාවිතා කර ගනීවිද කියලා හිතලා.

    මම දැක්කා මේ අධර්මවාදී, අවිනයවාදී පිරිස මට තරහ ගියාය, ඒ නිසා මම සෝවාන් නැතිය ආදී අර්ථ මතු කරන්න උත්සාහ ගන්නවා. මට තරහ ගියේ නම් නැහැ. මේ අධර්මවාදී, අවිනයවාදී පිරිස අධර්මයෙන්ම, අවිනයෙන්ම තමන්ගේ මිත්‍යා මත තහවුරු කරන්න යනවා. නොයේක බොරු චෝදනා කරලා ඒ චෝදනා වලට හේතු අහපුවාම හේතු දීගන්න ඒ අයට බෑ. ඕන්න ඊට පස්සෙ තමයි තමන්ගේ චෝදනා වලට හේතු හදාගන්න දඟලන්නේ. සක්ඛායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස කාමච්ඡන්ද හා ව්‍යාපාදය යන ඔරම්භාගිය සංයෝජන පහෙන් මුල් තුන නැති කෙනා සෝවාන් පුද්ගලයෙක්. ඒ ත්‍රිවිධසංයොජනයන් ක්ෂය කිරීමෙන් රාගදොසමොහයන් තුනී වූ බැවින් සෙදගැමි මාර්ග ඵලය ලබන්න පුළුවන්. ඉතින් මට ව්‍යාපාදය ඇති උනොත් ඒක මේ අධර්මවාදී, අවිනයවාදී පිරිස මම සෝවාන් නැතිය ආදී අර්ථ ඇති කරන්න භාවිතා කරනවා නම් ඒ අන් අයට අධර්මයක්ම දෙසලා මුසාවාදයෙන් තමන්ගේ මිත්‍යා මත තහවුරු කරගන්න යෑමක්මයි.

    මේ අධර්මවාදී, අවිනයවාදී පිරිස පුන පුනා අධර්මයයි අවිනයයි දෙසන්න ගිහිල්ලා දුකට වෙහෙසට පත් වෙනවා. ඉදිරියටත් ඔය අධර්ම අවිනය කතා ලියන පිරිසට වෙන්නේ ඒ ටිකමයි. තව තවත් ධර්මය සහ විනය මතු උනාම ඒ පිරිස ලියපු අධර්ම සහ අවිනය කරුණු දැකලා, ඒ පිරිස තමන්ගේ අධර්ම සහ අවිනය මත තහවුරු කරගන්න ගත්ත උත්සාහය දැකලා, එයිනුත් මතු ඒ පිරිසට කියාගන්න දෙයක් නැතිව දුකට වෙහෙසට පත් වීම දැකලා අන් පිරිස් ඔවුන්ට තව තවත් හිනා වේවී. අධර්මවාදී, අවිනයවාදී පිරිස පුන පුනා අධර්මයයි අවිනයයි දෙසන්න ගිහිල්ලා දුකට වෙහෙසට පත් වෙනවා ඉදිරියේත් දකින්න පුළුවන් වේවි. දැනටමත් මේ පිරිස දුකට වෙහෙසට පත් වෙලා ධර්මයෙන් විනයෙන් තම මතයන් ඉදිරිපත් කරනවා වෙනුවට නොයේක හිස් දේවල් ගැන බහු බූත දොඩවනවා. ඉස්සරහට ඒ පිරිස තව තවත් දුකට වෙහෙසට පත් වීම දකින්න පුළුවන් වේවි.

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දසක නිපාතයේ නාථ වර්ගයේ සංයොජන සූත්‍රය - http://thripitaka.org/view/sp/sp17/60

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ මහා වර්ගයේ සොතාපත්ති සංයුක්තයේ සප්‌පඤ්‌ඤ වර්ගයේ වස්‌සංවුත්‌ථ සූත්‍රය - http://thripitaka.org/view/sp/sp11p2/266

    Skylark
     
    Last edited:

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    සටහන: පහත ලිපියෙහි නිවැරදි කිරීම් ඇතුලත්ව යාවත්කාලීන කෙරෙන සංස්කරණය කියවීම සඳහා මෙතැනට පිවිසෙන්න: http://www.trekmentor.com/si/content/book/625

    මම http://www.trekmentor.org/si වෙබ් අඩවියේ මම කරන දේ කවර අරමුණු උදෙසා කරන්නේදැයි සැකෙවින් සඳහන් කරලා තිබෙනවා. මම උත්සාහ කරනවා හැකි නම් යම් කාලයකදී ලොව සියළු රටවල් වල බුද්ධ ධර්මය අනුව ක්‍රියා කරන්නෙමැයි වෙනස් වෙනස් ස්වරූපයන්ගෙන් වරදවා දහම් අවබෝධ කරන්න යන හැමෝවම එකමුතු කර නිවැරදි දේ වෙත යොමු කරන්න. මම එය ඉලක්ක කරගෙන හිමින් හිමින් කටයුතු කරනවා. කොහොමද මම මේ වෙත වැඩි කාලයක් යොමු කරන්නේ, කොහොමද මම අන් අයට දහම් අවබෝධයට පහසු වන කාරණාවන් ඇති කරන්නේ, කොහොමද මම ගිහි පැවිදි දෙපිරිසම ධර්මයට යටහත් පහත් පිරිසක් බවට පත් කරන්නේ, කොහොමද මම වරදවා පිළිපන් අය නිවැරදි තැනට ගෙන එන්නේ, කොහොමද මම දැනට මුල් බැහැගෙන ඇති අධර්මය සහ අවිනය යට යන්න කටයුතු කරන්නේ, කොහොමද මම සංඝයා සමඟි කරවන්නේ, කොහොමද මම සාසනය ලිහිල්ව දැකීමෙන් අන් අයව මුදවන්නේ, කොහොමද මම සංඝයා සංඝ කර්ම කරන තැනට පමුණුවන්නේ, කොහොමද මමත් වැඩි වැඩියෙන් දහම් අවබෝධ කරන්නේ ආදී ලෙසින් හිතා බලා මම ක්‍රියා කරනවා, ඒ සඳහා උපක්‍රම යොදනවා.

    සමහර හිස් පුද්ගලයෝ තමන්ගේත් අන් අයගේත් අභිවෘද්ධියට තම තමන් කල යුත්තේ කුමක්දැයි වත් දන්නේ නැහැ. ඉතින් ඉහත පරිදි හිතා බලා ඊට ක්‍රියා කලාම, ඊට උපක්‍රම යොදපුවාම සමහර හිස් පුද්ගලයන් හිතන්නේ අන් පරිද්දකින්. ඒ පුද්ගලයෝ වරදවා හිතනවා මගේ මානසික සමතුලිත තාවය බිදිලාය, මම මානයෙන් අන්ධ වෙලාය, එසේ අන්ධව ප්‍රසිද්ධිය උදෙසා කටයුතු කරනවාය, මම සංඝයා නැති කරලා දාන්න උත්සාහ කරනවාය, මම බුද්ධ ධර්මය නැති කරන්න උත්සාහ කරනවාය ආදී ලෙසින්. ඒත් ඒ පුද්ගලයින් දකින්නේම මම පෙර කී පරිදි කටයුතු කරපු ආකාරයන්ට සාක්ෂි. උදාහරණයකට මම http://thripitaka.org/ යන තැන ථෙරවාද ත්‍රිපිටකය අන්තර්ජාලයට එක් කරනවා. මම http://www.trekmentor.org/si යන තැන බොහෝ ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනාවන් සොයා ගැනීමට සහ සැසඳීමට පහසු වෙන්න කටයුතු කරනවා. මම http://www.trekmentor.com/si/daham/talks යන තැන මමත් ධර්මය දේශනා කර අන් අයට බෙදා දෙනවා. මම http://www.trekmentor.com/si/enlighten යන තැන ධර්මය සහ විනය මතු වන පරිදිත් අධර්මය සහ අවිනය යට යන පරිදිත් වරදවා පිළිපන් අය නිවැරදි බවට පමුණුවනු පිණිසත් උපක්‍රම යොදා තිබෙනවා. මම මාවම නිවැරදි කරමින් අන් අයවත් නිවැරදි කරමින් කටයුතු කරනවා. මේවා සත්‍ය වශයෙන්ම සිදුව ඇති සහ සත්‍ය වශයෙන්ම දැනටත් සිදුවන දේවල්. මේ ආකාරයටමයි මම ඉදිරියටත් ක්‍රියා කරන්නේ. ඉතින් මම මේ සැබැවින්ම කර ඇති සහ කරගෙන යන යහපත් සත්‍ය කාරනාවල් දකින හිස් පිරිසට මගේ වැරදි දක්වන්න ඊට වෙනස් සාක්ෂි නැහැ. ඊට වෙනස් සාක්ෂි නොදකින ඔවුන් හැකි නම් මම කරන දේට උපකාර කරනවා වෙනුවට මට අභූත දොස් පැවරීම් කරනවා. සත්‍ය වශයෙන් මා කෙරේ විද්‍යාමාන වන කාරනාවන් තිබියදී ඔවුන් මට පවසන්නේ මගේ මානසික සමතුලිත තාවය බිදිලාය, මම මානයෙන් අන්ධ වෙලාය, එසේ අන්ධව ප්‍රසිද්ධිය උදෙසා කටයුතු කරනවාය, මම සංඝයා නැති කරලා දාන්න උත්සාහ කරනවාය, මම බුද්ධ ධර්මය නැති කරන්න උත්සාහ කරනවාය ආදී ලෙසින්.

    සම්බුද්ධ සාසනයේ උපකාරයෙන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදිය ඉපයීම අනුහස් කර ඇති පිරිස් ඉන්නවා. ධර්මය සහ විනය ඉස්මතු වූ විට එවන් බත් බැළයින්ට අන් අයට අධර්මය සහ අවිනය දෙසමින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපයන්න ඇති අවස්ථා නැතිව යනවා. ඉතින් ඒ බත් බැළයින් ධර්මය සහ විනය ඉස්මතු වන විට ඔවුන්ට නැතිවන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදිය ගැන හිතමින් සුසුම් හෙළනවා, දුක් වෙනවා, තමන්ට නැති වන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පවත්වාගන්න උත්සාහ ගන්නවා.

    එවන් බත් බැළයින්ගේ ස්වභාවය තමයි ධර්මය සහ විනය මතු වන විට කවර ආකාරයන්ගෙන් හෝ එහි දොස් දැකීම. ධර්මය සහ විනය මතු වීමම උතුම් ලෙස සලකා කටයුතු කරන්න ඒ බත් බැළයින් කැමති නැහැ. ඒ නිසා පවතින අධර්මය සහ අවිනය දිගටම පැවතීමට හෝ තව තව අධර්මය සහ අවිනය පැතිරවීමට ඒ බත් බැළයින් කටයුතු කරනවා.

    නුවනැති පුද්ගලයින් ධර්මය සහ විනය ප්‍රභල වීමටත් අධර්මය සහ අවිනය දුබල වීමටත් කැමතියී. ඒ නිසා නුවනැති පුද්ගලයින් එය උතුම් යැයි සලකා ඒ සඳහා කටයුතු කරනවා, ඒ සඳහා ඒකරාශී වෙනවා.

    බත් බැළයින් අධර්මය සහ අවිනය ප්‍රභල වීමටත් ධර්මය සහ විනය දුබල වීමටත් කැමතියී. ඒ නිසා බත් බැළයින් ඒ සඳහා කටයුතු කරනවා, ඒ සඳහා ඒකරාශී වෙනවා. ඔවුන්ට ධර්මය සහ විනය මතු වීමම ඔවුන්ගේත් හිත සුව පිණිස හේතු වෙනවා යැයි හිතෙන්නේත් නැහැ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදිය අනුහස් කොට එය රැකගන්න කටයුතු කරන ඔවුන්ට ධර්මය සහ විනය මතු වීම ඔවුන්ට යහපතක් වන බව හැඟෙන්නේ නැහැ.

    හිස් පුද්ගලයින්ගේ තවත් ස්වභාවයක් තමයි ධර්මය සහ විනය දන්නා බවටත් දොස් තැබීම. ඔවුන් බොහෝ විට දොස් තබන්නේ ධර්මය සහ විනය ගැන නිවැරදිව කතා කරන පුද්ගලයින් ත්‍රිපිටකය ඉගෙන ගැනීමෙන් පමණක් ධර්මය සහ විනය ගැන කතා කරන බව දක්වමින්. යම් පුද්ගලයෙක් ත්‍රිපිටක ධර්මය සහ විනය දරාගෙන සිටිනවානම් සහ එම පුද්ගලයා එම ධර්මයට සහ විනයට අනුව කටයුතු කරනවානම් එම පුද්ගලයා දහම් අවබෝධය පමා උවත් දහම් දරාගෙන සිටීම සහ ඊට අනුව කටයුතු කිරීම නිසා තමන්ගේත් අන් අයගේත් අභිවෘද්ධියට කටයුතු කරන පුද්ගලයෙක්. ඒ නිසා එවන් අයවත් පැසසීමයි සුදුසු.

    සමහර හිස් පුද්ගලයින් මටත් දොස් කියනවා මම ධර්මය සහ විනය ගැන කතා කරන්නේ සහ ඊට අනුව කටයුතු කරන්නේ ත්‍රිපිටකය ඉගෙන ගැනීමෙන් පමණක්ය, මට ඉන් මතු අවබෝධයක් නැතිය කියා. එවන් සමහර දොස් පැවරීම් වලදී නිවැරදි ධර්මය සහ විනය යැයි හිතාගෙන ඒ හිස් පුද්ගලයින් ඉදිරිපත් කරන්නේ ත්‍රිපිටකයේ ධර්මයට සහ විනයට ප්‍රතිවිරුද්ධ ලෙස විස්තර කර ඇති කරුණු. ඒ හිස් පුද්ගලයින් ත්‍රිපිටකයේ ලියවිලා තියෙන දේවත් සමහර විට දන්නේ නැහැ. ඉතින් තමන් හිතා ගත්ත මනස්ගාත ගෙන හැර දක්වමින් ඒ මනස්ගාත ධර්මය සහ විනය යැයි දැඩිව ගෙන කටයුතු කරන පුද්ගලයින්ට නිවැරදි දේ මෙය යැයි මම කොහොම අවබෝධ කරවන්නද?

    මම අන් අයට ත්‍රිපිටක ධර්මය හදාරන්න, අනුත්තර විද්‍යාවන් පසක් කරන්න ත්‍රිපිටකයේ ඇති ධර්මය සහ විනය උපකාරී වෙනවා, ත්‍රිපිටක ධර්මය විකෘති කරන්න එපා යැයි පවසන්නේත්, හැකි උපරිමයෙන් ඒ ත්‍රිපිටක ධර්මය අනුසාරයෙන්ම අන් අයටත් දහම් අවබෝධ කරවන්න උපකාර කරන්නේත්, මුලින් සඳහන් කල අරමුණු සපුරා ගැනීම සඳහාත්, එම සඳහන් කල පරිදි ක්‍රියා කරන්නේත් ත්‍රිපිටකය කියවා ඒ ලැබූ දැනුම හේතුවෙන් තමන් ගැන මහත්වයෙන් හිතාගෙන නොවෙයි. නමුත් සමහර හිස් පුද්ගලයින් මාව අන් අයට ගෙන හැර දක්වන්න උත්සාහ කරන්නේ මම මා ගැන මහත්වයෙන් හිතාගෙන ඉන්නා අයෙක් හැටියට. ඒ හිස් ප්‍රකාශ ඔප්පු කරගන්න ඔවුන්ට සාධක හැබෑවටම නැති නිසා ඔවුන් මම මානයෙන් මත් වූ අයෙක් හැටියට අන් අයට දක්වන්න සාධකයක් ලෙස භාවිතා කරන්නේ මා විසින් ත්‍රිපිටක ධර්මය සහ විනය බහුල ලෙස අන් අයට ගෙන හැර දැක්වීම.

    ඒ සමහර හිස් පුද්ගලයින් ත්‍රිපිටක ධර්මය දන්නා බව සහ මානය යන කාරණා දෙක එකම දෙයක් හැටියට ගෙන හැර දක්වා මම මානයෙන් මත් වූ අයෙකු යැයි අන් අයට ගෙන හැර දක්වන්න බොහෝ උත්සාහ ගන්නවා. එවන් පුද්ගලයින්ට ත්‍රිපිටක ධර්මය දන්නා බව සහ මානය යන කාරණා දෙක දෙකක් බව වටහා ගන්න තරම් සාමාන්‍ය පමණකවත් බුද්ධියක් නැහැ නොවැ. තවත් සමහර බත් බැළයින් ත්‍රිපිටක ධර්මය දන්නා බව සහ මානය යන කාරණා දෙක එකක්ම ලෙසට වරදවා පෙන්වමින් අන් අය නොමඟ යවා තමයි ධර්මය සහ විනය දුබල කිරීමටත් අධර්මය සහ අවිනය ප්‍රභල කිරීමටත් මහත් උත්සාහයක් ගන්නේ. ඉතින් එවන් හිස් පුද්ගලයින්ට, එවන් බත් බැළයින්ට ත්‍රිපිටක ධර්මය දන්නා බවින් මත්තෙහි ඇති ධර්ම ප්‍රතිවෙධ කිරීම නම් දුෂ්කරයි. එවන් හිස් පුද්ගලයින්ට, එවන් බත් බැළයින්ට ධර්මය යම් පමණකට හෝ ප්‍රතිවෙධ කල අය මේ විය යුතු යැයි අනුමානයෙන් හිතා ගැනීමත් දුෂ්කරයි. ඒ ඔවුන් ත්‍රිපිටක ධර්මය දන්නා බවත් මානයක් ලෙස සලකා කටයුතු කරන නිසා.

    ධර්මය යම් පමණකට හෝ ප්‍රතිවෙධ කරන අය දකිනවා ප්‍රතිවෙධ කරන ලද දේ ත්‍රිපිටකයේ එපරිද්දෙන්ම මනා සේ විස්තර කර තිබෙන බව. ඉතින් එවන් විශ්වාසයක් ඇති වූ විට අන් අයට නිවැරදි ධර්මය සහ විනය ලෙස ත්‍රිපිටකයේම ඇති කරුණු ගෙන හැර දැක්වීම තරම් පහසු දෙයක්, සුදුසු දෙයක් සහ වටිනා දෙයක් තවත් කොයින්ද? මමත් එපරිද්දෙන්ම සලකා ත්‍රිපිටකයේ ඇති කරුණු වෙතම අන් අයව යොමු කරනවා. එසේ මනා දෙයටම යොමු වන අයට කුමක් නිසා වරදින්නද?

    අසත්පුරුෂ පුද්ගලයින්ගේ මම දුටු ස්වරූපයක් තමයි පුද්ගලයින්ගේ ඇති ගුණ නැති ලෙසට අන් අයට ගෙන හැර දැක්වීම. ඒ සඳහා කූට උපක්‍රම ඔවුන් යොදා ගන්නවා. ඊට උපමාවක් දිය හැකියී. යම් සත්පුරුෂ පුද්ගලයෙක් දිය පහරකින් එතෙර වෙන අයට පහසුව පිණිස පාලමක් සාදන්නෙමැයි සිතා පාලම සාදන්න ගස් කපන්න පොරොවක් සොයනවා යැයි හිතන්න. අසත්පුරුෂයාගේ ස්වරූපය තමයි ඒ පාලම සාදන්න ගස් කැපීම පිණිස පොරොවක් සොයන පුද්ගලයා යම් අයෙක් මරන්න පොරොවක් සොයනවා යැයි අන් අයට ගෙන හැර දැක්වීම. ගස් කපන්න යන විට අසත්පුරුෂයා පවසන්නේ ඒ පුද්ගලයා යම් අයෙක්ව මරන්න යනවා ලෙස. ගස් කපන විට අසත්පුරුෂයා පවසන්නේ ඒ පුද්ගලයා සොබා දහම විනාශ කරන්නෙකු ලෙස. පාලම සාදන විට අසත්පුරුෂයා පවසන්නේ ඒ පුද්ගලයා අනිත් අයට දිය පහරින් බැහැලා යන්න තියෙන තැන නැති කරලා දාපු පුද්ගලයෙකු ලෙස. පාලම සෑදූ විට අසත්පුරුෂයා පවසන්නේ ඒ පුද්ගලයාට ලී වලින් නොව යකඩ කොන්ක්‍රීට් වලින් පාලම සාදන්න තිබුනා ලෙස. ඒ තමයි අසත්පුරුෂ ස්වභාවය.

    සත්පුරුෂ පුද්ගලයින් ඊට වෙනස්. පෙර උපමාවට අනුව මෙසේ සිතයි හැකියී. යම් සත්පුරුෂ පුද්ගලයෙක් දිය පහරකින් එතෙර වෙන අයට පහසුව පිණිස පාලමක් සාදන්නෙමැයි සිතා පාලම සාදනන් ගස් කපන්න පොරොවක් සොයනවා නම් අන් සත්පුරුෂයෝ පොරොවක් හරි ඊටත් වඩා වැඩේ පහසු කරන උපකරණයක් සොයා දෙන්න යුහුසුළු වෙනවා. පුළුවන් නම් ලී හොයලාම දෙනවා. පුළුවන් නම් යකඩ කොන්ක්‍රීට් වලින් පාලම ඉදිකිරීමට උපකාර කරනවා. පාලම සෑදූ විට තමන්ටත් අන් අයටත් ඉන් ඇති ප්‍රයෝජනය දැක සතුටට පත්වෙනවා. පාලම සාදන්න සිතූ, ඊට මුල්ව කටයුතු කල කෙනාටත් ස්තුතියි කරනවා. තමනුත් පාලම සැදීමට උපකාර කලා යැයි සිහි කරලාත් සතුටු වෙනවා. ඒ තමයි සත්පුරුෂ ස්වභාවය.

    නුවනැති පුද්ගලයින් ධර්මය සහ විනය ප්‍රභල වීමටත් අධර්මය සහ අවිනය දුබල වීමටත් කැමතියී. ඒ නිසා නුවනැති පුද්ගලයින් එය උතුම් යැයි සලකා ඒ සඳහා කටයුතු කරනවා, ඒ සඳහා ඒකරාශී වෙනවා. ඔවුන් කටයුතු කරන්නේ අන් අය ගැරහීමම උතුම්ය යන අදහසින් නොවෙයි. ඔවුන් සුදුසු විටෙක සුදුසු පරිද්දෙකින් ගැරහිය යුත්තාව ගරහනවා, පැසසිය යුත්තාව පසසනවා. ඒ ධර්මය සහ විනය ප්‍රභල වීමටත්, අධර්මය සහ අවිනය දුබල වීමටත්, ගැරහීම සහ පැසසීම කරන අයගේ අභිවෘද්ධියටත්, ගැරහීම සහ පැසසීම ලබන අයගේ අභිවෘද්ධියටත්, අන් අයගේ අභිවෘද්ධියටත් එසේ ගැරහීම සහ පැසසීම හේතු වන කාරණාවන් නිසා.

    ඔබගේ ක්‍රමවේදය අතිවිශිෂ්ටයි... නිවැරදි බුදුදහම ත්‍රිපිටකය ආශ්‍රයෙන් දැක්වීම ප්‍රඥා ගෝචර ක්‍රියාවක් සේ දකිමි.