හොරුන්ගේ ප්‍රශ්නයක් උදවු කරන්න පින් සිද්

dinusanka

Member
Aug 15, 2016
3
1
0
හොරුන්ගේ ප්‍රශ්නයක් උදවු කරන්න පින් සිද්

මවුස් එක තිය තිය ඉන්න එපා බන් .. මේක කවද හරි උබලටත් වැදගත් වෙයි .
කොල්ලනේ , දවස් ගානක ඉදන් අපි දිහා කවුරු හරි සෙට් එකක් පට්ටම සෝදිසියෙන් ඉන්නවා බන් ..
එහෙම කියන්නේ රෑට තාප්පේ පිටි පස්සෙන් අඩි සද්ද .. ගෙදර ළඟ ගහක් තියනවා ..
පට්ට උස ගහක් . රෑට උඩ පේන්නේ නැති . ඒක දිහා බලන් බල්ලා බුරනවා හැමදාම .
අනික් දේ තමයි බන් කවුරු හරි අපේ බල්ලාට මස් කටු දෙනවා දවස් ගානක ඉදන් ..
ඌ රෑ 8 වගේ ඉදන් ඒවා කාල ඇඟට පණ නැතිව ඉන්නවා ..
අපේ බල්ලා වෙනදා කොස් කොලයක් වැටුනත් බුරනවා හෝ ගාල ..
ඒත් ලඟකදී ඉදන් බල්ලා ඌට තට්ටු කරත් එච්චර ගණන් ගන්නේ නැති ගානක් තියෙන්නේ ..
මේ අතරේ පෙරේදා හරියටම රෑ 2 කට අපේ ගෙදර මිදුල හරහා දාල තිබුන ලාල්ලක මනුස්සයෙක් හැප්පුන සද්දයක් ඇහුනා යාන්තමට අපිට . මිනිහෙක් කියලා සුවර් ..
නිකන් අර අත්වැරදීමකින් හප්පුනාම එනවා වගේ සද්දයක් .. බල්ලගෙන් නෙමේ ..
උඩ වහලේ උළු සද්ද වෙන සද්දයක් ආවා ඊට ටිකකට කලින් .
අපේ තියෙන්නේ ස්ලැබ් එකක් දාල යට කෑල්ල විතරක් හදාපු ගෙදරක් .
උඩින් බැහැලා එන්න පුළුවන් පහල තාප්පෙට ඉනිමගක් තියලා නැගලා ස්ලැබ් එකෙන් බැහැලා ..
පඩි පේලිය දිගේ ..
ඊට පස්සේ උදේ බලද්දී එතන සෙරෙප්පු නොදාපු කකුලක අඩියක් තියනවා ..
හොදම වැඩේ කියන්නේ ඒ අතර තුර බල්ලාව සුක්ෂම විදියට ගෙදරින් එලියට ගෙන්නාගෙන තියනවා
මස් කටු දෙන්න .. කොහොම උනත් ඊට පස්සේ බල්ලා ඇවිල්ලා වැටිලා නිදා ගත්ත .
කොහොම උනත් ලඟකදී ඉදන් කවුරු හරි කට්ටියක් අපි ගැන මාර ටච් එකේ ඉන්නවා .
මුන් පට්ට කපටි සෙට් එකක්.
ඒ කියන්නේ මුන් බල්ලා බුරන එකට අපේ අවදානය පිටට යවන්න එක එක වැඩ කරනවා ..
දවසක් බල්ලා බුරද්දී මහා රෑ අපි එලියට බැහැලා බැලුවා .
මෙන්න තාප්පේ දිගේ කවදාවත් දැකපු නැති පුසෙක් ඇවිල්ලා .
ඒත් බල්ලා ගහ දිහා බලන් බිරුවේ .
අපි ඒ වෙලාවේ හිතුවේ අයියෝ මූ මෙච්චර බුරන්නේ මේ පුසට නේද කියලා ..
ඒත් ඇත්තටම දැන් හිතල බලද්දී වෙලා තියෙන්නේ බල්ලා බුරලා තියෙන්නේ අර ගහ ට නැග්ග කාට හරි ..
පුසා අපේ අවධානය පිටට යවන්න තාප්පෙන් දාපු එකෙක් .
තවත් දවසක ඕකම උනා .. එදා ඉදියේ අර කැලෑ වල ඉන්න ඉබ්බෙක් ..
එදත් අපි රැවටුනා ..අයියෝ මු ඉබ්බාට නේ බුරන්නේ කියලා ..
ඒත් ඉබ්බා එතනට ආවේ කොහොමද කියල අපි කවුරුත් හොයල බැලුවේ නැහැ .
දැන් සින් එක තේරෙනවා .
ගස් උඩ ඉඳන් ..
තාප්පේ දිගේ වහලට නැගලා මිදුල හරහා එහා ගෙදර තාප්පෙන් මූ ගිහින් ..
බල්ලාගේ අප්‍රාණික ගතිය .
මස් කටු .
බුරනකොට එන පුසෝ ..
අඩි සද්ද ..
අනිවාර්යෙන්ම මේ සිද්දී වල .. සම්බන්දයක් තියනවා .
මගේ ඔලුව අවුල් වෙලා තියෙන්නේ බන් මේ ප්‍රශ්නෙත් එක්ක .
මට කෑමක් වත් නැහැ .
මන් රෑට නිදා ගන්නෙත් නැහැ බන්
හැමදාම රෑ 11 උදේ හතර වෙනකම් මම අවදියෙන් ඉන්නවා
මට උදව් කරපල්ලා කොල්ලනේ ..

මේකට මම ම විසඳුම් දෙකක් තුනක් හිතුවා ..
පුළුවන් නම් කියපල්ලා මේවා ගේ හොද නරක වාසි අවාසි .

CCTV cam දෙකක් වත් වත්ත දෙපැත්තේ ගහන්න .
මෝෂන් සෙන්සර් බල්බ් එකක් හයි කරන්න .
අලුතෙන් බල්ලෙක් ගෙනල්ලා කුඩුවක දාල හදන්න .
දැන් ඉන්න බල්ලා සමාජේ බැහැලා වැඩියි .
ඌ හිතුන හිතුන වෙලාවට එලියට යනවා ඒ වගේ ..

මිට අමතරව මගේ කතාව කියවලා උබලට හිතෙන දේ කියපල්ලා .
ගොඩක් පින් ..
දවස් ගානකින් නිදා ගෙන නැහැ .
හදිස්සියක් උනොත් ගේන්න ගන්නත් යාළුවො ටිකක් සෙට් කරල තියෙන්නේ ළඟ .
ඒත් මේකට මට උබලගෙන් හොද උත්තරයක් ලැබෙයි කියලා හිතනවා .

plz බලල නිකන් යන්න එපා හැමෝම කමෙන්ට් එකක් දාපන් .
කවද හරි උබලටත් වැදගත් වෙන්න පුළුවන් මොකක්ම හරි දෙයක්ක් මේ ත්‍රෙඩ් එකේ තියන . :(
 
Last edited:
  • Like
Reactions: ^Buddhika^

toiya

Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    ගේ වටේට බල්බ් ලයින් එකක් දාපන් සද්දේ ඇහුන ගමන් සේරම දාපන්

    එක සුවිච් එකෙන් පත්තු වෙන විදිහට හදපන්
     
    • Like
    Reactions: beepSL

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,791
    2,643
    113
    Kadawatha, Sri Lanka
    gedara kavuda inne. baya hithenava neh. kokatath police giyaa nam hodai. complaint eka daala thibboth passe refer karanna important wei. un mokak hari wenkan nam ena ekak ne. Oya kivva gaha koheda thiyenne.? umbalage watte nemeida?
    CCTV hoda option ekak. davasin hai karanna puluwan. hebei 2k madi ban. ekak thava cam ekakin cover wenna epai. nathnam cam ekata pitipassen avilla eka disable karai. ballava ge athule thiyaa ganinko ban.
    hoda ballek genna puluwan. eth genaapu davase idan weda daanne nathi wei. anaagathayata hodai.
    hariyata kiyapan. anthima incident eka vune kavadda? umba re aharila innava kivva davase idan monavada vune? thaniyenda inne?
    mokak hari pollak langa thiyaa ganin. sharp weapons thiyaa ganna epa. horunta sharp dewal ahu wenna thiyannath epa
     
    Last edited:
    • Like
    Reactions: beepSL

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මුලින්ම කියපන් උබලගේ ගෙදර කීදෙනෙක් ඉන්නවද ගෑනු අය කීයක් ඉන්නවද ඒ විස්තර ටිකක් කියපන්. අනික උබලා ගැන ඔහොම ටච් එකේ ඉන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕන. උබලට තරහකාරයෝ ඉන්නවද? මෙතන කියන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? උබ හෙමීට කල්පනා කරලා බලපන් මොකද scene එක කියලා. මොක්ද බන් පරක්කු වෙලා ඔයිට වඩා නරක දෙයක් උනොත් අයේ අඩලා හූල්ලලා වැඩක් නෑ බන්.
    උබ හෙමීට හොදට කල්පනා කරලා බලපන් බන්
     
    • Like
    Reactions: beepSL

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    ගේ ඇතුලට බල්ලෙක් ගනින්. එලියෙත් එකෙක් තියපන්.
    හදිස්සියට ගන්න ලග හොද පොල්ලක් තියා ගනින්.
    ටිකක් අවධානම් ඒත් මේක පුලුවන් නම් කරපන්. යාලුවො කීප දෙනෙක් එක්ක උබ හොරෙන් හැංගිල එලියෙ ඉදපන්. එන එකාව උබම අල්ල ගනින්.
     
    • Like
    Reactions: beepSL

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,791
    2,643
    113
    Kadawatha, Sri Lanka
    ගේ ඇතුලට බල්ලෙක් ගනින්. එලියෙත් එකෙක් තියපන්.
    හදිස්සියට ගන්න ලග හොද පොල්ලක් තියා ගනින්.
    ටිකක් අවධානම් ඒත් මේක පුලුවන් නම් කරපන්. යාලුවො කීප දෙනෙක් එක්ක උබ හොරෙන් හැංගිල එලියෙ ඉදපන්. එන එකාව උබම අල්ල ගනින්.
    Exactly :yes:
    :yes::yes::yes:
     
    Aug 15, 2016
    72
    3
    0
    මුලින්ම කියපන් උබලගේ ගෙදර කීදෙනෙක් ඉන්නවද ගෑනු අය කීයක් ඉන්නවද ඒ විස්තර ටිකක් කියපන්. අනික උබලා ගැන ඔහොම ටච් එකේ ඉන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕන. උබලට තරහකාරයෝ ඉන්නවද? මෙතන කියන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? උබ හෙමීට කල්පනා කරලා බලපන් මොකද scene එක කියලා. මොක්ද බන් පරක්කු වෙලා ඔයිට වඩා නරක දෙයක් උනොත් අයේ අඩලා හූල්ලලා වැඩක් නෑ බන්.
    උබ හෙමීට හොදට කල්පනා කරලා බලපන් බන්

    ඇත්ත මචන්

    මූ එන්නෙ මොකටද කියල මුලින් හොයා ගන්න වෙනව

    ගෑනු ඉන්නවනම් රෑට වෙන කොහේ හරි නවත්තපන්, අම්මලගෙ ගෙදර හරි
     

    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    Gedara wateta sensor holder ekka lights danna. Movement ekata ibe paththu wena ewa.
    Air rifle ekak aran tiya ganna.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    flasher light tikak aran focus karala dahan machan hodata
    sadde ahuna gaman dapan eka paraa kora wela yanna
    laser light ekak set karahan boruwata hari
    CCTV ekak atawapan boruwata hari
    dawasak ubala yanawa wage act karala yaluwo ekka set wela dipan ata thalennama
     
    • Like
    Reactions: beepSL

    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    කෝරලේමහත්තයා;20549239 said:
    හොරකමකට නෙවෙයි කියලනම් ශුවර් දැන් හොරු ඔච්චර මුට්ටි දදා ඉන්නෑ.

    අඩේ නෑ බන්. දැන් ඉන්න හොරු මරු බුවාලා බන්. වේදිකා නාට්‍ය නළුවෝ වගේ තමා. උන් හෙනට ප්‍රැක්ටිස් කරලා තමා ගේම දෙන්න එන්නේ. අපේ කලින් ගෙදර තිබ්බේ රාජගිරියෙ. ඒක රෙන්ට් එකට දෙන්න හිතාගෙන උඩ තට්ටුවයි යට තට්ටුවයි යුනිට් දෙකක් විදියට හැදුවේ එළියෙන් පඩිපෙළ දාල. දවසක් දෙකක් මචන් අපි අලුතෙන් අරන් එන සෙරෙප්පු නැති උනා. ඒ කාලේ අපේ ගෙදර පොඩි බලු පැටියෙක් හිටිය. අපි ඌට බැන්නා සෙරෙප්පු කනවා කියල. තවත් දවසක් අපි එලියට ගිහිල්ල එනකොට ගේට්ටුව ඇරලා දාල තිබ්බ. එදත් අපි හිතුවේ වත්ත සුද්ද කරන මනුස්සය වෙන්න ඇති කියල, මොකද මිනිහ එදා උදේ ඇවිල්ල වත්ත සුද්ද කරලා tools වගයක් අමතක කරලා දාල ගිහින් තිබ්බ. ඒක ගන්න අපහු එන්න ඇති කියල හිතුවේ. මිනිහට කෝල් කරලා බැලුවම ආයේ ආවේ නෑ කිව්වා. ඊට පස්සේ අපි හිතුව අපිම gate එක බාගෙට වහල යන්න ඇති කියලා. දවස් දෙකකට පස්සේ මල්ලි පුටාර් එක පදින්න හොයනකොට ඒක අන්තරස්දහන්. එතකොට තේරුනා මේකයි සෙරෙප්පු නැති උන එකයි දෙකම හොරෙක්ගෙ වැඩක්ම තමා කියල. පස්සේ දවසක (වැඩි කල් නොයාම), [මමයි මල්ලියි නිදාගත්තේ තට්ටුවේ කාමර වල] මම ඇඳ උඩ තියාගෙන හිටපු phones දෙකයි මේසෙ උඩ තිබ්බ ලැප්ටොප් එකයි, මම ඔෆිස් එකේ වැඩකට wallet එකේ තියාගෙන හිටපු 10,000කුයි උස්සල. ඌට මං ගැන දුක හිතිලද කොහෙද රුපියල් 30ක් තියල ගිහිල්ල wallet එකේ. :D මල්ලිගේ කාමරේට ගියාට උන්ට මුකුත් හොයාගන්න බැරි වෙලා. හොඳම වැඩේ කියන්නේ බන් මේක වෙලා තියෙන්නේ මම ඇඳේ නිදාගෙන ඉන්නකොටමයි. සද්ද බද්ද නැතුව ඇවිල්ල කිසි බයක් නැතුව හොරකන් කරන්න දැන් ඉන්න උන් මාර එක්ස්පීරියන්ස්ඩ් බන්. මේක උනේ උදේ පාන්දර 2ත් 4ත් අතර වෙලාවක. මොකද මම ඇහැරුනා 2ට තාත්ත ගෙදර ආවම ගේට්ටුව අරින්න. 4ට ඇහැරුනා නුවර යන්න. 2ට ඇහැරෙනකොට ෆෝන්ස් තිබ්බා. 4ට ඇහැරෙනකොට නෑ. ඔය ගේම් දීපු අ.හු.වේ.පු. සෙරෙප්පු උස්සල practice session එකක් කරලා, බයිසිකලේ උස්සල rehearsal එකත් කරලා, laptop, phone, සල්ලි උස්සල සුපිරි show එකක් පෙන්නලාම ගියා බන්. :oo:
     
    • Like
    Reactions: beepSL

    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    entrances තියෙන හැම තැනකම ගහපන් මචෝ laser movement detector alarms. එන හුත්තෙක් ඇතුලට ආවේ නැත්තන් ඉවර නේ. වත්තේ පිනුම් ගැහුවත් අවුලක් නෑ නේ. අලුත් බල්ලෙක් ගෙනල්ල රෑට විතරක් කූඩුවට දාල තියපන්. දැනට ඉන්න බල්ලව පුළුවන් නම් රෑට ගෙදර ඇතුලෙන් තියාගනින්. එතකොට උට මස්කටු දීල ශේප් කරන්න බෑ නේ. වත්තටත් motion detector light එකක් සෙට් කරන එක වඩාත් හොඳයි. CCTV හයි කරන්න පුළුවන් නම් තවත් හොඳයි. මේවා ඔක්කොම කරන්න ටිකක් සාක්කුවට නම් දැනේවි ඉතින්. :P
     

    dinusanka

    Member
    Aug 15, 2016
    3
    1
    0
    හැමෝගෙම අදහස් වලට ගොඩක් පින් කොල්ලනේ ..
    ගොඩක් අය කියලා තිබුන CCTV හොදයි කියලා .
    මචං මෙහෙම දෙයක් වෙන්න බැරිද ?

    මම මේ තරම් ඉක්මනට CCTV dammoth උන් හිතයිද දන්නේ නැහැ අපිට ආරක්ෂා කරන්න අනිවා සල්ලි වස්තුව ඇති ඒකයි මේ තරම් ඉක්මනට සල්ලි වියදම් කරලා මේවා කරේ .. ඒ වගේ ?
    කොහොම හරි මුන්ට ගේම දෙන්නම ඕනේ .
    ඒක මෝඩ අදහසක් ද බන් ? :sorry:
     

    gayashan777

    Active member
  • Jan 25, 2010
    375
    28
    28
    matale
    ubalage area eke policiye ASPta hari SSPta hari gihin adurana ekek ekka seen eka kiyapan
    :D antry ekakut dapan.. ethakota reta check karanna evanava zet ekak.. random time walata. ita amatharawa CID kavru hari dai area ekata..
    ubata et bayai vagenm gun ekak aran thiyaganin.

    CCTV dana ekath hodai mulu waththama cover wenna cam 8k wath dapan.
     
    • Like
    Reactions: beepSL