බැබිලෝනියාවේ එල්ලෙන උයන ( Hanging Gardens of Babylon )

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    බැබිලෝනියාවේ එල්ලෙන උයන ( Hanging Gardens of Babylon )


    එල්ලෙන උයනේ චිත්‍රයකි මෙය පැවතුනායයි සැලකෙන්නේ පුරාණයේ බැබිලෝනියාව ලෙස සැලකුන වර්තමාන ඉරාකයේ බාබිල් ප්‍රාන්තයේ හිලාල් නම් ප්‍රදේශයේය.( Hillah, Babil province, in Iraq ). පුරාණ ලේඛනවල සදහන් වුවද මෙය පැවති බවට මෙතෙක් පුරාවිද්‍යාත්මක සාධක හමුවී නොමැත.

    පලමු වරට මෙම එල්ලෙන උයන පිලිබඳ සඳහන් වන්නේ බැබිලෝනියානු පූජකවරයකු වූ Berossus විසින් 280 BC දී පමණ ලියන ලද Babyloniaca නම් ග්‍රන්ථයේය. එහිදී මෙය ශ්‍රේෂඨ බැබිලෝනියා රජෙකු වූ දෙවන Nebuchadnezzar (Nebuchadnezzar II) ගේ නිර්මාණයක් ලෙස සඳහන් කර ඇත.

    පුරාණ ලේඛනවලට අනුව රජු මෙය 600 BC දී පමණ නිර්මාණය කර ඇත්තේ ඔහුගේ බිරිඳ වූ Amytis රැජිණ සතුටු කිරීම පිණිසය. ඇය එවකට Media ලෙස හැඳින්වුන වර්තමාන ඉරානයට අයත් ප්‍රදේශයක කුමරිකාවකි. දේශපාලන සබඳතා තරකර ගැනීම පිණිස මෙම විවාහය සිදුකර තිබූ අතර , තම උපන් ප්‍රදේශයේ තිබූ මනරම් කඳු, ගස් වැල් වෙනුවට බැබිලෝනියාවේ කරකෂ කාන්තාර පරිසරය නිසා ඇය මහත් කලකිරීමට පත්ව ඇත. මෙයට පිලියමක් ලෙස රජු එල්ලෙන උයන නිර්මාණය කර ඇත.


    මෙය එල්ලෙන උයනක් ලෙස සඳහන් වුවද සැබවින්ම එය නිර්මාණය කර ඇත්තේ තට්ටු ලෙස කන්දක් ආකාරයට ඉහලට සකස් කොට එහි බැල්කනි වැනි කොටස් වල විශාල ගස් සිටුවාය. ග්‍රීක ඉතිහාසඥයෙකුවූ Diordorus Siculus සඳහන් කරන ආකාරයට මෙම උයන අඩි 400*400 පමණ ප්‍රදේශයක් පුරා, අඩි 80 ක් තරම් උසට නිර්මාණය කර තිබී ඇත.

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    You must spread some Reputation around before giving it to demee again.
    4396821_orig.gif