චීන ජාතික පිහිනුම් ශූරියක වන හෙසී කාන්තා කිමිඳුම් තරගයෙන් රිදී පදක්කම දිනාගත් අතර රන් පදක්කමටත් වඩා වටිනා පදක්කමක්ද ඇයට හිමි විය.
ඒ ඇයගේ පෙම්වතා වන කින් කායි ජාත්‍යන්තර රූපවාහිනි කැමරා ඉදිරියේ ප්‍රසිද්ධියේම ඇයට විවාහ යෝජනාවක් ගෙන ඒමය.
ඒ ඇය ඉදිරියේ දණින් වැටී ප්‍රේමායාචනයක් ඉදිරිපත් කිරීමෙනි.
ලොව පුරා ක්‍රීඩා රසිකයන්ගේ සිත්ගත් මේ සිදුවීම දුටු ඇය සමඟ තරග කළ අනෙකුත් පදක්කම්ලාභීහු දෙදෙනා සිනා පිරුණු මුවින් සතුට ප්‍රකාශ කළහ.








