Techzone ජාවාරම

SurangaDH

Member
Aug 5, 2016
85
25
0
මම මේ කියන්න යන්නේ techzone කරන warranty ජාවාරම ගැන මම 2012-oct-06 Rs 188,000 ක් වියදම් කර computer එකක් ගත්තා. මම ඒක ගත්තේ video editing ඉගෙන ගන්නයි මම IT campus එකකට යන නිසා හොඳ computer එකක් ඕනි නිසයි. i7 3770k, Intel Extreme Z77 Motherboard, 16GB RAM, 1TB HDD, 2GB GT640 VGA, ඊට පස්සේ දවස් 4කට පස්සේ මම වෙනත් shop එකකින් Corsair H80 CPU liquid cooling system එකක් හයි කරා, එකේ වටිනාකම 14000ක් , දැන් සම්පූර්ණ වටිනාකම Rs 202,000.
මම computer එක අරගෙන දවස් 8කින් හරියටම motherboard එක ගියා කිසිම හේතුවක් නැතිව, ඊළඟ දවසේ අරන් ගියාම උන් motherboard එක මාරු කරලා දුන්නා, ඊට පස්සේ මාස 6ක් විතර computer එක අවුලක් නැතුව වැඩ කළා, දවසක් එක පාරටම power supply එක ඇතුලින් spark වෙලා එක පිච්චිලා ගියා. එත් එක්කම මගේ UPS එකත් වැඩ කරන්නේ නැතුව ගියා. PSU එකයි UPS එකයි repair එකට දුන්නා, මම දවස් 2කකින් විතර call කරහම තාම repair එකේ කියනවා, repair එකේ උන් හරියට කතා කරන්නේ අපි උන්ගෙන් හිඟා කන්න අවා වගේ. උන් බඩු විකුණන කොටනම් කතා කරන්නේ පන දෙන්න වගේ ඒත් repair එකකට call කලාම තමි එකේ ඉන්න බල්ලන්ගේ හැටි පෙන්නේ, උන් තාම හදල ඉවර නෑ කියල එක පාරට phone එක cut කරලා දානවා, මෙහෙම එක දිගට හැමදාම වගේ call අරගෙන සති 2 කින් විතර මගේ UPS එක හම්බ උනා එත් තාම මට power supply එක හම්බුනේ නෑ, මුන් ඒ power supply එකට අලුත් එකක් replace කරනවා කියල කිව්වට මට හම්බුනේ පරණ ඒ ජාතියේම පාවිච්චි කරපු PSU එකක්, එකත් හම්බ උනේ මාසයක් විතර එක දිගට call කර කර ඇහුවට පස්සේ, උන් PSU එකට මාස 34ක් warranty දෙනවා කියල තිබුනට මට මාසයක්ම බලන් ඉඳල හම්බුනේ පරණ PSU එකක්, ඒ මාසේ පුරාවටම මට computer එක පාවිච්චි කරන්න බැරිව ගියා. ලක්ෂ 2 කට වැඩ වියදම් කරලා computer එකක් ගත්තේ මාසයක් පැත්තකට කරලා තියන්නද ?
ඊට පස්සේ මාස 4 විතර ගියහම එක පාරටම ක්සිසිම හේතුවක් නැතිව මගේ motherboard එක පිච්චුනා, මම මුළු system unit එකම ගිහින් උන්ට දුන්න, උන් කිව්වා motherboard එක intel එකට යවන්න ඕනි අලුත් එකක් එන්න තව සති 3නක් විතර යයි කියල, එහෙම්ම ඉතින් කරන්න දෙයක් නැති නිසා මුළු machine එකම techzone එකේ තිබ්බ, සති 3නකින් call කලහම කිව්වා තම motherboard එක ඇවිත් නැ කියල,
මාසයක් ගියා මම techzone එකටම ගිහින් බැලුවම උන් කියනවා intel ලා එවපු motherboard එක වැඩ කරන්නේ නෑ කියල, Intel ලා එහෙ ඉඳන් වැඩ කරන්නේ නැති motherboard එවනවද ?? මුන් හිතන්නේ අපි මී හරක් කියල, අන්තිමට මුන් ඇහුව Rs 15000ක් විතර වටින පොඩි mini ATX , 1 PCI Express slot එකක් RAM slot 2කක් විතරක් තියෙන පොඩි board එකක් දාල දෙන්නද මගේ Z77 motherboard මුකුත්ම නෑ කියල, මම එපා කිව්වේ මුන් පොඩි motherboard එකක් දීල shape වෙන්න හදනවා වගේ තේරුණ නිසා. ඊට පස්සේ සතියකින් call එකක් දෙන්න කිව්ව, මම call කරහම මේ කාලකන්නි තව සතියකින් බලමු කියල, බැරිම තැන මම දවස් 2කක් බලල ගිය, මම ගියේ 2ට විතර manager කරය හිටියේ නෑ, ඌ එනකන් පැය 3නක් විතර රස්තියාදු උන, 5ට විතර ඒ යකා අවා,
දැනට computer එක මාස එකයි සති 2කක් උන් ගාව,, මම බැරිම තැන උන්ට කිව්වා උන්ගාව තියෙන අලුත් generation Z87 motherboard එකක් දෙන්න මම තව 48000ක් ගෙවල අලුත් generation processor එකක් ගන්නම් කියල, මගේ දැනට තියෙන processor එක මම විකුණා ගන්නම් කියල, උන් එකට කැමති උනෙත් නෑ උන් කිව්වා මගේ motherboard එකට 16000ක් අඩු කරන්නම් උන්ගෙන් Z87 motherboard එකක් ගන්න කියල, මගේ 38000ක් දීල ගත්ත බෝඅර්ඩ් එක මාස 9කට පස්සේ මුන් warranty දෙනවා වෙනුවට 16000ක් අඩු කරලා මුන්ගේන් තව 30000ක් විතර දීල අලුත් motherboard එකක් ගන්න කියනවා, මට එච්චර ගානක් වියදම් කරන්න බෑ, අනික තව දේවල් මුන්ගෙන්ම අරන් අමාරුවේ වැටෙන්නත් ඕනි කමක් නෑ, මුන්ට බැරිම තැන කෑගහල කෑගල අදම machine එක ඕනි කිවවම මුන් වෙන Z77 motherboard එකක් දෙන්නම් කිව්වා එකට Rs 7000ක් ගෙවන්න කිව්වා නැත්නම් අනිත් එක එනකන් තව සති 3කින් බලමුලු, තව සති 3නක් ගියාම මාස 2 කයි සතියක් උන් ගාව machine එක අනික එකත් sure නෑ, technical එකට ගියාම මගේ machine එක අයිනකට දාල එකේ දුවිලි වැදිලා එකේ cooling system එක , VGA එක ගලවල ඔහේ එල්ලෙන්න දාල පැත්තකට විසි කරලා වගේ තිබුනේ, කරන්න දෙයක් නැති කමට තව Rs 7000ක් ගෙවල මගේ තිබ්බ Z77 වර්ගයේ ASUS motherboard එකක් ගත්ත, මගේ motherboard එකට තව අවුරුදු 2කක් warranty තිබුන, එත් මට තව Rs 7000ක් ගෙවල මගේ computer එක හදාගන්න උනා, ඔක්කොම සෙට් කරලා බලද්දී මගේ 14000ක් දීල වෙන shop එකකින් ගත්ත cooler එක වැඩ කරන්නේ නැ, Techzone එකේ කාලකන්නි බල්ලෝ එකටත් කෙලවල වගේ එකත් පැත්තකට විසි කරලා වගේ case එක ඇතුලේ එල්ලී එල්ලී තිබ්බේ. දැන් මට අලුත් cooler එකක් දාන්න වෙලා, ඒ බල්ලෝ කියනවා එක උන්ගේ එකක් නෙමේ නිසා දන්නේ නැ කියල,

මම අපහු කිසිම දෙයක් Techzone එකෙන් ගන්නෙත් නැ, දන්න එකෙක් ට ගන්න කියන්නෙත් නැ, උන්ගෙ technical එකට ඇවිත් මිනිසසු උන්ට සාප කර කර යනවා මම technical එකට ගිය වෙලේ දැක්ක, ඒ කියන්නේ මට උන දේවල් වෙන මිනිස්සුන්ටත් වෙලා තියෙනවා, මම උන්ගෙන් ලක්ෂ 2කක computer එකක් අරගෙනත් උන් මෙහෙම අපිව හූරං කරනවා, අනිත් පොඩි machine ගන්න මිනිස්සුන්ට මොනවා කරනව ඇත්ද ?? මම මේ ලිපිය ලිව්වේ උන්ගේ වංචාවන් ගැන අනිත් අයව දැනුවත් කරන්න, මේක කියවල එක්කෙනෙක් හරි ඒ බල්ලන්ගෙන් බඩු ගන්නේ නැතුව බෙරෙයි කියල හිතල, මම කියන්නේ බොරු කියල හිතෙනවනම් unity plaza එකේ 3rd floor එකේ Techzone එකේ technical එකට ගිහින් බලන්න කොච්චර මිනිස්සු ඇවිත් උන්ට බැන බැන යනවද කියල. මිනිස්සුන් ගේ සල්ලි හුරන් කාල වංචා කරලා ඕකුන් හොයන හැම සතයක් ගානෙම ඔය කාලකන්නින්ට හෙනම ගහන්න ඕනි.

මම දෙන්නේ එක අවවාදයි techzone එකෙන් බඩු අරගෙන සල්ලි කාලයයි නාස්ති කර ගන්න එපා, ඔය වංචා කාරයන්ට අහු වෙන්න එපා, මේක පුළුවන් තරම් ස්හරේ කරලා ඒ වංචා කාරයන් ගැන වෙන අයවත් දැනුවත් කරන්න
 

SurangaDH

Member
Aug 5, 2016
85
25
0

avatar510382_2.gif
 

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    lankawe hema tech shop ekama ohma tama ban,.. kelinma ebay eken genna ganin ganna baduwak kedunama wisikkarala alut ekak ganin lankawe sakkili ekka deal karanna yanawata wada eka hodai
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    මම ඔකුන්ගෙන් පෙන් එකකුයි. VGAඑකකුයි ගත්තා. දෙකටම කෙල වුනා. මුන් warrenty claim කරේ නැ. බැරිම තැන දෙකම ගුවන් ගත කරලා ආවා. මමත් දන්න එකෙකුට ගන්න දෙන්න නෑ...

    colombo වල හොද shop එකක් කියපන් බං??? (මුස්ලිම් නොවේ නම් ගොඩක් හොදයි)
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,789
    21,042
    113
    oya kadeta nam yanna epa bala badu wikunnane ban
    aparade uba occhara ganak wiyadam kare singa gihilla gatthanam ewaray
     

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    කුරුණෑගල **කේ zone එකෙනුත් මගේ ප්‍රින්ටරයට ඔය වැඩේ කළා. ඔය හම්බ හැත්ත ඉන්න කඩ ඔක්කොම එකයි.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    යුනිටි එකේ තියෙන ගොඩක් ශොප් ඔය වගේ තමා, යුනිටි එකෙන් අරගෙන කෙළ වෙච්ච කට්ටිය කොච්චර කිරියෙ පෝස්ට් දානවද ඕකෙන් ගන්න එපා කියල.:angry::angry:
    කොහොමත් ඔය මුස්ලිම් කට්ටිය බිස්නස් වලින් බරටම හම්බ කරන්නෙ ඔහොම තමා,:( විකුණන කොටනම් "සර්", "මිස්", "එන්න ගන්න", "කිසිදේකට බය වෙන්න එපා", "ඔරිජිනල්", "ඉම්පෝර්ටඩ්" කියල තමා දෙන්නෙ,:yes:
    මොකක්හරි අවුලක් ගිහින් අයෙ වොරන්ටි ගන්න ගියාම තමා උඹට කරපු මෝඩකම තේරෙන්නෙ.:sorry::sorry::sorry:
    එතකොට උඹ පරක්කු වැඩී, අරුන් උබෙන් හොඳ ගානක් කපාගෙන ඉවරයි.:oo::oo:
     

    bmbnbb

    Member
    Apr 13, 2016
    173
    25
    0
    සය්බරේ තමා
    මම ඔකුන්ගෙන් පෙන් එකකුයි. VGAඑකකුයි ගත්තා. දෙකටම කෙල වුනා. මුන් warrenty claim කරේ නැ. බැරිම තැන දෙකම ගුවන් ගත කරලා ආවා. මමත් දන්න එකෙකුට ගන්න දෙන්න නෑ...

    colombo වල හොද shop එකක් කියපන් බං??? (මුස්ලිම් නොවේ නම් ගොඩක් හොදයි)

    මමත් අහන්නමය් හිටියෙ මුස්ලිම් නොවන ශොප් එකක් නැද්ද කිය
     
    Last edited:
    Oct 3, 2008
    1,723
    437
    0
    යුනිටි එකේ තියෙන ගොඩක් ශොප් ඔය වගේ තමා, යුනිටි එකෙන් අරගෙන කෙළ වෙච්ච කට්ටිය කොච්චර කිරියෙ පෝස්ට් දානවද ඕකෙන් ගන්න එපා කියල.:angry::angry:
    කොහොමත් ඔය මුස්ලිම් කට්ටිය බිස්නස් වලින් බරටම හම්බ කරන්නෙ ඔහොම තමා,:( විකුණන කොටනම් "සර්", "මිස්", "එන්න ගන්න", "කිසිදේකට බය වෙන්න එපා", "ඔරිජිනල්", "ඉම්පෝර්ටඩ්" කියල තමා දෙන්නෙ,:yes:
    මොකක්හරි අවුලක් ගිහින් අයෙ වොරන්ටි ගන්න ගියාම තමා උඹට කරපු මෝඩකම තේරෙන්නෙ.:sorry::sorry::sorry:
    එතකොට උඹ පරක්කු වැඩී, අරුන් උබෙන් හොඳ ගානක් කපාගෙන ඉවරයි.:oo::oo:

    :):):):):):):):):):)