හොරු අල්ලන්න ගෙනාපු කම්බ හොරා..
ශ්‍රී ලංකාවේ වත්මන් ජනපති මෙන් ම පසුගිය මහින්ද රාජපක්‍ෂ රජයේ කෘෂිකර්ම ඇමති ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා 2009 දී ජලාශ වේල්ලක් ගොඩ නැගීම සඳහා වන කොන්ත්‍රාත්තුවක් ඔස්ට්‍රේලියානු සමාගමකට පැවරීම සඳහා අල්ලස් ඉල්ලූ බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය පරීක්‍ෂණයක් ආරම්භ කොට තිබෙන බව සිඩ්නි මෝනිං හෙරල්ඩ් නම් ප්‍රධාන පෙළේ ඔස්ට්‍රේලියානු පුවත්පත හෙළි කර සිටින්නේ ය. අදාළ වේලි ව්‍යාපෘථිය ලෝක බැංකු ආධාර යටතේ ඉදිරි කිරීමට නියමිත වූ අතර කොන්ත්‍රාත්තුව සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නම් තමන්ට "ආධාරයක්" කරන ලෙස සිරිසේන මහතා හා ඔහුගේ සම්බන්ධීකරන නිලධාරියා විසින් සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයාගෙන් ඉල්ලා තිබේ. Snowy mountains Engineering Company නම් මෙම සමාගමේ හිටපු ශ්‍රී ලංකා කළමනාකරුවා සිය ඔස්ට්‍රේලියානු සමාගම් නිලධාරීන්ට ලියා දන්වා ඇත්තේ තමන් සිරිසේන මහතා හමු වූ බවත් එහි දී ඔහු පාලක පක්‍ෂයේ ලේකම්වරයා ලෙස රජයේ බලපෑම්කාරී චරිතයක් වන නිසා ඔහු විසින් ඉල්ලා සිටින මුදල ලබා දීම හරහා ඉදිරියේ දී ද මෙවැනි කොන්ත්‍රාත්තු ලබා ගැනීමට එය උපකාරි වනු ඇති බවත් ය. මේ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා සිරිසේන මහතා විසින් ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා හමුවන ලෙස උපදෙස් දුන් බවත් කළමනාකාර තැන සිය ලිපියෙන් කියා සිටින්නේ ය. සමාගම විසින් ඔහුට ගෙවන මුදලේ ප්‍රමාණය හෝ එහි ප්‍රතිශතය සිරිසේන මහතා විසින් ඉල්ලා සිටින අතර ඒ පිළිබඳ තමන්ට උපදෙස් දෙන ලෙස ද ඔහු සිය මව් සමාගෙමෙන් ඉල්ලා සිටින්නේ ය. ඒ අනුව, රුපියල් මිලියන දෙක හමාරක මුදලක් අල්ලසක් සිරිසේන මහතාට ගෙවූ බව ද සමාගමේ ගිණුම් විස්තර හෙළි කර සිටින්නේ ය.
පසුගිය සතියේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන රැලියක් අමතමින් කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නව පක්‍ෂයක් නිර්මාණය කිරීමට කටයුතු කළහොත් ඔහුගේ රහස් හෙළි කොට ඔහුට මහපාරේ යෑමට හෝ නොහැකි තත්වයක් උදාකිරීමට කටයුතු කරන බව ය.
මේක ෆේක් කියන ටොයියන්ට මෙන්න ලින්ක් එක. බොරුනම් කම්බ හොරාට පුලුවන් නඩු දාන්න.