ඩැක්ස්හන්ඩ්~Dachshund

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඩැක්ස්හන්ඩ්~Dachshund

    coat-3_680-453-1.jpg


    අද මම මේ ත්‍රේඩ් එකෙන් කියන්නේ ලන්කාවේ ගොඩාක් දෙනෙක් ඩෑශ්හන්ඩ් කියලා හදුන්වන ඩැක්ස්හන්ඩ් බල්ලෝ ගැනයි.
    ජිවිතේ පලවෙනි පාර බල්ලෝ හදන කෙනෙක්ට මෙයාලව බය නැතුව හදන්න පුලුවන් හුරතලේට සහ ආරක්ශාවට කිසි ප්‍රශ්ණයක් නැතුව.
    ගෙදර පොඩි ලමයි එහෙම ඉන්නවානම් කිසි ප්‍රශ්ණයක් නෑ මෙයාලා හැදුවා කියලා මොකද කිව්වොත් මේ අය ආසයි පොඩි උන් එක්ක දගලන්න.
    කොටයි , දිගයි නිසා පොඩි ලමයිනුත් ආසයි මෙයාලා එක්ක දගලන්න.
    ඩැක්ස්හන්ඩ් කියන්නේ සීතලට වඩා රස්නේ හදන්න පුලුවන් බල්ලෙක්.
    අපේ රටේ ප්‍රසිද්ධ බල්ලෝ ජාතියක් තමා මෙයාලා.
    මෙයාලට සමහර අය සොසෙජ් ඩෝග් කියලා කියනවා සොසේජස් කරලක් වගේ පෙනුමක් මෙයාලට තියන නිසා.
    :lol::lol::lol::lol::lol::lol:
    සොසේජස් කිව්වේ කලිසම ඇතුලේ එහෙම තියන සොසේජස් එක නෙවෙයි හොදේ.
    ඩැක්ස්හන්ඩ් අයව ඉස්සර හැදුවේ දඩයම් කරන්න , ඒත් දැන් නම් මෙයාලව ගොඩක් වෙලාවට හදන්නේ හුරතලේට.

    p16scl1kn41tb11rfo1sbd73j2e54.jpg


    අපි යමු දැන් මෙයාලගේ ඉතිහාසේ දිහාවට.
    ඈස් යුශුවල් ජර්මන් කියන්නේ පට්ට රටක්.
    ඩැක්ස්හන්ඩ් අය ආවේ ජර්මනියෙන්.
    15 සියවසේ ඩොටේ කාලේදි ගොවියන්ට පට්ට කරදරයක් තිබ්බා බැජර් කියලා පොලොව හාරන සත්තු ජාතියකින්.
    ඒ සත්තු ජීවත් උනේ පොලොව යට ගුහා වගේ අයිටම් එකක් හාරගෙන.
    ගොවියන්ට හිච්චි ගුහා ඇතුලට රින්ගන්න බැරි නිසා ගොවියෝ දුන්නා වැඩක් බැජර්ලාට.
    වැඩේ දුන්නේ ඩැක්ස්හන්ඩ් බල්ලන්ගෙන්.
    බැජර් කියන සත්තු මර්දනය කරන්න තමා ගොවියෝ ඩැක්ස්හන්ඩ් බ්‍රීඩ් එක හැදුවේ.
    පොලොවේ වලවල් හාරන් ඉන්න හාවෝ , නරීන්ව දඩයම් කරන්නත් මේ අයව යොදාගත්තේ පස්සේ.

    බැජර්.
    Badger.

    Badger-580731.jpg


    ඩැක්ස්හන්ඩ් අයව හදන්න පාවිච්චි කරපු බ්‍රීඩ්ස් හරියටම කොහෙවත් සදහනක් නම් නෑ.
    මෙන්න මේ අයව එකතු කරලා ඩැක්ස්හන්ඩ් අයව හැදුවා කියලා තමා ගොඩක් අය සැක කරන්නේ.
    බ්‍රාක් ෆ්‍රැන්සීස්,ජර්මන් පින්චර්,ප්‍රේග් රැටර්,බැසට් හවුන්ඩ්.

    බ්‍රාක් ෆ්‍රැන්සීස්.
    Braques français.

    0805_braque_francais_text.jpg



    ජර්මන් පින්චර්.
    German Pinscher.

    file_22922_german-pinscher-460x290.jpg


    ප්‍රේග් රැටර්.
    Prague Ratter.

    518de4550bdc9b4a61ec7709530afa2d.jpg


    බැසට් හවුන්ඩ්.
    Basset Hound.

    Cara_de_quem_caiu_do_caminh%C3%A3o..._(cropped).jpg


    මාර සෙට් එකක් එකතු කරලානේ ඩැක්ස්හන්ඩ් අයව හදලා තියෙන්නේ?

    අපි දැන් මෙයාලගේ වැඩිපුර මෙව්වා විස්තර ටිකක් බලමු.

    dachshund_organs2.jpg


    f716a8aa7f8dd2f2292f97164ac35694.jpg


    ඩැක්ස්හන්ඩ් අය සයිස් එකට වඩා ලොකු වැඩ කරන්න ආස අය.
    මෙයාලා කැමති නෑ අදුරන්නේ නැති අය පැත්ත පලාතේ එනවට.
    අදුරන්නේ නැති කෙනෙක් එහෙම ආවොත් ෆුල් ට්‍රයි එක දෙනවා ඒ කෙනාව හපන්න.
    පොඩි සද්දයක් ඇහුනත් බුරනවා මේ අය.
    ඒ නිසා තමා මෙයලාව ආරක්ශාවට හදන්නේ.
    මෙයාලගේ ෆර් එකේ ජාති තුනක් තියනවා.
    ශෝර්ට් ෆර් , වයර්ඩ් ෆර් , ලෝන්ග් ෆර් කියලා.
    අපේ රටේ නම් ගොඩක්ම ඉන්නේ ශෝර්ට් ෆර් එකේ අය.
    ශෝර්ට් ෆර් එකෙක් නම් එච්චර අව්ලක් වෙන්නේ නෑ ෆර් එක මේන්ටේන් කරන්න ඒත් අනිත් ෆර් ජාති දෙකෙන් එකක එකෙක් නම් ඉතින් ෆර් මේන්ටේනින් වලට මහන්සි වෙන්නම වෙනවා.

    ශෝර්ට් ෆර්.
    Short Fur.

    12481-004-0073F7F1.jpg


    වයර්ඩ් ෆර්.
    Wired Fur.

    wire-haired.jpg


    ලෝන්ග් ෆර්.
    Long Fur.

    2495_album.jpg


    ඩැක්ස්හන්ඩ් අය ආසයි පොඩි පොඩි සත්තු පස්සේ යන්න , අහක යන වලි දාගන්න , හිතුවක්කාර වැඩ කරන්න .
    ඒ නිසා මෙයාලව පොඩි කාලේ ඉදන් සෝශල් කරලා , හොදට ට්‍රේන් කරලා හදන්න ඕන.
    මෙයාලා ගොඩක් මහත් වෙන්න හදනවා.
    ඒ නිසා හොදට එක්සර්සයිස් දීලා තියාගත්තාම සතාට ගොඩක් හොදයි.

    අපි මෙයාලගේ පොඩි කාලේට යමු දැන්.

    dachshund-puppies-04.jpg


    ඩැක්ස්හන්ඩ් හොද පොඩි පැටියෙක්ව ගන්න පුලුවන් අපේ රටේදි රු.10000.00 - රු.20000.00 අතර ගානකට.
    පොඩි කාලේ ඉදන් හිතුවක්කාර දේවල් කරන්න බලන නිසා මෙයාලට ට්‍රේනින් කියන දේ හොදට දෙන්න ඕන.
    හොද මොලයක් තිබ්බත් , හිතුවක්කාර දේවල් කරන්න හදන නිසා මෙයාලව ට්‍රේන් කරන්න නම් අමාරු වෙනවා.
    හොද ඉවසීමක් තියෙන්න ඕන මෙයාලව ට්‍රේන් කරද්දි අපිට.

    dachshund_dog_Baby_Shower_Thank_You_Note.gif


    ඔන්න ඔහොම හුරතලයක් දාලා මම ත්‍රේඩ් එක අවසන් කරනවා.
    හුරතලේට , ආරක්ශාවට , පොඩි උන් ඉන්න ගෙදරකට ඩැක්ස්හන්ඩ් කියන්නේ හොද බ්‍රීඩ් එකක් .

    මම මේ ත්‍රේඩ් එක දැම්මේ කිරියේ සමාජිකයෙක් ඩැක්ස්හන්ඩ් ගැන ත්‍රේඩ් එකක් දාන්න කිව්ව නිසයි.
    ඔන්න ඒ ආසාව ඉශ්ට කරමින් මම ත්‍රේඩ් එකක් දැම්මා.
    මේක දැම්මේ කාටහරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් කියන චේතනාවෙන්.
    කියවලා අනිවා කමෙන්ට් එකක් දාලා යන්න.
    උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්‍රේඩ්ස් දාන්නේ.
    කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.
    ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ.
    දරුණු වෝනින් එකක් දෙන්නේ මම.
    එහෙනම් ජය වේවා.

    කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්‍රීඩ් එකක බල්ලෙක් ගන්න එපා.
    ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක.
    වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න.
    දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා.
    ත්‍රේඩ් එකේ අන්තිමට මම කලින් දාපු බල්ලන්ගේ ත්‍රේඩ්ස් වල ලින්ක්ස් දාන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා.
    මෙන්න ඒ අය වෙනුවෙන්.

    ජර්මන්~ශෙපර්ඩ්~GSD

    http://www.elakiri.com/forum/showthread.php?t=1751792

    Siberian~හස්කි

    http://www.elakiri.com/forum/showthread.php?t=1752550

    ලැබ්‍රඩෝර්~රිට්‍රීවර්

    http://www.elakiri.com/forum/showthread.php?t=1752224

    රොට්වයලර්~Rottweiler

    http://www.elakiri.com/forum/showthread.php?t=1752872

    බීගල්~Beagle

    http://www.elakiri.com/forum/showthread.php?t=1753046

    ඩොබමන්~Doberman

    http://www.elakiri.com/forum/showthread.php?t=1753466

    බුල්_මස්ටිෆ්~Bullmastiff

    http://www.elakiri.com/forum/showthread.php?t=1753706

    ගෝල්ඩන්~රිට්‍රීවර්_Golden Retriever

    http://www.elakiri.com/forum/showthread.php?t=1754176

    රිඩ්ජ්බැක්~Ridgeback

    http://www.elakiri.com/forum/showthread.php?t=1754396

    පොමරේනියන්~Pomeranian

    http://www.elakiri.com/forum/showthread.php?t=1755102

    ග්‍රේට්~ඩේන්_Great Dane

    http://www.elakiri.com/forum/showthread.php?t=1756192

    ෆොක්ස්~ටෙරියර්_Fox Terrier

    http://www.elakiri.com/forum/showthread.php?t=1756877

    බෝඩර්~කොලි_Border Collie

    http://www.elakiri.com/forum/showthread.php?p=20566374#post20566374

    බල්ලෝ~හදමු

    http://www.elakiri.com/forum/showthread.php?t=1755472

    German Shepherd~මම

    http://www.elakiri.com/forum/showthread.php?t=1747894

    බල්ලන්ගේ~ලෝම

    http://www.elakiri.com/forum/showthread.php?t=1749600

    බල්ලට~බෙහෙත්

    http://www.elakiri.com/forum/showthread.php?t=1750772

    හපන~බල්ලෝ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1751116






     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Nice thread.meyala hari shok bauwo.patta mathakayak thiyenne.mage yaluwekge gedara ekek hitiya.eka sarayak man ehe giye 5 years walata withara passe.man tak gala mawa aduna gaththa.passe ithin idala iwarai.eya 2 years walata kalin nathi una:(:(:(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Nice thread.meyala hari shok bauwo.patta mathakayak thiyenne.mage yaluwekge gedara ekek hitiya.eka sarayak man ehe giye 5 years walata withara passe.man tak gala mawa aduna gaththa.passe ithin idala iwarai.eya 2 years walata kalin nathi una:(:(:(

    :love::love::love::love::love:

    පික් එකක් සෙට් කරන් දාපන් පුලුවන්නම් උබේ යාලුවාගෙන් ඉල්ලන්.
    ඌ හොද ආත්මෙක ඇති මචන් දැන්.

     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අපේ නෑ කෙනෙක්ගෙ ගෙදර එක්කෙනෙක් ඉන්නවා. :yes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    මම දැකල තියෙනවා මුන්ගේ පවුලක්ම, දිගන Victoria golf club එකේ ඉන්න සුද්දෙක් තමා අයිතිකාරයා. සුද්දයි සුද්දියි උදේ walk එක යන්නේ මුළු බලු පවුලම එක්ක. අම්මයි, තාත්තයි, පැටව් 4 දෙනෙක් ඉන්නේ. දම්වැල් මොකුත් දාන්නේ නෑ. සුද්දයි සුද්දියි ඉස්සරහින් ඔක්කොම යනවා ඒ දෙන්නා එනවද බලබල. මාර ආසයි එහෙම දකිද්දී. පැටව් 4 දෙනා එහෙමෙහෙ යන්නගත්තොත් අම්මයි තාත්තායි පාර හරස් කරලා නවත්තනවා. මරු සීන් එක උදේම දකිද්දී.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම දැකල තියෙනවා මුන්ගේ පවුලක්ම, දිගන Victoria golf club එකේ ඉන්න සුද්දෙක් තමා අයිතිකාරයා. සුද්දයි සුද්දියි උදේ walk එක යන්නේ මුළු බලු පවුලම එක්ක. අම්මයි, තාත්තයි, පැටව් 4 දෙනෙක් ඉන්නේ. දම්වැල් මොකුත් දාන්නේ නෑ. සුද්දයි සුද්දියි ඉස්සරහින් ඔක්කොම යනවා ඒ දෙන්නා එනවද බලබල. මාර ආසයි එහෙම දකිද්දී. පැටව් 4 දෙනා එහෙමෙහෙ යන්නගත්තොත් අම්මයි තාත්තායි පාර හරස් කරලා නවත්තනවා. මරු සීන් එක උදේම දකිද්දී.

    හොදට ට්‍රේන් කරලා තියනවා උන්ව.
    පොටෝ කෑල්ලක් ගහගන්න පුලුවන්නම් ගහලා දාපන්.

     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    හොදට ට්‍රේන් කරලා තියනවා උන්ව.
    පොටෝ කෑල්ලක් ගහගන්න පුලුවන්නම් ගහලා දාපන්.

    ඔව්, උන් හොදට ට්‍රේන් කරලා ඇති. ඔය සිද්දිය දැකල දැන් අවුරුදු 3ටත් වැඩියි. දැන් ඒ පැත්තේ යැවෙන්නේ නෑ බන්. උන් දැන් ඉන්නවද දන්නේ නෑ. ඔය වික්ටෝරියා ගොල්ෆ් ක්ලබ් එකේ ඉන්නේ ඔක්කොමවගේ සුද්දෝ එක එක රටවල්වලින් මෙහෙ පදිංචියට ආපු. එහෙදි තමා මම ඩෝග් බ්‍රීඩ් ගොඩක්ම දැක්කේ. සමහරවිට උන් රටින් මෙහෙට ගේනවා ඇති. ඒ වගේමයි දන්වැල් නැතුව උන්ව ගෙනියනවා. අශ්වයෝ පිටෙත් සුද්දෝ යනවා ඒක ඇතුලේ, එත් බල්ලෝ බුරාගෙන යන්නේ නෑ. සුද්දෝ හොදට ට්‍රේන් කරලා ඇති.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,357
    1,312
    113
    Malabe
    හම්මේ ඉතින් මේ ත්‍රෙඩ් එක එනකම්ම හිටියා... රෙප් දෙන්න බෑලු..
     
    • Like
    Reactions: akilar25

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    උබ වින්ඩොව්ස් වලට වඩා බල්ලෝ ගැන ලියන්න තමා හොද .... මොකද වින්ඩොව්ස් වලට බහුතරයක් කැමති නැ .. ඒ කැමති නැති අයත් බල්ලන්ට කැමති ;)

    එල එල . තව දාමු



    උබගේ ත්‍රෙඩ් ටික මගේ බ්ලොග් එකේ දානවා ... කතෘ අයිතියත් සමග ..... අවුලක් නැනේ :cool:
     

    dileeparanasingha

    Junior member
  • Mar 20, 2007
    38
    2
    8
    තැන්ක්ස් මචන් විස්තර වලට. අපි ඉල්ලුවා උනත් උඹගේ කාලය වියදම් කරලා මහන්සි වෙලා හැදුවට තැන්ක්ස්. මමත් හදන්න ඉන්නේ මෙයින් කෙනක් තමයි :)