ඊයේ දිනයේ ක්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපරි තුන් ඉරියවු ක්‍රිඩක ඊයේ තරඟය අවසානයේ ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවක් පැවැත්වීය.
තමන් නායකත්වය දරු කාලයේදී ඇතැම් ක්‍රීඩකයන්ගෙන් මෙන්ම පුහුණුකරුවන්ගෙන් සහායක් නොලැබුනේ යයිද කී දිල්ෂාන් තමන් නායකත්වය දැරු වසරක පමණ කාලයක් පුරා පන්දු යැවීමට නොහැකි ලෙස පැවති ඇන්ජලෝ මැතිවුස්ගේ කොන්දේ අමාරුව තමන් නායක්තවයෙන් හිටි හැටියේ ඉවත් කල පසු එක්වරම සුව වූ බවද කියා සිටියේය.
තමන් ආබාදයට ලක් වූ පසු නායකත්වය බාර ගන්නා ලෙස හිටපු නායකයන්ගෙන් ඉල්ලා සිටියද ඔවුන් එය සිදු නොකල බවටද චෝදනා කල දිල්ෂාන් ‘යටගිය දේවල් යට ගියාවේ. උඩ බලාගෙන කෙල ගැහුවොත් මූනටමයි වැටෙන්නේ’ කීය.
ඒ වන විට කණ්ඩායමේ ත්රීඩා කල හිටපු නායකයන් වූයේ කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධනයි.






