අනිත්‍ය සඤ්ඤාව අග්‍රම කුසලයද

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    අනිත්‍ය සඤ්ඤාව අග්‍රම කුසලයද

    සියලුම දානයන්ට (සම්මා සම්බුදුජාණන් වහන්සේට පූජා කරන දානයටත් වඩා ) වඩා අනිත්‍ය සඤ්ඤාව කුසලයක් වේද?
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    පින්වත් asliyanage,

    පහත දක්වා ඇති සූත්‍ර දෙක කියවා බලන්න.

    1. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ මහා වර්ගයේ මග්ග සංයුක්තයේ අප්‌පමාද වර්ගයේ තථාගත සූත්‍රය [ තථාගත සූත්‍රය - http://thripitaka.org/view/sp/sp11p1/126 ]

    "මහණෙනි, පා නැත්තා වූ ද දෙපා ඇත්තා වූ ද සිවුපා ඇත්තා වූ ද බොහෝ පා ඇත්තා වූ ද රූ ඇත්තා වූ ද රූ නැත්තා වූ ද සඤ්ඤා ඇත්තා වූ ද සඤ්ඤා නැත්තා වූ ද නේවසඤ්ඤිනාසඤ්ඤි වූ ද යම්තාක් සත්ත්වයෝ වෙද්ද තථාගත වූ අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. ..."

    2. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ නවක නිපාතයේ සීහනාද වර්ගයේ වෙලාම සූත්‍රය [ වෙලාම සූත්‍රය - http://thripitaka.org/view/sp/sp16/456 ]

    "...
    ගැහැවිය, වේලාම බමුණු මහාදාන නම් යම් දනක් දිනි නම් යමෙකුත් දිට්ඨිසම්පන්නයකු වළඳවා නම්, යමෙකුත් සියක් දිට්ඨිසම්පන්නයන් වළඳවා නම්, යමෙකුත් එක් සකෘදාගාමියකු වළඳවා නම්, යමෙකුත් සියක් සකෘදාගාමීන් වළඳවා නම්, යමෙකුත් එක් අනාගාමියකු වළඳවා නම්, යමෙකුත් සියක් අනාගාමීන් වළඳවා නම්, යමෙකුත් එක් රහතකු වළඳවා නම්, යමෙකුත් සියක් රහතුන් වළඳවා නම්, යමෙකුත් එක් පසේ බුදු කෙනෙකුන් වළඳවා නම්, යමෙකුත් සියක් පසේබුදුකෙනෙකුන් වළඳවා නම්, යමෙකුත් තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වළඳවා නම්, යමෙකුත් බුදුපාමොක් බික්සඟුන් වළඳවා නම්, යමෙකුත් සිවුදිග්හි සඟුන් උදෙසා වෙහෙරක් කරවා නම්, යමෙකුත් පහන් සිතැතියේ බුදුන් දහම් සඟුන් සරණ යේ නම්, යමෙකුත් පහන් සිතැතියේ පණිවායෙන් දුරුවීම ය … මඳ පමා දෙකට කරුණු රහමෙරින් දුරුවීමය යන සිකපද සමාදන් වේ නම්, යමෙකුත් යටත් පිරිසෙයින් ගඳ සුඹුනා පමණ කලකුත් මෙත් සිත් වඩා නම් යමෙකුත් අසුරුසන් ගසන පමණ කලකුත් අනිත්‍ය සංඥා වඩා නම් මේ එයට මහත්ඵලතර යි."

    Skylark

    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,170
    874
    113
    සයිබරේ තමා

    ඒ කියන්නේ අනිත්‍ය සංඥා වඩන එක උසස්ම කුසලයද??
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    වේලාම සූත්‍රයෙ තියෙනව, අනිත්ය වඩන එක තම්යි උපරිම කුසලය. ඊට පහලින් තියෙන්න මෛත්‍රී භාවනාව
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අනිච්ච පිලිබඳව මිතුරෙකු විසින් කල පැහැදිලිකිරීමක්

    "අනිච්ච දුක්ඛ විපරිනාම ධම්ම_____

    මා දුටුවා එක පිටුවක බුදුන් වහන්සෙට අපහාස කිරිමේ අදහසින් "සියල්ල ස්තිර නැ"කියා බුදුන් දෙශනා කලා, නමුත් "සියල්ල ස්තිර නැතනම් " එ දෙශනා කල "සියල්ල ස්තිරනැ " කියු දෙ "ස්තිර" වුනේ කෙසෙද කියා අපහාසාත්මකව අසා තිබුනා!
    (අන්‍යගමික මහතෙකු)

    අනිච්ච යන්නෙහි අර්තය නිසා මේ ගැටලුව පැන නැගි තිබෙනව

    _____.බුදුන් වහන්සෙ දෙශනා කලෙ සබ්බෙ සංකාරා අනිච්චාති කියායා.අනිච්ච යන මාගදි බුද්ද වචනයට පදපරමව අනිත්‍ය ( ස්තිර නැ) කියා පරිවර්තනය කිරිම තුල පැන නැගි ඇති ගැටලුවක් මිස මෙය බුද්ද දෙශනයෙ අඩුපාඩුවක් නොවෙ කියා පැහැදිලිව කිය යුතුය .

    _____බුදු දහම බබයක් පමන වු සරිරය තුල ඇති නොදුටු දෙ විග්‍රහ කර පෙන්වා දෙන දහමකි .අනිච්චතාවය ඇතිවන්නෙ සිතක මිස බාහිර වස්තුවල නොවෙ.මේ කතා කරන්නෙ තම තමන්ගෙ සිතෙ කැමැත්තෙන්ම හදාගෙන ඇති සිතුවිල්ලක් ගැනය.බාහිර ලොකය තුල ඇති සියලු දෙ කැඩිබිදි යාම ,විනාසයට පත්විම කිසිවෙකුට වැලක්විය නොහැක.එවා නානාභාවයට පත්වෙ.

    නමුත්
    මිනිස් සිතක තමන්ටම ආවෙනික වු කැමැත්තක් බාහිර දේවල පිලිබදව සාදාගෙන සිටි . එ කැමැත්ත තදින් අල්ලාගෙන සිටි.ඒ කැමැත්තට සිදුවන තෙක් සුවයක් විදින මුත් ඒ කැමැත්ත දිගටම පවත්වා ගැනිමට දුක් වෙති.එ නිසාම දුක පවත්වාගෙන යති. තවත් ආකාරයකින් අට්ටියති,හරායති,ජිගුජ්ජති යන්නෙන් අනිච්ච පෙලිම ලෙසද පෙන්වා දී ඇත.තමන් කැමැත්තෙන් යමක් අල්ලා ගත්තද එකැමත්තට එය පවත්වා ගන්නට පෙලෙයි .විදවයි.

    ___ත්‍රිපිටකයෙ අනියත,අදුව ලෙස ස්තිර නැත යන්න විග්‍රහ කර ඇත.අනිච්ච යනු අනිත්‍ය ලෙස පෙන්වන්නට පෙල දහමෙ හෝ අටුවාවක හො නැත.

    _____අරහතුන් වහන්සේ පන්චස් කන්දය උපාදානය කරගෙන නැත.උපාදානයක් කරගන්නෙ බැදිමකිනි.බැදෙන්නෙ කැමති දෙට ප්‍රිය ලෙස අකමැති දෙට අප්‍රියව හො එ අතර මැනිමෙනි.කැමත්තෙන් දෙයක් බැදි උපාදානයක් නොමැති කල තමන්ට උවමනා ලෙසට පංචස්කන්දය හසුරවන්නට යාමක් නැත.ඇත්තෙ පංචස්කන්ද ය පරිහරනයක් පමනි . කැමැත්තට ඇලිමක්,ගැටිමක්,මැනිමක් නැත.

    ______බාහිර දෙ සියල්ල එක එක අයුරින් එක එක අකාරයට විපරිනාමයට,නානාභාවයට,විනාභාවයට පත්වේ.ඒදේ වල් ස්තිර නැත.බැලිය යුත්තෙ තම සිතයි.එ සිතෙ බාහිර දේවල් පිලිබදව ඇති ආකල්පයයි.ඒ බාහිර වස්තුන් සිතින් කැමැතිලෙස පාලනය කරන්න යාම දැකිය යුතුය .මක්නිසාද සිත පිරිසිදු වු කල දුකෙන් මිදිය හැක.අනිච්ච දැකිය යුත්තෙ බාහිර වස්තුවල නෙමෙ .තමන්ගෙ සිත බාහිර වස්තු කැමති ලෙස (සංකාර)අල්ලාගෙන (උපාදානය) අල්ලාගත් දේ එලෙසම (නිච්ච) ලෙස පවත්වාගෙන යමට ගන්න ගන්නාවු වැඩ පිලිවෙලය.

    ___තම සිතින් කැමැත්තෙන් අල්ලාගත් සියල්ල තම කැමැත්තට හැසිරිය නොහැකි බව " සබ්බෙ සංකාරා අනිච්චති "ලෙස බුද්ද දෙශනය මගින්පෙන්වා දි ඇත. බුදුවරයකු පහල වන්නෙද අනිච්ච -දුක්ඛ-අනත්ත පෙන්වා දෙන්නටය.ස්තිර නැති බව සියලු දෙනා දන්නාමුත බුද්ද දෙශනයෙ සදහන් "අනිච්ච "තෙරුම් ගත හැකි වන්නෙ සුතවත් අරිය සාවකයෙකුට පමනි.

    __ ඉතා කෙටියෙන් මෙසෙ ලිවද ,විග්‍රහ කර අවසන් කල නොහැකි දෙයකි ."අනිච්ච"මෙය තර්කයක් සදහා නොව වැරදියට දහම විග්‍රහ කිරිම නිසා තර්කවාදින් නොදැන තර්ක කිරිමට පිලිතුරක් ලෙසය .දර්මය අතක්කාවචරය .බුදුවරයෙක් දෙශනා කරන දහම කිසිවෙකුට වෙනස් කල නොහැක.සත්‍ය වැටහේවා___"

    https://web.facebook.com/ranga.wijesinghe1978?pnref=friends.search
     
    • Like
    Reactions: DemonAkalanka

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඒ කියන්නේ අනිත්‍ය සංඥා වඩන එක උසස්ම කුසලයද??

    පින්වත් thalia,

    පෙර දක්වන ලද තථාගත සූත්‍රයට අනුව උසස්ම කුසලය ලෙස සලකන්න වෙන්නේ අප්‍රමාදය.

    තථාගත සූත්‍රය සහ වෙලාම සූත්‍රය යන සූත්‍ර දෙකම විමසුවොත් අනිත්‍ය සංඥා වැඩිම අප්‍රමාදය මුල් කොට ඇත, අප්‍රමාදය සමග පවතියී ලෙස සහ එවිටත් අප්‍රමාදය අග්‍ර වේ යැයි පවසන්න පුළුවන්.

    වෙලාම සූත්‍රයේ ඇති කරුණු අනුව පහත ඇති දෑ කියන්න පුළුවන්:

    යමෙකු සිවුදිග්හි සඟුන් උදෙසා වෙහෙරක් කරවා නම් එය බුදුපාමොක් බික්සඟුන් වැළඳවීමටත් වඩා මහත්ඵලතර වේ.

    යමෙකු පහන් සිතැතියේ බුදුන් දහම් සඟුන් සරණ යයි නම් එය බුදුපාමොක් බික්සඟුන් වැළඳවීමටත් වඩා මහත්ඵලතර වේ.

    යමෙකු පහන් සිතැතියේ පංච සිකපද සමාදන් වේ නම් එය බුදුපාමොක් බික්සඟුන් වැළඳවීමටත් වඩා මහත්ඵලතර වේ.

    යමෙකු යටත් පිරිසෙයින් ගඳ සුඹුනා පමණ කලකුත් මෙත් සිත් වඩා නම් එය බුදුපාමොක් බික්සඟුන් වැළඳවීමටත් වඩා මහත්ඵලතර වේ.

    යමෙකු අසුරුසන් ගසන පමණ කලකුත් අනිත්‍ය සංඥා වඩා නම් එය බුදුපාමොක් බික්සඟුන් වැළඳවීමටත් වඩා මහත්ඵලතර වේ.

    ඉහත ආකාරයට ඒ ඒ දක්වා ඇති කාරණා වෙලාම සූත්‍රයට අනුව ගලපන්න පුළුවන්. ඉහත ආකාරයේ අර්ථ දැක භික්ෂූන් වහන්සේලාට දානේ දීමත් පැත්තකින් තියා, අන් කුසලයන්හිත් නොයෙදී අනිත්‍ය සංඥා වැඩීම පමණක් කල යුතු යැයි ගිහි පිරිස් හිතනවානම් ඒක ධර්මයට ගැලපෙන අදහසක් නොවෙයි. ගිහි පිරිස් එහෙම කලොත් සම්බුද්ධ සාසනයත් නැතිවෙලා යනවා.

    තමන්ගේත් අන් අයගේත් අභිවෘද්ධිය පිණිස ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට දානය දීම, වෙහෙර කිරීම ආදිය කිරීම දෙපසටම වැඩදායකයි. ගිහියන් විසින් තමනුත් බුදුන්, දහම්, සඟුන් සරණ යෑම දෙපසටම වැඩදායකයි. ගිහියන් විසින් තමනුත් සීලය වැඩීම දෙපසටම වැඩදායකයි. ගිහියන් විසින් තමනුත් මෙත් සිත් වැඩීම දෙපසටම වැඩදායකයි. ගිහියන් විසින් තමනුත් අනිත්‍ය සංඥා වැඩීම දෙපසටම වැඩදායකයි.

    ගිහියන් විසිනුත් සංඝයා විසිනුත් තම තමන්ගේ අභිවෘද්ධියට ක්‍රියා කරන ගමන් අනෙක් පාර්ශවයට සිදුවිය යුතු කටයුතු ඉටු කලොත් එය දෙපාර්ශවයටම වැඩ දායකයි, දෙපාර්ශවයේම අභිවෘද්ධිය පිණිස හේතු වෙනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ පාථික වර්ගයේ සිගාලක සූත්‍රයේ [ සිගාලක සූත්‍රය - http://thripitaka.org/view/sp/sp3/304 ] මෙසේ සඳහන්:

    "16. ගැහැවි පුත, කරුණු පසෙකින් කුලපුතු විසින් උපරිම දිශාසංඛ්‍යාත මහණ බමුණෝ උවටන් කළ යුතු හ: මෛත්‍රී සහගත කායකර්මයෙන්, මෛත්‍රී සහගත වාක්කර්මයෙන්, මෛත්‍රී සහගත මනඃකර්මයෙන්, නො වැසූ දොර ඇති බැවින්, ආහාරපාන සැපයීමෙන් යන පසිනි. ගැහැවිපුත, මේ පස් කරුණින් කුලපුතු විසින් උඩ දිසාව යැ යි කියන ලද මහණ බමුණෝ උපස්ථිත වූවාහු, කරුණු සයෙකින් කුලපුතුට අනුග්‍රහ කෙරෙත්: පවින් වළකාලත්, පිණෙහි යොදාලත්, කලන සිතින් අනුග්‍රහ කෙරෙත්, නො ඇසූ විරූ දහම් අස්වත්, අසා ඇති දහම් (සැක දුරැලැවීමෙන්) පිරිසිදු කරවත්, සුගතියට මඟ කියත්. ගැහැවිපුත, මේ කරුණු සයින් කුලපුතු විසින් උපරිම දිශාසංඛ්‍යාත මහණ බමුණෝ උවටන් කරන ලද්දාහු, මේ කරුණු සයින් කුපුතුට අනුග්‍රහ කෙරෙත්. මෙසේ ඔහු විසින් මේ උඩ දෙස නිරපද්‍රැත කොට, ප්‍රතිභය රහිත කොට, හවුරන ලද්දේ වෙයි."

    Skylark
     
    • Like
    Reactions: thalia

    tfs
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අනිච්ච, දුක්ඛ, අනත්ත යන වචන වල අර්ථයන් වැරදවීම

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අනිච්ච, දුක්ඛ, අනත්ත යන වචන වල අර්ථයන් වැරදවීම:

    http://www.trekmentor.com/si/content/book/665

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ගැන මුල් පිටුව:
    http://www.trekmentor.com/si/content/sanga/539

    Skylark
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අනිච්ච, දුක්ඛ, අනත්ත යන වචන වල අර්ථයන් වැරදවීම

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අනිච්ච, දුක්ඛ, අනත්ත යන වචන වල අර්ථයන් වැරදවීම:

    http://www.trekmentor.com/si/content/book/665

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ගැන මුල් පිටුව:
    http://www.trekmentor.com/si/content/sanga/539

    Skylark

    දහම ඇත්තේ නිවන් දැකීම පිණිසය.පදපරම වීමට නොවේ....

    14100380_632435923592443_3550188879758635031_n.jpg
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අනිච්ච, දුක්ඛ, අනත්ත යන වචන වල අර්ථයන් වැරදවීම

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අනිච්ච, දුක්ඛ, අනත්ත යන වචන වල අර්ථයන් වැරදවීම:

    http://www.trekmentor.com/si/content/book/665

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ගැන මුල් පිටුව:
    http://www.trekmentor.com/si/content/sanga/539

    Skylark

    සාදූ, සාදූ. සැබෑ බුද්ධ ධර්මයම බැබලේවා!
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    සියලුම දානයන්ට (සම්මා සම්බුදුජාණන් වහන්සේට පූජා කරන දානයටත් වඩා ) වඩා අනිත්‍ය සඤ්ඤාව කුසලයක් වේද?

    ඔතන බලන්න ඕන දෙවිදිහකට.

    අනිත්‍ය සඤ්ඤාව වඩන එක කරගන්න පුළුවන් ලොකුම කුසලයක්.

    සම්මා සම්බුදුජාණන් වහන්සේට දානය පූජා කරන එක කරගන්න පුළුවන් ලොකුම පිනක්.

    දෙක එකකට එකක් සසදන්න බෑ.

    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    දහම ඇත්තේ නිවන් දැකීම පිණිසය.පදපරම වීමට නොවේ....

    14100380_632435923592443_3550188879758635031_n.jpg

    :lol::lol::yes::yes:

    පදපරම කරගත්ත කෙනත් මෙතැනදී පදවරද්දාගෙන තියනව.
    "පින්වත් thalia,
    පෙර දක්වන ලද තථාගත සූත්‍රයට අනුව උසස්ම කුසලය ලෙස සලකන්න වෙන්නේ අප්‍රමාදය."

    අප්‍රමාදය කියන්නෙ කුසල් සිතක් කියල ඇහුවමයි මේ.:lol:
    එහෙනම් අප්‍රමාදව පවු කලත් කුසල් සිත් ඇති වෙනව ඇති නේද?:lol:
    අප්‍රමාදය මෙනෙහි කරල නිවන් දකින්න පුළුවන් ඇති නේද?:lol:
    නිකම්ම නිකන් කුසලයකුත් නෙමෙයි, අප්‍රමාදය පරම කුසලය කරල, අපේ මේ Skylark.:lol:

    Skylark ම දාපු සුත්‍ර කොටස මේ.

    "මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. ..."

    මෙතනින් අප්‍රමාදය කුසලයක් කියල කියවෙනවද?
    මෙතන කියන්නෙ අප්‍රමාදව කුසල් දහම් කරගන්න ඕන කියල.
    ඒක නිසා කුසලය අප්‍රමාදය සමග එක්ව වෙන්න ඕන කියල.
    ඒක නිසා කුසලයට පෙර අප්‍රමාදය විය යුතුයි කියල.

    පද වලට කොටු උනාම, කොච්චර පණ්ඩිතයෙක් උනත් මෙහෙම වැරදි වැටහීම් ගන්නව.:(

    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    kusalayk nemii neda. eka samma dittiya. anithya awaabodayen kusal wadanna puluwan

    පින්වත් nimeshkd,

    සම්මාදිට්ඨියත් කුසලයක් ලෙසයි සැලකෙන්නේ.

    උදාහරණයකට ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ මහා වර්ගයේ මග්ග සංයුක්තයේ මිච්‌ඡත්‌ත වර්ගයේ අකුසලධම්‌ම සූත්‍රය [ අකුසලධම්‌ම සූත්‍රය - http://thripitaka.org/view/sp/sp11p1/58 ] බලන්න. එහි මෙසේ තිබෙනවා:

    "... මහණෙනි, කුසල්දහම් කවරෙ යත්: සම්මාදිට්ඨි සම්මසඞ්කප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජිව සම්මාවායාම සම්මාසති සම්මාසමාධි යි. මහණෙනි, මොහු කුසල්දහම්හු යයි කියනු ලැබෙත් යි."

    Skylark
     
    Jul 5, 2012
    1,773
    265
    0
    පින්වත් thalia,

    පෙර දක්වන ලද තථාගත සූත්‍රයට අනුව උසස්ම කුසලය ලෙස සලකන්න වෙන්නේ අප්‍රමාදය.

    තථාගත සූත්‍රය සහ වෙලාම සූත්‍රය යන සූත්‍ර දෙකම විමසුවොත් අනිත්‍ය සංඥා වැඩිම අප්‍රමාදය මුල් කොට ඇත, අප්‍රමාදය සමග පවතියී ලෙස සහ එවිටත් අප්‍රමාදය අග්‍ර වේ යැයි පවසන්න පුළුවන්.

    Skylark

    ස්කයිලාක් ඔබට බොහෝ පිං, මේ කරුන නිවැරදිව ගෙනැ හැර දැක්වූවාට. අප්‍රමාදය මයි උතුම්ම කුසලය. මමත් මෙච්චර කල් සිතා සිටියේ වේලාම සූත්‍රය අනුව යමින් අනිච්ච සංඥාව වැඩීමයි උතුම්ම කුසලය කියා.

    අප්පමාද අග්ගක්ඛාන සූත්‍රය

    ’’මහණෙනි, පා නැති හෝ, දෙපා ඇත්තාවූ හෝ, බොහෝ පා ඇත්තාවූ හෝ, රූප ඇත්තාවූ හෝ, රූප නැත්තාවූ හෝ, සංඥා ඇත්තාවූ හෝ, සංඥා නැත්තාවූ හෝ, සංඥාව ඇත්තේමත්, සංඥාව නැත්තේත් නොවූ යම්තාක් සත්ත්‍වයෝ වෙත්ද, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේ ඔවුන්ට අග්‍රයයි කියනු ලැබේ.

    ’’මහණෙනි, එසේම මේ ලෝකයෙහි යම්කිසි කුශල ධර්‍ම කෙනෙක් වෙත්ද, ඒ සියල්ලෝ අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.

    ’’මහණෙනි, යම් සේ ඇවිදින ප්‍රාණීන්ගේ යම්කිසි පාද සමූහක් වේද, ඒ සියල්ල ඇත් පියෙහි අඩංගුවීමට යයිද, මහත් බැවින් ඇත් පිය ඔවුන්ට ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේද, මහණෙනි, එසේම යම් ඒ කුශල ධර්‍ම කෙනෙක් වේද, ඒ සියල්ලෝ අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.

    ’’මහණෙනි, යම් සේ කුළු ගෙයක යම්තාක් පරාල වෙත්ද, ඒ සියල්ල කූටයට නැමුනාහු, කූටයට නැඹුරුවූවාහු, කූටයෙහි රැස් වන්නාහු, කූටය ඔවුන්ට ශ්‍රේෂ්ඨයයි යේද, මහණෙනි, එසේම යම්කිසි කුසල ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ සියල්ලෝ අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.

    ’’මහණෙනි, යම් සේ යම්කිසි මුල් සුවඳක් ඇද්ද, මේ කලුවැල් ඔවුන් අතුරින් ශ්‍රෙෂ්ඨයයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම්කිසි කුශලයක් ඇද්ද, අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.

    ’’මහණෙනි, යම් සේ යම්කිසි හර සුවඳක් ඇත්තේද, රත් සඳුන් ඔවුන් අතුරින් ශ්‍රෙෂ්ඨයයි, ඔවුන්ට ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම්කිසි කුශල ධර්මයක් වේද, අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.

    ’’මහණෙනි, යම්කිසි මල් සුවඳක් වේද, පිච්ච මල් ඔවුන්ට ශ්‍රෙෂ්ඨයයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම් කිසි කුශල ධර්‍මයක් වේද, අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.

    ’’මහණෙනි, යම්කිසි කුඩා රජ කෙනෙක් වේද, ඒ සියල්ලෝ සක්විති රජහු අනුව යන්නාහු වෙත්ද, ඔවුන්ට සක්විති රජතෙම ශ්‍රෙෂ්ඨයයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම්කිසි කුශල ධර්මයක් වේද, අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.

    ’’මහණෙනි, යම්තාක් තාරකාවන්ගේ ආලෝකයක් ඇද්ද, ඒ සියල්ල සඳ එලියෙන් සොළොස් කලාවෙන් සොළොස් කලාවකටවත් නොවටීද, සඳ එලිය ඔවුන්ට ශ්‍රෙෂ්ඨයයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම්කිසි කුශල ධර්මයක් වේද, අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.

    ’’මහණෙනි, යම්සේ සරත් කාලයෙහි වසින ලද අහසෙහි පහවූ වලාකුළු ඇති කල්හි සූර්‍ය්‍යයා අහසෙහි වියල වන්නේ අහසෙහිවූ අන්‍ධකාරය නසා දීප්තිමත් වේ. තමාද බැබලේද, මහණෙනි, එසේම යම්කිසි කුශල ධර්මයක් වේද, අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.

    ’’මහණෙනි, යම්සේ ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී, යන මහා ගඞ්ගාවෝ වෙත්ද, ඒ සියල්ලෝ මුහුදට වදනාහුද, මුහුදට නැඹුරුවූවාහුද, මුහුදට පහත්වූවාහු, මුහුදට නැමුනාහු, මහා සමුද්‍රය ඔවුන්ට ශ්‍රෙෂ්ඨයයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම්කිසි කුශල ධර්ම කෙනෙක් වෙත්ද, අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.’’

    ◀ ▶
    නාරද මහ තෙරුන් ලියා ඇති මේ කතිකාවත් ඉමහත් පිටුවහලක් "අප්‍රමාදය" කවරක්ද, එය කුශලයක් වන්නේ කෙසේද කියා තේරුම් ගන්නට. ඔබට බොහෝ පිං!

    http://home.nethere.net/dsparks/Narada/02-Appamada%20Vagga.htm

    1. Appamada, literally, means non-infatuation i.e., ever-present mindfulness, watchfulness or earnestness in doing good. The ethical essence of Buddhism may be summed up by this word - appamada. The last words of the Buddha were - appamadena sampadetha - strive on with diligence.
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ජිංතක ජිල්ලබකිට;20613385 said:
    ස්කයිලාක් ඔබට බොහෝ පිං, මේ කරුන නිවැරදිව ගෙනැ හැර දැක්වූවාට. අප්‍රමාදය මයි උතුම්ම කුසලය. මමත් මෙච්චර කල් සිතා සිටියේ වෙලාම සූත්‍රය අනුව යමින් අනිච්ච සංඥාව වැඩීමයි උතුම්ම කුසලය කියා.

    අප්පමාද අග්ගක්ඛාන සූත්‍රය

    ’’මහණෙනි, පා නැති හෝ, දෙපා ඇත්තාවූ හෝ, බොහෝ පා ඇත්තාවූ හෝ, රූප ඇත්තාවූ හෝ, රූප නැත්තාවූ හෝ, සංඥා ඇත්තාවූ හෝ, සංඥා නැත්තාවූ හෝ, සංඥාව ඇත්තේමත්, සංඥාව නැත්තේත් නොවූ යම්තාක් සත්ත්‍වයෝ වෙත්ද, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේ ඔවුන්ට අග්‍රයයි කියනු ලැබේ.

    ’’මහණෙනි, එසේම මේ ලෝකයෙහි යම්කිසි කුශල ධර්‍ම කෙනෙක් වෙත්ද, ඒ සියල්ලෝ අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.

    ’’මහණෙනි, යම් සේ ඇවිදින ප්‍රාණීන්ගේ යම්කිසි පාද සමූහක් වේද, ඒ සියල්ල ඇත් පියෙහි අඩංගුවීමට යයිද, මහත් බැවින් ඇත් පිය ඔවුන්ට ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේද, මහණෙනි, එසේම යම් ඒ කුශල ධර්‍ම කෙනෙක් වේද, ඒ සියල්ලෝ අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.

    ’’මහණෙනි, යම් සේ කුළු ගෙයක යම්තාක් පරාල වෙත්ද, ඒ සියල්ල කූටයට නැමුනාහු, කූටයට නැඹුරුවූවාහු, කූටයෙහි රැස් වන්නාහු, කූටය ඔවුන්ට ශ්‍රේෂ්ඨයයි යේද, මහණෙනි, එසේම යම්කිසි කුසල ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ සියල්ලෝ අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.

    ’’මහණෙනි, යම් සේ යම්කිසි මුල් සුවඳක් ඇද්ද, මේ කලුවැල් ඔවුන් අතුරින් ශ්‍රෙෂ්ඨයයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම්කිසි කුශලයක් ඇද්ද, අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.

    ’’මහණෙනි, යම් සේ යම්කිසි හර සුවඳක් ඇත්තේද, රත් සඳුන් ඔවුන් අතුරින් ශ්‍රෙෂ්ඨයයි, ඔවුන්ට ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම්කිසි කුශල ධර්මයක් වේද, අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.

    ’’මහණෙනි, යම්කිසි මල් සුවඳක් වේද, පිච්ච මල් ඔවුන්ට ශ්‍රෙෂ්ඨයයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම් කිසි කුශල ධර්‍මයක් වේද, අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.

    ’’මහණෙනි, යම්කිසි කුඩා රජ කෙනෙක් වේද, ඒ සියල්ලෝ සක්විති රජහු අනුව යන්නාහු වෙත්ද, ඔවුන්ට සක්විති රජතෙම ශ්‍රෙෂ්ඨයයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම්කිසි කුශල ධර්මයක් වේද, අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.

    ’’මහණෙනි, යම්තාක් තාරකාවන්ගේ ආලෝකයක් ඇද්ද, ඒ සියල්ල සඳ එලියෙන් සොළොස් කලාවෙන් සොළොස් කලාවකටවත් නොවටීද, සඳ එලිය ඔවුන්ට ශ්‍රෙෂ්ඨයයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම්කිසි කුශල ධර්මයක් වේද, අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.

    ’’මහණෙනි, යම්සේ සරත් කාලයෙහි වසින ලද අහසෙහි පහවූ වලාකුළු ඇති කල්හි සූර්‍ය්‍යයා අහසෙහි වියල වන්නේ අහසෙහිවූ අන්‍ධකාරය නසා දීප්තිමත් වේ. තමාද බැබලේද, මහණෙනි, එසේම යම්කිසි කුශල ධර්මයක් වේද, අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.

    ’’මහණෙනි, යම්සේ ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී, යන මහා ගඞ්ගාවෝ වෙත්ද, ඒ සියල්ලෝ මුහුදට වදනාහුද, මුහුදට නැඹුරුවූවාහුද, මුහුදට පහත්වූවාහු, මුහුදට නැමුනාහු, මහා සමුද්‍රය ඔවුන්ට ශ්‍රෙෂ්ඨයයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම්කිසි කුශල ධර්ම කෙනෙක් වෙත්ද, අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.’’

    ◀ ▶

    නාරද මහ තෙරුන් ලියා ඇති මේ කතිකාවත් ඉමහත් පිටුවහලක් "අප්‍රමාදය" කවරක්ද, එය කුශලයක් වන්නේ කෙසේද කියා තේරුම් ගන්නට. ඔබට බොහෝ පිං!

    http://home.nethere.net/dsparks/Narada/02-Appamada%20Vagga.htm

    :lol::lol:
    ඔය දිගට දැම්මට එක තැනකවත් අප්‍රමාදය කුසලයක් කියල තියනවද?
    අප්‍රමාදය මුල් කොට කුසල් කරන්න ඕන මිසක්, විද්වත් Skylark කියන පරිදි අප්‍රමාදය ලොකුම කුසලය කෙසේ වෙතත්, අඩු තරමින් කුසලයක් කියල තියනවද?
    ත්‍රිපිටකයේ තියන අකුරටම නෑ කියල හමුදුරුවොන්ට බනින ඔයාල ඇයි මේ වගේ out of focus උත්තර දෙන්නෙ?
    ලොකුවට දිගට සුත්‍ර කෑලි දාල මිනිස්සු රවට්ටන්න හදන්න එපා.:lol::lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    පිංවත් ස්කයිලාක්,

    බුදුන්ගේ කාලයේත් බාලයන් සිටියා. දැනුත් සිටිනවා. මම උපුටා දක්වපු අප්පමාද අග්ගක්ඛාන සූත්‍රයේත් පැහැදිලිව, උදාහරන සහිතව, සසදන්න පුලුවන්, එකම "කුලයට" "Class " එකට වැටෙන ඒවා සසඳා එකක් අග්‍ර බව අප මහ බුදු රජුන් දේශනා කරනවා.

    උදා: කුඩා ජනපද වල රජවරුන්ට වඩා සක්විති රජු ශ්‍රේෂ්ඨ සේම, සියලු කුශල් ධර්මයන්ට වඩා අප්‍රමාදයම ශ්‍රේෂ්ඨයි, අග්‍රයි.

    මේක තේරුම් ගන්න බැරුව "ද්වේශයෙන් මත් වෙලා" පොල් බුරුවෙක් මර ලතෝනි දෙනවා!.
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායෙන් ඔබ දක්වන ලද සූත්‍රයට අමතරව සංයුත්‌ත නිකායේ මහා වර්ගයේ මග්ග සංයුක්තයේ අප්‌පමාද වර්ගයේ [ අප්‌පමාද වර්ගය - http://thripitaka.org/view/sp/sp11p1/126 ] තථාගත සූත්‍රය ඇතුළුව කුසල් දහම් අතරින් අප්‍රමාදය අග්‍ර වේ යන අර්ථය දක්වා ඇති තවත් සූත්‍ර තිබෙනවා. එහි ඔබ දක්වන ලද සූත්‍රයේ ඇති උපමා වලට අමතරව වෙනත් උපමාත් භාවිතා කර තිබෙනවා.

    අප්‍රමාදය යනු කුමක්දැයි විමසීමේදී "යම් කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ." ආදී ලෙස පවසා ඇති වාක්‍ය තුනේ අප්‍රමාදය කුසලයන්ට අග්‍ර යැයි කියවෙන තුන්වන වාක්‍යයට අමතරව මුල් වාක්‍ය දෙකේ අර්ථ ගැනත් විමසා බලන්න. ඒ අප්‍රමාදය ගැන වැඩි අවබෝධයක් ලැබීම සඳහා.

    අප්‍රමාදය ගැන සඳහන් තව බොහෝ සුත්‍ර තිබෙනවා. කුසල් දහම් අතරින් අප්‍රමාදය අග්‍ර වේ යන අර්ථය කියවෙන තැන් බොහෝ තිබුනත් එපමණකින් අන් කිසිම දෙයක් අප්‍රමාදය ගැන කීමට වචන භාවිතා කර ඇති ආකාරයටම කුසල් දහම් අතරින් අග්‍ර වේ යැයි කීම වැරදි යැයි සිතන්න එපා. කුසල් දහම් අතරින් අප්‍රමාදය අග්‍ර වේ යන ප්‍රකාශය සූත්‍ර සමඟ සැසදෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දහම් දෙසා ඇති ආකාරයට අනුව එපමණකින් අන් කිසිම දෙයක් අප්‍රමාදය ගැන කීමට වචන භාවිතා කර ඇති ආකාරයටම කුසල් දහම් අතරින් අග්‍ර වේ යැයි කීම වැරදි යැයි සිතීම ගැලපෙන්නේ නැහැ. මොකද සමහර විට අප්‍රමාදය වෙනුවට අන් වචනයක් භාවිතා කර කුසල් දහම් අතරින් එය අග්‍ර වේ යැයි බුදුරජාණන් වහන්සේ පවසා ඇති සූත්‍ර ඔබට හමු වෙන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කර ඇති ආකාරයක්. එවන් තැන් හිදි ඒ ඒ පැවසෙන කරුණු ගැන කෙසේ සැලකිය යුතුද යන්න ගැන සර්වප්‍රකාරයෙන් නිවැරදි හා පූර්ණ අවබෝධයක් මට නැහැ. නමුත් මම දැනට හිතනවා එවන් සමහර අවස්ථාවන් හිදී වචන වෙනස් උනාට ඒ වෙනස් වචන වල අර්ථය එකම ලෙසින් සැලකිය යුතුය කියා සහ තවත් එවන් සමහර අවස්ථාවන් හිදී වෙනස් වෙනස් අර්ථ ඇති කරුණු කිහිපයක්ම අග්‍ර ලෙස සහ එක සමාන අග්‍ර භාවයෙන් සැලකිය යුතුය කියා. ඒ ඒ තැන් කවර සේ දැකිය යුතු දැයි වෙන වෙනම විමසා බලන්න ඕනෑ යැයි මම හිතනවා.

    Skylark