පාතාල_කල්ලි යළි හිස ඔසවයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    පාතාල_කල්ලි යළි හිස ඔසවයි

    පාතාල කල්ලි කිහිපයක් යළි හිස ඔසවයි


    w53.jpg


    පාතාල කල්ලි කිහිපයක් නැවත හිස ඔසවා ඇතැයි පොලිස් බුද්ධි අංශ වෙත වාර්තා වී තිබෙනවා.ඒවායින් හයක් නම ගිය ප‍්‍රධාන පෙලේ පාතාල නායකයන් යටතේ බස්නාහිර පළාතේ ක‍්‍රියාත්මකයි.දෙමටගොඩ චමින්ද, බ්ලූමැන්ඩල් සංඛ, ආමි සම්පත්, දූනගහ සුජී, සමයං සහ අංගොඩ ලොක්කා එම පාතාල නායකයන් වනවා.

    මොරටුව අඟුලාන ප‍්‍රදේශයේ පාතාල කල්ලි දෙකක් අලුතින් ආරම්භ වී තිබෙන බවයි පොලිස් බුද්ධි අංශ වෙත වැඩිදුරටත් වාර්තා වී තිබෙන්නේ.කලක් ප‍්‍රබල පාතාල නායකයෙකුව සිටි මොරටු සමන්ගේ ගෝලයෙකු බව කියන අඟුලානේ රොහා සහ තවත් අයෙකු එම පාතාල කල්ලි දෙකට නායකත්වය ලබා දෙනවා.මාදුවේ පොඩි සාගර විසින් මෙහෙයවනු ලබන පාතාල කල්ලියක් මීගමුවේ ද, වැලිවිට සුදා විසින් මෙහෙයවනු ලබන පාතාල කල්ලියක් කඩුවෙල ප‍්‍රදේශයේ ද ක‍්‍රියාත්මක වන බව සඳහන්.

    කිඹුලාඇලේ ගුණා විසින් මෙහෙයවනු ලබන පාතාල කල්ලියක් කිඹුලාඇල ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මකයි.
    දකුණු පළාතේ ක‍්‍රියාත්මක පාතාල කල්ලි 13 ක් පිළිබඳව ද පොලිස් බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබෙනවා.ඒවායින් හතරක් ක‍්‍රියාත්මක වන්නේ ප‍්‍රධාන පෙලේ පාතාල නායකයින් යටතේයි. පොඩි ලැසී, පොඩි සුජී, කුඩු චමී සහ මදූෂ් එම පාතාල නායකයින් වනවා.

    පුබුදුමුණි උදිත ලක්ෂාන් ද සොයිසා (38) නොහොත් රත්ගම විදුර, මුරුක්කකු වාදුර වසන්ත ද සොයිසා (23) නොහොත් වසා, අකිල නිරෝෂන් පල්ලියගුරුගේ (37), රසික ප්‍රබාත් ප්‍රියදර්ශන සේනානායක (39), අමිල නිරෝෂන් රාජපක්ෂ (36) නොහොත් ආමි අමිල, ගීගනගමගේ අමරසිරි (48) නොහොත් ජුලන්පිටියේ අමරේ, කලුහැන්නදිගේ ධනුක විරාජ් (25) නොහොත් ධනුක, උදය වික්‍රම මනම්පේරිගේ රුවන් කුමාර (38) නොහොත් නේවි රුවන්, අතුල ඔක්ස්ෆඩ් රත්නායක (46) නොහොත් ගලගොඩ අතුල අනෙකුත් හඳුනාගෙන ඇති පාතාල නායකයින් වනවා.

    හඳුනාගෙන තිබෙන සෑම පාතාල කල්ලියකම පාහේ නායකයන් වයස අවුරුදු විස්සත් හතළිහත් අතර පසුවන්නන්. ඔවුන්ගෙන් හය දෙනෙකු පොලිස් විශේෂ ඒකකයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටිනවා. පාතාලය මැඩීම සඳහා මෙහෙයුම් තවදුරටත් ක‍්‍රියාත්මකයි.

    බස්නාහිර පළාත තුළ ක්‍රියාකාරී පාතාල නායකයින් ලෙස චමින්ද රවී ජයනාත් (37) නොහොත් දෙමටගොඩ චමින්ද, සංඛ ශිරන්ත (33) නොහොත් බ්ලූමැන්ඩල් සංඛ, සම්පත් චාමර (35) නොහොත් ආමි සම්පත්, අමරසිරි ආරච්චිගේ සුජිත් ක්‍රිෂාන්ත (38) නොහොත් දූනගහ සුජී, අරුණ උදයන්ත පතිරණ (29) නොහොත් සමයං, මද්දුම ලක්ෂාන් චන්දන පෙරේරා (30) නොහොත් අංගොඩ ලොක්කා යන අය හඳුනාගෙන ඇති අතර මේ අයගෙන් බොහෝ දෙනෙකු බන්ධනාගාර ගතව සිටිනවා.

    මේ අතර බස්නාහිර පළාතේ ක්‍රීයාකාරී නොවන පාතාල සමාජිකයන් 03 දෙනෙක් පිළිබඳවත් පොලිසිය මේ වන විට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

    මානික්කුගේ සුමිත් දයාරත්න (39) නොහොත් මාදුවේ පොඩි සාගර, තලගල සුගත් කිත්සිරි නොහොත් වැලිවිට සුගත්, සින්නයියාගුණසේකරම් නොහොත් කිඹුලා ඇලේ ගුණා බස්නාහිර පළාතේ ප්‍රබල පාතාල නායකයින් වූවත් ඔවුන් මේ වන විට ක්‍රියාකාරී මට්ටමේ නොමැති බවයි වාර්තා වෙන්නේ.



    finel-logo.png
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බලපං අපේ පාතාලෙ උන්ට තියෙන නම් කිඹුල ඇලේ ගුනා, වැලිවිට සුදා කෝමද කියහන්කො ඉතින් ජාත්‍යන්තරේට යන්නෙ. ඒක නෙවෙයි අංගොඩ ලොක්ක කියන්නෙ ස්කර්විද දන්නෑ
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    බලපං අපේ පාතාලෙ උන්ට තියෙන නම් කිඹුල ඇලේ ගුනා, වැලිවිට සුදා කෝමද කියහන්කො ඉතින් ජාත්‍යන්තරේට යන්නෙ. ඒක නෙවෙයි අංගොඩ ලොක්ක කියන්නෙ ස්කර්විද දන්නෑ

    ඔය කිඹුල ඇලේ ගුණා නම් බන් අමු කැ@යෙක්.පාතාල රජෙක්.ඕකා කොටින්ටත් උදව් කරලා තියෙනවලු.දැන් ඉන්දියාවට පැනලා ඉන්නේ.තාම අල්ලගන්න බැරි උනානේ ඕකව.:growl:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔය කිඹුල ඇලේ ගුණා නම් බන් අමු කැ@යෙක්.පාතාල රජෙක්.ඕකා කොටින්ටත් උදව් කරලා තියෙනවලු.දැන් ඉන්දියාවට පැනලා ඉන්නේ.තාම අල්ලගන්න බැරි උනානේ ඕකව.:growl:

    මං නං එකම එක පාතාලෙ එකයි දන්නෙ නලීන් අය්ය කියල ඌ නං වැඩිය වැඩ දාන්නෙ නැතුව පැත්තක වෙලා හිටිය මිනිස්සු එක්ක උනත් හොඳට ආස්‍රේ කලා. දැන් නං මොනා වෙලාද දන්නෑ බුවාට
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    මං නං එකම එක පාතාලෙ එකයි දන්නෙ නලීන් අය්ය කියල ඌ නං වැඩිය වැඩ දාන්නෙ නැතුව පැත්තක වෙලා හිටිය මිනිස්සු එක්ක උනත් හොඳට ආස්‍රේ කලා. දැන් නං මොනා වෙලාද දන්නෑ බුවාට

    එහෙම උනුත් ඉන්නවා බන්.:)
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    බලපං අපේ පාතාලෙ උන්ට තියෙන නම් කිඹුල ඇලේ ගුනා, වැලිවිට සුදා කෝමද කියහන්කො ඉතින් ජාත්‍යන්තරේට යන්නෙ. ඒක නෙවෙයි අංගොඩ ලොක්ක කියන්නෙ ස්කර්විද දන්නෑ

    :lol:
     

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    මොරටු සමන්ට මොකද වුනේ………?
    cropped-medaperadiga_s.png
    මෑතකදී ගල්කිස්ස ආණ්දෝලනය කර සෙල්ලක්කාරයන් පිරිසකගේ නිමාව මෙසේ ඇරැඹුණි. මෙහිදී නාමල්, නිහාල්, චින්තක, ධම්මික, කළු අජිත්, වැනි පාතාල කෙරුමන් අතර මොරටු සමන් ද හොඳ වැඩකාරයකි. ඒත් මේ සියල්ලන්ම මරණය වැළදගත්තේ අවිගත්තෝ අවියෙන්ම නසිති යන පොදු කියමන හේතුකොටගෙන වීම විශේෂතත්වයකි.

    මොරටු සමන් සිය අණසක පැතිරවුයේ ගල්කිස්ස – මොරටුව ආශ්‍රිත ප්‍රදේශ් කේන්ද්‍ර කර ගනිමිනි. එවකට සිටි දේශපාලන බලවතුන්ගේ ආධාරයෙන් මැර ක්‍රියාවන්හි යෙදුණු සමන් 2013 වසරේ ජිවිතේයෙන් සමුගත්තේ ද වෙඩි උණ්ඩයකට බිලිවෙමිනි.

    මොරටු සමන්ගේ හිස්වුණු ගල්කිස්ස, ලූනාව, අඟුලාන, හා තෙල්වල ප්‍රදේශයේ අණසක ගන්නට ඔහුගේ ගෝලබාලයන් රැසක් ම ඉදිරිපත් වුවද ඊට ඉඩක් නොලැබුණි.

    මොරටු සමන්ගේ ඝාතනයෙන් අනතුරුව තෙලවල පදිංචි රෝහණ නමැත්තෙකු පිළිබඳ පොලීසියේ අවධානය යොමුවන්නේ ඔහු ඒ වනවිටත් මිනිස් ඝාතන දෙකකට හා කොල්ලකෑම් කිහිපයකට චෝදනා ලැබ සිටීම නිසාය. නාගරික මන්ත්‍රීවරයකු ඝාතනය හා පළාත් සභා මන්ත්‍රීවරයකුගේ නිවෙසක් අසල සිදුවූ මිනිස් ඝාතනයකට රෝහණගේ නම ඇදී තිබුණි.

    මේ නිසා රෝහණ පොලිසියට කට්ටි පනිමින් සිටියද පෑලියගොඩ “යුනිටි” එකට රෝහණ අත්අඩංගුවට ගැනීමට හැකිවන්නේ ටී පනස්හය ගිනි අවියක්ද සමගිනි. චෝදනා හයක් එල්ලකොට අධිකරණයට ඉදිරිපත් කරන රෝහණ ඇතුළු සගයන් බන්ධනාගාරගත කෙරිණි. හිස් අතින් හිරේට යන රෝහණ වැඩිකල් නොගොස් ම සල්ලිකාරයෙකු බවට පත්වන්නේ හිරගෙය තුළ මත්කුඩු ජාවාරමේ යෙදීමෙනි. වෙලේ සුදාගෙන් ලැබෙන මත්කුඩු විකිණීමෙන් ලැබෙන මුදලින් ඔහු හිරගෙදර සිටම අගුලාන ප්‍රදේශයේ දෙමහල් නිවෙසක් ඉදිකර ඇතැයි පොලිසිය කියයි. මේ අතර මාස ගණනක් බන්ධනාගාරගතව සිටි රෝහණ අධිකරණය මගින් ඇප ඉල්ලීම් ඉදිරිපත් කරනු ලබයි. නඩු හයකට චෝදනා ලැබ සිටින රෝහණ ඇතුළු පිරිසට එක් නඩුවකට ඇපකරුවන් දෙදෙනකු බැගින් දොළොස්දෙනෙකු ඉදිරිපත් කරන ලෙස අධිකරණයට දන්වා සිටි.

    අඟුලානෙ පදිංචිකරුවෙකු වන දිනේෂ රෝහණගේ මිතුරෙකු. දිනේෂ ඇතුළු දොළොස්දෙනෙක් රෝහණ ඇතුළු සගයන් වෙනුවෙන් ඇප තබති. ඇප මත නිදහස් වන රෝහණ ඉන් පසුව ගල්කිස්ස, තෙල්වල,රත්මලාන,ප්‍රදේශ මුල්කරගෙන මත්කුඩු ජාවාරමේ නිරත වේ.

    වෙලේ සුදාගෙන් පසු මත්ද්‍රව්‍ය ජාවාරමට අත ගසන ඔහු සිය ගෝලබාලයින්ට දුන් නියෝගය වුයේ කවුරු හෝ මත්කුඩු ජාවාරමේ යෙදෙන්නේ නම් ඒ මත්කුඩු තමන්ගෙන් ලබාගත යුතු බවයි. එලෙස නොගන්නා පුද්ගලයන් වෙතොත් ඊට දඩුවම් ලැබිය යුතු වේ. ඒ මන්න පහර එල්ල කිරීමෙනි. මේ අන්දමින් ඔහු කළ පහරදීම් හා තර්ජන කිරීම් බොහොමයක් පොලීස් පොත්වල සටහන් නොවේ. පැමිණිලි ඉදිරිපත් වුවත් රෝහණ ඇතුළු ගෝලයන්ගේ තර්ජන හමුවේ බොහෝදෙනා සිය පැමිණිලි ඉල්ලා අස්කරගෙන යන බවද පොලිසිය කියයි. ඒ සිය ජිවිත වලට ඇති බිය නිසා බව පැමිණිලි කරුවන් පොලිසිය වෙත පවසා තිබේ.

    ත්‍රීවීලර් බන්දු ඝාතනය ඉන් එක් සිදුවීමකි. බන්දු මත්කුඩු ලබාගෙන තිබුණේ රෝහණගෙනි. ඒ රෝහණ විසින් ලබාදුන් නියෝග නිසාය. එහෙත් හිටිහැටියේ තීරණය වෙනස් කරන බන්දු රෝහණට වඩා හොඳ “කුඩු” වෙනෙකුගෙන් ලබාගනී. ඊට එරෙහි වන රෝහණ සිය ගෝලයන් උපයෝගී කරගෙන බන්දුට වෙඩිතබයි. වෙඩි පහරින් බේරෙන බන්දු එතැනින් පැනගියද ඊට දින කිහිපයකට පසු ඔහු කල්දමුල්ල ප්‍රදේශයේදී ඝාතනයට ලක්වෙයි. රෝහණගේ කුඩු “ඩස්පි” බව දැනගත්තද මිලදී ගැනීම හැරෙන්නට වෙන යමක් කරන්නට ගියහොත් සිදුවන්නේ මේ ආකාරයෙන් වෙඩි කන්නට හෝ මන්න පහර කන්නට බව දත් බොහෝදෙනා රෝහණගේ ගොලයන්ගෙන්ම “කුඩු” මිලදී ගනිතී.

    මේ අතර ඇප ලැබුවද අධිකරණයේ පවතින නඩුවලට ඉදිරිපත් නොවන රෝහණට මෙන්ම ඔවුන්ට ඇප තැබූ දිනේෂ් ඇතුළු සෙසු අයට ද වරෙන්තු නිකුත් කෙරේ. මේ නිසා දිනේෂ් හා රෝහණ අතර ගැටුම් ඇතිවේ. “අපිට උඹ හින්දා පරිප්පු කන්න බැහැ. උඹ උසාවියට ඉදිරිපත් වෙයන් …….” දිනේෂ්, රෝහණ සමග වාදයකට පැටලේ. මේ නිසා ඔවුන් අතර වචන හුවමාරු ඇතිවන අතර ඒ නිසා දිනේෂ් ඝාතනය කරන්නට රෝහණ සැලසුම් සකස් කරයි.

    මොරටු සමන්ගේ ගෝලයකු වන සම්පත් නමැත්තා රෝහණ සමග සමීප ඇසුරකට එළැබෙන්නේ ඔය අතරය. සම්පත් තෙලවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වවුනියාව ගුවන්හමුදාව කදවුරේ වසර හතරක් සේවය කර ඇති සම්පත් ඒ නිසාම “එයාර්ෆොස් සම්පත් “ ලෙස හදුනවනු ලබයි. ඔහු රෝහණගේ මැර ක්‍රියා වලට සහය දෙන්නකු බව පොලිසිය කියයි. දිනේෂ් ඝාතනය කිරීමට සම්පත් රෝහණට සහය දෙයි. ඒ ඔත්තු බැලීමෙනි.

    2014-08-17 වන දින රැවුල කැපීම සදහා දිනේෂ් තෙලවල බාබර් සාප්පුවකට එන්නේ ඔය අතරය. ඒ අවට සිටි “එයාර්ෆෝස් සම්පත්” හා ඔවුගේ සොහොයුරකු වහා මේ බව රෝහණට දන්වා සීටි. ඒ අනුව තුවක්කුකරුවෙකුට දිනෙෂ් මරාදැමීමේ කොන්ත්‍රාත්තුව බාරවෙයි.

    “මම නම් මිනිහව දන්නේ නැහැ….”

    “මිනිහා තමයි කොණ්ඩේ කපන්නේ … කහපාට ටි-ෂර්ට් එකක් ඇදගෙන ඉන්නේ ……..”

    ලැබුණු තොරතුරු අනුව තෙලවල සැලුන් එකකට කඩාපනින තුවක්කු කරු ඒ වනවිට කොණ්ඩය කපමින් සිටි තැනැත්තාට වෙඩි තබයි.

    “හරි …. වැඩේ දුන්නා ….”

    “මිනිහා ඉවර ද …..? “

    “ඔව් …. ඉවරයි … කහපාට ෂර්ට් එක ඇදගෙන හිටියේ …..”

    ඒත් ඉලක්කය වැරදුණු බව පසුව රෝහණ දැනගනී. කොණ්ඩය කපමින් සිටි දිනේෂ් කුමක්දෝ හේතුවකට එම අසුනෙන් නැගිට සිය හිතවතකුට කොණ්ඩය කැපීමට ඉඩ ලබාදෙයි. ඔහුද කහපාට ටි ෂර්ටයක් ඇද සිටි. ලැබුණු තොරතුරු අනුව ඔහු දිනේෂ් යැයි සිතු තුවක්කුකරු දිනේෂ් වෙනුවට බිලිගන්නේ අහිංසක ඔහුයි. තමා ඝාතනය කරන්නට රෝහණ අර අදින බව දත් දිනේෂ් ඉන්පසු සැගෙවෙන බවද පොලිසිය කියයි.

    පොලිසිය මේ පිළිබද විමර්ශන අරඹන්නෙ ඉන් පසුවය. ඒ අනුව වැදගත් තොරතුරු රැසක් පොලිසියට ලැබේ. වරෙන්තු පිට සිටින රෝහණ මෙන්ම දිනේෂ් ද මේ වනවිට අතුරුදන්ව සිටිති.

    කොට්ඨාස බාර ජෙයෂ්ඨ පොලීස් අධිකාරී රවින්ද්‍ර කරවිට මහතාට කිසියම් ඔත්තුවක් ලැබෙන්නේ මේ අතරය. ඒ “එයර්ෆෝස් සම්පත්” ගැනය. ඒ අනුව මේ බව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා දැනුවත් කරනු ලබයි.

    අපරාධ රැසක සුලුමුලු අනාවරණය කරගත් එහි ස්ථනාධිපති කුමාර නලවංශ ඇතුළු කණ්ඩායමක් “එයාෆෝස් සම්පත්” පසුපස හඹා යන්නේ ඉන් අනතුරුවය.

    “අපිට ආරංචි වුණා. මිනිහා ගාල්ලට යන්න රත්මලාන ස්ටේෂන් එකට එනවා කියලා. ඒ අනුව අපේ ටීම් එකක් රේල්වේ ස්ටේෂන් එකට ගිහින් බැග් එකකුත් කරේ දාගෙන හිටිය මිනිහව අල්ලගත්තා……”

    “බැග් එක චෙක් කරලා බලද්දී ඒකෙ තිබිලා පිටරටක හදපු හැන්ඩි ග්‍රනේඩ් දෙකක්, පතොරම් 20 ක්, පිස්තෝල රඳවන එකක්, එස් එෆ් කට්ටිය අඳින යුනිෆෝම් 05 ක්, දිග කලිසම් 04 ක්, කැප් වගයක්, සොයා ගත්ත….”

    “ආරංචිය ලැබුණේ මිනිහා මෙහෙම නිතර නිතර තෙලවල පැත්තට එන්නේ රෝහණ බලන්න කියලයි. …”

    අපි දැන් මිනිහගෙන් ප්‍රශ්න කරගෙන යනවා. මෙහෙයුම සිදුකළ උප පරික්ෂක නලවංශ මහතා “මාංචු” වට කිවේය.

    මේ වනවිට වරෙන්තු පිට සැඟව සිටින රෝහණ නමැත්තා කොටුකර ගැනීම ඊළග ක්‍රියාව බවත් මොවුන් මෙම මැර ක්‍රියා සියල්ලම සැලසුම් කරන්නේ අඟුලාන පාරේ ගරාජයක සිට බවද නලවංශ මහතා වැඩිදුර ටත් සඳහන් කළේය.

    සැකකාර “එයාෆෝස් සම්පත්” දෙදහස් දොළහ වසරේ මිය ගිය මොරටු සමන් සමඟ අඟුලානේ සිදුවූ ද්විත්ව මිනිස් ඝාතනයකට හා වැල්ලවත්තේ සිදුවූ ලක්ෂ 52 ක ස්වර්ණාභරණ මංකොල්ලයකට සම්බබන්ධ බවට චෝදනා ලැබූ අය බව පොලිසිය කියයි.

    ඉන්පසු පාතාල සල්ලි නායකයකු වූ රෝහණ නමැත්තාගේ ගෝලයකු ලෙස කටයුතු කළ “එයාෆෝස් සම්පත්” තෙලවල පාරේ බාබර් සාප්පුවකදී තරුණයකු ඝාතනය කිරීම හා අඟුලානේ දී ත්‍රිරෝද රියදුරකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්ණ කරගෙන යන බවද අවධාරණය කළේය. මොහු මිට පෙරද මංකොල්ලකෑම් වලට පොලිසියට කොටුවූ අයෙක් බවද නලවංශ මහතා කියයි.

    ගල්කිස්ස කොට් ශ බාර ජෙය්ශ්ට් පොලීස් අධිකාරී රවින්ද්‍ර කරවිට, සහකාර පොලීස් අධිකාරී රොෂාන් ප්‍රනාන්දු මහත්තුරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානධිපති ඩබ්ලිව් බි කේ නලවංශ ඇතුළු සැරයන් ටෙරන්ස් (41026) හා කොස්තාපල්වරුන් වූ ජයසුන්දර (44713), ෆ්යිරස් (44753), ටිරෝන්(73761), හර්ෂණ(89138), පුබුදු(89205), ලක්ෂාන්(19556) හා මහේෂි(7112) යන අයද මේ පිළිබද පරීක්ෂණ වලට එක්වුහ. [sexypoll id=”9″]
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔය සේරම නම්ගම් එක්කම දාල තියෙන්නෙ බන්. අල්ලගන්න අමාරු ඇතිනෙ?:rofl:
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    මාලිගාවත්තේ "ඩේලු"

    මූ මාර පොරක් බන්... හෙන අහින්සක පාට් එකේ හිටියේ අපි දැකලා තියනවා ඉරිදට සෙල්ලම් කරද්දි එහෙම සෙල්ලම් කරන්නත් එනවා..

    මූව මරලා දාලා තිබුනා පාරක් අයිනේ... නිවුස් වලට කියද්දියි අපි දන්නේ මූ පාතාල කාරයෙක් කියලා...
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මාලිගාවත්තේ "ඩේලු"

    මූ මාර පොරක් බන්... හෙන අහින්සක පාට් එකේ හිටියේ අපි දැකලා තියනවා ඉරිදට සෙල්ලම් කරද්දි එහෙම සෙල්ලම් කරන්නත් එනවා..

    මූව මරලා දාලා තිබුනා පාරක් අයිනේ... නිවුස් වලට කියද්දියි අපි දන්නේ මූ පාතාල කාරයෙක් කියලා...

    :P