Air Hostess who sacrificed her life to humanity.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මේ දවස්වල ඉතින් ගුවන් සේවිකාවන් ජනප්‍රිය නිසා මේකත් බලලම යන්නකෝ..

    මනුෂ්‍යත්වය වෙනුවෙන් ජීවිතය කැපකළ ගුවන් සේවිකාව....

    තීරණය කරන්න,ඔබේ ජීවිතයද ඔවුන්ගේ ජීවිතද? මෙවැනි තෝරා ගැනීමක් කිරීමට ඔබට සිදු වුවහොත් ඔබේ තීරණය කුමක් වේවිද? ඔබේ තීරණය කුමක් උවත් ඇය තමන්ගේ ජීවිතය පරදුවට තබා ඔවුන්ගේ ජිවිත මුදාගත්තාය. ඇය නමින් නීර්ජා භානොට්, ඇගේ කතාව ඇසීමෙන් පසු නීර්ජා භානොට් යන නාමය ඔබේ මතකයේ මෙන්ම ඔබේ හදවතේ පැල පදියම් වනවා නිසැකයි.
    1963 වර්ෂයේ සැප්තැම්බර් 7 ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ චන්දිගර්හි උපන් ඇය ලෝක පූජිත කාන්තාවක් වන බය ඇගේ දෙමාපියන් වූ හරිෂ් භානොට් හා රාමා භානොට් කිසි දිනෙක නොසිතන්නට ඇත. ඇගේ ප්‍රථමික අධ්‍යාපනයෙන් පසු නීර්ජා ඇතුලු පවුලේ සියලු දෙනාම මුම්බායට පැමිණෙන්නේ ඇයගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට හා නීර්ජාගේ පියා වන හරිෂ් භානොට්ගේ රැකියා කටයුතු සදහායි. අධ්‍යාපනය නිම කිරීමෙන් පසු ඇය නිරුපිකාවක් ලෙස මෝස්‌තර නිරූපන ක්ෂේත්‍රයට පිවිසෙන අතර හරිෂ් භානොට් ඉන්දියානු පුවත් පතක කතුවරයෙකු ලෙස සේවයට එක් වෙයි. ඉන්පසු නිරූපන ක්ෂේත්‍රයට සමු දෙන ඇය ගුවන් සේවිකාවක් ලෙස පෑන් ඈම්(Pan Am) ගුවන් සේවය සමග එක වන්නේ ගුවන් සේවිකාවක් වීමට ඇය තුල තිබු ඉමහත් ආසාවට ඉඩ හසර ලබා දෙමිණි. ඉන්දියාව හා ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට්(Frankfurt) ගමනාන්ත අතර පෑන් ඈම් ගුවන් සේවය විසින් ක්‍රියාත්මක කෙරුණු ගුවන් ගමන් සදහා නීර්ජාගේ සේවාව ලබා ගත් අතර ඇය ඉතා ඉක්මනින්ම ප්‍රධාන ගුවන් සේවිකාවක් වන්නට තරම් දක්ෂ වුවාය. නීර්ජාගේ පියාගේ තීරණයකට අනුව ඇයගේ විවාහය සිදුවූ නමුත් විවාහයෙන් පසු නීර්ජා ඇයගේ සැමියා සමග ඇති වූ යම් ආරවුල් නිසාවෙන් තම සැමියාගෙන් වෙන් වී තම දෙමවුපියන් සමගම ජීවත්වීමට ඇය තීරණය කළාය.


    14203233_1613956788908873_5199446238513184725_n.jpg

    1986 සැප්තැම්බර් 5 වන විට ඇයගේ 23 වන උපන් දිනයට ඇත්තේ දින දෙකක් පමණි, 23 වන උපන් දිනය සැමරීමට තමාට හැකි නොවනු ඇතැයි ඇය කිසිම දිනක නොසිතන්නට ඇති. පුරුදු පරිදි පෑන් ඈම් ගුවන් යානය(Pan Am Flight 73) මුම්බායි ගුවන් තොටුපලින් අහසට නැගුනේ පකිස්ථානයේ කරච්චි ගුවන් තොටුපලේ ගොඩ බෑමෙන් පසු ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් වෙත ආරක්ෂාකාරී ලෙස පියාසර කරන අදිටනිනි. නමුත් මුළු ලොවටම හොරෙන් යම් දෙයක් සැලසුම් කෙරෙමින් පැවතුනි. අබු නිදාල් සංවිදානයට(Abu Nidal Organization) අයත් ත්‍රස්තවාදීන් 4 දෙනෙක් මගින් 361 කගේ හා ගුවන් කාර්යමණ්ඩලයේ 19 දෙනෙකුගේ ජිවිත බිලි ගැනීමට සැලසුම් කර හමාරය. පෑන් ඈම් 747 ගුවන් යානයේ රෝද ධාවන පථය සුමටව ස්පර්ශ කලේ සියල්ල හොදින් යැයි සැම දෙනාටම ඒත්තු ගන්වමිනි. මේ මොහොත වන විටත් ත්‍රස්තවාදීන් ගුවන් යානය අසලට ආයුධ සන්නද්ධව වෑන් රථයකින් ලගා වෙමින් සිටියහ ගත වුයේ නිමේෂයකි සැමගේ සිත් වලින් හටගත් සතුට මැකී යන්නටත් ප්‍රථම ගුවන් යානයේ ආරක්ෂාවට සිටි බටයන් වෙත වෙඩි වරුසාවක් එල්ල විය. සියල්ලෝම සිදු වන්නේ කුමක් දැයි වටහාගන්නට නොහැකිව සිටින විට නීර්ජා තම සහෝදර ගුවන් සේවිකාවන්ට ගුවන් යානයේ දොරවල් වසන ලෙස අණ කළාය. නමුත් ත්‍රස්තවාදීන්ට ගුවන් යානය තුලට කඩා වැදීමට හැකි විය. නැවතත් වහා ක්‍රියාත්මක වූ නීර්ජා ගුවන් නියමුවන් හට ඇති වී ඇති තත්වය පැහැදිලි කල අතර ගුවන් නියමුවන් හදිසි පලායෑමේ දොරටුවෙන්(emergency escape door) ගුවන් යානයෙන් පලා ගියහ. යම් හෙයකින් නීර්ජා වහා ක්‍රියාත්මක නොවී නියමුන් තව දුරටත් ගුවන් යානයේ රැදී සිටියා නම් ත්‍රස්තවාදීන්ගේ ඉල්ලීම පරිදි ගුවන් යානයට සයිප්‍රසය බල පියාසර කිරීමට සිදු වනු ඇත. ත්‍රස්තවාදීන්ගේ අරමුණ වී ඇත්තේ ගුවන් යානය සයිප්‍රසය බලා පියාසර කරවා එහි සිර ගෙදර සිටින ඔවුන්ගේ ආධාර කරුවන් පිරිසක් නිදහස් කර ගැනීමයි. යම් හෙයකින් එසේ නිදහස් කර ගැනීමට හැකියාව නොලැබුන හොත් ත්‍රස්තවාදීන් විසින් ගුවන් යානය උඩු ගුවනේදීම පුපුරවා හැරීමට පවා හැකියාව තිබී ඇත.
    ත්‍රස්තවාදීන් නියමුවන් නැවත ගුවන් යානය වෙත එවන ලෙස නියෝග කල අතර ගුවන් නියමුවන් ඒමට සිදු වන ප්‍රමාදය නිසා සියලුම ඇමරිකානුවන් ඝාතනය කිරීමට ත්‍රස්තවාදීන් තීරණය අතර ඇමරිකානුවන් සොයාගැනීමට සියල්ලන්ගේම ගුවන් ගමන් බලපත්‍ර එකතු කරන ලෙස ත්‍රස්තවාදීන් නීර්ජාට නියෝග කළහ. නීර්ජා සියලුම ඇමරිකානු ගුවන් ගමන් බලපත්‍ර සගවා අනෙකුත් ගුවන් ගමන් බලපත්‍ර පමණක් ත්‍රස්තවාදීන් වෙත ඉදිරිපත් කිරීමෙන් ගුවන් යානයේ සිටි ඇමරිකානුවන් බොහෝ දෙනෙකුගේ ජීවීත ආරක්ෂා කර ගැනීමට හැකි විය. තව තවත් කාලය ඉක්ම යන නිසා ත්‍රස්තවාදීන් මගීන්ට වෙඩි තැබීමට කටයුතු කල අතර නීර්ජා ගුවන් යානයේ එක් දොරක් විවෘත කිරීමට සමත් වීම නිසා ආරක්ෂක බටයන් හට ගුවන් යානය තුලට ඇතුලු වීමට හැකියව ලැබුණි. සියලුම මගීන් හා කාර්ය මණ්ඩලය ගුවන් යානයෙන් පිට වනතුරු ගුවන් යානයෙන් පිට නොවූ නීර්ජා කුඩා ළමුන් තිදෙනෙක් ගුවන් යානයේ දොර වෙත රැගෙන යමින් සිටියදී එක් ත්‍රස්තවාදීයෙක් එල්ල කල වෙඩි ප්‍රහාරයෙන් ළමුන් ආරක්ෂා කර ගැනීමට යාමේදී වෙඩි වැදී මියයයි.
    ඇගේ 23 වන උපන් දිනයේ නීර්ජාගේ මෘතදේහය ඉන්දියාවට රැගෙන එන අතර ඇගේ මවට උපන් දින ත්‍යාගය පිරිනැමීමට වන්නේ නීර්ජාගේ මෘතදේහයටයි. ඇය ඉටු කල අමිල සේවය වෙනුවෙන් ඉන්දියාවේ මිනිසෙකුට පිදෙන ගෞරවාන්විතම ප්‍රදානය වන අශෝක චක්‍ර සම්මානයෙන්ද පිදුම් ලබයි. පාකිස්ථානයෙන් හා ඇමරිකවෙන්ද ඇය වෙත විශේෂ සම්මාන පිරිනැමූ අතර 2016 වර්ෂයේදී "Neerja" නමින් චිත්‍රපටයක්ද නිර්මාණය කෙරිණි.
    නීර්ජාගේ එඩිතර ක්‍රියාවන් නිසා ගුවන් මගීන් හට නැවතත් ජීවිතය ලැබුණු අතර ඇය අපට බොහෝ පාඩම් කියාදී ඇගේ ජිවිතයෙන් වන්දි ගෙවුවාය !!!



    14237598_1613956698908882_1519987665996629301_n.jpg


    14317373_1613956798908872_1329147168239940160_n.jpg
    14237541_1613956645575554_2322244226450501166_n.png
    14238144_1613956615575557_4691998743809888106_n.jpg

    14292474_1613956705575548_7924936275640365269_n.jpg


    කිරියේ පෝස්ට්ස් 12000 පිරීම නිසා මම ලියලා දාන්න හිටියේ ත්‍රෙඩ් එකක්.. ඒත් ඉතින් වෙලා නැති නිසා අපේ පේජ් එකේ මල්ලි කෙනෙක් දාපු එකක් ඉල්ලගෙන දැම්මේ..


    කට්ටිය පොඩ්ඩක් හිතට ගන්න කැබින් කෘ අය හැමෝම එක වගේ නෙමේ..

    උපුටා ගැනීම: Planes Magazine
    https://www.facebook.com/planesmagazine/posts/1613956788908873


     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,429
    983
    113
    අතරමග
    ටික කලකට ඉස්සර මේ චිත්‍රපටිය බැලුවා. නීර්ජා ලෙස සෝනම් කපූර් අපූරු රංගනයක නිරත වෙනවා. සංවේදී කතාවක්!
     
    • Like
    Reactions: rashee_irosh

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ටික කලකට ඉස්සර මේ චිත්‍රපටිය බැලුවා. නීර්ජා ලෙස සෝනම් කපූර් අපූරු රංගනයක නිරත වෙනවා. සංවේදී කතාවක්!

    Yako umba +9 kiyala rep kapala :p LOL
    awulak na
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නියම කෙල්ලෙක්... :D හරියටම බැලුවොත් ගුවන් සේවිකාවකගේ ප්‍රධාන රාජකාරිය තමයි මගීන්ගේ ආරක්ශාව... :yes:
    මේ ෆිල්ම් එක මම බැලුවා... සිරා ෆිල්ම් එකක්... මේ ෆිල්ම් එක බලලා නීර්ජාගේ අම්ම කිව්වලු සෝනම් කපූර්ට වඩා මගේ දුව ලස්සනයි කියලා.. සිරාවටම ඒක ඇත්ත කියලා හිතුනා නීර්ජාගේ පින්තූර බලනකොට... :(

    දැන් ශ්‍රී ලන්කන් එයාර්ලයින් එකේ කැබින් කෲ ට්‍රේනිං එකේදි මේ ෆිල්ම් එක පෙන්නනවා කට්ටියට...
     
    Last edited: