(ZIKA) වෛරසය

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ශ්‍රී ලංකාව සහ Zසීකා (ZIKA) අවදානම


    fightzika.jpg


    පසුගිය දිනවල බලවත් අවදානයකට පාත්‍රවූ Zසීකා වෛරසය, බ්‍රසීලය ආදී ලතින් ඇමරිකානු රටවල ශීග්‍රයෙන් ව්‍යාප්ත වීමත් රෝගීවූ ගර්භනී මව්වරුන්ට මොලය වර්ධනය නොවුනු දරුවන් ලැබිමට ඇති හැකියාවක් පැවතීමත් වැනි පුවත් ඔබට මතක ඇති. එලෙස මහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම වෛරසය අප රටටද පැමිණීමේ අවදානමක් පවතින බව ඔබ දන්නවාද?

    කොහ්නේද මේ zසීකා එන්නේ?

    Zසිකා වෛරසය හඳුනාගෙන ඇත්තේ 1947 උගන්ඩාවෙදියි. නමුත් මැතකදී එය ලතින් ඇමරිකානු රටවල යලි හිස ඔසවන ලදී. බහුලව Zසිකා ප්‍රවනතාවක් ඇතිවූ රටවල් අතර වෙනිසුවේලාව, බ්‍රසීලය, කොලොම්බියාව,මෙක්සිකෝව සහා කැරිබියන් රටවල් ප්‍රධානවේ. නමුත් දැන් දැන් මෙම වෛරසය එම ප්‍රදේශ වල සිට අග්නිදිග ආසියාවට පැතිරෙමින් පවතී. තායිලන්තය, සිංගප්පූරුව, චීනය, මලයාසියාව මෙන්ම අපට කිට්ටු මාලදිවයිනත් මේ අතරවේ.

    zසීකා අවදානම සහිත රටවල් රතු පාටින් ලකුණු කර ඇත. ශ්‍රී ලංකාවත් එයට අයිති වේ. රූපසටහන BBC අනුග්‍රහයෙනි.

    zikamap

    අප රටට තර්ජනය එල්ල වන්නේ මේ අවස්ථාවෙදියි. එනම්, මෙම රටවල් වලසිට, සහ මෙම රටවල් කරා අප ජනතාවගේ සිදුවන ආගමන විගමනය ලතින් ඇමරිකානු රටවලට වඩා බෙහෙවින්ම වැඩි අතර එම ජනතාවද අපරටට පැමිණීම වැඩි බව අප සැවොම දන්නා කරුණකි. ඉතින් අප සැවොම මේ පිළිබඳව ඉතාම සීරුවෙන් පසුවිය යුතුය.

    Zසිකා වාහකයා එනම් “ඊඩිස් මදුරුවා”

    Zසිකා අප රට තුල ව්‍යාප්තවීම පහසු කරවන Zසිකා වාහකයා එනම් “ඊඩිස් මදුරුවා” (Aedis aegypti / Aedis albopictus) මර්දනය සම්බන්ධව අප තවමත් අසමත් වීම අනෙකුත් ප්‍රධාන හේතුවයි. දහවල් කාලයේ දෂ්ඨ කරන මෙම ඊඩිස් මදුරුවා ඩෙංගු සහ චිකුන්ගුන්යා වෛරස දෙකම පතුරවන වාහකයායි. අපි පසුගිය මාස කිහිපය තුල ඩෙංගු වසංගතයෙන් පිඩනයට පත්වූ අයුරු ඔබට නැවත සිහි කැඳවීම අවශ්‍ය නොවේ. මීට අමතරව ලිංගික ශ්‍රාවයන් මඟින්ද Zසිකා පැතිරෙන බව සොයාගෙන ඇත.

    Zසිකා රෝගලක්ෂණ මුලිකව හඳුනා ගැනීම, නිසි කලට වෛද්‍ය උපදෙස් පැතීම, සහ නිවැරදි පූර්ව ක්‍රියාමාර්ග අනුගමනය පිළිබඳව අපි සැවොම දැනුවත්වීම ඉදිරියේ අපට අතවනන භයානක වසන්ගතයකින් මිදීමට ඉවහල් වේවි.

    රෝග ලක්ෂණ:

    Zසිකා වෛරසය ශරීරයට ඇතුළු වන්නේ Zසිකා වෛරසය ශරීර ගතවූ ඊඩිස් මදුරුවෙක් ඔබට දෂ්ට කල විටයි. එලෙස අතුවූ පසුද තව දින 3 සිට 12ක් දක්වා කිසිඳු රෝග ලක්ෂණයකින් තොරව වෛරසය ගණනින් වැඩි වෙමින් ශරීරය තුල පැවතිය හැක. මුලික රෝග ලක්ෂණ ඩෙංගු හෝ චිකුන්ගුන්යා උණ රෝගවලට සමාන විය හැක.

    උණ/ හිස කැක්කුම රතු පැහැති බිබිලි /පලු ශරීරයේ මතුවීම සන්ධි කැක්කුම මස් පිඬු වේදනාව සහ විඩාව ඇස් රතුවීම /ඇස වටා හා ඇස පිටිපස කැක්කුම කකුල් (වළලුකර )ඉදිමීම මෙම රෝග ලක්ෂණද දින 2ත් 7ත් අතර පැවතිය හැක.

    රෝගය නිරවද්‍යව හඳුනා ගත හැක්කේ රුධිර සාම්පලයක් “වෛරස් PCR” පරීක්ෂණයකට භාජනය කිරීමෙනි. දැනට මේ සඳහා පහසුකම් රජයේ වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ (Medical Research Institute – Boralla) පවතී. යම් වෛද්‍යවරයෙක් යම් රෝගියකුට Zසිකා ලක්ෂණ තිබේ යයි සැක කළහොත් එය වහාම දැන්වීම සහ රෝගියා පරිකශ්නයට භාජනය කිරීමට යොමුකරවිය යුතුයි. මෙලෙස පරිෂකිරීමට රුධිර සාම්පල මුල් දින 5 අතරතුර ලබා ගත යුතුවේ.

    ප්‍රතිකාර තිබේද?

    ප්‍රතිකාර ලෙස විශේෂිත ප්‍රතිකාරයක් දැනට හඳුනාගෙන නොමැති අතර ප්‍රතිශක්තිය පවත්වාගනිමින් දියර සහ සමබල අහර වේලක් ලබාදී රෝගියා වෙනත් සන්කුලතාවන්ගෙන් මුදවා තබාගැනීම සිදුකරයි. Zසිකා වෛරසය සම්බන්ධව ප්‍රතිශක්තිය ලබාදෙන එන්නතක් තවම සොයාගෙන නොමැත.

    වේදනා නාශනය සඳහා ලබා දිය යුත්තේ පැරසිටමෝල් පමණක් වන අතර උණ සහ වේදනා සමනය සඳහා කිසි විටකත් වෙනත් වේදනා නාශක ඖෂධ ලබා ගැනීම නුසුදුසු මෙන්ම එලෙස ලබාගැනීම රෝග නිවාරණයට බෙහෙවින් බාධා ඇතිකරයි.

    බොහෝවිට මෙවන් රෝග ලක්ෂණ යටතේ රෝගියා රෝහල්ගත කිරීමට අවශ්‍ය නොවේ. වෛරසය ශරීරයට ඇතුල්වූ පසු දිනකිහිපයක් හෝ සමහර අවස්ථාවලදී දිගු කාලයක් (දින 10ක් – 14ක් )ශරීරය තුල පැවතිය හැක. බොහෝවිටම මෙය මාරාන්තික නොවේ.

    දැනගතයුතු වැදගත් කරුණු

    ඔබ Zසිකා වෛරසය පවතින රටක සංචාරය කර පැමිණ ඉහත සඳහන් රෝගලක්ෂණ වලින් පෙලෙන්නේ නම් අඩුවශයෙන් සති දෙකක් අතරතුර එබව දන්වා වෛද්‍යවරයකු හමුවිය යුතුයි. ඔබ ගර්භනී මවක් නම් ඉහත සඳහන් රෝග ලක්ෂණ සුළුකොට තකන්න එපා.., එය Zසිකාම නොවන්න පුළුවනි. නමුත් එවැනි රෝගලක්ෂණ Zසිකා මෙන්ම තවත් එවන් රෝග කිහිපයකම ලක්ෂණ වේ, ඔබව නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා කලින්ම යොමු කරවා ගැනීමෙන් ඔබත් ඔබේ දරුවාත් මෙවන් රෝග වලට ගොදුරු වීමෙන් වැළකිය හැකියි. මදුරු මර්දනය සඳහා හැකි සෑම අවස්ථාවකම කටයුතු කරන්න. තම ගෙවත්ත මෙන්ම පොදු ස්ථාන පිරිසින්දුව තබාගැනීමට දායක වන්න. රෝග ඇතිවීම ට වඩා වලක්වාගැනීම ඉතාම වැදගත් කරුණක්. එනිසා මෙම අවදානම අපට සිහි කැඳවීමක් ලෙස සලකා, අප සැවොම කලබල නොවී, නිසි පරිදි දැනුවත් වී අන් අයවද දැනුවත් කරමින් අවදානයෙන් කටයුතු කිරීම ඉතාම වැදගත් වේ.

    වෛද්‍ය දේවිකා ජයසේකර (MBBS )