ඕක ඉතින් පර්පස් එක අනුව වෙනස් වෙනවා
පොත් කියවන එක නම් පර්පස් එක, කින්ඩල් එකක් ගන්න හැබැයි ඒකෙ තියෙන්නෙ ග්රේස්කෙල් (කලු සුදු) ස්ක්‍රීන් එකක් හැබැයි දවසම උනත් එක දිගට කියවන්න පුලුවන් පොතක තියන ටෙක්ස්ට් වගේම ෆීලින්ග් එකක් තියෙන්නෙ බැටරි මාසයක් විතර තියනවා හැබැයි ෆිල්ම් බලන්න වෙබ් බ්‍රවුස් කරන්න ඇප් දාන ඒව මොනවත් කරන්න බැහැ (කින්ඩ්ල් ෆයර් කියලා එකක් තියනවා ඒක ඇන්ඩ්‍රොයිඩ් එකක් එක ගැන නෙමයි කිවුවෙ)
වෙබ් බ්‍රවුස් කරන්න ඇප් දාන්න ගේම් ගහන්න ෆිල්ම් බලන්න නම් නෝමල් ටැබ් එකක් ගන්න
නෝමල් ටැබ් වලට ඔප්ශන් 2ක් තියනවා ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් මේ දෙකෙ ආවේනික වාසි අවාසි තියනවා ඉතින් ඒවා ගැන බලලා ගන්න එක ඩිසයිඩ් කරන්න පුලුවන්
ඔය අතරෙ වින්ඩෝස් RT (ARM CPU තියන ඒවා) දුවන ටැබ්නුත් තියනවා ඒවයෙ නෝමල් වින්ඩෝස් සොෆ්ට්වෙයා දුවන්න බැහැ නෝමල් ටැබ් එකක් අරන් විනඩෝස් දාන්න බැහැ
වින්ඩෝස් දුවන නෝමල් ඇප් රන්න කරන්න පුලුවන් (x86 CPU තියන ඒව) ටැබ්නුත් මම දැකල තියනවා
ඔය හැම එකකම සෙකියුරිටි කියලා මහ අවුලක් නැහැ සෙකියුරිටි ගැනම ඔයතරම් හොයන්නෙ විශේශ හේතුවක් තියනවද?