කනත්තේ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කනත්තේ මාධ්‍ය සංස්කෘතිය...!

Borella-Kanatte-Cemetery-Colombo.jpg

බොරැල්ල කනත්තේ ගේට්ටු දම්වැල් ඉබි යතුරු දමා වසා දමලා ය. ඒ මදිවාට ගේට්ටු අද්දර පොලිස් බල ඇණි කිහිපයක්ම සීරුවෙනි. කනත්තේ තාප්පය අද්දර ඇතුලතින් හා පිටතින් දෙපැත්තෙන්ම ආයුධ සන්නද්ධ පොලිස් මුරකාවල් ය. ඈතින් සහ මෑතින් නවත්වා ඇති පොලිස් වාහන ද රාශියකි. මේ සියලු සූදානම මිහිදන් කරනු ලැබූ කර්තෘවරයාගේ සිරුර නැවත ගොඩ ගැනීම වෙනුවෙනි.
මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා පැමිණි මාධ්‍යවේදීන් ද කනත්තේ දොරකඩ අතුරු සිදුරු නැතිව පිරී සිටිති. ලෝකයේ ඇති තාක් කැමරා වර්ග සිදුවීම එසැණින් ග්‍රහණය කර ගැනීමට මාන බලමින් සිටිති. සටහන් පොත් පෑන් රැගත් මාධ්‍යවේදීන් ද සිදුවීමේ සිද්ධි කිසිවක් ගිලිහෙන්නට නොදී සටහන් කර ගැනීමට සැදී පැහැදී සිටිති.
එහෙත් අභාග්‍යයක මහත..!
කිසිදු මාධ්‍ය වේදියෙකුට කනත්තට ඇතුළු වීමට අවසර නැත. පොලිසිය දොරටු රැකවල් ලා සිටිති. එක විටෙම මාධ්‍ය සංවිධානයක ලොක්කෙකු පැමිණියේ ය. සියල්ලෝ ඔහුව වටකර ගෙන තමන් මුහුණ දී සිටි තත්ත්වය පැහැදිලි කෙළෝය. මාධ්‍ය සංවිධාන ලොක්කා කෙලින්ම කනත්තේ ගේට්ටුව කරා ගියේය.
“ අපිට ඇතුලට යන්න ඕනේ..!“
ඔහු දොරටුවේ සිටි සාජන් වරයෙකුගේ ඇස් දෙක කෙළින් බලා කීවේ ය.
“සොරි සර් මාධ්‍යවේදීන්ට කනත්තට ඇතුළු වෙන්නට දෙන්න එපාය කියලයි අපිට උපදෙස් ලැබිලා තියෙන්නේ“ සාජන්ට් මහතා ආචාරශීලීව පැවසීය.
“එහෙම කොහොමද? අපි ආවේ මෙතන වෙන දේවල් වාර්තා කරන්න. අපිට ඒකට අයිතියක් තියෙනවා. අපිට යන්න දෙන්න.“ මාධ්‍ය සංවිධාන ලොක්කා කනත්තේ ගෙට්ටුව අතින් තල්ලු කෙළේය. සාජන්ට් මහතා ලොක්කාගේ අත අල්ලා ගත්තේය.
“එකපාරක් කීවම අහන්නකෝ මහත්තයා.. අපි කරන්නේ රාජකාරියක්නේ. අපේ රාජකාරියට බාධා කරන්න එපා.“ සාජන්ට් මහතා නැවත කීවේය.
“ඉතින් සාජන්ට් මහත්තයා අපිත් ආවේ අපේ රාජකාරිය කරන්නනේ. ඒකට ඔහේලා මෙහෙම බාධා කරන එක වැරදියිනේ.“ මාධ්‍ය සංවිධාන ලොක්කා සාජන්ට් මහත්තයාට යෝකර් පන්දුවක් දැම්මේ ය.
“ඔව් අපට තේරෙනවා. ඒත් ඉතින් යන්න දෙන්න බැරිනම් බෑම තමයි“
සාජන්ට් තීරණාත්මක ලෙස කියන ගමන්ම මාධ්‍ය ලොක්කාගේ අත කරකවා ගේට්ටුව අල්ලාගෙන සිටි ග්‍රහණය ලිහිල් කෙළේය.

“බෑ බෑ බෑ එහෙම කරන්න දෙන්න බෑ. මේක මාධ්‍ය නිදහසට බරපතල තර්ජනයක්..! අපේ අයිතිය උල්ලංඝනය කිරීමක්..!! “ මාධ්‍ය සංවිධාන ලොක්කා එසේ කියා තමා වටා සිටි මාධ්‍යවේදීන් දෙස හොරැහින් බැලුවේය. සියලු දෙනාම ඔහුගේ කියමන අනුමත කරමින් සටනට බැස්සාහ.
“මහත්තුරු ඔය මොනවා කීවත් ඇතුලට යන්න දෙන්නම බෑ.“ සාජන්ට් මහතා ස්ථිර ලෙසම කීවේය.
ඔහෙත් එක්ක කතා කරලා වැඩක් නෑ. එන්න කියනවා ඔහේගේ ප්‍රධානියෙකුට අපිට එයත් එක්ක කතා කරන්න ඕනේ.“ මාධ්‍ය වේදීන්ද සටන අතහරින්නට සූදානම් නැති සේ ය.
“හරි හරි.. රාලහාමි ගිහින් කියන්න අර ලොකු මහත්තයාට මේ මාධ්‍ය කට්ටියට කතා කරන්න ඕනෙයි කියල.“ සාජන්ට් මහතා රාලහාමි කෙනෙකු පිටත් කර යැවීය.
තරු පටි පැළැඳි උසස් පොලිස් නිලධාරියෙකු මොහොතකින් මාධ්‍යවේදීන් ඉදිරියේ පෙනී සිටියේ ය.
“ අයි ඈම් වෙරි සොරි මයි ෆ්‍රෙන්ඩ්ස්. යූ කාන්ට් එන්ටර් ද සෙමෙට්‍රි.“ උසස් නිලධාරියා මාධ්‍ය වේදීන්ට අමුවෙන්ම අවසන් නිගමනය කියා දැම්මේ ය. එකෙනෙහිම මාධ්‍යවේදීන්ගේ පැත්තෙන් ඊට එරෙහිව ඝෝෂාවක් පැන නැංගේය.
“ මේ අහන්නකෝ මේ සියළු පියවර අරගෙන තියෙන්නේ ඔබ තමුන්නාන්සේලාගේ ආරක්ෂාව වෙනුවෙන්. අපි මේ රාජකාරිය කරන්නේ ඔබලාගේ ආරක්ෂාව වෙනුවෙන්. කරුණාකරලා අපිට සහයෝගය දෙන්න.“ පොලිස් ලොක්කා උස් හඬින් කීවේ ය.
ආරක්ෂාව..? කාගෙන් ආරක්ෂාවද? මහසෝනාගෙන්ද රීරි යකාගෙන්ද?
මාධ්‍යවේදීන් අතර සිටි එකෙක් ඇසුවේය. සභාවේ සිනා ය.
“අපේ ආරක්ෂාව අපි බලා ගන්නම්. ඔබතුමා මේ ගේට්ටුව අරින්න.“ මාධ්‍ය සංවිධාන ලොක්කා පොලිසියට අණ දුන්නේය. පොලිසිය ඒ අණ පිළිපදින්නට සූදානම් නොවීය. මාධ්‍ය ලොක්කා තම හඬේ ඉහලම තැනින් කතාවක් පටන් ගත්තේය.
“පොලිසිය දැනගන්න ඕනේ. මේ රටේ දැන් තොරතුරු දැන ගැනීමේ අයිතිය නීති ගත වෙලා තියෙන්නේ...“ ඔහුට ඔහුගේ කතාව අවසන් කරන්නට ලැබුනේ නැත. මෙතෙක් දිනක් ආගිය අතක් නොමැතිව සිටි එකෙකු කොහෙන්දෝ කඩා වැටී මහ හඬින් ඇසුවේ “මේකද යහපාලනේ ?“ කියාය.
“කරුණාකරලා මම කියන දේ අහන්න. මේවා අපිට ඉහලින් ලැබිලා තියෙන ඕඩර්ස්. ඒ නිසා අපට මොකවත් කරන්න බෑ..“ පොලිස් ප්‍රධානියා නැවත කීවේ ය.
“කවුද ඉහලින් ඕඩර්ස් දීලා තියෙන්නේ පොලිස්පතිද?“ මාධ්‍ය සංවිධාන ලොක්කා ඇසීය.
“නෑ නෑ පොලිස්පතිතුමා නොවේ.“
“එහෙනම් ආරක්ෂක ඇමැති ද?“ තවත් ප්‍රශ්නයකි.
“නැහැ ඇමැතිතුමත් නොවෙයි..“
“එහෙනම් කව්ද?“
“ජනාධිපති තුමා..!“
“මොකක්..?“
“ඔව් ජනාධිපතිතුමා තමයි උපදෙස් දුන්නේ..“
“බොරු කියන්න එපා ජනාධිපතිතුමා මේවට අත දාන්නේ නෑ..“
“නෑ නෑ මහත්තයා ජනාධිපතිතුමාමයි අපිව ජනාධිපති මන්දිරයට කැඳවලා පොලිස්පතිතුමා ඉදිරිපිට දීම උපදෙස් දුන්නේ..“
“කවද්ද..?“
“මාස තුන හතරකට කලින් තිබුණු රැස්වීමකදි...“
“හොඳයි මොකක්ද ජනාධිපතිතුමා කීවේ..?“
“ජනාධිපති තුමා කීවා, එතුමාගේ පාලන කාලය තුලදී මොනම හේතුවක් නිසාවත් මේ රටේ කිසිම මාධ්‍යවේදියෙකු කනත්තට යවන්න එපා කියලා..! “
පොලිස් ලොක්කා ඉහලින් ආ ඕඩරය පහලට කියා දුන්නේ ය.

Last edited:

blue_in_rio

Well-known member
  • “ජනාධිපති තුමා කීවා, එතුමාගේ පාලන කාලය තුලදී මොනම හේතුවක් නිසාවත් මේ රටේ කිසිම මාධ්‍යවේදියෙකු කනත්තට යවන්න එපා කියලා..! “ :rofl::rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Similar threads