පුනරුප්පත්තිය කියන්නෙ බොරුවක්???

donbos

Active member
  • Nov 13, 2015
    353
    34
    28
    සැහෙන බරපතල ප්‍රශ්නයක් තියනවනේ... මම කියල කෙනෙක් නැද්ද? මම කියල කෙනෙක් ඉන්නවද? මම කියල කෙනෙක් නැත්නම් ණිවන් දකින්නේ කවුද? එහෙම කියල... නේද?

    මේ ප්‍රශ්න ඔයාලටත් ඇති උනා නම්, ඒවාට පැහැදිලි පිළිතුරක් ලැබුණද??

    මම අහල තියන විදියට scientists ලා නම් මේ bodies කිරල බලලත් තියනවා පණ තියෙද්දියි, මැරුණමයි මේකෙන් මොනවා හරි එලියට යනවද බලන්න... joke එකක් වගේ...

    ඒත් ඇත්තටම නම් 'මම' කියල කෙනෙක් ඉන්නවා!! නැත්නම් කොහොමද එක්කෙනෙක්ගේ සංසාර ගමනක් ගැන කතා කරන්නේ?? අනික කියනවත් වගේ කාවද ණිවන් දක්වන්නේ 'කෙනෙක්' නොහිටියා නම්?? ඉතින් කෙනෙක් ඉන්නවා කියන එකේ සැකයක් නැහැ!! sure එකටම ඉන්නවා!!!

    ඕකා කොහෙද ඉන්නේ? අන්න ඒකයි මගේ ප්‍රශ්ණේ??

    මෙතැනදී සංසාර ගමන කියල එකක් අනිවාර්යයෙන් තියනවා කියන තැන් ඉදන් කතා කරොත් මම කියන එක අනිවාර්යයෙන් තියනවා..
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28

    සොබාදහම කියන්නෙ කොහොමත් ෆුලී ඔටෝමේටඩ් සිස්ටම් එකක් තමයි,එහෙම නැත්තන් දෙවියන් වහන්සේ කෙනෙක් ගාව වන්න වෙනවනෙ.., එහෙම ගාවගත්තත් දෙවියන් වහන්සේ ෆන්ක්ශන් වෙන්නෙ කොහොමද කිව්වම ආයෙත් අර ප්‍රශ්න්ටම එන නිසා විශ්වය ඔබ්ජෙක්ටිව්ලි ෆුලි ඔටෝමේටඩ් සිස්ටම් එකක් කියල කියන්න පුලුවන්.

    මම හිතන්නෙ ඉපදෙන හැම මනුස්සයම එකම os එක අරගන්නව නමුත් එක කස්ටමයිස් වෙනව කියල.

    ඔබ්ජෙක්ට් එක ඩිස්ට්‍රොය් උනාම ගාබේජ් එක ස්වැප් වෙන එක තමයි වෙන්නෙ මම හිතන්නෙ.ඒ ගාබේජ් එකෙන් ඊලගට ක්‍රියෙට් වෙන ඉන්ස්ටන්ස් වලට කිසිම බලපෑමක් වෙන්නෙ නෑ..,

    එල කොල්ලෙක්නෙ...:yes::yes::yes:
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    මෙතැනදී සංසාර ගමන කියල එකක් අනිවාර්යයෙන් තියනවා කියන තැන් ඉදන් කතා කරොත් මම කියන එක අනිවාර්යයෙන් තියනවා..
    මේවට උත්තර දෙන්න කව්රුත් නැද්දෝ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විඤ්ඤානයක් හරි ආත්මයක් හරි කර්මය හරි මොකක්හරි ඔය කියන සංසාරේ පුරා අපි අරන් යන කෑල්ල නැතුව මනුස්සයෙක්ට පවතින්න බැරිද :oo:
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    පුලුවන් නම් ඔප්පු කරපන් පුනරුප්පත්තිය බොරු කියල

    ඒක මම කියන්න ඕනම නෑ, ඕන බුද්දිමත් කෙනෙක්ට තේරෙනවා,
    පුනරුප්පත්තිය(හින්දු ආභාශය) බොරු, පුනර්භවය තමයි ඇත්ත...
    පුනර්භවය අනුව, මමත් නොවේ... වෙන කෙනෙකුත් නොවේ ...
    එතකොට..., මමත් නොවේ කිව්ව ගමන් ඒක ඔප්පු වෙන්නෙ නැද්ද?

    මේ පංචස්කන්ධය තුල පුද්ගලයක් නැත්නම්(බුද්ධ දේශනාව අනුව), ඊලඟ භවයේ ඒ සතාම හෝ තවත් සතෙක් නැවත ඉපදෙන්න විදිහක් නෑ නේද?
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    විඤ්ඤානයක් හරි ආත්මයක් හරි කර්මය හරි මොකක්හරි ඔය කියන සංසාරේ පුරා අපි අරන් යන කෑල්ල නැතුව මනුස්සයෙක්ට පවතින්න බැරිද :oo:

    විඤ්ඤානය හරි ආත්මය හරි කර්මය හරි මොකක්හරි අපේ නෙවෙයි කියල දේශණා කරල තියෙනවනෙ බ්‍රෝ...
    එතකොට...,සංසාරෙත් අපේ නෙවෙයි බ්‍රෝ...අපේ නොවන සංසාරයට අපි ඇයි කරදර වෙන්නෙ?
    ඒක නිසා, සංසාරෙට තියෙන කැමත්ත අයින් කරොත්(භව තණ්හා) අපිට මේ ජීවිතයේම නිවෙන්න පුලුවන්...
    අවධානයට: නිවන යනු ස්ථානයක් නොවේ බුද්ධියට අවබෝධවෙන/දැනෙන දෙයකි
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • සැහෙන බරපතල ප්‍රශ්නයක් තියනවනේ... මම කියල කෙනෙක් නැද්ද? මම කියල කෙනෙක් ඉන්නවද? මම කියල කෙනෙක් නැත්නම් ණිවන් දකින්නේ කවුද? එහෙම කියල... නේද?

    මේ ප්‍රශ්න ඔයාලටත් ඇති උනා නම්, ඒවාට පැහැදිලි පිළිතුරක් ලැබුණද??

    මම අහල තියන විදියට scientists ලා නම් මේ bodies කිරල බලලත් තියනවා පණ තියෙද්දියි, මැරුණමයි මේකෙන් මොනවා හරි එලියට යනවද බලන්න... joke එකක් වගේ...

    ඒත් ඇත්තටම නම් 'මම' කියල කෙනෙක් ඉන්නවා!! නැත්නම් කොහොමද එක්කෙනෙක්ගේ සංසාර ගමනක් ගැන කතා කරන්නේ?? අනික කියනවත් වගේ කාවද ණිවන් දක්වන්නේ 'කෙනෙක්' නොහිටියා නම්?? ඉතින් කෙනෙක් ඉන්නවා කියන එකේ සැකයක් නැහැ!! sure එකටම ඉන්නවා!!!

    ඕකා කොහෙද ඉන්නේ? අන්න ඒකයි මගේ ප්‍රශ්ණේ??

    :yes:

    හැබැයි මචං මම කියන කෙනා නිකම්ම නිකං පණ කෙන්දක් විතරයි.. ඒකට විවිධ මානසික ලක්ෂණ ශාරීරික ලක්ෂන එකතු වෙලා තමයි විවිධ පුද්ගලයො නිර්මාණය වෙන්නෙ..
    ගෑනු පිරිමි
    සුදු කලු
    කරුණාවන්ත නපුරු
    බුද්ධිමත් මෝඩ
    මේ හැම දෙයක්ම
    ඉතිං මේ හැම ලක්ෂණයක්ම එයාගෙමයි කියල ස්ථිරව භවයෙන් භවයට පවතින්නෙ නෑ..
    ඒකයි බුද්ධාගමේ ආත්මයක් නෑ කියල කියන්නෙ..
    අපි හැමෝගෙම තියෙන මේ පන කෙන්ද එක සමානයි..
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විඤ්ඤානය හරි ආත්මය හරි කර්මය හරි මොකක්හරි අපේ නෙවෙයි කියල දේශණා කරල තියෙනවනෙ බ්‍රෝ...
    එතකොට...,සංසාරෙත් අපේ නෙවෙයි බ්‍රෝ...අපේ නොවන සංසාරයට අපි ඇයි කරදර වෙන්නෙ?
    ඒක නිසා, සංසාරෙට තියෙන කැමත්ත අයින් කරොත් අපිට මේ ජීවිතයේම නිවෙන්න පුලුවන්...
    අවධානයට: නිවන යනු ස්ථානයක් නොවේ බුද්ධියට අවබෝධවෙන/දැනෙන දෙයකි

    අපි මොකක්හරි පවක් කරාම ඒකත් අපේ නෙවෙයිද එතකොට :oo: මොකද මම කියල කෙනෙක් නැත්තන්, මම කියල හිතාගෙන ඉන්න කෙනා කරන කියන දේවල් වලින් මට බලපෑමක් වෙන්න විදිහකුත් නෑ, මොකද බලපෑමක් වෙන්න මම කියල කෙනෙක් නෑනෙ. :oo:

    හැබැයි කියන්නෙ මම යමක් කරොත් කර්මය ගොනා පසුපස එන කරත්තේ වගේ එනවා කියල. ඉතින් ගොනා කියල කෙනෙක් නැත්තන් කරත්තේ මොකක් පස්සෙද යන්නෙ :oo:
     
    AnuradhaRa

    Well-known member
  • අපි මොකක්හරි පවක් කරාම ඒකත් අපේ නෙවෙයිද එතකොට :oo: මොකද මම කියල කෙනෙක් නැත්තන්, මම කියල හිතාගෙන ඉන්න කෙනා කරන කියන දේවල් වලින් මට බලපෑමක් වෙන්න විදිහකුත් නෑ, මොකද බලපෑමක් වෙන්න මම කියල කෙනෙක් නෑනෙ. :oo:

    හැබැයි කියන්නෙ මම යමක් කරොත් කර්මය ගොනා පසුපස එන කරත්තේ වගේ එනවා කියල. ඉතින් ගොනා කියල කෙනෙක් නැත්තන් කරත්තේ මොකක් පස්සෙද යන්නෙ :oo:

    මම කියල කෙනෙක් ඉන්නව මචං.. හැබැයි මම කියන කෙනා හැමදාටම එක වගේ නෑ.. වෙනස් වෙනව.. ඒකයි ඔය කියල තියෙන්නෙ..
     
    Shan_i

    Member
    Jul 30, 2016
    23
    2
    0
    අපි මොකක්හරි පවක් කරාම ඒකත් අපේ නෙවෙයිද එතකොට :oo: මොකද මම කියල කෙනෙක් නැත්තන්, මම කියල හිතාගෙන ඉන්න කෙනා කරන කියන දේවල් වලින් මට බලපෑමක් වෙන්න විදිහකුත් නෑ, මොකද බලපෑමක් වෙන්න මම කියල කෙනෙක් නෑනෙ. :oo:

    හැබැයි කියන්නෙ මම යමක් කරොත් කර්මය ගොනා පසුපස එන කරත්තේ වගේ එනවා කියල. ඉතින් ගොනා කියල කෙනෙක් නැත්තන් කරත්තේ මොකක් පස්සෙද යන්නෙ :oo:

    මොලයේ රසායනික ක්‍රියාකාරිත්වය අනුව තමයි අපේ සිතුම් පැතුම් එන්නේ.. හැබැයි භාවනා කරද්දී.. බන අහද්දී වගේ හිත තැන්පත් වෙනවා නමුත් තාවකාලිකයි.. අයෙත් ටික කාලෙකින් අර පරණ සිතුවිලිම එනවා.. මම කියල කෙනෙක් නැහැ කියල කියන්නේ හැබැයි ශරීරය මුලික කරගත් මම කියල කෙනෙක් නැහැ කියල නමුත් දැනීම මුලික කරගත් ශක්තියක් තියනවා.. එක තමයි ඔය විඤ්ඤානය කියන්නේ .. ඒ වගේම තවත් අපැහැදිලි තැන තියනවා කර්මය ගැන.. කර්මයට අනුව ප්‍රතිපල එන්නේ කොහොමද කියන එක ගැන.. එහෙමනම් අධ්රුශ්යමන බලවේගයක් තියෙන්න ඕනේ.. හොඳ ත්‍රෙඩ් එකක් ..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මොලයේ රසායනික ක්‍රියාකාරිත්වය අනුව තමයි අපේ සිතුම් එන්නේ.. හැබැයි භාවනා කරද්දී.. බන අහද්දී වගේ හිත තැන්පත් වෙනවා නමුත් තාවකාලිකයි.. අයෙත් ටික කාලෙකින් අර පරණ සිතුවිලිම එනවා.. මම කියල කෙනෙක් නැහැ කියල කියන්නේ හැබැයි ශරීරය මුලික කරගත් මම කියල කෙනෙක් නැහැ කියල නමුත් දැනීම මුලික කරගත් ශක්තියක් තියනවා.. එක තමයි ඔය විඤ්ඤානය කියන්නේ .. ඒ වගේම තවත් අපැහැදිලි තැන තියනවා කර්මය ගැන.. කර්මයට අනුව ප්‍රතිපල එන්නේ කොහොමද කියන එක ගැන.. එහෙමනම් අධ්රුශ්යමන බලවේගයක් තියෙන්න ඕනේ.. හොඳ ත්‍රෙඩ් එකක් ..

    මම නං කර්මයට කියන්නෙ හිතේ ස්වභාවය කියල..
    උඹ මේ භවයෙ යහපත් විදියට ජීවත් වෙන්ඩ පුරුදු වුණානං, ඊළඟ භවයෙදිත් ඒ පුරුදු මතු වෙනව..
     
    AnuradhaRa

    Well-known member
  • මොලයේ රසායනික ක්‍රියාකාරිත්වය අනුව තමයි අපේ සිතුම් පැතුම් එන්නේ.. :rolleyes:

    පරස්පර අදහසකුත් තියෙනව, මනස තමා මූලික වෙන්නෙ, දෙවෙනුව මොළය..
    ඉස්සෙල්ල සිතුවිලි එනව, ඊට පස්සෙ මොළය ඒ අනුව ක්‍රියාකාරී වෙනව
     
    Shan_i

    Member
    Jul 30, 2016
    23
    2
    0
    පරස්පර අදහසකුත් තියෙනව, මනස තමා මූලික වෙන්නෙ, දෙවෙනුව මොළය..
    ඉස්සෙල්ල සිතුවිලි එනව, ඊට පස්සෙ මොළය ඒ අනුව ක්‍රියාකාරී වෙනව

    ඔව් එක වෙන්නත් පුළුවන්.. මාරම සංකීර්ණයි.. කර්මය කියන්නේ පුරුද්දම කියල කොහොමද කියන්නේ..උදාහරණයක් හැටියට අපි ලබන ආත්මේ මානසික රෝගයක් තියන කෙනෙක් ළඟ ඉපදෙනවා එතකොට ජන වලින් අපිටත් එක එනවා..එතකොට මනස නෙමෙයි නේද මුලික වෙන්නේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම කියල කෙනෙක් ඉන්නව මචං.. හැබැයි මම කියන කෙනා හැමදාටම එක වගේ නෑ.. වෙනස් වෙනව.. ඒකයි ඔය කියල තියෙන්නෙ..

    හින්දු ආගමේ කියන මිනිස්සු වෙනස්වේවි දිගටම ඉපදී ඉපදී ගියාට ස්ථිර ආත්මයක් තියෙනවය කියන කතාවම නේද ඔයාගේ ත්‍රෙඩ් එකේ කියන්නේ(ඔයාගේ තරුව = ආත්මය). බුදුහාමුදුරුවෝ කීවේ ඕකමද කියල මට සැකයි. හින්දු ආගමේ ආත්මය ගැන කතාව බුද්ධාගමේ කෙලින්ම ප්‍රතික්ෂේප කරනව කියලයි මම අහල තියෙන්නේ. ඒ දෙකේ වෙනස මට තාම තේරෙන්නේ නෑ. :oo:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    පුනරුප්පත්තිය සහ පුනර්බවය කියන්නේ දෙකක්. .
    වචන දෙකේ තේරුම වෙනස්. .
    පුනර්බවය ගැන මෙම දර්ම දේශනාවේ විස්තර කරනවා. .

    මෙතනිනුත් තේරුම් ගන්න පුලුවන්. .

    "පුනර් භවය යනු කිමෙක්ද? පුනර්භවය යනු අනෙක් වචනයකින් කියැවෙන හේතු පළ දහමයි. සත්වයෙකුගේ මරණයෙන් පසු නැවත ඇතිවන යම සත්වයෙක් වීද, එම දෙවන සත්වයා පළමු සත්වයා නොවන බව පුනර්භවය තුල පැහැදිලිවම කියවේ. එසේ වේනම්, දෙවන සත්වයා පළමු සත්වයා නොවේද? එයත් එසේ නොවන බව පැවසීම වටී. එසේ නම කීම?

    මෙම කාරණය විස්තර කිරීමෙහිලා පහන දැල්ලක් උදාහරණ කොට ගැනීම සුදුසු යි මට සිතේ. දැල්වෙන පහනක දැල්ල උපකාර කරගෙන තවත් පහනක් දැල්වීමට හැකි බව අප සියලු දෙනාම දනිමු. එසේනම්, දෙවන පහනෙහි ඇත්තෙත් පෙර පහනේම දැල්ල යි කෙනෙකුට අභියෝග කල හැකිද? එය එසේ නොවේයි තවත් කෙනෙකුට අභියෝග කල හැකිද? නැත. මෙහිදී සිදුවූයේ පෙර පහන දැල්ලේ උණුසුම උපකාර කරගෙන දෙවන පහන තමන්ගේම දැල්ලක් නිර්මාණය කරහෙන පවත්වාගෙන යාමයි. දෙවන පහන දැල්ලක් පවත්වාගෙන යාමටඅවශ්‍ය සියලුම කාරණා සම්පූර්ණ කර තිබුනත් පෙර පහන් දැල්ල නොවීනම් දෙවන දැල්ල හට නොගනී. පෙර දැල්ල තිබුනත් දෙවන පහන නිසි පරිදි සකස්වී නොතිබුණි නම්, දැල්ල හට නොගනී.
    පුනර්භවය යන්නත් එවන්මය. දෙවන භවය හටගන්නේ පළමු භවය තුල සත්වයා ඇතිකරගන්නා විපාක දීම පිණිස සකස්වූ කර්ම හේතු කරගෙනය. "
     
    AnuradhaRa

    Well-known member
  • හින්දු ආගමේ කියන මිනිස්සු වෙනස්වේවි දිගටම ඉපදී ඉපදී ගියාට ස්ථිර ආත්මයක් තියෙනවය කියන කතාවම නේද ඔයාගේ ත්‍රෙඩ් එකේ කියන්නේ(ඔයාගේ තරුව = ආත්මය). බුදුහාමුදුරුවෝ කීවේ ඕකමද කියල මට සැකයි. හින්දු ආගමේ ආත්මය ගැන කතාව බුද්ධාගමේ කෙලින්ම ප්‍රතික්ෂේප කරනව කියලයි මම අහල තියෙන්නේ. ඒ දෙකේ වෙනස මට තාම තේරෙන්නේ නෑ. :oo:

    තරුව = ආත්මය :no:
     
    AnuradhaRa

    Well-known member
  • ඔව් එක වෙන්නත් පුළුවන්.. මාරම සංකීර්ණයි.. කර්මය කියන්නේ පුරුද්දම කියල කොහොමද කියන්නේ..උදාහරණයක් හැටියට අපි ලබන ආත්මේ මානසික රෝගයක් තියන කෙනෙක් ළඟ ඉපදෙනවා එතකොට ජන වලින් අපිටත් එක එනවා..එතකොට මනස නෙමෙයි නේද මුලික වෙන්නේ..

    ඒ වගේ තැනක උත්පත්තිය ලබන්ඩ හේතු වෙන්නෙ අපේ මේ ආත්මෙ ස්වභාවය නිසා..
    ඒකෙන් තමා උඹ ලබන භවයෙ කොතනද ඉපදෙන්නෙ කියන එක තීරණය කරන්නෙ.. උඹට සුදුසු ජාන තියෙන තැන නැවත උපදිනව