එකෝමත් එක ආදරයක්

Status
Not open for further replies.

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
ewa maha pawkara kathane ban.
owa wishwasa karana minissu amaruwe watenne wihin..
samaharawita upahaseta kiwwada danne na pora :baffled:
ඒක ඇත්ත මචන්
පොර කිව්වේ ඒක උපහාසයට නම් නෙවෙයි. :no:
 

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
11 කොටස

එසේ මාගේ අත තරමක් වෙලා තුරුළු කරගෙන සිටි ඈ සෙමින් සෙමින් අත නිදහස් කරන්නීය. මමද සෙමින් අත ඉවතට ගතිමි. හ්ම්.. මම මේ කරන්නේ කුමක්ද? මම මගෙන්ම ඇසුවේ සිතිනි. නැවත මා විසින් ඇගේ හිස සෙමින් සොලවා, පාඩම් කරන්නැයි පවසාසිට පුවත්පත් ඒජන්සියේ ඉදිරිපසට ගියේය. එසේ නොදැනිම එදින සවස් වුනි. මා ඇය වෙනුවෙන් තබාගන සිටි වෙඩින් කේක් කැබැල්ල හා ඡායාරූපය දුන්නේය. ඡායාරූපය දෙස ආදරයෙන් බැලූ ඈ 'ඔයාගේ සුවදත් මට ඕනේ' යැයි පැවසුවේය.

සුවද යනු මා ගල්වන බ්ලැක්නයිට් ආෆ්ටර්ශේව් එකෙහි සුවද විය යුතුය. ඒ හැර කිසිවක් මා ඇග ගල්වන්නේ නැත. ආෆ්ටර්ශේව් නම් මුහුනේ අතුල්ලා අත් දෙකේද ඉහල සිට අතුල්ලා ගැනීම මාගේ පුරුද්දයි. එවැනි එක් ආෆ්ටර්ශේව් කුප්පියක් ගෙදර ය. අනෙක ඒජන්සියේ ය. ඇය සුවද ඕනෑ යැයි කියූ විට මා ලග පුවත්පත් ඒජන්සියේ ඇති ආෆ්ටර්ශේව් කුප්පියේ ඉතිරි ටික ඇය අත තැබුවේය. ඇය එහි මූඩිය විවෘත කර සුවද බැලීය. ඇයගේ මුවගේ ඇත්තේ ලස්සන සිනහවකි. එයින් ඇය අදහස් කළ සුවද එය එය විය යුතු යැයි මම දැනගත්තේය.

එය අතේ තබාගෙන සිටි ඇය 'මෙය මටදැයි' විමසුවේය. මා කියා සිටියේ 'ඔය මා ගාමින් සිටින බෝතලයේ ඉතිරි හරිය බවය'. යමින් ගමන් ඔය වෙනුවට අලුත් එකක් අරන් දෙන්නදැයි විමසුවේය. ඊට ඇගේප්‍රතිචාරය වුනේ 'අලුත් එකක් අරගෙන එය අයියම' තබාගන්නා ලෙසය. එමෙන්ම පැරණි එකෙහි ඉතිරි හරිය ඇයට දෙන ලෙසත්ය. එය රැව්ල නොකපන ඇයට මුහුනේ ගෑමට අවශය නොවන බව පැවසූවේ සිනහා සෙමින්ය. මගේ සුවද බැලීමට පමණක් එය තිබීම ප්‍රමාණවත් වන බවත් ඒ සදහා හොදම දෙය මා භාවිතා කර ඉතිරි වූ එක බවද ඇය පවසන්නිය. මේ තරම් සෙනෙහෙබර වදන් මා දරාගන්නේ කෙසේද?

කුමන හැගුම්බර වදන් හුවමාරු වුවද, කෙතරම් ආදරයක් හිතට දැනුනද මෙය නම් ඇතිවිය හැක්කක් නොවේ යන හැගීම මට නැවත නැවතත් මෙනෙහිවන්නේය. ඇය මේ කුමන කතාව කිව්වද ඇගේ සිතේ මා කෙරේ ඇති බැදිම, කොල්ලෙක් හා කොල්ලෙක් අතර ඇතිවෙන ආදරයක් නොවීමටද පුලුවන්. ඒ මිත්‍රත්වය සහ භාග සහෝදර කම මත ඇතිවුනු ලෙන්ගතු කමක් වන්නටද පුලුවන. ඇයට ආදරයක් ප්‍රකාශ කිරිමට කිසිදාක ඉදිරිපත් නොවන තැනට මාගේ සිත හැඩගැස්වී තිබේ.

මෙසේ දවසින් දවස ගතවී ගොස් තවත් සුමාන දෙකක් පමණ පසු විය. දිනක් පාසල නිමවී පැමිණි ඇය මද සිනහවකින් යුතු වුවත් තරමක් අසනිප ගතියකින් ඇතිවූ වෙහෙස සමග මා දෙස බලා, පුවත්පත් ඒජන්සියේ වීදුරු දොර විවර කරෙගන ඇතුළතට ආවේය. මා ඇයිදැයි විමසූ පසු ඇ පැවසුවේ හිස කකියන බවත් උදේ සිට එය තිබෙන බවත්ය. මා හිසට සහ බෙල්ලට අත තබා බැලුවෙමි. දෙයියනේ මගේ අත පිච්චෙන තරමට ඈහට උණ ගෙන ඇත.

ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් සදහා වෛද්‍යවරු පැමිණෙන්නටද තව වෙලා තිබේ. ඉක්මනින් ක්‍රියාත්මක වූ මා අසල කඩයකින් පැනඩෝල් පෙති දෙකක් රැගෙන විත් ඈ හට දුන්නේය. ඕඩිකොලාන් හිස ගල්වා උණ බැස්වීමට උත්සාහ කිරිමට පුළුවන. නමුත් මෙය කුමණ උණ තත්වයක්දැයි නොදන්නා බැවින් බෙහෙත් අරන් දීම නුවනට හුරුයැයි මට සිතුනි. මේ ආකාරයෙන් සවස් වෙන තුරු තබාගත් ඇය සවස යමින් ගමන, වෛද්‍යවරයෙක් හමුවට කැදවාගෙන ගියේය. වෛද්‍ය වරයා මා හොදින් දන්නා හදුනන අප පාසලේ කීර්තිමත් මෙන්ම ක්‍රියාකාරී ආදිශිෂයෙකි. ඔහුගේ නම කියූ සැනින් පාසලේ පොඩි උන් පවා දන්නේ ඔහු ආදිශිෂයෙක් වුවද සැමවිටම පාසල සමග සිටින නිසාය. එමෙන්ම ඔහු ඉතා දක්ෂ වෛද්‍යවරයෙකි.

රෝග ලක්ෂණ බැලීමෙන් සහ විස්තර විමසිමෙන් පසුව ඔහු විසින් ඇයවෙත බෙහෙත් ලබාදුනි. ඒ සමග ඔහු භාතියගේ කව්ද මේ.... යැයි විමසීය. එය ඇසූ ස්වරයෙන් ඔහු විමසන්නේ මේ මාගේ පෙම්වතියද යන්නය. එකෙනෙහිම මා ඔහු සමග කියා සිටියේ මේ මාගේ නැගනිය බයවයි. එම වදන් මගේ මුවින් ආවේ නොදැනුවත්වමය. වෛද්‍යවරයා ආ.... ඒක මිසක් යැයි පවසා බොහෙත් බොන ආකාරය ගැන කීවේය. මා කිව්වේ බොරුවක් යැයි ඔහු සිතුවා විය යුතුය.

ඇයට අසනීප බැවින් අද මා ඇයව නිවසට ඇරලුවේ ත්‍රීරෝද රතයක් හයර් එකට ගෙනය. වෙනදාට ගේට්ටුව ලගට පමණක් ඇය ඇරලන මා අද ඇයගේ නිවසටම ගොස් ඇරලවිමට වගබලා ගත්තේය. ඇගේ මව සමගද මද වේලාවක් කතා කරමින් සිට, එම නිවසින් තේ එකක්ද බී එදින මා පිටවුනේ කැළඹුනු සිතිනි. ඒ ඇයගේ අසනිපය මටද වේදනාවක් වෙන නිසාය.

දින දෙකක් ගත වුනි. ඇය තවම පාසල් යන්නේ නැත. ඊට හේතුව තවම උණ එතරම් හොදවී නැති වීමය. දැන් මටද නින්ද යන්නේ නැත. සිතින් මටද උණ සෑදී ඇති සේය. මා විසින් අදාළ වෛද්‍ය වරයාවෙත ගොස් පැවසුවේ ඇයට තවම හොද නැති බවත් නැවත ඇයව පරික්ෂා කර බෙහෙත් ලබා දෙන ලෙසත්ය. එමෙන්ම ඇයගේ ලේ පරික්ෂා කර බලන්නේ නම් හොද යැයි මා ඔහුට වෛද්‍ය කරුණුද කියා සිටියේය.:P එහෙත් ඔහු කියා සිටියේ ලබාදුන් බෙහෙත් අවසන් වෙන තෙක් බිව යුතු බවත්, උන තත්වය ගැන කලබල විය යුතු නැති බවත්ය.

කෙසේ වෙතත් මට නම් එය කළබල විය යුතු කරුණකි. මා වහා පිටත් උනේ ඇගේ නිවස වෙතය. නිවසේ ඈ ඇද මත වැතිරී සිටී. ඇගේ හිස අසල ඇදේ හිදගත් මා දැන් කෙසේදැයි විමසා සිටියෙමි. දැන් නම් තරමක් හොද බවත් තවම ඔලුව රිදෙන බවත් ඇය කිව්වේ දෑසේ කදුළු පුරවගෙනය. එය මටද මහත් වේදනාවකි. මගේ අතින් ඇගේ හිස අතගෑවුනේ නොදැනුවත්වමය. සුලු මොහොතකින් මතක් වුන කරුණ නම් ඇගේ මවද ලග ඇති බවය. මට දෙලොව රත්වුනි. ඇගේ මව දෙස මා බැලුවත් ඇගේ වෙනසක් නොවිය. ඇය කියා සිටියේ දැන් මෙයාට හොදයි යන්නත් ඔය හුරතල් විම සදහා ඇද මතට වී සිටින බවත්ය. මමද ආ... ඒක මිසක් යැයි පවසා ඇයගේ හිස මතට අත තබා සිනාසුනේ ඇගේ මවද සිටියදීම.

ඉන් පසුවද මවගේ මුහුනේ වෙනසක් නොව්නේ පූර්ණිගේ සහෝදරයෙකු ලෙස, ඇගේ මව, මා පිළිබදව සිතන නිසා විය යුතුය. එමෙන්ම ඇය සුලු වාග් ප්‍රහාරයක්ද මා වෙත එල්ල කලේ නොදැනෙන ගානටය. එනම් ඇය කියා සිටියේ අපගේ ඇතැම් නෑදෑයින් පූර්ණි සහ මම පිළිබදව වැරදි ලෙස සිතුවද ඇය නම් අප පිිලබදව දන්නා බවය. එය කියූ සැනින් මා රත් විය. කන්දෙකෙන් දුම දමන්නාක්මෙන් හැගීමක් මා හට ඇති විය.


මතු සම්බන්ධයි...
12 කොටස 54 පිටුවේය.
http://www.elakiri.com/forum/showthread.php?t=1766213&page=54


ත්‍රෙඩ් එක bump කිරීමෙන් හෝ උදව් කරන සැමට මාගේ හද පිරි ස්තූතිය පුදමි.
එය ලියන මාහට ශක්තියක් වන්නේමය.
 
Last edited:

BlizZ

Member
Oct 6, 2015
319
30
0
හප්පේ හෙට 12 වෙනකං ඉන්න එපැයි දැන්... :baffled::baffled:
 

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,170
    24,809
    113
    tracing Geo-location.. ... ...
    පුළුවන් නම් රෑ වෙලා තව එකක් දාල ඊට පස්සේ තව එකක් දාපන්කෝ.. ඊට පස්සේ තවත් එකක් දාපන් නිදාගන්න කලින් පුළුවන් නම්,, :P:P
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    හෙට ගොඩක් වෙලාවට කතාව ඉවර කරන්න පුලුවන් වෙයි.
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    පුළුවන් නම් රෑ වෙලා තව එකක් දාල ඊට පස්සේ තව එකක් දාපන්කෝ.. ඊට පස්සේ තවත් එකක් දාපන් නිදාගන්න කලින් පුළුවන් නම්,, :P:P

    :P
    හෙට ගොඩක් වෙලාවට ඉවර කරන්න පුලුවන් වෙයි මචන්.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    :P
    හෙට ගොඩක් වෙලාවට ඉවර කරන්න පුලුවන් වෙයි මචන්.

    අඩෝ තව පොඩ්ඩයිද බන් තියෙන්නෙ එතකොට? :(:(:(
    මේක උබට වෙච්ච ඇත්තම සීන් එකක්ද?
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    අඩෝ ඉවර කරන්න එපා බන්.. :no::no: කතාව ඉවරයි ද කියන්නේ එතකොට? :(:(

    සමහර දේවල් ගොඩක් විස්තර කරේ නෑ මචන්. එක වගේ දේවල් නිතර නිතර කියනකොටත් බෝරිං වෙනවනේ. ඔය ඇත්ත කතාවේ එකම දේ නැවත නැවත සෑහෙන්න වාර ගානක් වෙලා තියනවා. ඒ වගේම මට මගඇරුණු කොටසුත් ඇති. සමහර පරණ කොටස් මතක් වෙන්නේ අලුත් කොටසක් ලියනකොට. එහෙම වෙලවට ආයි පරන කොටස දාන්න බැරුව ගිය අවස්තා තියනවා. :sorry: මේ කතාව කියවද්දි උඹලගේ හිතට එන දේවල් තියනව නම් කියන්න.
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    අඩෝ තව පොඩ්ඩයිද බන් තියෙන්නෙ එතකොට? :(:(:(
    මේක උබට වෙච්ච ඇත්තම සීන් එකක්ද?
    ඔව් කතාවක් විදිහට ලියන්න තියන්නේ තව පොඩ්ඩයි.
    ඔව් ඇත්තම සීන් එක බං.
     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    හරිම ලස්සනයි මචන්.:) මේක ඇත්තටම උබට උන සීන් එකක්ද:rolleyes:.ඇත්තටම ඔය වගේ ලව් සීන් කියවන්න කියවන්න ආසහිතෙනව බන්. දාපන් දාපන් තව තියන විශ්තර සෙරම ලියපන් ටිකක් අතින් දැම්මට අව්ලක් නැ .හැබැයි ඉක්මනට ඉවර කරනව එහෙම නෙවේයි හිටන්.:growl:. රෙප් පුලුවන් සේරම දුන්න...:P
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    Bukp kollo supiri ah
    thanks machan
    :):)
    එල එල​
    :):):)
    හරිම ලස්සනයි මචන්.:) මේක ඇත්තටම උබට උන සීන් එකක්ද:rolleyes:.ඇත්තටම ඔය වගේ ලව් සීන් කියවන්න කියවන්න ආසහිතෙනව බන්. දාපන් දාපන් තව තියන විශ්තර සෙරම ලියපන් ටිකක් අතින් දැම්මට අව්ලක් නැ .හැබැයි ඉක්මනට ඉවර කරනව එහෙම නෙවේයි හිටන්.:growl:. රෙප් පුලුවන් සේරම දුන්න...:P

    අතිං දාන්න බෑ මචං. මොකද මේ සීන් එක මට හෙන සංවේදි සිද්දියක්.
    ගොඩක් වෙලාවට හෙට ඉවර වෙයි. :sorry:
    ඊටපස්සේ වෙලාවක අපි මාතෘකාවක් හොයාගන ප්‍රබන්ධයක් ලියමුකෝ..
     
    Status
    Not open for further replies.