මගේ බිරිඳ

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    " දවසක් රෑ මං ගෙදර ගියාම මගේ බිරිඳ ඇවිත් රාත්‍රී ආහාරය පිරිනැමුවා, එතකොට මං එයාගේ අත අරන් කිව්වා 'මට දික්කසාදය වෙන්න ඕනේ' කියලා. හැබැයි ඒක එයාගේ හිතට ලොකුවට බලපෑමක් ඇතිකළ බව නම් මට හැඟුනේ නෑ. ඒවෙනුවෙන් එයා ඉතාමත් මෘදු ලෙස මගෙන් 'ඇයි? ' කියලා ඇහුවා. මං ඒකට පිළිතුරු සැපයුවේ නැති නිසා ඇය කෝපයට පත්වුන වග මට පෙනුනා. එයා එකපාරට කෑම අනුභව කරන එක පැත්තකට දාලා අතේ තිබුණු හැන්ද පසෙකට විසිකරලා " ඔයා පිරිමියෙක් නෙවෙයි " කියලා එකපාරට කෑගැහුවා. අපි දෙන්නා ඒ දවස රාත්‍රියේ එකිනෙකාට කතා කරේ නැහැ. එයා දිගටම අඬනවා. මං දන්නවා ඇයට අපේ විවාහයට හදිස්සියේ මේ ඇතිවී තිබෙන ඉරණම දැනගැනීමට අවශ්‍ය වී ඇති බව, හැබැයි මං ඇයට සැහීමකට පත්වීමට තරම් පිළිතුරක් සැපයුවේ නැහැ. මා ඇය කෙරෙහි තිබු ආදරය Jane වෙත පවරා අවසානය. මම තවදුරටත් ඇයට ප්‍රේම කළේ නැහැ. නමුත් මා ඇයට අනුකම්පා කරා.
    මා ලොකු වරදක් කරන බව සිතේ හැඟවුනත්, මම දික්කාසද සහතිකය පිළියෙල කලේ අපි දැනට පදිංචි වී සිටින නිවස, වාහනය සහ මගේ සමාගමේ කොටස් වලින් 30%ක් ඇයට තමන්භාරයේම තියාගන්නාක් මෙන්ය. ඇය එම ලියුම දෙස කෝපයෙන් බලා කෑලි කෑලිවලට ඉරා දැම්මාය. අවසානයේ බිරිඳ මා ඉදිරියේ බෙරිහන් දෙමින් අඬා වැළපෙන්න ගත්තා. මා මුලින් බලාපොරොත්තු වූ දේ, එනම් දික්කසාද වීම දැන් බොහෝ දුරට යථාර්තයක් වී හමාරයි.
    උදේ ඇයගේ දික්කසාද සහතිකයේ කොන්දේසි ඉදිරිපත් කළේය. ඇයට මගෙන් කිසිවක් අවශ්‍ය වී‍ නැත. ඇයගේ එක ඉල්ලීමක් තිබුණි. එනම් එළඹෙන මාසය තෙක් අප දෙදෙනාම ජිවිතේ ප්‍රශ්නයක් ඇති බව නොහගෙන්න ජිවත් විය යුතු බවයි. ඇයගේ එම ඉල්ලීමට හේතුව සාදාරණයි. එනම් අපේ ළමයට ඊළඟ මාසයේ විභාගයක් තියනවා, ඇයට අවශ්‍ය වුනේ දරුවාට මේ අවස්ථාවේදී අපේ දික්කසාදය ගැන කියා ඔහුගේ මනස අවුල් නොකර සිටීමටයි.
    ඒ එක්කම ඇය අපි විවාහ වුන දවසට පසු දින උදෑසන මා ඇයව වඩාගෙන මගුල් කාමරෙන් පිටතට රැගෙන ආපු සිද්ධිය මතක් කරා. ඇය පැවසුවේ ඊළඟ මාසය එළඹෙන තුරු හැමදාම ඇයව එදා ඔහු වඩාගෙන මගුල් කාමරයෙන් පිටතට රැඟෙන පැමිණියාක් මෙන් ඇයගේ කාමරයේ සිට සාලය තෙක් වඩාගෙන යා යුතු බවයි. මා සිතුවේ ඇය දැන් පිස්සු වැටී ඇති බවයි. නමුත් අවසාන දවස් කිහිපය ඈ සමග රණ්ඩු ඇති කරගත නොයුතු නිසා ඇගේ ඉල්ලීමට මා හිස නැමුවා.
    පළමු දවසේ මා ඇයව වඩාගෙන කාමරයෙන් පිටත්ට එද්දී අපි දෙදෙනාටම අමුත්තක් හිතට දැනුනත් අපේ දරුවා පසෙක වී ඒ දෙස බලා සතුටින් අත්පුඩි ගසනු මා දුටුවෙමි. ඒ සමගම ඔහු " අම්මිව තාත්ති වඩා ගෙන එනවා... අම්මි බබා... " යනුවෙන් සිංදුද කියන්න ගත්තා. එය මගේ හිතේ ලොකු වේදනාවක් ගෙන දෙන්නට තරම් සමත් වුනා. මා ඇයව මෙසේ රැගෙන එද්දී ඈ ඇගේ ඇස් දෙක වසා හෙමින් සීරුවේ පැවසුවේ " අපේ දරුවාට අපේ දික්කසාදය ගැන කියන්න එපා " යනුවෙනි. පසුව මා ඇයව සාලය අසල බිම තැබුවෙමි.
    දෙවැනි දවසේ මා ඇයව වඩාගෙන එද්දී පළමු දවසමෙන් ලොකු අමුත්තක් අපි දෙදෙනාමට නොදැනුනේය. ඇය මගේ පපුවට ගොඩාක් ලං වුනා, ඒ සමගම ඇය පැළඳ සිටි ගවුමේ සුවද මට හොඳින් දැනුනා. ඒ වෙලාවේ මට සිතුනේ ඇත්තටම මං ඈ දෙස ගොඩාක් කල් නොබැලු බවයි. ඇය තවදුරටත් තරුණ නැත. ඇයගේ මුහුණේ අතරින් පතර රැලිද වැටී තිබුණු. ඊට අමතරව ඇඟේ හිසකෙස්ද තැනින් තැන සුදුවී තිබුණි. අපේ විවාහය මට සිහියට එයි, ඇය වෙනුවෙන් පහුගිය සමයේ මා කුමක් කලේද යැයි ෂණිකව මගේ සිත මගෙන්ම ප්‍රශ්ණ කරයි.
    හතරවෙනි දවස මා ඇයව වඩාගද්දි, ඈ මගේ ඉතා කිට්ටු ආශ්‍රයක් ඇති කෙනෙකු මෙන් හැඟෙ. මේ තමයි වසර 10ක් පුරාවට මා හට ජිවිතේ ලබාදුන් ඒ කාන්තාව. පස්වන සහ හයවන දවසේ මට හැඟුනේ අපේ බැඳීම් නැවත වර්ධනය වන බවයි. කාලයත් එක්කම ඇයව වඩා ගැනීම එතරම් අපහසු වුනේ නැත. මට ශනිකවම ඇයගේ ශරීරය ඉස්සරට වඩා දැන් කෙට්ටු වී ඇති බව පෙනෙයි.
    දවසක් උදේ මට මෙහෙම සිතුණි, ඈ මේ වේදනා සහ දොම්නස හිතේ තියාගෙන මෙතරම් දුරට ඉවසාගෙන සිටින්නේ කොහොමද යන වග. මා ඈ වෙත ගොස් ඇගේ ඔලුව මත මගේ අත තැබුවෙමි. එවිටම අපේ දරුවා දිවගෙන ඇවිත් පැවසුවේ " තාත්ති තාත්ති දැන් අම්මිව වඩාගන්න වෙලාව " යනුවෙනි.
    අපේ ළමයට දැන් හැමදාම උදේම මා ඇයව වඩාගෙන සාලයන පැමිණීම දැකීම ප්‍රියජනක සිද්ධියක් වෙලා. ඇය දරුවාට ලඟට පැමිණෙන මෙන් ඇරයුම් කරයි. පසුව ඇය ඔහුව තදින් සිපගනී. මා ශනිකවම මගෙ මුහුණ අහකට හරවා ගත්තේ නැවත මගේ මනස මාරු වෙයි යන බියෙනි. මොහොතකින් මා ඇයව වඩාගත්තෙමි. ඉබේම ඇය ඇයගේ අත මගේ කර වටේ දමාගත්තේය. මා ඇඟේ ශරීරය තදින් අල්ල ගත්තෙමි. එනම් අප විවාහ වූ දින මා ඇයව වඩාගත් අවස්ථාවේදී මෙන්.
    මාසයේ අවසාන දවසේ ඇයව වඩාගෙන එද්දී මට පියවරක් ඉස්සරහට තැබීම ඉතාමත් අසීරු කාර්යයක් විය. මං දන්නවා මා කුමක් කල යුතුද කියා. මං Jane ගේ නිවසට වාහනය පදවන් ගියා. උඩහමහලට ගොස් " මට සමාවෙන්න Jane, මට බැහැ මගේ බිරිඳව දික්කසාද කරන්න " යනුවෙන් පැවසුවෙමි.
    මට සිදුවූ හැමදේම පැහැදිලියි. අපි විවාහ වුන දවසේ මං මගේ බිරිඳව රැගෙන ගියේ අපේ නිවසට. එහිදී මා ඇයට පැවසුවේ " මිය යන තුරු මා ඈ ලඟින්ම සිටින බවයි"
    නිවසට යන විට මා ඇයට දීම සඳහා මල්පොකුරක් හා කාඩ් පතක් මිලදී ගත්තෙමි. එවිට වෙළඳ සේවිකාව විමසා සිටියේ " සර් කාඩ් එකේ මොනාද ලියලා ඕනේ " යනුවෙනි. මද සිනහවක් පාමින් මා පැවසුවේ " සෑම දවසකම හිමිදිරියේ ඔබව වඩාගෙන කාමරයේ සිට සාලය තෙක් ඇවිදන් යන්නම් මා මිය යන තුරු " යනුවෙන් ලියාදෙන මෙන් ඉල්ලා සිටියෙමි.
    මල් පොකුරද අතින් ගෙන මං නිවසට ගොඩවුනෙමි. මගේ සිතේ ලොකු සතුටක්ද ඇත. නමුත් මා නැති ටිකට මගේ බිරිඳ ඇඳ උඩ නිදියන මොහොතේ මියගොස් ඇති බව මා දුටුවෙමි. පසුව මට ආරංචි වුනේ මීට මාස කිහිපයකට පෙර ඇය පිලිකාවකින් පීඩා වින්ද බවයි. නමුත් මා Jane සමග කාලය ගෙවූ නිසා මගේ බිරිඳ ගැන සොයා බැලුවේ නැහැ. ඈ දැනන් හිටියා ඈ ඉක්මනින් මිය යන බව, ඇයට ඕන වුනේ අපේ දරුවාට අපේ වෙන්වීම ගැන වැරදි මතයක් ( එනම් මා හට Jane සමග සම්බන්දයක් තිබුණ නිසා අපි දෙදෙනා දික්කසාදය වුනා ) යනුවෙන් දුකක් නොදිමටයි. අපේ දරුවාගේ ඇස් දෙකට තවම මම ඔහුගේ මවට ආදරණිය සැමියෙක්. අවසාන වතාවට මා ඇයව කාමරයෙන් පිටතට වඩාගෙන පැමිණියෙමි.
    Hamza Haniffa කියන තරුණයා අන්තර්ජාලයට එක් කර තිබූ උපුටා ගනීම අවසන්ය. (ඔහුට මෙහිදී ස්තුතිවන්ත විය යුතුය.)
    දැන් ලියන්නේ මට ලියන්න ඕනදේය. බොහෝ පිරිමින්ට ජීවිත ගමනේදී තමන් සමඟ දුක්විඳපු ගැහැණිය ජීවිත සතුටෙදි අමතකය. ලොකු තැනකට ආපු ගමන්ම අමතක කරන්නේ ගෙදර ගෑනිය. ආපහු අන්න ඒ ගැහැණිය මතක් වෙන්නේ දුකක් කරදරයක් පැමිණි විටය. හැබැයි එතකොට වෙන්න ඕන හැමදේම වෙලා ඉවරය.
    ගිය සතියෙ නොලිව්වේ ලියන්න දෙයක් තිබ්බේ නැති නිසාය. අන්න ඒ නිසාම ලබන සතියෙ ලියන්න අවශ්‍ය වන්නේ ඔබේ අදහස්ය.
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    හිතට ගොඩක් දැනුනා. :(
    ගොඩක් මිනිසුන් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේය. තමන්ගේ බිරිදට, අම්මට සලකන්නේ නැති ගොඩක් පිරිමින් පිට මිනිස්සුන්ට මාර හොදය. නමුත් උන්ට බැරිවුන විට පිහිටට ඉන්නේ බිරිද හෝ අම්මා පමණි. තාවකාලිකව හිතට දැනෙන යම් තෘප්තියක් වෙනුවෙන්, තමන්ට ආදරය කරන බිරිදට පහත් විදිහට සලකන පිරිමි නම් කවදා හරි විදවන්නට වෙනවා නිසැකය.
     
    • Like
    Reactions: December

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හිතට ගොඩක් දැනුනා. :(
    ගොඩක් මිනිසුන් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේය. තමන්ගේ බිරිදට, අම්මට සලකන්නේ නැති ගොඩක් පිරිමින් පිට මිනිස්සුන්ට මාර හොදය. නමුත් උන්ට බැරිවුන විට පිහිටට ඉන්නේ බිරිද හෝ අම්මා පමණි. තාවකාලිකව හිතට දැනෙන යම් තෘප්තියක් වෙනුවෙන්, තමන්ට ආදරය කරන බිරිදට පහත් විදිහට සලකන පිරිමි නම් කවදා හරි විදවන්නට වෙනවා නිසැකය.

    :yes::yes::yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කෙනෙකුට හිතන්නවත් බැරි විදිහේ කැපකිරීමක් තවත් කෙනෙක් වෙනුවෙන් කරන මින්ස්සුත් මේ ලෝකෙ ඉන්නවා...:(
    ඒත් ඒ අයව තේරුම් ගන්නකොට ගොඩ දෙනෙක් පරක්කු වැඩියි..:sorry:
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    තමාගේ සැමියා දරුවා වෙනුවෙන් කැප උන කොයිතරම් ගැහැණු රටේ ඇතිද ?
    ඒ තමා ,නියම බිරීද , නියම අම්මා !
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    තමාගේ සැමියා දරුවා වෙනුවෙන් කැප උන කොයිතරම් ගැහැණු රටේ ඇතිද ?
    ඒ තමා ,නියම බිරීද , නියම අම්මා !