දෙහි ගෙඩියක් දකින්නත් ආසයි

lankaq

Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    ඊයේ දෙහි ගෙඩි දෙකක් ගෙනාව රු100 යි දෙහි වලට විකල්පයක් නැද්ද බ්‍රදර්ස් ලයිමොල් අනන් මනන් දැම්මාම අමුතු රහක් එන්නේ ‍.ලෙමන් දාන්නත් ලෙමන් හොයාගන්නත් නෑ‍.

    Mekath balapan
    :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1768094
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දෙහි වාරෙට ගෙනල්ල ප්‍රිජ් එකේ දාල තියාගත්තනං අවාරෙ ආවාම විකුණල හොඳ ලාභයක් ගත්තෑකිනෙ ගෙඩියක් 100යි කියන්නෙ :D :D
    නාරං දාන්නෙ රහ පොඩ්ඩක් වෙනස් වෙනව ඒත් කන්න බැරි කමක් නෑ :yes::yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දෙහි වාරෙට ගෙනල්ල ප්‍රිජ් එකේ දාල තියාගත්තනං අවාරෙ ආවාම විකුණල හොඳ ලාභයක් ගත්තෑකිනෙ ගෙඩියක් 100යි කියන්නෙ :D :D
    නාරං දාන්නෙ රහ පොඩ්ඩක් වෙනස් වෙනව ඒත් කන්න බැරි කමක් නෑ :yes::yes:
    ehema thiya ganna puluwanda bn masa 3-4 k wage
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ehema thiya ganna puluwanda bn masa 3-4 k wage

    මෝචරියෙ මිනී තියාගන්නෙ ප්‍රිජ් එකේ දාල ඉතිං දෙහි බැරිවෙන්න විදිහක් නෑනෙ බං :yes: :yes:
    සිරාවට මෝචරියක් අරං දෙහි කුට්ටි පිටිං දාල තිබ්බ නං අවාරෙ ආවාම වික්කෑක :D :D
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෝචරියෙ මිනී තියාගන්නෙ ප්‍රිජ් එකේ දාල ඉතිං දෙහි බැරිවෙන්න විදිහක් නෑනෙ බං :yes: :yes:
    සිරාවට මෝචරියක් අරං දෙහි කුට්ටි පිටිං දාල තිබ්බ නං අවාරෙ ආවාම වික්කෑක :D :D

    welenawa bn juice nethuwa yai
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කාබිලින්කාකාබිලින්කාකාබිලින්කාකාබිලින්කාකාබිලින්කාකාබිලින්කාකාබිලින්කාකාබිලින්කාකාබිලින්කාකාබිලින්කාකාබිලින්කා
    kabaranka da? :confused:
    pol sambala walata nam lunudehi daapan , patta
    ow lunu dehi nam samboleta hari eth dehi nea ne lunu dehi dannath

    lime-018.jpg


    Dakkada???
    dekka kal :D
    ඉස්සර කාලේ මිනිස්සු අවාරෙට දෙහි නැ කිය කියා ඇඩුවේ නැ . කැවේ ලුණු දෙහි. එහෙම නැත්නම් සියබලා.දෙහි තියෙන කාලෙට ගස් යට වැටිලා කුණු වෙලා යනවා. සියබලත් වේලලා ලුණු දමා තිය ගන්නවා දැන් මේ තියෙන super market සංස්කෘතියක් එක්ක ලුණු දෙහි දාන එක මදි පුංචි කමක් වෙන්න ඇති. තව ටික කලක් යනකොට දෙහි නැතිව මොකක් හරි කෘතීම ආදේශ පැකට් එකක් එයි. ඕක තමයි තත්වේ.
    :yes: eka atta bn kauda hithuwe mehema wei kiyala
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    onna wede karanawa nam

    Limes may be stored at room temperature; to extend shelf life, refrigerate.
    To freeze limes: (1) Wash and peel, then divide fruit into sections, removing all membranes and seeds; (2) In a saucepan, combine 2 3/4 cups sugar and 4 cups water, mix until the solution is clear, and bring to a boil; (3) Cool the syrup and pour over limes; (4) Place limes and syrup in covered airtight containers or heavy-duty freezer bags.
    Whole limes may also be frozen as is in plastic bags; they will be mushy when thawed, but can be used for juice.
    Freeze fresh lime juice in ice cube trays and then transfer to heavy-duty freezer bags.
    Freezer time shown is for best quality — foods kept constantly frozen at 0° F will keep safe indefinitely.

    http://www.stilltasty.com/fooditems/index/17578
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    How to Zest, Juice and Freeze Lemons and Limes

    1. Wash and scrub the outside of the citrus fruit very well.

    2. Remove the zest (leaving the white, bitter pith behind) with a lemon zester or a microplane. A zester (shown with the lemon) will give you long thin strands while a microplane (shown with the lime) will give you small bits of zest.


    LimesLemons4-300x203.png


    LimesLemons3-300x196.png





    3. Place zest in a small container or bag, label and freeze. Use in place of fresh zest called for in any recipe.

    LimesLemons5-300x200.jpg

    4. Cut the citrus in half and squeeze out the juice using your favorite juicing tool. For tips on getting the most juice out of citrus read 4 Tips to Get More Juice from Citrus.
    LimesLemons6-300x201.jpg


    5. Pour juice into ice cube tray and freeze. Once cubes are frozen store in a well-sealed freezer bag or container. One cube is equivalent to about 1 Tablespoon.

    LimesLemons7-300x201.jpg



    Can you freeze Whole Lemons and Limes?

    Frozen whole lemons and limes are soft and mushy, being suitable only for juicing. But if you’re in a pinch, it can be done.

    A better option would be to quarter or slice the lemons and limes (or other citrus) before freezing. Cut to desired shape and size, lay out on a baking sheet and freeze individual pieces. Once they are frozen, you can seal them in a freezer container and take out however many you need at a time. These frozen segments can be added to beverages such as fruit punch while still frozen. This option works well if you have leftover lemon or lime slices after hosting an event.

    The Center for National Home Food Preservation also has recommendations for freezing citrus fruit segments in a simple syrup solution.
    How to Use Frozen Zest and Juice?

    Using frozen lemon or lime juice and zest is easy. Simply use as much frozen zest or juice as you would fresh in any recipe.

    I like using a frozen lemon juice cube with honey ginger to soothe sore throats and frozen lime cubes in homemade guacamole. Both the frozen zest and juice work well in these Luscious Lime Bars.


    Getty Stewart is an engaging speaker and writer providing tasty recipes, time-saving tips, and helpful kitchen ideas. She is a Professional Home Economist, author of Manitoba’s best-selling Prairie Fruit Cookbook, Founder of Fruit Share, mom and veggie gardener. For more articles, recipes and tips on Making Home Cooking Easy and Enjoyable visit her blog at www.gettystewart.com.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දෙහි අස්වනු නාස්තියට සාර්ථක පිළියම්

    ගෙවතුවගාවන්හි නියැළෙන වියළි කලාපීය ගොවීන් අතර වඩාත් ජනප‍්‍රිය ශාකයක් ලෙස දෙහි හැදින්විය හැකියි. වියළි කලාපයේ සෑම ඉඩමක්ම පාහේ දෙහි වගාවට හොඳ තෝතැන්නකි මේ නිසාම දේශීය පරිභෝජනයට අවශ්‍ය ප‍්‍රමාණය අපට නිෂ්පාදනය කර ගත හැකි මට්ටමට අද දෙහි වගාව සාර්ථක වී තිබේ. ඒ වගේම අද වනවිට දෙහි අපනයන බෝගයක් බවට පත් ව තිබීමෙන් දෙහි ආශ‍්‍රිත විවිධ නිෂ්පාදන මගින් රටට විදේශ විනිමය ද ගලා එයි.දෙහි ශාකය පැඟිරි කුලයට අයත් සුවිශේෂී ශාකයකි. එසේම රස කාරකයක් හා ඖෂධයක් ලෙස භාවිතා කෙරේ. අපේ දේශීය ආහාර හා ඒ ආශ‍්‍රිත භාවිතා කරන සෙසු කාරකයන් අතර දෙහි නැතිවම බැරි දෙයකි. පැඟිරි කුලයේ ශාක අතරින් ඕනෑම රසයකට උචිත අයුරින් දෙහි පැඟිරි සකස් කරගත හැකි වීම සුවිශේෂී ලක්ෂණයි.ගෙවතුවගාවක්, පලතුරු වගාවක් මෙන්ම වානිජ වගාවක් බවට පත්ව ඇති දෙහි වගාව වියළි කලාපයට වඩා යෝග්‍ය වුවත් පොදුවේ සියලුම ප‍්‍රදේශවල දෙහිි භෝගය වගා කළ හැකියි. එහෙත් වියළි කලාපයේ දේශගුණය දෙහි වගාවේ වැඩි අස්වැන්නට ඉඳුරාම බලපාන බව පර්යේෂණ මගින් අනාවරණය වී ඇත. ශ‍්‍රී ලංකාවේ අනුරාධපුර, පොළොන්නරුව, මොනරාගල, කුරුණෑගල වැනි දිස්ති‍්‍රක්කවල සාර්ථක බෝග වගාවක් වන දෙහි ඇතැම් ප‍්‍රදේශවල අක්කර ගණනින් යුත් විශාල ඉඩම්වල වගා කර තිබේ. ශ‍්‍රීී ලංකාවේ දෙහි වගා භූමි ප‍්‍රමාණයෙන් 27% ක්ම අයත් වන්නේ මොනරාගල දිස්ති‍්‍රක්කයටයි. පෙබරවාරි සිට අපෙ‍්‍ර්ල් දක්වා කාලය දෙහි වාරයයි. මුළු නිෂ්පාදනයෙන් 75% ක් තරම් නිෂ්පාදනයක් මේ කාලය තුළ ලැබේ. ජුලි, අගෝස්තු සුළු වාරය වේ. දෙහි වාරික භෝගයක් බැවින් අවාරයේ දී නිෂ්පාදනය අඩු වේ. එවැනි කාලවල වැඩි ඉල්ලුමක් පැවතීමෙන් මිල ඉහළ යයි.දෙහි කිලෝවක මිල නිතර ඉහළ පහළ ගියමුත් දෙහි වගාකරුවනට එය දැරිය නොහැකි පාඩුවක් බවට පත් නොවන්නේ දෙහි වගාව සඳහා යන වියදම හා සාත්තු කිරීම වැනි අතුරු කි‍්‍රයාවලින් සිදු කිරීමට වුවමනාවක් නැති බැවිනි. එමෙන්ම අධික වියළි බව හැරෙන්නට සෙසු ඕනෑම පරිසර සාධකයකට මෙම ශාකය මනාව ඔරොත්තු දෙන බැවින් අවුරුදු ගණනාවක්් ඵලදාව ලබා ගත හැකියි.මේ දිනවල වෙළෙඳපොළේ අමු දෙහි කිලෝවක් රු :10.00 – 12.00 වැනි මුදලකටත් ඉදුණු දෙහි රුපියල් 6.00 – 8.00 වැනි මුදලකටත් තොග වෙළෙන්දන් විසින් ගොවීන්ගෙන් මිලදී ගනු ලැබේ. වෙළෙඳපොළේ වැඩි ඉල්ලුමක් පවතින්නේ අමු දෙහි සඳහායි. දෙහි ගෙඩියක් නෙළුෑ පසු සාමාන්‍ය පරිසරය යටතේ තබාගත හැකි කාලය කෙටිය එය සතියක් පමණ ගියපසු නරක් වී යයි. මේ නිසා නිෂ්පාදනය වැඩි කාලයන්හිදී දෙහිවලින් නොයෙකුත් නිෂ්පාදන සෑදීම මගින් වැඩි ආර්ථික වටිනාකමක් ලබා ගැනීමට පුළුවන.දෙහිි පැඟිරි උෂ්ණ ස්වභාවක් ගන්නා බවට ඇතැමුන් විශ්වාස කළත් පැගිරි කුලයේ ශාක අතර ඉහළ පෝෂණ සංයුතියක් ඇති බෝගයක් හැටියට දෙහි හදුනාගෙන තිබේ. පෙ‍්‍රීටීන් (1.5) වේද (1.0) පිෂ්ටය (10.9) කැල්සියම් (90) පොස්පෙරස් (20) යකඩ (0.3) කැරොටීන් (15) විටමින් (63) ආදී වශයෙන් පෝෂ්‍ය පදාර්ථ රැසක් මෙහි අඩංගුය.දෙහි වගාව අඩු වියදමක්, අඩු ශ‍්‍රමයක් වැය වන බෝගයක් නිසා ස්ථාවර බෝගයක් ලෙස වගාකර නොකඩවා අස්වැන්නක් ලබාගත හැකියි. ඒ වගේම දෙහි වගා කිරීමේ කාර්යයද ඉතා පහසු ඉතා සරල කටයුත්තකි. ඒ අනුව හොඳ අස්වැන්නක් ලබාගැනීමට නම් වැඩි ඵලදාවක් ලබා දෙන බීජ බාවිතය, ශාක අතර පරතරය තබා ගැඟඡජටනීම ඉතා වැදගත්ය. කෘමි රෝග සතුන්ගෙන් ඇති වන හානි දිලීර ආදී වෙනත් බෝගවලට බලපාන කරදරකාරී තත්ත්වයන් මෙම ශාකයට බල නොපාන නිසා කෘෂි රසායන දියර, පොහොර ආදිය භාවිතා කිරීමට අතුරු වියදමක් දැරීමට සිදු නොවේ. පොහොර භාවිතයේදී යූරියා, ටී.එස්.පී. හා එන්.ඩී.පී. පොහොර වර්ග යෙදිය හැකිය. දෙහිවලට වැළදෙන කඳපුපුරා මැලිගම් ගලායන ගබෝසීස් නැමති රෝගයට කොපර් සල්පේට් සහ අමුගොම අවශ්‍ය පමණ ගෙන හොඳින් අඹරා කඳ හොදින් සුද්ධ කොට එම මිශ‍්‍රණය ක‍ඳේ තුවාල මත ආලේපකර යුතුයි.ගසේ ඵලදාව වැඩි කිරීම සඳහා මල් මර්දනයද වැදගත් සාධකයකි. ගස් යට වල් පැළ පැවැතීමෙන් ශාකයට අවශ්‍ය හිරු එළිය ආදිය මනාව නොලැබේ.දෙහි ගස් කප්පාදු කිරීමෙන් ද අලුත් ඵලදාවක් ලබාගත හැකියි. එහිදී දිරාගිය සහ මැරුණු අතු කප්පාදු කළ යුතුයි.දෙහි ඵලදාව නෙළීමෙන් පසු ඉතා ඉක්මනින් ඉන් ප‍්‍රයෝජන නොගෙත හොත් අපතේ යයි. මීට ප‍්‍රධාන හේතුව දෙහි ඉතා ඉක්මනින් නරක් වී මයි. මේ හේතුව නිසාම දෙහිවලින් නිසි ප‍්‍රයෝජන ගත හැක්්කේ දෙහිසංරක්ෂණ ය කිරීමෙනි.මහා පරිමාණ බෝග වගාවන් මෙන් නොව දෙහි පසු අවශ්‍යතා සඳහා සංරක්ෂණයකිරීම ඉතා පහසු කටයුත්තකි. දෙහි ආශ‍්‍රිත නිෂ්පාදන රැසක් සඳහා වන්නේ මෙම විවිධ ස්වරූපයෙන් සංරක්ෂණය කරන ලද දෙහියි.දෙහි කල් තබාගැනීමේ ක‍්‍රම ගණනාවක් තිබේ. මින් කිහිපක්ම ඈත අතීතයේ පටන් අප විසින් අනුගමනය කොට අත්හදා බලා සාර්ථක ප‍්‍රතිඵල ලබාගත් ක‍්‍රම වේදයන්ය. දෙහි කල් තබා ගැනීමේ ක‍්‍රම කිහිපයක් ගැන අපි මිළඟට විමසා බලමු.ත දෙහි යුෂ වශයෙන් කල් තබාගැනීමආහාර රසවත් කරගැනීමේ කාර්යයේදී දෙහිරසයට බොහෝ දෙනෙක් කැමැති වන්නේ එහි ස්වභාවික නැවුම් රසම දැනුනු විටයි. දෙහි යුෂ වල ස්වභාවික රසය මෙන්ම පැහැය ආරක්ෂා කරගත හැකි සාර්ථක ක‍්‍රමයක් හැටියට මෙය හැදින්විය හැකියි.මෙය ක‍්‍රම දෙකකට සකස් කර ගත හැකියි. පළමු ක‍්‍රමයට අනුව මිරිකා ගත් දෙහි යුෂ හා ලුනු කුඩු මිශ‍්‍ර කර තරමක් උකුවන සේ රත් කර එයට මිරිස් කුඩු සහ තුනපහ කුඩු දමා ගම්මිරිස් ඇට කිහිපයක්ද දමා ජීවානුහරණය සඳහා මිනිත්තු 20ක් පමණ ජලයේ තම්බාගත යුතුයි. තම්බාගත් යුෂ බෝතල්වල උණුවෙන්ම අසුරා ගත යුතුයි.මෙසේ සාදාගත් දෙහි යුෂ මාස 6ක් පමණ කල්තබාගත හැකියි.දෙහි යුෂ කල්තබා ගැනීමේ දෙවැනි ක‍්‍රමයට අනුව හොඳින් ඉදුණු දෙහිවලින් මිරිකාගත් යුෂ පිරිසුදු රෙදි කඩකින් පෙරා යුෂ කිලෝ 1g කට පොටෑසියම් මෙටාබයිසල්ෆයිඩ් හෝ සෝඩියම් මෙටා බයිසල්ෆයිට් 1.5g ක් දමා මිශ‍්‍රකර ජීවානුහරණය කළ බෝතල්වල අසුරාගත යුතුයි. ඉහත ක‍්‍රමවලට අමතරව දෙහි වගාවෙන් වෙළෙඳපොළ සඳහාද නිෂ්පාදන ඉදිරිපත් කළ හැකියි. ඒ දෙහි කෝඩියල් සහ ක්ෂණික බීම නිෂ්පාදනයෙනි.

    දෙහි කෝඩියල්මේ සඳහා පළමුව සීනි සහ කාබෙක්සි මිතයිල් සෙලියුලෝස් ජලයේ මිශ‍්‍ර කර නටවා පෙරා ගත යුතුයි. අනුතුරුව එම සීනි ද්‍රාවණයට දෙහියුෂ සෙමින්් එකතු කර කෝඩියල් කි. ග‍්‍රෑම් 1 ක් සඳහා සෝඩියම් බෙන්සෝවේට් ග‍්‍රෑම් 0.6 ක් එකතු කර ගත යුතුයි. පසුව ජීවානුහරණය කරන ලද බෝතල්වලට උණුවෙන් පුරවා මූඩි ගසාගත යුතුයි.ත ක්ෂණික බීමපළමුව සීනි සහජලය මිනිත්තු 10 ක් නටවා දෙහි යුෂ එකතු කර නොම්බර 55 දැලකින් හෝ රෙදි කඩකින් පෙරාගත යුතුයි. සෙන්ටිග්‍රේඩ් අංශක 85 0 ක් දක්වා මිනිත්තු 3 ක් පමණ රත් කරගෙන සෝඩියම් බෙන්සේවේට් කළවම් කර ජීවානුහරණය කරන ලද මී.ලි. 190 බෝතල්වලට උණුවෙන් පුරවා මූඩි ගසා ගත යුතුයි.ත දෙහි ගබඩාකරණයපසු අවශ්‍යතා සඳහා දෙහි ගබඩා කර තැබීමද සාර්ථක සංරක්ෂණ ක‍්‍රමයකි. මේ සඳහා සුදුසු ගබඩාවක් ඕනෑම ගොවි මහතකුට සාදාගත හැකියි. ඒ සඳහා අනුරාධපුර පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතන ක‍්‍රමවේද ගණනාවක් පර්යේෂණ මගින් හඳුන්වා දී තිබේ.ත විවිධ බෝග වියළනයවියළාගත් බෝග දීර්ඝ කාලයක් කල් තබාගෙන හොඳ මිලක්් සහිතව දේශීීය හා විදේශීීය වෙළෙඳපොළට ඉදිරිපත් කළ හැකිය. ග‍්‍රාමීය මට්ටමේදී බොහෝවිට හිරු එළියේ වියළීම සිදු කෙරේ. නමුත් වර්ෂා කාලයේදී මෙම ක‍්‍රමය අනුගමනය කිරීම අපහසුය. මීට පිළියමක් වශයෙන් අඩු වියදමකින් විවිධ බෝග වියළනයක් භාවිතා කළ හැකියි. මෙම වියළනය නිර්මාණය කර ඇත්තේ් හිරු රශ්මියෙන් වියළීමේදී ඇතිවන තත්ත්වයේ බාල බීම අවපැහැ ගැන්වීම, අපද්‍රව්‍ය මිශ‍්‍රවීම, දිලීර හානියට ආදි ප‍්‍රශ්නවලට පිළියමක් වශයෙනි. මේ සඳහා ඉන්ධන ලෙස භාවිතා කරන්නේ ඉවත ලන දහයියා පොතුයි. විවිධ බෝග වියලනය භාවිතයෙන් දෙහි වියළීමේදී 65 ජඟ ක උෂ්ණත්වයක් යටතේ පැය 48 – 50 ක කාලයක් වියළීම කළ යුතුයි. එමෙන්ම ඉදුණු සහ අමු දෙහි ගෙඩි වෙන වෙනම තැටිවල අසුරාගත යුතුයි.ත ස්වාභාවික තෙත් වාෂ්පීකරණ ශීතකරණ කුටියගඩොල් සහ මැටි භාවිතයෙන් සකස් කර තිබෙන මෙය ශීීතකරණයක සිදුවන කාර්ය ඉටු කරනු ලබයි. මෙහිදී ටැංකියක් ඇතුළත තවත් ටැංකියක් තබා එම ටැංකි දෙක අතර හිඩැස් කුටීරයට ජලය වත්කරනු ලැබේ. අනතුරුව කුඩා ටැංකිය තුළ තැටි හෝ කූඩ මත අසීරු අමු දෙහි දමනු ලැබේ. එවිට හිරු එළියට ජලය වාෂ්පීකරණය වී ශීතකරණයක් ලෙස කි‍්‍රයා කරයි.මෙසේ තැබූ දෙහි මාස 2 1/2ක පමණ කාලයක් නියම පැහැයෙන් නියමිත බරෙන් හා නැවුම් බව රැකෙන අයුරින් කල්තබාගත හැකියි. මෙවැනි ශීතකරණ කුටියක දෙහි කිලෝ 1000ක් පමණ එකවර අසුරා තැබිය හැකියි.දෙහි වගාවෙන් හොද ආදායමක් ලබාගත හැක්කේ අවාරයට වෙළෙඳපොළ සඳහා ඉදිරිපත් කිරීමට කල්තබා ගැනීමෙනි. ඒ වගේම අදවන විට දෙහි අපනයනය කිරීම දක්වා අපේදෙහි වගාව දියුණුවට පත්ව තිබේ.ත දෙහි අපනයනයඅපනයනය කරනු ලබන්නේ වියළාගත් දෙහියි. වියළාගත් දෙහි සඳහා පිටරට හොඳ ඉල්ලුමක් පවතී. අමු සහ ඉදුණු දෙහි දෙවර්ගයම වියළා ගත හැකිමුත් ලස්සන පැහැයක් ලැබෙන්නේ අමු දෙහි වියළීමෙනි.ශ‍්‍රී ලංකාවෙන් අපනයනය කරන දෙහි සඳහා වැඩි ඉල්ලුමක් පවතින්නේ සෞදිඅරාබිය වැනි අරාබිකරයේ රටවල්වලයි. ඔවුන් වියළි දෙහි කුඩු කර තේ මෙන් පානය කරයි. ඊට අමතරව බත් සහ ව්‍යංජන සඳහාද භාවිතා කරනු ලබයි.දෙහි වගාවේ නියැළෙන ගොවීනට ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීමට නම් ඉහත ක‍්‍රමවේදයක් උපදෙස් හැටියට භාවිතා කළ හැකියි. දෙහි අවාරය කාලයට වෙළෙඳපොළ තුළ දෙහි කිලෝවක මිල ශීඝ‍්‍ර ලෙස ඉහළ නඟී. ඒ කාලයට දෙහි වෙළෙඳ පොළට යැවීමට ගබඩා කර තැබිය හැකියි. ඒ වගේම දෙහි ආශ‍්‍රිත වෙනත් නිෂ්පාදනයන් කළ හැකියි. ගෙවතු වගාව ස්ථිර ආදායම් මාර්ගයක් කරගෙන සිටින ගොවීනට මෙවැනි ක‍්‍රම අනුගමනය කර තම විය පැහැදම් සඳහාත් ජාතික ආර්ථිකයටත් ඟයකත්වය ලබා දිය හැකියි. ස්තුතිය – පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනයට සහ අනුරාධපුර නියෝජය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ විෂය භාර නිලධාරී ඒ.ආර්.සුමන බණ්ඩා මහතාට

    සකුන්තලා ජයසිංහඡායාරූප - කිත්සිරි වනසිංහ