අයියෙ ආයිත් කියන්නම් ඔයා ත්‍රෙඩ් එකේ අල්ප මාත්‍රයක් වත් කියෝල නෑ. ඒ වගේම ඔයාගෙ ප්‍රශ්නවලට උත්තර ඔයාට අවශ්‍යත් නෑ. ඔය උත්තර නෙමේ හොයන්නෙ. එහෙම උනා නම් අනිවා ත්‍රෙඩ් එක කියවනව. මේ ප්‍රශ්නෙට ත්‍රෙඩ් එකේන්ම උපුටා දක්වන්නම් කියෙව්වෙ නැත්නම් දැන්වත් කියවන්න.
------------------------------------------------------------
සමහරු ගසා කන්නෙ නැතුව ඇති. ඒකට සරල උත්තරයක් දෙන්නම්. ටැෆික් පොලිසිය දූශිත බවට ඕනෑම කෙනෙක් පිලිගන්නවනෙ. නමුත් එහෙමයි කියල අපිට 100%ක්ම නිලධාරීන් දූශිතයි කියන්න පුලුවන්ද?? බෑනෙ. ප්‍රතිපත්ති ගරුක මිනිසුන් වංචා කරන්නෙ නෑ. ඒ වගේ තමා ගසා කන්නෙ නැති ඔහු දිහා බලල පවතින ක්‍රමය සධාරනීය කරන්න බෑ. ඒ වගේම ඔවුන් තමන්ගෙ ක්‍රමය දූශිතයි කියල කියන්නෙත් නෑ. එක්කො නිහඩයි නැතිනම් ඒ වෙනුවෙන් කරුනු ඉදිරිපත් කරනව.
තව සරලව කිව්වොත් එලකිරියෙ පවතින ක්‍රමය අකමැතියි කියල, ඇතුලෙ ඉදගෙන මේ එලකිරිය මට විවේචනය කරන්න පුලුවන්ද? ජීටී කෙලින්ම කියයි උබ කැමැති නැත්නම් පල කියල. ඒ නිසා පවතින ක්‍රමය ඇතුලෙ ඉදන් ඒක විවේචනය කරන්න බෑ. එක්කො එයින් පිටතට පැමිණය යුතුයි. එසේ නැත්නම් විකල්ප අවස්තාවක් එනකම් සිටිය යුතුයි. නැතිනම් පවතින ක්‍රමය පිලිබදව නිහඩව හෝ ඒ වෙනුවෙන් සිටියුතුයි. ඒ නිසා ඔයාගෙ සිරිසේනගෙ තර්කය ගැන පැහැදිලි ඇති කියල හිතනව.
මහින්ද ඇතුලු සමස්ත පවුල මේ රටේ ධනය හොරා කන බව පිලිගන්නවාද? උත්තරය "නෑ" නම් මෙතනින් එහාට කියවන්න එපා. වහල දාල කැමැත්තක් කරගන්න. උත්තරය "ඔවු" නම් ඔබ දැන්ටමත් හොරාකන හැටි හොදටම දන්නව. ඒ පිලිබදව සැකයක් නම් තියෙන්නෙ එලකිරියෙ ඕන තරම් ත්‍රෙඩ් තිබ්බ මේ පවුල හොරකම් කරන හැටි.
දැන් තනි මිනිහෙක් හොරකම් කරනකොට අනිත් මිනිස්සු නිකන් ඉදීද?? අපෝ නෑ. එයාල ඇගිල්ල දික් කරනව. ප්‍රශ්න ගේනව. එහෙනම් ඒවයින් බේරෙන්නෙ මොකද කරන්නෙ තමන්ගෙ වටේ ඉන්න අයටත් හොරකම කරන්න ඉඩ දෙනව. එතකොට ඒ වටේ අය හොරකම් කරනකොට අනිත් අය නිකන් ඉන්නවද? ඒත් නෑ එයාල ප්‍රශ්න ගේනව. එහෙනම් එයාලගෙ වටේ ඉන්න අයටත් හොරකම් කරන්න දෙන්න වෙනව.
එතකොට මේක දාමයක් විදියට තමයි සකස් වෙලා තියෙන්නෙ. උඩ අය හොරකම් කරනව යට අයට ඉඩ දීල. එයාල එයාලගෙ යට අයට. එයාල එයාලගෙ යට අයට. එතකොට මේක දාමයක් විදියට පහලට එනව. උඩම මහින්ද ඉන්නකොට පහලම ඉන්නෙ කම්කරුව. උඩම එකා බිලියන ගනන් ගහනකොට යට එකාට අරක්කු ටිකයි බත් පැකට් එකයි, ඕක තමයි යතාර්තය.
ඒ දාමයෙන් පිට ඉන්නකම් අපිට මේක දූශිත බවට හොදටම පෙනුනට මේ දාමයට කොහෙන් හරි අපි සම්බන්ද වුනොත් කම්කරුවෙක්, ඉන්ජිනේරුවෙක්, මන්ත්‍රීකෙනෙක්, ඇමතියෙක්, ජනාධිපතිවරයෙක් හෝ මේ දාමයට සම්බන්ද ඕනෑම අයෙක් වේවා එතැන් සිට අපි දූශිත ඒ දාමයෙන් ප්‍රයෝජන ගත්තත් නැතත් අවාසනාවකට අපිටත් පවතින ක්‍රමය පිලිබදව නිහඩව හෝ ඒ වෙනුවෙන් සිටිමට සිදුවෙනව එමනිසා මේ ක්‍රමයයි වෙනස් කල යුත්තේ.
ඒතකොට ඒ යතාර්තය ඇතුලේ තමයි දැන් විපක්ශයේ ඉන්න හොරුත් හිටියෙ. මෛත්‍රීත් හිටියෙ. දාමයට අනුව ඔවුන්ටත් ඕනෑතරම් ඉඩ ප්‍රස්තාව තිබුන. එම ඉඩ ලබාදුන්නෙ, ඉඩ ඇති කලේ විධායක ජනාධිපති ධූරයයි, ස්වාධින කොමිසම් හරහා තමයි නිතිය ,පොලිසිය ,රේගුව , වගේ රාජ්‍ය ආයතන පාලනය වෙන්නේ, නමුත් විධායකය ඒක තමුන්ට ඕනෙ විදියට වෙනස් කලා. එම නිසායි ක්‍රමය වෙනස් කලයුත්තේ. විධායක බලතල පාර්ලිමේන්තුවට එන්නෙ. ඒ කියන්නෙ එක් පුද්ගලයෙකුගේ තනි කැමැත්තට වැඩ කරන්න බෑ.
එකී ක්‍රමය වෙනස් කිරීමටයි මේ පෙළ ගැසීම.
Better gamble on the stranger you don't know than the man you already know.
දැනටමත් දන්න මිනිහා මේක වෙනස් කරන්නෙ නැති බව පැහැදිලියි. එහෙනම් අවස්තාවක් දීල බලමු නොදන්න මිනිහා වෙනස් කරයිද කියල. මක්නිසාද යත් ඒ නොදන්නා මිනිසා පොරොන්දු වෙනවා, ඒ වෙනුවෙන් තවත් විස්වාස පුද්ගලයින් එකතුවී සිටිනවා. බල කිරීමට සංවිධාන ගත වී සිටිනවා. අපට තිබෙන්නෙ ඔවුන්ට අවස්තාව ලබා දීම පමනයි
රටෙ මුල ඉදල අගට වෙනකම් හොරකම වෙනවා කියන එක පිලි ගන්නවා මෙ ඉන්න දෙශපලකයන්ගෙන් 99%ක්ම හොරු හොරකම් නොකරත් බලය යොදගෙන හම්බ කරපුවා තියෙන්නෙ ඔය හැමොටම උබ කියන ඔය හොරකම කියන දෙ ගැන මම උබත් එක්ක එකගයි
මම හොරකම කියන දෙ විතරක් බලල චන්දෙ දෙන්නෙ නැහැ රටෙ තව දෙවල් තියෙනවා බලන්න සමහරු හොරකම නිසා සමහරු ආරක්ශාව නිසා සමහරු බඩු මිල නිසා සමහරු යුද්දෙ දිනවපු නිසා
මාම් දෙන්නෙ මෙ කරුනු නිසා මහින්දට
1යුද්දය නැවත්විම
2 බටහිර හා රට තුල සිටින බලවතුන් උතුරෙන් හමුදව ඉවත් කරන්න කියාල මෙ ආන්ඩුවට කිවුවාට එව ඉවත් නොකිරිම
3 රටෙ දුක් වින්ද තුරු නැගෙන හිර ජනතාව දරුවො වෙනුවෙන් අනාගතයක් හදපු නිසාඅ
යටි තල පහසුකම් වගා නය ඉඩම් කිවු නිකි පාසල් හැමදෙම
4තුවක්කුව ගත්ත දරුවන්ට බැට් එක පොත අතට දිම
5කොටි කොඩි උස්සන් හිටපු දරුවො සිංහ කොඩි උස්සන් ඉන්නාව දකින්න තියෙන කැමත්ත
6 13 කිරියාත්මක නොකාර් උතුරට පොලිස් ඉඩම් බලතල නොදි ඉදිම වෙනාම් පරිපලන දිස්ත්‍රික නොදි ඉදිම
7 යුදය ඉවර වෙලා අවුරුදු 5ක් ඇතුලත රටෙ විශාල සංවර්දනයක් කර තිබිම පාරවල් ගුවන් තොටු පලවල් වරයන් පාසල් පාදෙශිය ශබා ගොඩ නැගිලි ක්‍රිඩා පිටි
8
ගමටත් කොලඹට විතරක් තිබුන කිරි ගමටත් ලබා දිම(කොලඹට කිරි ගමට කැකිරි)
සංන්වෙදන තොරතුරු තාක්ශනය දුප්පත් දරුවන්ටත් අවස්තාව දිම
9රජයෙ ආයතන බහුජාතික සමාගම් වලට පවරා නොදිම
10 විකුනා තිබුන රජයෙ ආයතනත් ආප්සු පවාර ගැනිම
11 විරැකියාවෙන් පෙලුන උපදාදරින්ට රැකියා ලබා දිම
තව ගොඩාඅක් කරුනු තියෙනවා
අත රිදෙනව ප්‍ර්ශන් අහන්න ගොඩාක් කට්ටිය ඉන්නවා උත්තර දෙන්න එන්නෙ නැහැ උත්තර දන්න උනුත් මොකද බත් ගොටු කත අහ ගන්න කැමති නැති නිසා මිනිස්සු