15:35 - මහ බැංකුවෙන් ක්‍රියාත්මක ‘සෞභාග්‍යා‘ හා ‘ස්මයිල්‘ ණය යෝජනා ක්‍රම වෙනත් ණය යෝජනා ක්‍රම සමග ඒකාබද්ධ කිරීමට යෝජනා කෙරේ.
15:32 - කොළඹ නගරයේ විශේෂිත අත්කම් මධ්‍යස්ථාන ඇති කිරීමට රුපියල් මිලියන 100ක් වෙන් කෙරේ.
15:32 - දේශීය කලාකරුවන් නැංවීමට ලක්සල විසින් ඔවුන් වෙත ගෙවිය යුතු හිඟ මුදල් මාසයක කාලයකින් ගෙවා නිමකරන ලෙස ඉල්ලා සිටිනවා.
15:31 - රැකියා අවස්ථා උත්පාදනය කරන සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් සඳහා රුපියල් මිලියන 250 සිට බිලියන 750 දක්වා ණය ලබා දීමට යෝජනා කෙරේ.
15:29 - බැංකුවල ණයවලින් සියයට 10ක් සුළු හා මධ්‍යම පරිමාන ව්‍යවසායකයන් සඳහා වෙන් කිරීමට යෝජනා කෙරේ.
15:28 - සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකවල මූල්‍ය පහසුකම් සඳහා ණය සුරැකුම් ක්‍රමයකින් ආරම්භ කරමින් එහි මූල්‍ය ප්රාග්ධනය සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කෙරේ.
15:26 - ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් දිගු කාලීන කුලී පදනම මත ලබා දෙයි.
15:21 - සියලු ඖෂධ හල් ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචි විය යුතුය.
15:20 - සෑම රෝගියකුටම රෝහලෙන් පිටවන විට තම ප්‍රතිකාර සඳහා ගිය වියදම සටහන් කළ ලියැවිල්ලක් ලබා දීමට පියවර ගැනේ.
15:18 - කරාපිටිය, අම්පාර සහ යාපනය රෝහල්වල විශේෂ ළමා ඒකක ඇති කිරීමට රුපියල් මිලියන 1000ක් වෙන් කෙරේ.
15:16 - හෙද පුහුණු පාසල් සඳහා මිලියන 200ක් වෙන් කෙරේ.
15:12 - තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය ලබා දීමට පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගනිමින් රජයේ නොවන උපාධි ආයතන රට තුළට පිවිසීමට අවස්ථාව ලබා දේ. අධ්‍යාපනයේ ගුණාත්ම මට්ටම සඳහා ප්‍රමිතිකරණ මණ්ඩලයක් ඇති කෙරේ.
15:11 - ලංකාවේ අධ්‍යාපනය හැදෑරීමට කැමති විදෙස් සිසුන්ට පස් අවුරුදු වීසා ලබා දීමට යෝජනා කෙරේ.
15:11 - විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කළ පෞද්ගලික අධ්‍යාපන ආයතන සඳහා එසෙඩ් ලකුණු පදනම් කරගෙන ඇතුළු වන සිසුන් 15000ක් සඳහා එක් සිසුවකුට පාඨමාලා ගාස්තුවෙන් ලක්ෂ අටක ණය මුදලක් ලබා දීමට යෝජනා කෙරේ.